ජනපතිට ඕනෑ තේ ද? කෝපි ද?

කතුවැකිය
Typography

2017-12-03

ශ‍්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර එකතුවීමක් පිළිබඳ අවසාන තීරණයක් ගැනීම ජනාධිපතිවරයාටම භාර දී තිබෙන බව ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව නිවේදනය කෙරිණි. පාර්ශ්ව දෙක එකතුවීමට තැත් කරන්නේ ජනාධිපතිවරයාගේ වුවමනාවටද යන ප‍්‍රශ්නය දැන් පැන නැගේ. එය සිදු වන්නේ ජනාධිපතිවරයාගේ වුවමනාවට නම් ඒ සඳහා ජනතාව ඔහුට ජන බලයක් ලබාදී නැති බව කිව යුතුය.

අසවල් කි‍්‍රයාව සඳහා අප ඔබට ජන බලයක් ලබාදී නැත යන්න ජනතාවගේ පැත්තෙන් කියවෙන, වර්තමානයේ අන්තිමටම අවලංගු වූ කතාවකි. ඇත්ත තත්ත්වය නම් රාජ්‍ය නායකයන් තීරණ ගන්නේ ජනතාවගේ පැත්තෙන් නොව දේශපාලන බලතුලනය පැත්තෙන් කල්පනා කිරීමෙනි.

ජනාධිපතිවරයකුට ඇත්තේ ව්‍යවස්ථාමය ඇස් පමණි යනුවෙන් කියමනක් තිබේ. එබැවින් ඔහුට කි‍්‍රයාකිරීමට සිදුවන්නේ ව්‍යවස්ථාමය ඇස්වලින් බලමිනි. ව්‍යවස්ථාමය ඇස් යන්නෙන් ව්‍යවස්ථානුකූල වීම ද හැඟවේ. අනික් අතට මෙම යෙදුම සහිත දේශපාලන පැහැදිලි කිරීමෙහි බලය රැක ගැනීම යන්නද හැඟවේ. වත්මන් ජනාධිපතිවරයා ධුරය දරන්නේ වඩාත් සංකීර්ණ තත්ත්වයක් යටතේය. එබැවින් මේ කෝපි නම් මට තේ ගෙනෙන්න යනුවෙන් ඔහුට කියන්නට මෙන්ම මේ ගෙනාවේ තේ නම් මට කෝපි ගෙනෙන්න යැයි ඉහත දෙවැනි අර්ථයෙන් ඔහුට කීමටත් සිදුවනු ඇත. ඔහුට ඇතැම් දේවල් තීරණය කිරීමට සිදුව තිබෙන්නේ පාර්ශ්ව ගණනාවක කි‍්‍රයාකාරිත්වයට සාපේකෂවය. නිදසුනක් ලෙස ඉදිරි පළාත් පාලන ඡුන්දය ගතහොත් සියලූ පක්ෂ මේ වන විට තීරණය කර තිබෙන්නේ ස්වාධීනව ඡන්දයට ඉදිරිපත් වී වෙන වෙනම තම ශක්තිය ප‍්‍රදර්ශනය කිරීමටය. එජාපය සහ ශ‍්‍රීලනිපය ගතහොත් ඔවුන් මේ මොහොතේ සම්මුතිවාදී ආණ්ඩුවක සිටියත් එළඹෙන මැතිවරණයේ දී එම සම්මුතිය යටතේ තරග කරන බව කිසිදු තැනක සඳහන් කර නැත. දෙපාර්ශ්වයේ අරමුණ වෙන වෙනම තරග කර ගමේ බලයෙන් වැඩි කොටසකට හිමිකම් කීමය. එහිදී නිතැතින්ම ශ‍්‍රීලනිපය හා එජාපය අතර තරගයක් ඇතිවීමට නියමිතය. දෙපාර්ශ්වයම පරදින්නට තරග කරන්නේ නැත. එජාපයේ මුළු ශක්තිය ඡන්දය සඳහා යෙදවිය හැකි මට්ටමක තිබුණත් ශ‍්‍රීලනිපය මේ මොහොතේ පවතින්නේ කොටස් දෙකක් වශයෙනි. පක්ෂයක නායකයාගේ වගකීම වන්නේ කොටස් දෙක එකතු කර ගැනීම බව සැබෑවකි. එය නායකයාගේ පැත්තේ ප‍්‍රශ්නයකි. ඊට මේ තත්ත්වය දෙස ව්‍යවස්ථාමය ඇස්වලින් බැලීම යැයි කිව හැකිය.

