නිදහස් කලා සන්ධානයේ අන්තවාදී දෘෂ්ටිවාදය

කතුවැකිය
Typography

2017-12-10

ලංකාවේ අභ්‍යාස කෙරෙන කලාවේ අර්බුදයක් තිබේ. කලාවේ අර්බුදය ඇති වී තිබෙන්නේ පුද්ගල අර්බුදයක් මුල් කරගෙනය. කලා කෘතිය අගතියෙන් තොර යම් දෘෂ්ටිවාදයක් වෙත අනුගත වීමට නම් කලාකරුවාට පැහැදුල් දෘෂ්ටිවාදයක් තිබිය යුතුය.

එසේ නැතහොත් සිදුවන්නේ කෘතිය අයාලේ යන එකක් බවට පත්වීමය. නැතහොත් එය අර්ථ විරහිත ප‍්‍රයත්නයක් වීමය. ලංකාවේ මෙකල නිර්මාණය වන චිත‍්‍රපට ගතහොත් සිනමාත්මක ගුණයෙන් උසස් යැයි සැලකිය හැකි නිර්මාණ බිහි වන්නේ අතළොස්සකි. ඒ කිහිපය හා කිහිප දෙනා නම් කළ හැකිය. අනෙක්වා සිනමාව නොවන හුදු බයිස්කෝප් ලෙස දැක් විය හැකිය. බයිස්කෝප් රසික සමාජයකට වුවමනා නැත යන්න මින් අදහස් නොවේ. එහෙත් සිනමාකරුවන් නොවන බයිස්කෝප්කාරයන් හෝ අංගවිකලභාවයෙන් යුතු නිර්මාණ කරන පුද්ගලයන් රටේ දේශපාලනය, ව්‍යවස්ථාව  ඕනෑ ද එපා ද, රටේ මීළඟ නායකයා කවුද යන වග තීරණය කිරීම වැනි සමාජයක උපරි ව්‍යුහයේ වැදගත්ම දේවල් තීරණය කිරීමට යාමේ දී ඉන් සමාජයකට ශාන්තියක් අත් විය නොහැකිය. සිදු විය හැක්කේ රට අවුලෙන් අවුලට පත්වීමය. රටේ නාට්‍ය යනුවෙන් හැඳින්විය හැකි නිර්මාණ කෙරෙන්නේ ද අතළොස්සකි. නාට්‍යකරුවන් වේෂයෙන් පෙනී සිටින බහුරුකෝලම්කාරයන්, හුදු විකටයන් රටේ දේශපාලනය හා ව්‍යවස්ථාව  ඕනෑ ද එපා ද වැනි රටේ මූලික පදනම සකසන වැදගත්ම දේවල් තීරණය කිරීමට යාමේදීත් බයිස්කෝප් කාරයන්ගේ කි‍්‍රයාව සේම රට අවුලට යාම නොවැලැක්විය හැකිය. බහුරුකෝළම් කාරයන්, හුදු විකටයන් රසික සමාජයකට අවශ්‍ය නොවේ යන්න එහිදීත් අදහස් නොවේ. ප‍්‍රශ්නය වන්නේ රූපවාහිනියේ දී වැසිකිළි සෝදන සබන් ගැන කියන කලාකරුවාම (?) විෂය ගැන අට පහ නොදැන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රටට මොකටද වැනි වෘෂභ ප‍්‍රශ්න විමසන තත්ත්වයක් රටේ තිබීමය. සංගීතය, චිත‍්‍ර හා මූර්ති කලාව ආදියෙහි නිමග්න අයටත් නිවැරදි දෘෂ්ටිවාදයක් නැතහොත්, ඔවුන්ගේ උපදෙස් මඟපෙන්වීම් හා තෝරාගැනීම් පිළිපඳින සමාජයකට යාමට සිදුවන්නේ ඉදිරියට නොව අඩි හයක් විතර පොළොවෙන් යටටය.

