පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක්

කතුවැකිය
Typography

2017-11-12

අයවැයේ ප‍්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පරිවර්තනය කරන බව සඳහන් විය. එය ඉතා වැදගත් යෝජනාවක් වුවත් ඒ සඳහා යන ආර්ථික මාවත අය වැය තුළින් හෙළි පෙහෙළි වී නොතිබීම අරමුණ පිළිබඳ විශ්වාසය තරමක් පලූදු කරයි.

අය වැයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය හා වෙනත් සහන දෙන බව මුදල් ඇමැතිවරයා කීවේය. ප‍්‍රශ්නය වන්නේ ව්‍යවසායකත්වය පදනම් කරගත් ශක්තිමත් වැඩසටහන් ලංකාව තුළ දුලබ වීමය. අය වැය ධනෝපායන මාර්ග කෙරෙහි අවධානය යොමු කර නැති බවක් පෙනෙන අතර බදු හා සරල අනාගත අපේක්ෂාවලින් පමණක් අභිලාෂයන් තෘප්ත කර ගැනීම ගැන සිතා තිබෙන බවක් දිස්වෙයි. මෙය සහන අයවැයක් නොවේ. යම් ප‍්‍රතිපත්ති මාලාවක් දිස්වන අයවැයකි. අයවැයට පෙර   දිනපරිප්පු, කරවල, අර්තාපල්, ලොකු ලූණු, හාල්මැස්සන් හා පොල් තෙල් මිල අඩු කෙරිණි. ඉන් පෙනී ගියේ එවැනි සරල සහන දීම ගැන යෝජනා කරනවාට වඩා රටෙහි ආර්ථිකය ගැන වෙනත් වැදගත් යෝජනා මුදල් ඇමැතිවරයා අයවැයෙන් ඉදිරිපත් කරන්නට යන බවකි. එසේ වූයෙත් නැත. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, නව නිපැයුම් ආර්ථිකය, බලශක්ති ආර්ථිකය හා සේවා ආර්ථිකයේ ලොකු කොටසක් අත්පත් කර ගැනීම, විදේශ වෙළෙඳපොළ ඉලක්ක නිෂ්පාදන ආර්ථිකයකට යාම ගැන ශක්තිමත් කතිකාවක් හා ආර්ථික පදනම් රාමුවක් ඇති කළ හැකි යෝජනා අයවැයෙහි දිස් නොවීම අඩුවකි.

ලංකාව දැවැන්ත ණය කන්දක හිරවුණු රටකි. මූල්‍ය කලමනාකරණය ගැන අනවධානයෙන් කි‍්‍රයා කරන රටකි. දේශපාලනඥයන් ආර්ථිකයට බරක් වූ රටකි. ඒ සියල්ල මැද දිළිඳු සහනවලට, පොහොර සහනාධාරයට, නිදහස් සෞඛ්‍ය  සේවාවට, නිදහස් අධ්‍යාපනයට මුදල් වැය කළ යුතු රටකි. එම කටයුතු සඳහා ධනෝපායන මාර්ගවලට අවතීර්ණ විය යුතු රටකි. අයවැයට පෙර දින ලබා දුන් පුංචි සහන මල්ලට මසකට බිලියන 1500ක් වැය කළ යුතු වෙයි. එබැවින් බදුවලින් හා නිශ්චිතව ප‍්‍රකාශයට පත් කළ නොහැකි හුදෙක් අපේක්ෂිත අභිලාෂයක් යැයි පෙනෙන ආයෝජනවලින් රට දුව වන්නට නොහැකි යථාර්ථයක් අප හමුවේ තිබේ. අයවැය සමාජයේ මතු පිටින් ගමන් කරන යෝජනාවලියකට වඩා ආර්ථික උපයා මාර්ග කේන්ද්‍රීය අයවැයක් බවට පත් විය යුත්තේ එහෙයිනි. අයවැය ලංකාව අනුදකින අර්ථ ක‍්‍රමයේ හරස්කඩක් විය යුතුය.