ඡන්දයෙන් වැඩි බලය ලබා ගත හැක්කේ එකතුවීමෙන් නම් බෙදී සිටීම තුළ ජනපතිගේ පාර්ශ්වයට සිදුවන්නේ දෙවැනි ස්ථානයට පත්වීමටය. යම් හෙයකින් ඒකාබද්ධ විපක්ෂය ගමේ ඡන්දයේදී ලොකු බලපෑමක් එල්ල කළහොත් ජනපතිගේ පාර්ශ්වයට තුන්වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවෙයි. එය ජනාධිපති ධුරය හා පක්ෂ නායකත්වය සහ දෙකෙන්ම සන්නද්ධව සිටින නායකයකුට බරපතළ ප‍්‍රශ්නයකි. ඔහුට මේ තත්ත්වය දෙස ව්‍යවස්ථාමය දෑස්වලින් බලන්නට සිදුවී තිබෙන්නේ එනිසාය. කෝපි ලැබුණහොත් තේ ඉල්ලන්නට සිදුවන්නේ හා තේ ලැබුණහොත් කෝපි ඉල්ලන්නට  සිදුවන්නේ එනිසාය. ශ‍්‍රීලනිපයට ඒකාබද්ධය සමඟ එක්වීමට සිදුවනවා නම් ඊට පසුබිම හදන්නේ මේ තත්ත්වයයි. එහෙත් මේ නිසා සංකීර්ණ ගැටලූවකට මුහුණ පාන්නේ ඉකුත් ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාට උපකාර කළ සිවිල් සංවිධාන සහ රාජපක්ෂ පාලනය බිඳ හෙළීමට දායක වූවන්ය. ඒ සමහරුන් කෙරෙහි රාජපක්ෂලා මහත් වෛරසහගත හැඟීමකින් පසු වනවා නොඅනුමානය. එබඳු අනතුරක් අතට ගත් සමාජ කි‍්‍රයාධරයෝ සිටිති; ජනමාධ්‍ය තිබේ. යම් හෙයකින් ශ‍්‍රීලනිපය සහ ඒකාබද්ධය එකතුවුවහොත් යටකී පිරිස සැලකිය යුතු අනාථභාවයක ගිලෙයි. දේශපාලන බලයට අදාළව ව්‍යවස්ථාමය දෑස්වලින් බලන විට නිවැදි යැයි පෙනුණත් එබඳු අතාර්කික එකතුවකට නොයා යුතු වන්නේ එමඟින් 2015 ජනවාරි 08 තැබූ පියවර 1800කින් අනෙක් පැත්ත හැරෙන බැවිනි. රාජපක්ෂ කල්ලිය පරාජය කළේ එය සමාජයට මහත් වින කළ දුර්දාන්ත පාලනයක් වන නිසාය. ඔවුන් පරාජය කර බිහිකළ යහපාලන ආණ්ඩුව ඉතා හොඳ නැතත් සාපේක්ෂව රාජපක්ෂ පාලනයට වඩා ව්‍යවස්ථානුකූලය. බැඳුම්කර මඟඬිය නිසා ඔවුන් හත්පොළේ ගා ගත් බව පිළිගත යුතුය. ජනාධිපතිවරයා කොමිසමක් පත් කර එම වංචාවට වගකිවයුත්තන්ට නීතිමය වශයෙන් කි‍්‍රයාමාර්ග ගත හැකි පසුබිමක් උදා කර දී තිබේ. සැබැවින්ම ජනාධිපතිවරයා මෙම ප‍්‍රශ්නය දෙස සැබෑ අරුතින්ම ව්‍යවස්ථාමය ඇස්වලින් බැලූ අවස්ථාවකි. කෝපි වෙනුවට තේ නොඉල්ලූ අවස්ථාවකි.

වසර තුනකට පසුව සම්මුතිවාදී ආණ්ඩුව දැන් ඉතින් ඇති යැයි ජනාධිපතිට හෝ අගමැතිට තර්කානුකූලව කිව නොහැකිය. මන්ද යහපාලනය යනු වසර තුනක නොව දිගුකාලීන අභ්‍යාසයක් වන බැවිනි. ආණ්ඩුව ඇතුළේම සිටින හොරු ඉවත් කර, කළයුතු අභ්‍යාසයක් බැවිනි. එමෙන්ම ජනපතිට ඡන්දය දුන් හැට දෙලක්ෂයක් වූ ජනතාව ඔවුන් පරාජය කළ රාජපක්ෂ සමඟ ජනාධිපතිවරයා එකතු විය යුතු බවට තීරණය කර නැත. හැට දෙලක්ෂය නොගත් තීරණයක් ජනාධිපතිවරයා විසින් එකලාව ගැනීමට යාම ආචාර සම්පන්න නැත. ඒකාබද්ධය සමඟ කෙරෙන උක්ත සාකච්ඡා සඳහා දෙපාර්ශ්වයෙන් කමිටු දෙකක් පත් කර තිබෙන අතර ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යම් මධ්‍යස්ථභාවයක් ඇතැයි සිතිය හැකි හා සම්මුතිවාදී ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති අනුව යන පුද්ගලයකු වශයෙන් සිටින්නේ ලසන්ත අලගියවන්න පමණි. සෙසු දෙදෙනාම කෝපිත්, තේත් නොව රාජපක්ෂගේ බොර වතුරය. මෙම සාකච්ඡා සඳහා සම්මුතිවාදී ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ඇත්තටම රකින පුද්ගලයන් ජනපතිගේ පාර්ශ්වයෙන් පත් කළ යුතුය. නිවැරැුදි සාකච්ඡාවක් කළ හැක්කේ එවිටය. එහෙත් හැට දෙලක්ෂයේ අදහස නම් මෙවැනි කුප‍්‍රකට එකතුවක් සඳහා හරි හෝ වැරැුදි සාකච්ඡුාවක් අනවශ්‍යය යන්නය. සැබෑ අරුතින්ම ව්‍යවස්ථාමය ඇස්වලින් බලා ජනපති කෝපි හෝ තේ යන දෙකෙන් එකක් මේ මොහොතේ ඇනවිය යුතු බව මධ්‍යස්ථ මතධාරින්ගේ හැඟීමය.

Latest Posts

කතාබහ

අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති 2018-01-17 - ලංකාවේ කිසිදු ස්ථානයක තමන් දැනුවත්ව දුරකථන ටැප්...
අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි 2017-12-22 - ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්...
මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා 2017-12-20 - උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න&...

විශේෂාංග

අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය 2018-01-15 - ශ්‍රී ලංකාව තරම් ජීවත් වීමට සුදුසු  පරිසරයක් ...
උඩප්පුවෙන් නැගෙන පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය උඩප්පුවෙන් නැගෙන  පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය 2018-01-15 - පාඩුකාරයෝ ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් ...
සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ 2018-01-11 - ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01