ඉකුත් බදාදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ඇමැති රාජිත කීවේ වැඩවර්ජන දේශපාලන අවශ්‍යතාවකට සිදුවන්නක් බවය. බැසිල්ගේ ගෙදර ගිහින් කාලා බීලා ඇවිත් වර්ජනවලට සහභාගී වන කතාවකුත් ඔහු කීවේය. වැඩ වර්ජනයේ ප්‍රමුඛතම කාර්යභාරයක් ජවිපෙ විසින් කළේ නම් එම නියෝජිතයන් බැසිල්ගේ ගෙදර ගිහින් කාලා බීලා එන්න විදියක් නැත. මන්ද ජවිපෙ යහපාලන ආණ්ඩුව පිහිටුවීමට රාජපක්ෂ රජයට විරුද්ධව ප්‍රධාන වැඩකොටසක් කල පක්ෂයකි.

Read more ...
Write comment (0 Comments)

ලංකාවේ තිබෙන්නේ පුද්ගලික රෝහල් පිළිබඳ විරෝධයක් නොවේ. පෞද්ගලික වෛද්‍යවිද්‍යාල පිළිබඳ විරෝධයකි. මාලබේ පුද්ගලික වෛද්‍යවිද්‍යාලයේ සිසුන්ට නිසි පුහුණුවක් නැත යන්න මේ අර්බුදයට හේතු වූ එක් කාරණයකි. අනෙක් අතට ඔවුන්ට අවිස්සාවේල්ල හා හෝමාගම රෝහල් සායනික පුහුණුව සඳහා රජය වෙන් කර දුන්නත් එයටත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව එරෙහි වූහ.

Read more ...
Write comment (0 Comments)

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම සැප් 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. පසුගිය ආණ්ඩුවේ පරිසර අමාත්‍ය ධුරය දැරූ චම්පික රණවක මයික්‍රෝන 20ට අඩු පොලිතීන් තහනමක් එකල ක්‍රියාත්මක කළේය. ආහාර පාර්සල් කිරීම සඳහා තවමත් භාවිත වන්නේ මයික්‍රෝන 20ට වැඩි පොලිතීන්ය. වර්තමාන තහනමට අනුව පොලිතීන්, ප්ලාස්ටික්, රිජිෆෝම් පෙට්ටි යනාදි සියල්ල භාවිත කළ නොහැකිය. එමෙන්ම සැප්තැම්බර් 01 දා සිට ෂොපිං මලු තහනමක් ද ක්‍රියාත්මක වෙයි. මෙම පියවරයන් පරිසරය සම්බන්ධයෙන් සාධනීය තත්ත්වයක් උදා කරනු ඇති බවට සිතිය හැකි වුවත් ආහාර පාර්සල් කිරීමට වෙනත් ප්‍රායෝගික හා විකල්ප විසඳුමකින් තොරව ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම පහසු නැත.

Read more ...
Write comment (0 Comments)

බුද්ධාගමට ප්‍රමුඛ තැන ලැබිය යුතුය යන වගන්තිය මුල්වරට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් වූයේ 1972 ව්‍යවස්ථා සම්පාදනයේදීය. පෙඩරල් පක්ෂය එහි දී මෙම යෝජනාවට විකල්පව වැදගත් යෝජනාවක් ගෙනාවේය. එය නම් ලංකාව නම් වූ රාජ්‍යය සියලු ආගම්වලට සමානව සලකන ලෝකායත රාජ්‍යයක් විය යුතුය යන සංශෝධනය ය. එහි දී පෙඩරල් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප කෙරිණි. විශේෂයෙන්ම සිංහලෙන් නීති පැනවිය යුතුය. එම නීති දෙමළ බසට පරිවර්තනය විය යුතුය යන යෝජනාව මෙන්ම දෙමළ භාෂා භාවිතය 1954 අංක 28 දරන දෙමළ භාෂා (විශේෂ විධි විධාන) පනතට අනුව විය යුතුය යන යෝජනා පිළිබඳ පෙඩරල් පක්ෂය ගෙන ආ විකල්ප යෝජනාද එහි දී ප්‍රතික්ෂේප වූයේය. 78 ව්‍යවස්ථාවට ද බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි විය යුතුය යන යෝජනාව කිසිදු වෙනස් කිරීමකින් තොරව අන්තර්ගත කෙරිණි. සිංහල බෞද්ධයන් ලෙස මතුපිටිවාදී තලයක සිංහලකමට සහ බෞද්ධකමට වරප්‍රසාද ලැබීම පිළිබඳ සතුටු විය හැකිය. එහෙත් දැනුවත් සිංහල බෞද්ධයාට මෙම යෝජනා කෙතරම් බිහිසුණු ද යන්න එදා වැටහෙන්නට ඇත.