 අයවැය මඟින් මැදි ආර්ථිකයක් හා මධ්‍යම පන්තියක් බිහි කිරීම අරමුණු කර ගැනීම ඉතා වැදගත්ය. එහෙත් මැදි ආදායම් උපයන රටක් බවට පත් වීම සඳහා මෙන්ම ඇත්ත මධ්‍යම පන්තියක් බිහි කිරීම සඳහා රටට නිෂ්පාදන ආර්ථිකයක් වුවමනාය. නිෂ්පාදන ආර්ථිකයක් නැති සෑම අවස්ථාවකම රටේ විනිමය අනුපාතය බාල්දු වී ආර්ථිකය ආපසු ගමන් යයි. එහි කෙළවර මධ්‍යම පන්තියක් වෙනුවට දරිද්‍රතා රේඛාවෙන් යට රටෙහි පුරවැසියන්ගෙන් සැලකිය යුතු කොටසක් ජිවත් වන පසුබිමක් නිර්මාණය වීමය. එවැනි රටකට උචිත පාරිභෝගික භාණ්ඩ සැලසුම් කළ යුත්තේ අය වැය මඟින් නිෂ්පාදන ආර්ථිකයක් ඔස්සේ රට මැදි ආර්ථිකයකට ගෙන යන වැඩපිළිවෙළට සමාන්තරවය. නිදසුනක් ලෙස විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා ආනයන බද්ද රු. ලක්ෂ 10කින් පමණ අඩු කිරීමට නියමිතය. විදුලියෙන් ධාවනය වන ත‍්‍රීරෝද රථ හා බස් රථ සඳහා බදු අඩු කෙරේ. එපමණකින් නොනැවතී මේ සියලූ වාහන 2040 වන විට බණිජ තෙල් නොවන වෙනත් බලශක්තීන් මඟින් ධාවනය කිරීමට යෝජිතය. ඉන්ධන ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස සූර්ය බලශක්තියෙන් වාහන ආරෝපණය කිරීම මෙන්ම විදුලියෙන් ධාවනය කෙරෙන වාහන ගැන රටක් ලෙස උනන්දු වීම ඉතා වැදගත් හා දූරදර්ශී පිළිවෙතකි. ප‍්‍රශ්නය වන්නේ රටේ ජනතාව මුදල් අමාත්‍යවරයා අපේක්ෂා කරන මට්ටමේ මධ්‍යම පන්තියක් වෙත තවම ප‍්‍රවිශ්ට වී නොතිබීමය. දරිද්‍ර ජීවන පසුබිමක් සහිත පැල්පත් වාසී ජනගහණයක් නඩත්තු කරගත නොහැකිව මෙගා පොලිස් ගැන කතා කිරීම අර්ථ විරහිත වනවා සේම ස්ථාවර මධ්‍යම පන්තික රටක් බවට ලංකාව පත් කරන වැඩසටහන් විරහිතව සුඛෝපභෝගී මෙවලම් හා සේවාවන් ගැන කතා කිරීම ද අතාර්කික කි‍්‍රයාවකි. අයවැය මඟින් රට ධනවත් කරන මාර්ග යෝජනා කර සමාන්තර දිවිපෙවෙතක් යෝජනා කළේ නම් එහි යම් සාධාරණ තර්කයක් තිබේ. මේ කාරණය ගැන මුදල් ඇමැතිවරයාත් ආණ්ඩුවත් තවදුරටත් කල්පනා කළ යුතුය.

බෞද්ධ පුස්තකාලයක් ඉදිකිරීමට මිලියන 50ක් වැය කරන බව අයවැය යෝජනාවල දැක්වෙයි. මිලියනය බැගින් පාසල් පුස්තකාලවලට පොත් මිල දී ගැනීමට මෙම මිලියන පනහ වැය කිරීම ඊට වඩා ප‍්‍රයෝජනවත්ය.

 ලංකාව බෞද්ධයන් වැඩි පිරිසක් ජීවත් වන රටක් බව සැබෑය. එහෙත් කරන්නට තව  ඕනෑ තරම් වැඩ තිබිය දී මෙරටට තනිකරම බෞද්ධ පුස්තකාලයක් කුමටද? සෑම හොඳ පුස්තකාලයකම වැදගත්ම බෞද්ධ පොතපත තිබේ. ධම්ම පදය ජාතක කතා සංග‍්‍රහය අභිධර්ම පිටකය ඒ අතරවෙයි. පන්සල්, ඉඩම් හා මුදල් පොදි ගහන ස්ථාවරයෙන් විතැන් විය යුතුය. වැඩිපුරම ධනය රැස් වන සිද්ධස්ථානවල ආදායමෙන් 20% ක බද්දක් ගෙන එය කුඩා ව්‍යවසාය සංවර්ධනයට නොහැකි නම් පාසල් හෝ උසස් අධ්‍යාපන කටයුත්තකට යෙදවීමෙන් වැඩි ප‍්‍රයෝජනයක් සමාජයට අත්පත් කර ගත හැකිය. මුදල් ඇමැතිවරයා එවැනි වැදගත් යෝජනා ඉදිරිපත් කිරීමට බිය විය යුතු ද නැත.

 අයවැය මඟින් අධ්‍යාපනයට වැඩි වැයක් දැරීම, උතුරු නැගෙනහිරට නිවාස පනස්දහසක් ලබාදීම, ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමට කටයුතු සම්පාදනය කිරීම, අතිශයින් වැදගත් යෝජනා වෙයි. එමෙන්ම විශ්වවිද්‍යාල හතරක නව තාක්ෂණික පීඨ හතක් පිහිටුවීම, මෙන්ම වෛද්‍ය පීඨ කිහිපයක් ඇරඹීම ද ප‍්‍රශස්ත යෝජනා ලෙස දැක්විය හැකිය. මේ සියලූ වැඩ කටයුතු පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන(Reserch and Development) කි‍්‍රයාවලියක් සඳහා ද මූල්‍ය ප‍්‍රතිපදාන වෙන් කළ යුතුය. ඒ පෙර පර්යේෂණ විශ්ලේෂණ මෙන්ම පසුවිපරම් රහිතව කිසිදු කි‍්‍රයාවලියක පළ ලැබිය නොහැකි නිසාය.

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01