ටිරාන් අලස් අපට අභිමුඛ වූයේ 2005 වර්ෂයේ මහින්ද රාජපක්ෂගේ ඡුන්ද ව්‍යාපාරයේ කැම්පේන් මැනේජර් වූ මංගල සමරවීර හරහාය. මහින්ද රාජපක්ෂට ඔහු හඳුන්වා දී තිබුණේ මංගලය. ටිරාන් අලස්ව රුවන් ෆර්ඩිනැන්ඩස් හමු වන්නේද මෙම ඡුන්ද ව්‍යාපාරය තුළය. සියලූ දෙනා අඹ යාළුවන් වන්නේ ඉන් අනතුරුවය. ටිරාන් උතුරු ප‍්‍රදේශයේ SIM කාඞ් ව්‍යාපාරය හරහා එකල දැවැන්ත ප‍්‍රාග්ධනයක් රැස් කර තිබුණේය.

Read more ...
Write comment (0 Comments)

එක පැත්තකින් ඝෝෂාවක් ලෙස රැව් දෙන්නේ යහපාලනයේ යහපත් මූල්‍ය කළමනාකරණය ගැනය. තවත් පසෙකින් රහසේ බලය හොබවන අයගේ කාමර තුළ සාකච්ඡා වන්නේ Port cityය තුළ ලංකාවේ පොදු නීතිය අත්හිටුවන ලද මූල්‍ය කලාපයක් පැවතිය හැකි බවයි.

Read more ...
Write comment (0 Comments)

අප මේ ජීවත් වන යුගයේ සමාජ ප්‍රතිවිරෝධවලට ඇත්තේ ගැඹුරු මානයක් ය. අප සාමාන්‍යයෙන් දන්නේ  ප්‍රතිවිරෝධ හඳුනා ගැනීම, ඒවා ක්‍රියාත්මක වන තලයන් හඳුනා ගැනීම සහ ඒවායේ ප්‍රාථමික, ද්විතීයික බව හඳුනා ගැනීමය. නමුත් අද කාලයේ ජීවත් වන අපට හමු වන්නේ ප්‍රතිවිරෝධ එහි ගමන් මඟේ අවසාන ගිමන්හලට පැමිණීමට පසු ඇති වන විවිධ මුහුණුවර ය. මේ නිසා අද දවසේ අපට හමු වන්නේ ප්‍රතිවිරෝධ නොව පරස්පර ය.

Read more ...
Write comment (0 Comments)

නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පැවැති විවිධ සිංහල ආණ්ඩු 70 දශකය දක්වා උත්සාහ කළේ සමාජයනිෂ්පාදනය කිරීම භාණ්ඩ නිෂ්පාදනය මත පදනම් වූ කර්මාන්තකරණයට ය.

Read more ...
Write comment (0 Comments)

රැඩිකල් සමාජ වෙනසක විළිරුදාවෙන් පෙළෙන ශ්‍රී ලංකාව නම් සමාජ යථාර්ථයට රැඩිකල් සමාජ පරිවර්තකයකු මේ මොහොතේ නැත. එනිසාම මේ මොහොතේ අප මේ කියන්නට යන සත්‍යය කිසිදු අර්ථයක් ජනනය නොකරනු ඇත.

Read more ...
Write comment (0 Comments)

ලංකාවේ බහුතරයක් ජනතාවට සහ මාධ්‍යකරුවන්ට අනුව අපරාධ විද්‍යාව සහ දේශපාලනය අතර වෙනසක් නැත. එක්තරා දුරකට ගිය විට දේශපාලන අරමුණු ඉටු කර ගැනීම දෘෂ්ටිවාදයන්ට බද්ධ වෙයි.

Read more ...
Write comment (0 Comments)

ජනතා විමුක්ති පෙරමුණේ අතීත ග්‍රාමීය ප්‍රතිගාමී සංස්කෘතිය සිංහල සමාජය තුළ තවදුරටත් තහවුරු කරමින් සිටින විමල් වීරවංශ, ITN නාලිකාවේ විකාශය වීමට නියමිත වැඩිහිටි අන්තර්ගතයක් සහිත Homeland මාලා නාටකයට විරෝධය දක්වා ඇත.

Read more ...
Write comment (0 Comments)

වාණිජ බැංකු ගැන යම් පමණක න්‍යායික වැටහීමක් ඇති ඕනෑම කෙනකු දන්නා දෙයක් වන්නේ බැංකු යනු වෙනත් මිනිසුන්ගේ මුදල්වලින් සෙල්ලම් කරන ස්ථානයක් බවය. කලින් ලලිත් කොතලාවලට හිමිව තිබූ මූල්‍ය ආයතනයක් බිඳ වැටීම නිසා රාජපක්ෂ යුගයේ දී එය වෙනත් කළමනාකාරීත්වයකට බැර කර ඇත.

Read more ...
Write comment (0 Comments)

එක්සත් ජාතික පක්ෂය තමන්ගේ 70 වන සංවත්සරය මහ ඉහළින් සැමරීමට අදහස් කරයි. ඔවුන්ගේ තේමාව වන්නේ “අලුත් රටක් සමඟ අලුත් ගමක්” යන්නය. ලංකාවේ දේශපාලනයට ‘අලුත්’ (New)යන පදය අලුත් නැත. නිදහසින් පසු බිහි වූ බොහෝ ආණ්ඩු මෙම ‘අලුත්’ යන පදය විවිධ අවස්ථාවල දී භාවිත කර ඇත.

Read more ...
Write comment (0 Comments)