Huawei Mate 8 සහ Huawei GR5 දැන් සිංගර් වෙතින්

Huawei සිය නවතම පෙරළිකාර ස්මාර්ට් ෆෝන් දෙක වන Huawei Mate 8 සහ Huawei GR 5 ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි. එම හඳුන්වා දීමේ උත්සවය ආරාධිත අමුත්තන් 400 කගේ පමණ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වුණි.

කළු සහ රන්වන් පැහැයෙන් එන Huawei Mate 8 ‘ජාත්‍යන්තර තලයේ ව්‍යාපාරිකයන්ගේ නවීන විලාසිතාව’ යන තේමාව ඔස්සේ වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. ‘අනන්ත වූ යෞවනයේ සිහින’ තේමා කරගනිමින් නිපදවූ Huawei GR 5 තවත් පෙරළිකාර හඳුන්වා දීමකි. රන්වන් පැහැයෙන් මිලට ගත හැකි Huawei GR 5 ස්මාර්ට් ෆෝනය 13MP F‍2.0 පසුපස කැමරාව සමඟ CMOS සෙන්සරයක් සහිත 7cm microshot සහ 5MP ඉදිරිපස කැමරාවකින් යුක්ත වෙයි.

මේ අවස්ථාවට සහභාගි වෙමින් සිංගර් ශ‍්‍රී ලංකා හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා සඳහන් කළේ Huaweiවිසින් එළිදක්වන අතිනවීන ජංගම දුරකථන තාක්ෂණය සෑම ශ‍්‍රී ලාංකිකයෙක් වෙතම සමීප කරවීමට හැකි වීම මහත් භාග්‍යයක් කොට සලකන බවයි. දිවයින පුරා වෙසෙන ජනතාව වෙත තාක්ෂණය රැගෙන යන්නා බවට පත්වීම සතුටට කරුණක් බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

Singer HUAWEI 4

Singer HUAWEI 5

Singer HUAWEI 1

Singer HUAWEI 2

Singer HUAWEI 3

Singer HUAWEI 6

Singer HUAWEI 7

Singer HUAWEI 8

Singer HUAWEI 9

Singer HUAWEI 10

Singer HUAWEI 11

Singer HUAWEI 12

Singer HUAWEI 13

Singer HUAWEI 14

Singer HUAWEI 15

Singer HUAWEI 16

Singer HUAWEI 17

Singer HUAWEI 18

Singer HUAWEI 19

 Singer HUAWEI 20

Singer HUAWEI 21

Singer HUAWEI 22

Singer HUAWEI 25