ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර

කතුවැකිය
Typography

ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නායකයන් අතරින් වැඩිම වගකීමක් පැවරී ඇති නායකයා වන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාය. මෙම වසරේ ද ඔහුට අභිමුඛ වුණු ගැටලූවලින් ඔහුත් කම්පනයට පත් වන්නට ඇති ලොකුම ගැටලූව වූයේ ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වනවාද නැද්ද යන්න විය හැකිය. එය සැබැවින්ම ගෙදර ගියොත් තෝ නසී මඟ හිටියොත් අඹුනසී වර්ගයේ ප‍්‍රශ්නයකි.

ඒකාබද්ධය සමඟ එකතු නොවුණොත් ශ‍්‍රීලනිපයට වැටෙන ඡන්දවලින් සෑහෙන ප‍්‍රමාණයක් අයාලේ යන ව්‍යාපාරයකට නතුවෙයි. එසේ වුවහොත් කෙදිනක හෝ ශ‍්‍රීලනිප පාක්ෂිකයන්ගේ අපවාදයට තමා ලක් වේ යැයි යන බිය ජනපති තුළ නැගෙන්නට ඇත. අනෙක් අතට ඡන්ද වාසිය නිසා ඒකාබද්ධය සමඟ එක්වුවහොත් ඔහුට ඡන්දය දුන් හැට දෙලක්ෂයේ සැලකිය යුතු පිරිසකගේ අපවාදයට ලක් වන්නට ඔහුට සිදුවනු ඇත. එය ජන. 08 අරමුණු සහ බලාපොරොත්තු පාවාදීමක් ලෙස අර්ථකථනය වන්නට ද පුළුවන. ජනපති බරපතළම උභතෝකෝටිකයට මුහුණ දෙන්නට ඇත්තේ ඒ තත්ත්වය තුළය. එහෙත් ඔහු මුලදීම වඩා දූරදර්ශී නායකයකු ලෙස කි‍්‍රයා කළේ නම් මේ ප‍්‍රශ්නය මහා ලොකු හෙයියම්මාරුවක් බවට පත් නොවන්නට තිබුණි. එනම් ජනපති ධුරය ශ‍්‍රීලනිප සභාපතිධුරයට වඩා බොහෝ සෙයින්ම විශාල යැයි සිතා ශ‍්‍රීලනිප සභාපති ධුරය කැමැති කෙනෙකුට දරන්නට ඉඩහැර ජනපති ධුරයෙහි එම විෂය රාමුවට අදාළව පමණක් කටයුතු කරගෙන ගියා නම් මේ කියන එක ප‍්‍රශ්නයක් වත් මතු නොවන්නට තිබුණි. එසේ නම් ඔහු හුදු ජනාධිපතිවරයකු නොව මැන්ඩලා පන්නයේ ජනාධිපතිවරයකු ලෙස ද ඉතිහාසගත වන්නට තිබුණි.

තමා වඩා අසීරුවෙන් ලද තනතුර කුමක්ද යනුවෙන් ප‍්‍රශ්නයක් ජනපතිගෙන් ඇසුවහොත් ඔහු කවර පිළිතුරක් දෙනු ඇත්ද? ඔහු ශ‍්‍රීලනිප මහ ලේකම් බවට පත් වූයේ දිගු කාලයක් තිස්සේ කරන ලද කැපවීමක සහ මහන්සියක ප‍්‍රතිඵලයක් මඟිනි. මා තුළ තවමත් දිළින්දකු සිටිනවා යනුවෙන් ජනපතිවරයා විසින් දෙසැ.20 දා ප‍්‍රකාශයක් කරන්නට යෙදුනේද සිය අතීත වෙහෙසකර දිවිසැරිය දෙස ආපසු හැරී බැලීමෙන් පසුව විය හැකිය. ඔහු ජනපති ධුරයට පත් වූයේ මහත් ජීවිත අනතුරක්ද භාරගෙනය. පැරදුණා නම් අඩි හයක් පොළොව යට නවතින්න වන බව ඔහුට කීවේය.

2014 නොවැ 21 වැනිදා ඔහු ගත්තේ සැබෑ නිර්භීත සහ වීරත්වයෙන් යුතු පියවරක් බව සැබෑය. කෙසේ වෙතත් අඩි හයක් යට යා හැකි අනතුර ඔහුට තිබුණේ 2014 නොවැ.21 සිට 2015 ජන. 09ය හිමිදිරිය දක්වා පමණි. එය මාසයකුත් දින 19ක කාලයකි. එම මාසයයි දින දහනමයක කාලය ඔහු පිරුණු දේශපාලනඥයකු ලෙස ගොඩනැගුණු වසර පනහක කාලය සමඟ කෙසේවත් සැසඳීමට ජනපතිවරයා කල්පනා නොකරනවා වන්නට පුළුවන. මාසයකුත් දින දහනමයක ක්ෂිතිමය අත්දැකීම එක් අතකින් මහත් ආශ්වාදජනක වුවත් ජනපතිගේ ඇත්ත ජීවිතය රැුඳී තිබුණේ ඉන් පරිබාහිර දිගු කාලය තුළය. මේ බව බාහිර නීරීක්ෂකයකුට දැනෙනවාට වඩා හොඳින් ජනාධිපතිවරයාට දැනෙන බව නිසැකය. එබැවින් එම දිගු කාලීන ගොඩනැගීමෙහි අග‍්‍රඵලය වන පක්ෂයේ සභාපති ධුරයට පත් වීම එක් අතකින් ජනපති ධුරයටත් වඩා ඔහුට සුවිශේෂී වන්නට පුළුවන. එය හේතු ප‍්‍රත්‍ය පදනම් කරගත් ගමනක් තුළින් නිපන් සාධාරණ සිතීමකි.

එහෙත් අප  ඕනෑම කෙනෙකුට ජීවිත කාලයේ දී අත්විඳින්නට සිදු වන විවිධ පියවර සලකා බැලූවහොත් වැඩ කිරීමට සිදු වන්නේ එම නිමේෂයට හෝ කාලවකවානුවලට අදාළවය. නැතහොත්  ඕනෑම කෙනෙකු අදාළ නැති හෝ යාවත්කාලීන නොවූ පුද්ගලයකු බවට පත් වනු ඇත. මෙම තර්කය මත ජනපතිට පක්ෂ සභාපති ධුරයට වඩා ජනාධිපති ධුරය ප‍්‍රධාන විය යුතුමය.

ජනපති යම් හෙයකින් එළඹෙන වසරේ ඒකාබද්ධය සමඟ එක්වුවහොත් සම්මුතිවාදී ආණ්ඩුවේ පොරොන්දුවලට සිදු වන්නේ කුමක්ද යන්න බරපතළ ප‍්‍රශ්නයකි. ඒකාබද්ධ විපක්ෂයේ තේමාව ජාතිවාදීය, ආගම්වාදීය, රාජපක්ෂ රෙජීමය යනු දෙමළ ජනයා මුළුමනින් සමතලා කර මුස්ලිම් ජනයා පිටු දැක කි‍්‍රයා කළ මෙරට ජාතීන් භේද භින්න කළ පක්ෂයකි. එවැනි පක්ෂයක අරමුණු පැහැදිලිය. ඔවුන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එපා කියන්නේ ජාතිවාදී සහ ආගම්වාදී පදනමිනි. එබැවින් යම් කාලයකින් පසු ජනපති ඒකාබද්ධ ය සමඟ එකතුවනවා යනු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ගමන මුළුමනින් ඇනහිටීමකි. ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ලබාදීම මුළුමනින් ලොප් වීමකි. එපමණක් නොවේ. රාජපක්ෂ රජයේ මහා  පරිමාණ වංචා, දූෂණ, චෝදනා විමර්ශනය නැවතීමකි.

ඔවුන්ගේ කාලයේ සිදු වූ මිනිස් ඝාතන සහ අතුරුදන් කිරීම් පිළිබඳ විමර්ශනවලට වැට බැඳීමකි. එපමණක්ද නොවේ. මෛත‍්‍රී ජනපති කිරීමට රාජපක්ෂට එරෙහිව කි‍්‍රයාකාරී සහ මතවාදී තලයේ වැඩ කළ බොහෝ දෙනකු නොපෙනන අගාධයක හෙළීමකි. මෙවැනි දෙයක් සිදුවුවහොත් මරණය අතින්ගෙන මෛත‍්‍රී සමඟ 2014 නොවැ.21 ශ‍්‍රීලනිපයෙන් එළියට පැමිණි අතළොස්සකගේ ගරුත්වය ද නොතකා හැරීමකි. එමෙන්ම එය ජනතා පරමාධිපත්‍ය බලය පරදුවට තැබීමකි. නායකයා පත් කළත් ඔහු නරක නම් ආපසු කැඳවීමේ බලයක් ජනතාවට නැති බව සැබෑය. එහෙත් ජනතාව ඡුන්දය දුන්නේ මෛත‍්‍රී ජනපති කිරීමට පමණක් නොවේ. අත්තනෝමතික පාලනයක් ගෙන ගිය රාජපක්ෂගේත් ගමන නිමා කිරීමද එම ව්‍යායාමයට අන්තර්ගතය. වත්මන් ජනපති තීරණයක් ගත යුත්තේ මෙම දෙකරුණුම සලකා බලාය.

ජනපතිට ඡුන්දය දිනන්නට මේ බණවලින් නොහැකි වෙන්නට පුළුවන. එබැවින් ඔහු කළ යුත්තේ  පළමුව ඉතිරි වී සිටින හැට දෙලක්ෂයෙන් බහුතරය රැුක ගැනීමය. ඊළඟට ඔහුගෙන් ගිලිහී ගිය පිිරිස එසේ ගියේ මන්ද යන්න සොයා බලා ඊට පිළියම් කිරීමය. ඒ සමඟම මහින්ද නොව ඔහු සමඟ සිටින ශ‍්‍රීලනිප බලවේග දිනා ගැනීමට යත්න දැරීමය. ශ‍්‍රීලනිප සභාපතිත්වය මෙන්ම ජනාධිපති ධුරය යන දෙකම ඇති නායකයකු සූක්ෂ්ම වන්නේ නම් මෙය අසීරු දෙයක් විය නොහැකිය. සූක්ෂ්ම බව යනු එක් කොටසක් බදා ගන්නා විට තව කොටසක් අතහැරීම නොවේ. සියල්ලන් තමා කෙරෙහි රඳවා ගැනීමය.

ගෙවී යන වසරේ එළිපත්තේ සිට සහ නව වසරක මුවවිටේ සිට අප ජනපතිට කිව යුත්තේ ප‍්‍රශ්න කෝටියක් ඇතත් තවදුරටත් සම්මුතිවාදී  ප‍්‍රයත්නය රැුක ගත යුතු බවය. එය රැුක ගන්නේ කිහිප දෙනකුට වැජඹීමට හෝ කිහිප දෙනාට භාණ්ඩාගාරය හිස් කිරීමට ඉඩදීමට නොවේ. තවමත් ඉටුවී නැති සම්මුතිවාදයෙන්ම ඉටු කර ගත හැකි ජනතා අභිලාෂයන් ඉටු කර ගැනීම උදෙසාය.

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01