උක්ත පූර්විකාව අවශ්‍ය යැයි හැඟුණේ නිදහස් කලා සන්ධානය දෙසැම්බර් 02දා කිරිවෙහෙර භූමියේ දී සංවිධානය කර තිබුණු කප්රුක් පූජාවක් හා අධිෂ්ඨාන පූජාවක් පිළිබඳ පුවතක් නිසා සහ එහි සැඟවී තිබෙන මහත් වූ අනාගත නොකල්පනාව ගැන අනතුරු ඇඟවීමටය. නිදහස් කලා සන්ධානය එය සංවිධානය කිරීමේ අරමුණ රටේ බලය යළි  මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන ලෙස අධිෂ්ඨානයක් ඇති කර ගැනීමය. රාජපක්ෂ මහතා සමඟ කලක් තිස්සේ සිටි ඔවුහු ඉහත පූර්විකාවෙහි දක්වන ලද ආකාරයේ අර්ධ කලාකරුවෝ වෙති. ඒ බොහෝ දෙනෙකුගේ නිර්මාණ අංග විකල ය. ඒවා උසස් නිර්මාණ ලෙස සමාජයේ කතිකාවකට ලක් නොවූණි. ඒ අතරින් සමහරු රාජපක්ෂට හසුවෙන්නට පෙර යුද විරෝධී නාට්‍ය කළහ. රාජපක්ෂට හේත්තු වීමෙන් පසු යුදවාදී වී තමා කළ යුද විරෝධී නාට්‍ය නිර්දය ලෙස පවා දුන්හ. එම පාවා දීම තනුක කර ගැනීමට ඔවුහු දේශපේ‍්‍රමය ගාවා ගත්හ. පාදඩයාගේ අවසාන සරණ දේශපේ‍්‍රමය යැයි කියමනක් තිබේ. මේ පිරිස වෙනුවෙන් එම ආමන්ත‍්‍රණය නොකළැකි වුවත් රාජපක්ෂවාදය අනුසාරයෙන් ඔවුහු ක‍්‍රමයෙන් ගොඩනගා ගත් කලාව (?) ඉතා නින්දනීය ස්වරූපයක් ඉසුලූහ. ඇත්තටම ඔවුන්ට තිබෙනුයේ නිවැරදි දෘෂ්ටිවාදය තෝරාගැනීම පිළිබඳ ප‍්‍රශ්නයකි. මහින්දගේ ඇෙඟ් එල්ලී සිටියේ එනිසාය. මහින්දටත් නිවැරදි දෘෂ්ටිවාදයක් නොතිබුණු නායකයෙකි. එහෙත් පක්ෂය තුළම ඉත්තන් සීරුමාරු කර ඉඩකඩ විවර කර ගැනීමට තරම් ඔහු පහ සමතකු නිසා එක්තරා අවස්ථාවක පක්ෂයේ බලය මෙන්ම රටේ බලය ලබා ගත්තේය. එහෙත් හෙතෙම රාජ්‍ය තාන්ත‍්‍රිකයකු නොවන බව කි‍්‍රයාවෙන් පෙන්නුවේය. ඔහුගේ අන්තේවාසික කලාකරුවනුත් හරියටම ඔහු සමඟ සමපාත වෙයි. ඔහු සමඟ සිටින බොහෝ කලාකරුවන් කලාකරුවන් වී වැජඹෙන්නේ ගස් නැති රටේ තුත්තිරි ගසුත් ගස් තමා ය යන උපහැරණයට සමපාත වෙමිනි. මහින්ද වෙනුවෙන් අධිෂ්ඨාන පූජාවන්හි නිරත වන කලාකරුවන් අතරින් එක් අයකුවත් හරි හමන් දෙස් විදෙස් සංස්කෘතික තලයේ අගැයුමකට පාත‍්‍ර නොවූ පිරිසකි. ඒ සමහරු ලංකාවේ තිබෙන අවර ගණයේ ටෙලි නාට්‍ය ඇගැයීම්වල දී සම්මාන සහතික ලබා තිබෙන්නට පුළුවන. එහෙත් ඒ කිසිවෙක් රටින් එහාට නිර්මාණයක් රැගෙන යාමට අපොහොසත් වූහ. ඊට පිළිතුරු ලෙස ඔවුන් අන්තර්ජාතික ප‍්‍රජාව සතුටු කිරීමට නිර්මාණ නොකරන බව කියන්නට පුළුවන. එහෙත් පුළුල් නිර්මාණාවබෝධයක් හා බැඳුණු දෘෂ්ටියක් නැති කම ඒ බොළඳ ප‍්‍රකාශයෙන් වසා ගත නොහැකිය. ඉන්දියාවේ දුප්පත්කම විකුණාගෙන කෑවා කියන

අන්තගාමී හා පටු චෝදනාව සත්‍යජිත් රායිටත් සමහරු එල්ල කළහ. එහෙත් අද වන විට රායිගේ නම ලෝකයේ විශිෂ්ටතම සිනමාවේදීන් අතර රැුඳෙයි. ඒ නිසා ව්‍යාජ දේශිියත්වයෙන් හා ව්‍යාජ දේශපේ‍්‍රමයෙන් තම පටුකම වසාගත නොහැකි බව ඔවුන්ට කිව යුතුය. එම පටු මනසින් රාජපක්ෂට යළි බලය ලබා දිය යුතු බව කියන විට ඔබේ දුක්ඛදායක භාවිත යථාර්ථය හෙළි නොකර සිටිය නොහැකි බවත් ඔබට කිව යුතුය.

මේ අය අතරින් සමහරු තමා අහම්බෙන් හෝ දායක වූ ප‍්‍රශස්ත නිර්මාණයක් තම දේශපාලන නායකයාගේ විරෝධයට ලක් වන විට ඒ නිර්මාණ අයිතිය වෙනුවෙන් පෙනී නොසිටියහ. තමා එතෙක් මෙතෙක් පෑ විශිෂ්ටතම රංගනයට පවා තමා අනුගත පසුගාමී දේශපාලනය ගරහන විට නිර්මාණය පාවා දී බඩවඩා ගැනීම මුදුනට ගත් කලාකරුවන් රැුළක් අධිෂ්ඨාන පූජාවක නියැළීම කවර නම් කි‍්‍රයාවක්ද? ඔවුහු රාජපක්ෂ සමඟ ජාතිවාදයේ කරවටක් ගිලී සිටියහ. අදත් ගිලී සිටිති. ඔවුන් පන්සල් යන්නෙත් ජාතිවාදය කළු ගැන්වීමේ අදහස පෙරදැරිවය. ඔවුහු ආගම්වාදීහු ද වෙති. ඒ දෙකෙන්ම පමණක් රාජපක්ෂගේ කලාකරුවෝ කලාව කිරීමට නුසුදුසුකම් ලබන්නෝය. ඔවුන්ට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවළියට විරුද්ධ වීමට කිසිදු අයිතියක් නැත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කෙරුණේ තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රටේ දැවෙන ප‍්‍රශ්න විසඳීම සඳහා උපයෝගිතාවෙන් අඩු එකක් වන නිසාය. නිදහස් සන්ධානයේ කලාකරුවන් සිය කලාවද අවුල් කරගත් පිරිසක් නිසා වෙනත් විෂයයන් ගැන මත පළ කිරීමෙහි කිසිදු තේරුමක් නැත. කොහොමටත් ව්‍යවස්ථාව වැනි ගැඹුරු විෂයයන් ගැන කතා කිරීමෙහි කවර හෝ අර්ථයක් නැත. ඔවුන්ට හරි දෘෂ්ටිවාදයක් තිබුණා නම් මහින්ද රාජපක්ෂ වැනි බොහෝ සෙයින් පටු දේශපාලන මතයක් සහිත නායකයකුට දිගින් දිගටම සහයෝගය පළ කරන්නේ නැත. සැබැවින්ම මේ කියන කලාකරුවන් රාජපක්ෂට රටේ බලය දිය යුතු යැයි කියන්නේ කවර අරුතකින්ද? රට ගැන දුර දැක්මක් ඇති කලාකරුවනට නම් එසේ කිව නොහැකිය.

වත්මන් රජය නරක නම් ඵලදායක විකල්පයක් ගොඩනගා ගැනීම වෙනම වැඩකි. ඊට ජනපතිට ඡුන්දය දුන් හැට දෙලක්ෂයෙන් වැඩි පිරිසක් සහය දක්වනු ඇත. එවැනි සමාජ සාධනීය කි‍්‍රයාවලියකට අත නොගසා රාජපක්ෂ යළි බලයට පත් කරන්නට කියන සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදී නිදහස් සන්ධාන කලාකරුවන් තැත් කරන්නේ 2005 - 2015 අර්ධ ෆැසිස්ට් යුගයට රට නැවත ගෙන යාමටය. ඒ නිසා කිරිවෙහෙර අභියස මෙම දුබලයන් දුර්දාන්ත පාලකයකු යළි ඔසවා තැබීමට සුදු ඇඳගෙන කළ ඉල්ලීම මෙරට ජනතාව අලූයම ලූ කෙළ පිඩක් ලෙස ඉවත දැමිය යුතුය.

Latest Posts

කතාබහ

අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති 2018-01-17 - ලංකාවේ කිසිදු ස්ථානයක තමන් දැනුවත්ව දුරකථන ටැප්...
අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි 2017-12-22 - ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්...
මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා 2017-12-20 - උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න&...

විශේෂාංග

අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය 2018-01-15 - ශ්‍රී ලංකාව තරම් ජීවත් වීමට සුදුසු  පරිසරයක් ...
උඩප්පුවෙන් නැගෙන පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය උඩප්පුවෙන් නැගෙන  පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය 2018-01-15 - පාඩුකාරයෝ ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් ...
සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ 2018-01-11 - ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01