Read more ...
Write comment (0 Comments)

ලංකාවේ සිවිල් සංවිධාන නියෝජිතයෝ, ආණ්ඩු බලයට පත් කරන්නට හැම කාලයකම වෙහෙසෙති. සිවිල් සංවිධාන හා බලයට පත්වීමට පෙර මඟ බලන විපක්ෂය අතර මැතිවරණයට අදාළ තීරණාත්මක සමය තුළ ගොඩනැගෙන්නේ දිවෙන් දිව ගාගෙන සිටින ආකාරයේ මිත්‍රකමකි. වැටෙන්නට නියමිත බලයේ සිටින දේශපාලන පක්ෂයට මේ කාලය තුළ සිවිල් සංවිධාන අරහංය.

Read more ...
Write comment (0 Comments)

පොලිස් කණ්ඩායම් හතරක් විසින් සති දෙක තුනක් තිස්සේ ඥානසාර හිමි සෙව්වේ කුමකටද යනුවෙන් ප්‍රශ්නයක් ඇසුවහොත් දිය හැකි පිළිතුර වන්නේ ඇපදීම සඳහා යනුවෙනි. උන්වහන්සේ උසාවියට වඩින ප්‍රමාදයෙන් ඇප තුනක් ලැබිණි. පළමු ඇපය ලැබුණේ ජාතික බලසේනා සංවිධානයේ වටරැක විජිත හිමියන්ට මරණ තර්ජන කිරීම හා කුරානයට අපහාස කිරීමට එරෙහිව පැවැති නඩු කටයුත්තකට වරෙන්තු ලබා සිටීම වෙනුවෙනි. දෙවැන්න පොලීසියේ නිල රාජකාරිවලට බාධා කිරීම සහ දේපළවලට හානි කිරීම පිළිබඳවය. තෙවැන්න ආගමික අන්තවාදය වැපිරීම සහ වෛරී හැඟීම් ඇති කරන ලෙස හැසිරීමය. මේ සියලු වැරැදිවලට උසාවි දෙකකින් උන්වහන්සේට වරෙන්තු ලැබී තිබිණි. ඇප ලබා දීම පිළිබඳ පොලීසිය මීට පෙර අවස්ථාවක දී විරුද්ධ වී තිබුණත් මෙම අවස්ථාවේ දී ඔවුහු විරුද්ධත්වයක් නොපෑහ.

Read more ...
Write comment (0 Comments)

ඩෙංගු පසු සංකූලතා තත්ත්වය උත්සන්න වී ඉකුත් සතියේ ගාල්ලේ තරුණයකු මිය ගියේය. ඒ ඔහුගේ අක්මාව තුළ ආසාධනයක් සිදු වීමෙනි. ඩෙංගු තත්ත්වය මඟහැරී ගියත් පසුව එන්නට නියමිත අතුරු ආබාධ අතිශයින්ම බරපතළ විය හැකි බව මේ සිද්ධියෙන් පෙනී යයි. යළි ඩෙංගු ගැන කතා කරන්නට සිදුව තිබෙන්නේ ගංවතුරට පෙර තිබුණාට වඩා දෙතුන් ගුණයක වේගයෙන් ගංවතුරින් පසු ඩෙංගු උණ රෝගීන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් පැවතීම හේතුවෙනි.

Read more ...
Write comment (0 Comments)

ගංවතුර බැසයාමෙන් පසුව ජනපතිවරයා කළුතර ප්‍රදේශයේ පරිසර වැඩසටහනකට සක්‍රියව දායක වනු දක්නට ලැබිණි. එය අවවාදයට වඩා ආදර්ශය වැදගත්ය යන අදහස ඉස්මතු වූ අවස්ථාවක් වන අතර පරිසරය පිළිබඳව ඇති ජනපතිවරයාගේ උනන්දුව ද ප්‍රදර්ශනය කිරීමකි.

Read more ...
Write comment (0 Comments)

මේ වන විට ලංකාවට අභිමුඛ බරපතළම ප්‍රශ්නවලින් එකක් වන්නේ එක දිගටම හදිසි ආපදාවන්ට මුහුණ පෑමට සිදු වීමය. වසර කිහිපයක් ඇතුළත මීරියබැද්ද නාය යෑම, අරණායක නාය යෑම, සාලාව කඳවුරේ පිපිරීම, මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම සහ ඉකුත් සතියේ ගංවතුරින් හා කඳු නාය යෑමෙන් සිදු වූ විනාශය ඉන් ප්‍රධාන ඒවා ලෙස දැක්විය හැකිය.

Read more ...
Write comment (0 Comments)