තුල්හිරිය කම්හලේ සේවය අහිමි වෙලා, වසර විසි හයක් ගතවෙලත් ඔබට ලැබෙන වන්දි මුදල රුපියල් 3660 යි. ඔබ ඒ සල්ලිවලින් බල්ලන්ට ආප්ප අරගෙන දෙන්න කියලා එවකට කම්කරු අමාත්‍යවරයා වූ සීවී ගුණරත්නට දැනුම් දෙනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ?

Read more ...
Write comment (0 Comments)

සමීප රූපය

යුද්ධයක දී මුලින්ම මරාදමනුයේ සත්‍යයයි. සත්‍යය මරාදැමූ තැනක යුක්තිය සාධාරණය වල්මත් වන්නේය. තිස් වසරක යුද්ධය අවසන් කර වසර අටක් ගෙවී යන තැන අපට හමු වී ඇති පරම සත්‍යය එයයි. අවි නිහඬ කර ඇතත් පරම්පරා ගණනක් යනතුරු ඇවිළෙන වේදනා උතුරටත් දකුණටත් වෙනසක් නැත. වැන්දඹුවන් අම්මාවරුන් දරුවන් මතක මළසිරුරු මත තවමත් වැලපෙති. යුද්ධයේ නාමයෙන් සදාකාලික අබ්බගාත වූවන් ඇඳන් මතය. යුද සෙබළු සහ සිවිල් වැසියෝ ද ඒ අතර සිටිති. මියගියවුන් සිහිකර පහන් දල්වන අම්මාවරුය. අතුරුදන් වූ තම දූ පුතුන් සොයා දෙන ලෙස පාරට බැස්ස අම්මාවරුය. යුද්ධය නිසා ඉඩම් අහිමි වූවන් සිය අතීත මතක මැද වේදනාවෙනි. ඔවුහු ජීවත් වීමට සිය අයිතිය ඉල්ලති.

Read more ...
Write comment (0 Comments)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසට පිළියන්දල දී කළ වෙඩි තැබීම හරහා රට පාවා දෙන කතාවක් නිර්මාණය කරන්නට ඇතැම් මාධ්‍ය උත්සාහ දරමින් සිටී.එසේම ඒ වෙඩි තැබීමේදී තුවාල ලැබූ දරුවන් ගැනත්,මිය ගිය අවුරුදු දොළහේ දරුවා ගැනත්,ඔවුහු අමතක කරමින් සිටිති.

Read more ...
Write comment (0 Comments)

ඒ ගිනි පූටකේ අප ගමන් කරමින් සිටියේ කපිලවස්තුපුර මාලිගා පරිශ්‍රයට යන මාවත දිගේය. පාර තලන යන්ත්‍රය ඉදිරියටත් පසුපසටත් ධාවනය කරමින් සිටි පුද්ගලයා අප දෙස නුරුස්නා බැල්මක් හෙළනු පෙනුණි. ඒ කිසිදු වගවිභාගයකින් හෝ අවසර පදයකින් තොරව කපිලවස්තු පුරයට ඇතුල් වී සුදොවුන් රජ මාලිගය දෙසට අඩිකඩමින් සිටි නිසා වන්නට පුළුවන.

Read more ...
Write comment (1 Comment)

රුපියල් මිලියන 500 ක අතයට ගනුදෙනුවක් හරහා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ ඒකාධිකාරය ෆ්ලෙමින්ගෝ (Flemingo) නම් ඉන්දීය සමාගමට පැවරීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වෙයි.

Read more ...
Write comment (0 Comments)

මචං... මෝඩි ඇවිත් එළියෙ වෙසක් සමරනවා නේද?’

තාම නෑ බං. හෙට එන්නෙ. (වෙසක් දවසට පසු දින)

කවුරු ආවත්-මොනවා කළත් අපිට වැඩක් නෑ. ඒවා එළියෙ සිද්ධ වෙන දේවල්.

එළියෙ...?’

Read more ...
Write comment (0 Comments)

වසර 26 ට වන්දිය රුපියල් 3660 නම් මට මේ සල්ලි එපා...

තුල්හිරිය මුල් කරගෙන පක්ෂය ගොඩනැඟෙනවා. නමුත් තුල්හිරිය වසා දැමීමෙන් පසුව එහි සේවකයන්ට මොකද වුණේ?

ඇත්තටම තුල්හිරිය වසා දැමීමත් සමඟ එහි සේවකයන්ට එළියට බහින්න සිදු වෙනවා. ඒක ඇත්ත. නමුත් අපි ඒ සේවක අයිතීන් වෙනුවෙන් වන සටන අත්හරින්නෙ නෑ. අපි ඒ වෙනුවෙන් සටනකුත් ආරම්භ කළා. කම්හල වසා දැමීමත් සමඟ රැකියා අහිමි වූ සේවකයන්ට සාධාරණයක් ඉටු කරන්න කියලා අපි 1980 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා. ඒ නඩුව වෙනුවෙන් පෙනී හිටියෙ කුමාර් රූපසිංහගේ ජනවේගයලේකම් විදිහට හිටපු පී.කේ. දයාසේන. නමුත් එතැන දී ප්‍රශ්නයක් ආවා, ඒ තමයි තුල්හිරිය ඈවරකරු යටතේ අවසන් කළ බව දක්වා කම්හල වසා දමා තිබීම නිසා. ඒ තුළ අපි නඩුව දැම්මත් කම්හල වෙනුවෙන් පෙනී සිටින්න නියෝජිතයෙක් නෑ කියන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව ඉවත දැම්මා. නඩුව නිෂ්ප්‍රභ කිරීමත් සමඟ අපි සේවකයන් වෙනුවෙන් පෙනී සිටින්න කවුරුවත් හිටියෙ නෑ.

Read more ...
Write comment (0 Comments)

නිරෝගී මිනිස් සිරුරකට රුධිර සංසරණය සඳහා මනාව සැකසුණු රුධිර නාල පද්ධතියක් තිබේ. ධමනි, ශිරා සහ සියුම් කේශ නාලිකා පවා ඊට ඇතුළත්ය. සංවර්ධන ක්‍රියාවලියේ දී රටකට දියුණු මාර්ග පද්ධතියක අවශ්‍යතාව ද ඊට නොදෙවෙනි නැත. අධිවේගී මාර්ග මෙන්ම ග්‍රාමීය මාර්ග ද ඊට ඇතුළත්ය. මාර්ග ඉදිකිරීම, නඩත්තුව සහ මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා අපේ රටේ පිහිටුවා ඇති ආයතනය මාර්ග සංවර්ධන අධිකාරියයි. එසේ වුවත් මධ්‍යම රජයට, පළාත් සභාවට සහ ප්‍රාදේශීය සභාවට අයත් මාර්ග ලෙස වෙනම වර්ගීකරණයක් ද තිබේ.

පූර්ණ වගකිවයුත්තා

එවැනි වර්ගීකරණයක් තිබුණත් මේ සියලු මාර්ග ඉදිකරන්නේ මහජන මුදල්වලිනි. රටවැසියා රජයට ගෙවන ඍජු හෝ වක්‍ර බදුවලින් පිරෙන රාජ්‍ය

භාණ්ඩාගාරයේ ඇත්තේ මහජන මුදල්ය’. මහජන මුදල් නියාමනය කිරීමේ වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුව යන්නට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද ඇතුළත්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රතිපාදනවලට අනුව විධායකයේ ප්‍රධානියා ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රධානියාය. මහජන මුදල් සම්බන්ධව අවසන් වශයෙන් රටේ මහජනතාවට වගකිවයුත්තේ ඔහුය.

මහාමාර්ග සහ අධිවේගී මාර්ග වැඩි ප්‍රමාණයක් ඉදිකිරීම් කටයුතු ඇරඹුණේ ඉකුත් ආණ්ඩු සමයේය. එවකට මහමාර්ග විෂයභාර අමාත්‍යවරයා වූයේ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාය. මාර්ග සංවර්ධනයේ නාමයෙන් මහජන මුදල් වැඩිපුරම අවභාවිත වූයේ එසමයෙහිය. එවකට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරි ජුන්ටාව ද ඊට හවුල් වූයේය.

2015 ජනවාරි අට වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ගෙදර යාමට සිදු වුවත් දූෂිත ගනුදෙනුවල නිරත වූ මාර්ග සංවර්ධන අධිකාරියේ ඇතැම් නිලධාරීන්ට එවැනි ඉරණමක් අත්වූයේ නැත. යහපාලන ආණ්ඩුවේ දූෂිත ඇමැතිවරු සමඟ ඔවුහු යෙහෙන් වැජඹෙති. බළලුන් ලවා කොස්ඇට බා ගැනීමේ කලාව ප්‍රගුණ කළෝ දැන් ඒ නිලධාරි ජුන්ටාව හරහා මහජන මුදල් කොල්ලකෑමේ යෙදී සිටිති.

අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා මුදල් වැය කරන්නේ රුපියල් බිලියන ගණනිනි. ඒවා ද විදෙස් රටවල බැංකුවලින් ණය ලෙස ලබාගත් මුදල්ය. මේ ණය ගෙවීමට සිදු වන්නේ මේ රටේ මහජනතාවටය. ණය ලබාගෙන කරන ඉදිකිරීම් ඒ ණය ගෙවා අවසන් කරන පරම්පරාව තෙක්වත් පැවතිය යුතුය. එනමුදු එවැනි විශ්වාසයක් අපට ඉතිරි කර නැත. දක්ෂිණ අධිවේගයේ සුපිරි ගැහිල්ල මෙන්නයනුවෙන් මීට සති කිහිපයකට පෙර සත්හඬ පුවත්පත තුළින් අප අනාවරණය කළේ ඒ ඛේදවාචකයේ පසුබිමයි. මේ ඒ මූල්‍ය අපරාධයේ තවත් කොටසකි.

 Hidhway01

දින සියයේ වැහිල්ල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ව්‍යාපෘතිය මාතර සිට මත්තල දක්වා ක්‍රියාත්මක වේ. දුර ප්‍රමාණය කිලෝමීටර් අනූහයකි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ පිරිවැය රුපියල් බිලියන 243 කට ඇස්තමේන්තු කර තිබිණි. ගිවිසුම අත්සන් කිරීමේ දී ඇමරිකානු ඩොලර් 1 රුපියල් 128 ක් ලෙස ගණනය කර තිබිණි. දින සියයේ ආණ්ඩුවේ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරයා කීර්තිමත් ඉංජිනේරු උපදේශකයකු වන එම්.බී.එස්. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්  තාක්ෂණික කමිටුවක් පිහිටුවා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - මත්තල කොටසේ ඉදිකිරීම් පිරිවැය නැවත සමාලෝචනය කෙරිණි. එකී වාර්තාව 2015 අප්‍රේල් 28 දින අමාත්‍යවරයාට භාර දුනි. සමාලෝචන වාර්තාවෙන් කීවේ සමස්ත මාර්ග ඉදිකිරීම් වියදම රුපියල් බිලියන 123 කින් අඩුකර ගත හැකි බවයි. එහෙත් ප්‍රනාන්දුගේ වාර්තාව කුණු කූඩයට විසිකර දමා දූෂිත ඇස්තමේන්තුවට අනුවම එහි ඉදිකිරීම් ආරම්භ වූයේය. අඩුම තරමේ අත්සන් තැබූ ගිවිසුමට අනුව ව්‍යාපෘතිය අවසන් කළ යුතු වුවත් දැන් තවත් රුපියල් බිලියන 79 ක මුදලක් චීන කොන්ත්‍රාත්කාර සමාගම් සමඟ හවුලේ බෙදා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරී ජුන්ටාව සැලසුම් සකස් කර ඇත.

අවාසියෙන් වාසි ගැනීම

මාතර - මත්තල අධිවේගී මාර්ගයේ ගිවිසුම් අත්සන් කිරීමේ දී ඇමරිකානු ඩොලර් 1 රුපියල් 128 ක් ලෙස සලකා ගිවිසුම් අත්සන් කෙරිණ. දැන් ඇමරිකන් ඩොලර් 1 ක වටිනාකම රුපියල් 153 කි. ඉදිරියේ දී එය රුපියල් 170 ක් දක්වා වැඩි වේ යයි ආර්ථික විශේෂඥයන් පුරෝකථනය කර ඇත. එසේ වුවහොත් මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තු මුදල රුපියල් බිලියන 243 සිට රුපියල් බිලියන 322 දක්වා වැඩි වීමකි. රුපියලේ අගය අවප්‍රමාණය වීම මත වැඩි වන මුදල රුපියල්

බිලියන 79 කි. ව්‍යාපෘතියේ මුල් ඇස්තමේන්තු මුදලට කොමිස් මුදල්, විදේශ සංචාර ඇතුළු වෙනත් වියදම් ආදිය ද ඇතුළත් කර තිබිණි. රුපියලේ අගය ක්ෂය වීම මත ඩොලරය සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වේ. ඒ වැඩි වන සෑම මුදලක්ම මේ රටේ මහජන මුදල්ය. මුල් ඇස්තමේන්තුව මත පිහිටා කටයුතු කරනු වෙනුවට ව්‍යාපෘතියේ සිටින ජ්‍යේෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු චීන කොන්ත්‍රාත්කාර

සමාගම්වලින් යැපෙන නිලධාරි ජුන්ටාව ද දැන් පිඹුරුපත් සකස් කරන්නේ රුපියල් බිලියන 79 ක මුදල ව්‍යාපෘති ඇස්තමේන්තුවට ඇතුළත් කර චීන කොන්ත්‍රාත්කරුවන් සමඟ බෙදා හදා ගැනීමටය. ඒ සඳහා පාලම්වල දිග වැඩි කිරීම, රුක් රෝපණය ඇතුළු අංගෝපාංග ද එකතු කරමින් ඇත. පුදුමය නම් මේ දූෂිත ක්‍රියාවට අනුබල දීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරන ලද ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව (Cabinet Committee on Economic Management) ද ක්‍රියා කිරීමයි

රුක් රෝපණ ප්‍රෝඩාව

දන්දෙණිය රක්ෂිතය පිහිටා ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසේය. රක්ෂිතය හරහා මීටර් 800 ක් මාර්ගයට වෙන් කෙරුණි. ඒ අනුව අඩි 35 ක් පළලට මීටර් 800 ක් දුරට රක්ෂිතයේ ශාක ඉවත් කිරීම සිදු කෙරිණි. පාලම්, බෝක්කු, තාර, කොන්ක්‍රීට්, කාපට් සංවර්ධන කාර්යයට යොදා ගන්නා තරමට පරිසර සංරක්ෂණය පිළිබඳ සිතා බැලුවේ නම් කළ යුතුව තිබුණේ වන වැස්මට අවම හානියක් සිදු වන ලෙස දන්දෙණිය රක්ෂිතයේ වන වැස්මට ඉහළින් ගුවන් පාලමක් ඉදිකිරීමය. එසේ වූයේ නැත. කපා ඉවත් කළ ගස් වෙනුවට කැබිනට් පත්‍රිකාවකින් රුක් රෝපණය සිදු කළේය. 2016 සැප්තැම්බර් 26 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දන්දෙණිය රක්ෂිතයෙන් වෙන් කරන එක් ගසක් වෙනුවට පැළ සියයක් සිටුවීමට පියවර ගන්නා බවයි. මාර්ග සංවර්ධන අධිකාරියේ පරිසර හා සමාජ අංශයේ නිලධාරීන්ගෙන් හෝ පරිසරය සම්බන්ධ කිසිදු විශේෂඥයකුගෙන් උපදෙසක් නොමැතිව එක ගසකට පැළ සියයක් සිටුවීමේ ව්‍යාජ තොරතුරු පත්‍රිකාව ආර්ථික කමිටුවට යොමුකර ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජ්‍යේෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්.එම්. ගාමිණී මහතාය.

ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව විමර්ශනයකින් තොරව ආර්ථික කමිටුව අගමැතිවරයාට ලබා දුන් තොරතුරු පත්‍රිකාව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එය අනුමත කර තිබිණි. ඉවත් කරන එක ගසක් වෙනුවට පැළ සියයක් සිටුවීම විශිෂ්ට යෝජනාවකි. එනමුදු පැළ සිටුවිය යුත්තේ කැබිනට් පත්‍රිකාවේ නොවේ. මහ පොළොවේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා දන්දෙණිය රක්ෂිතයෙන් ඉවත් කර ඇති විශාල ගස් ප්‍රමාණය 1500 කි. එක ගසකට පැළ සියයක් සිටුවන්නේ නම් සිටුවිය යුතු පැළ ප්‍රමාණය එක්ලක්ෂ පනස් දහසකි. විශාල ගස්වලට අමතරව තවත් සාමාන්‍ය ප්‍රමාණයේ ගස් විශාල ප්‍රමාණයක් ඉවත් කර ඇත. අඩුම තරමේ ඉවත් කරන ලද විශාල ගස් ප්‍රමාණය සඳහා එක ගසකට පැළ සියයක් බැගින් සිටුවන්නේ නම් ඒ සඳහා හෙක්ටයාර හාරසියයක බිම් ප්‍රමාණයක් අවශ්‍යය. පැළ සිටුවන්නේ කුමන ප්‍රදේශයකදැයි අදාළ නොවුවත් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නේ කිනම් භූමියක්දැයි සඳහන් කර නැත. හෙක්ටයාර හාරසියයක් යනු අක්කර දහසකි. අක්කර දහසක මුඩු ඉඩමක් දකුණු පළාත තුළ නැති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඉංජිනේරුවෝ පෙන්වා දෙති. පැළ සිටුවන භූමියක් හෝ රුක් රෝපණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ කිනම් ප්‍රදේශයක ද යන්න සඳහන් කර නැත. එක් පැළයක් සිටුවා නඩත්තු කිරීමට රුපියල් තුන්දහසක මුදලක් වැය වේ යැයි ගණනය කළහොත් මුළු ව්‍යාපෘතියට වැය වන මුදල රුපියල් මිලියන 450 කි. එහෙත් එවැනි මුදලක් ඇස්තමේන්තුවේ වෙන් කර නැත. සත්‍ය වශයෙන්ම මේ කැබිනට් පත්‍රිකාව ප්‍රෝඩාවකි. රටේ ජනතාව නොමඟ යැවීමකි. මේ අධිවේගයෙන් පැළ සිටුවීමේ ප්‍රෝඩාවට අමතරව ව්‍යාපෘතියේ ගුවන් පාලම්වල දිග වැඩි කර කෙටි ක්‍රමයට මහජන මුදල් කොල්ලයකට ද දැන් පාර කැපී ඇත.

Hidhway02

දිගු දුර මෙහෙයුම

දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත ගුවන් පාලම්වල දිග කිලෝමීටර් 6.33 කි. අගමැතිගේ පාස්කරලිංගම් කමිටුව ගුවන් පාලම්වල දිග 6.33 සිට කිලෝමීටර් 9.11 දක්වා දිගින් වැඩි කිරීමට උපදෙස් දී ඇත. මේ නිසා අමතරව දැරීමට සිදු වන මුදල රුපියල් බිලියන 10 - 15 ක් පමණ වන බව දක්ෂිණ අධිවේගයේ ඉංජිනේරුවෝ පෙන්වා දෙති. මේ දිග වැඩි කිරීමේ සූත්‍රය ක්‍රියාත්මක කරන්නේ කිසිදු කැබිනට් අනුමැතියකින් නොවේ. ව්‍යාපෘතියක අමතර වැය කිරීම් සිදු කිරීමේ දී ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තිබේ. ඒ කිසිදු නