ඡන්ද සටන තීව‍්‍ර ලෙස ඇවිළී යන අතරදී ඉතා පහසුවෙන් ‘එක්සත් ජාතික පක්ෂය’ ජය ගනු ඇතැයි යන පැවති මතය මේ සතියේ පිට වූ සමීක්ෂණ වාර්තා නිසා යම් අඩමාන තත්ත්වයකට පත් වී ඇත.

Read more ...
Write comment (0 Comments)

මේ වනවිට ‘සත්හඬ’ පුවත්පතට ලැබී ඇති තොරතුරුවලට අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අනාගත ආණ්ඩුව සකස්වීම පිළිබඳ නිල - නොවන එකඟතාවකට පැමිණ ඇත.

Read more ...
Write comment (0 Comments)

ජනවාරි 8 වනදා ජයග‍්‍රහණයෙන් පසු අධි ශීඝ‍්‍රගාමීව වැඩ කළ පාර්ශ්ව දෙකක් සිටියේය. ඒ රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සහ විමල් - මහින්ද ප‍්‍රමුඛ මහින්ද චින්තනයයි.

Read more ...
Write comment (0 Comments)


ලංකාවේ දේශපාලන තීන්දු තීරණ ගැනීම කෙරෙහි ව්‍යාපාරිකයන්ගේ තීරණ තදින් බලපාන බව ඒ ගැන දන්නෝ දනිති. දේශපාලකයන්ගේ බිය වීම යට බය කිරීම් කරන්නේ ව්‍යාපාරිකයන්ය. ‘මෛත‍්‍රීපාල - යහපාලන - ඉන්ද්‍රජාලය’ සුනු විසුනු කරමින් දැන් මතු වී ගෙන එන්නේ පට්ට ජාතිවාදයයි.

Read more ...
Write comment (0 Comments)

ලංකාවේ ඕනෑවටත් වඩා පත්තර ආරම්භ කර තිබේ. ඇතැම් විට නතර කළ පත්තර ගණන ආරම්භ කළ පත්තර ගණනට වඩා වැඩිවීමට වුව පුළුවන. ලංකාවේ කවුරු මොන පුවත්පත පටන් ගත්තද මෙරට ජනමතය පාලනය කරන්නේ ලංකාදීප පත්තරය මුදාහරින චින්තනයයි. එම පුවත්පත නිර්මාණය කර ඇත්තේ මේ රටේ සාමාන්‍ය ජනයා සිතන විදිහ ගැන හොඳින් සිතා බලාය. මෑතකදී රනිල් වික‍්‍රමසිංහ මෙසේ කීවේය. ‘‘යූඑන්පීය කියන්නේ ජීවත් වෙන විදිහක්’’. ඒ අනුව ලංකාවේ ජහමනයා ජීවත් වන විදිහ‘යූඑන්පී’යයි. ලංකාවේ ජහමනයා සිතන විදිහ ‘ලංකාදීප’යයි. 2005 වර්ෂයට පසු, ඉහත කී ‘ජීවත් වන විදිහ’ට සහ ‘හිතන විදිහ’ට අලූත් අභියෝගයක් පැමිණියේය. සත්තකින්ම 2010ට පසු ලංකාවේ ජහමනයා ‘ජීවත් වන විදිහ’ මහින්ද විය. ‘හිතන විදිහ’ මහින්ද චින්තනය විය. පසුගිය ජනවාරි 08 වනදා මෙකී විදි දෙකටත් අලූත් අභියෝගයක් පැමිණියේය. ඒ යහපාලනයයි.

Read more ...
Write comment (0 Comments)