සයිටම්:සටන අත්හලේ යෝධයාය

කතුවැකිය
Typography

2017-11-05

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය දුන් පිළිතුර ගැන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතා නිවැරදි සහ ඉදිරිගාමී අදහසක් පළ කර තිබේ. එය නම් රජයේ විසඳුම මෙම ප‍්‍රශ්නයට පරිපූර්ණ විසඳුමක් ළඟා කර ගැනීම සඳහා මූලික හා පදනම් රාමුවක් බවට පත් කරගත හැකිය යන්නය.

ඊළඟට රජය පැත්තෙන් මෙහිදී සිදු වූ වැදගත්ම දේ වන්නේ සයිටම් විරෝධී සටනේ ප‍්‍රබලම සංරචකය ලෙස පෙනෙන වෛද්‍ය නිලධාරීන් සයිටම් විරෝධී සටනෙන් විතැන්කර ගැනීමට හැකිවීමය. ජ.වි.පෙ. ලාල් කාන්ත ප‍්‍රසිද්ධියේම රජයේ සයිටම් විසඳුම ඉරා දැම්මත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ වෛද්‍ය සිසුන් සටන දිගටම කරගෙන යන බවට ශපථ කළත් වෛද්‍ය නිලධාරීන් මේ සටනේ දී නියෝජනය කළ කොටස අතිවිශාල සහ වඩාත් බලපෑම් සහගත වූයේය. විශේෂයෙන්ම වෛද්‍යවරුන් යනු ලංකාවේ ජන සමාජය තුළ අධිනිශ්චය වූ පිරිසකි. එය අධිනිශ්චය වූ වෘත්තියකි. එහෙත් ඒ සමාජය දරන වැරදි මතයකි.

ඔවුන් කරන්නේත් වේතනයකට කරන රැුකියාවකි. පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක හෝ පුද්ගලික රෝහලක දී දුප්පතුන්ට නොමිලේ වෛද්‍ය ප‍්‍රතිකාර කරන්නේ නැත. ඒ අනුව බලන විට වෛද්‍යවරයා යනු කිසියම් මිලකට සේවාවක් සපයන්නෙකි. රෝගියා යනු අදාළ මිල ගෙවා එම සේවාව ලබන්නාය. වෛද්‍යවරයා රෝගියා සුව කරන නිසා ඔහුට දේවත්වයක් ආරෝපණය කර තිබීම අනුචිතය. යම්හෙයකින් මේ කි‍්‍රයාවලිය මාරු වී රෝගියකු වෛද්‍යවරයකු සුවපත් කළහොත් රෝගියා දෙවියකු බවට පත් විය යුතුද? එසේ විය යුතු නැත. එහෙත් ලංකාවේ ජනයා එසේ සිතන්නේ නැත. ඔවුහු වෛද්‍ය වෘත්තිකයා දේවත්වයෙන් පුදති. රෝගී සහ නිරෝගී ජනයා තුළ වන එම වැරදි ආකල්පය මේ වන විට ආණ්ඩුව පැත්තෙන් වාසියක් වී තිබේ. එනම් ජනයාට අනුව සයිටම් විරෝධී සටනේ වඩාත් බලපෑම් සහගත කණ්ඩායම වූයේ වෛද්‍ය වෘත්තිකයන්ය.

ඔවුහු යෝධයෝ වෙති. සිසුහු යනු අසංඛ්‍ය කුහුඹුවෝ වෙති. ඒ අනුව ජනතාවට අදාළව ගතහොත් සටන අත් හලේ යෝධයාය. ඒ එක් පැත්තකි. ඇත්තටම ආණ්ඩුව සයිටම් පිළිබඳව ඵළදායක පිළිතුරක් දී තිබේද? එක් අතකින් ඊට ඔව් කිව හැකිය. ප‍්‍රකාශිත විසඳුමට අනුව සයිටම් අහෝසිය. මෙතැන් සිට එය ලාභ නොලබන ආයතනයක් බවට පත් වෙයි. ලැබෙන ලාභය අධ්‍යාපනයේ සංවර්ධනයට වැය කෙරේ. දැනට සයිටම් ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියෝ රාජ්‍ය නොවන නව ආයතනයකට අනුයුක්ත කෙරෙති. විසඳුම් යෝජනාවල තවත් වැදත්ම කරුණක් වන්නේ නව ආයතනයට සිදු කරන බඳවා ගැනීම් අවම ප‍්‍රමිතියකට යටත් කිරීමය.

යෝජිත නව ආයතනය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටත්ය. මෙම කටයුතු මෙහෙය වීමට කමිටුවක් පත් කිරීමට ද නියමිතය. මෙම වසරේ දෙසැ.31 වන විට උක්ත සමස්ත කි‍්‍රයාවලිය ඇරඹීමට නියමිත බවත් රජයේ විසඳුමෙහි දැක්වෙයි. මෙම යෝජනා ගැන සලකා බැලීමේදී ප‍්‍රශ්න කිහිපයක් මතු වන බව පෙනේ. ලාබය අධ්‍යාපනයේ සංවර්ධනයට යොදා ගැනීම නමැති යෝජනාව වැදගත් එකකි. ඉන් අදහස් වන්නේ නව ආයතනය පූර්ණ වශයෙන් ලාබ නොලබන ආයතනයක් නොවන බවය. ඉන් තවදුරටත් අදහස් වන්නේ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීම වෙනස් කළ නොහැකි යථාර්ථයක් බවට පත්ව ඇති බව නොවේද? ලෝකයේම අධ්‍යාපනය අද වන විට පුද්ගලීකරණයට යටත්ය.

අප කළ යුතු වන්නේ නිදහස් අධ්‍යාපනයේ වැදගත් හර පද්ධතීන් රැක ගන්නා අතරම පෞද්ගලික අධ්‍යාපනයටත් ඉඩ ප‍්‍රස්ථාව ලබා දීමය. මන්ද නිදහස් අධ්‍යාපනයෙන් ලබා දිය හැකි ඉඩ ප‍්‍රතිශතයක් ලෙස හැමදාම අවම මට්ටමක පැවතීම නිසාය. ලංකාවේ තිබෙන්නේ විභාග සමත් නොවීම පිළිබඳ ප‍්‍රශ්නයක් නොව උසස් අධ්‍යාපන ආයතන පද්ධතියේ ඉඩ මදකම පිළිබඳ ප‍්‍රශ්නයකි. ගොඩනැගිලි, පුටු මේස, අධ්‍යයන උපකරණ හා ප‍්‍රාග්ධනය පිළිබඳ ප‍්‍රශ්නයකි. පුද්ගලික අධ්‍යාපනයෙන් ඒ ඉඩ පුරවන්නට සිදුවීම අප කැමති වුවත් අකමැති වුවත් මුහුණ දීමට සිදු වන යථාර්ථයකි. ඊළඟ වැදගත් කරුණ වන්නේ රජයේ විසඳුමෙහි ලාබ

නොලබන ආයතනයක් බවට නව ආයතනය සම්බන්ධයෙන් කරන සඳහනය. ලාබ නොලබන ආයතන කිසිවකු ආරම්භ කරන්නේ නැත. පුණ්‍ය ආයතන පවා ලාබයක් නැතහොත් වැටෙන්නට පුළුවන. ලංකාවට දේශීය හා විදේශීය ආයෝජන අවශ්‍යය. එවිට ලාබය ප‍්‍රධාන සාධකයක් වන බව නොකිවමනාය. ඒ අනුව ඇත්තටම විසඳුම් යෝජනාවලියෙහි පරස්පරයක් මතුව තිබෙන බවක් පෙනේ. ආණ්ඩුව පරස්පරය මතු කරන්නේම දැනුවත්ව බව ද පැහැදිලිය. එනම් සයිටම් වෙනුවට බිහි කරන ආයතනය ලාබ ලබන අර්ථයෙන් පවත්වාගෙන නොයන බව

කීමට ද ඔවුන්ට අවශ්‍යය. සයිටම් විරෝධීන් සටන අතහරින්නේ එවිටය. අනෙක් අතට එය ලාබ ලබන ආයතනයක් බව කීමට

ද රජයට අවශ්‍යය. ආයෝජකයන්ගේ ආකර්ෂණය ඇති වන්නේ එසේ වුවහොත්ය. මෙය රැවුලත් කැඳත් යන දෙකම  ඕනෑ කරන ආකාරයේ විසඳුමකි. ඇත්තටම කැඳ බීමට රැවුල කැපිය යුතුම නැත. රැවුල නිසා කැඳ නොබී සිටිය යුතු ද නැත. ඒ අනුව ආණ්ඩුවේ විසඳුම අපැහැදිලි වුවත් සූක්ෂ්ම එකකි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම යෝජනා අපැහැදිලි වුවත් සාර විසඳුමකට යා හැකි රාමුවක් එහි ඇති බව කියා තිබුණේ එනිසාය. මෙම තත්ත්වය වෛද්‍ය සිසුන්ට නොපෙනේ නම් ඔවුන්ගේ දෙමාපියන් තේරුම් ගත යුතුව ඇත. එහෙත් ඔවුන් නොවැ.06 වනදා ආරම්භ කිරීමට යන බව කියන මාරාන්තික උපවාසය අනුව නම් එය තේරුම් ගත් බවක් නොපෙනෙයි. දැනට මාස 9ක් තිස්සේ රටෙහි වෛද්‍ය අධ්‍යාපනය ඇනහිට තිබෙන බව දෙමාපියන් තේරුම් ගත යුතුය.

අධ්‍යාපනය පරදුවට තබා දෙමාපියන් මෙන්ම දරුවන් ද කි‍්‍රයා කිරීමට ගියහොත් එය ඔවුන්ගේ අනාගතයට මෙන්ම රටේ අනාගතයටත් මහත් හානියක් ගෙන දෙන කි‍්‍රයාවකි. එනිසා දැන් කළ යුත්තේ රජය දුන් විසඳුම විධිමත් සහ සමබර විසඳුමක් බවට පත් කර ගැනීම සඳහා සියලූ පාර්ශ්ව සමඟ එක්ව ගත හැකි පියවරයන් කවරේ ද යන්න

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01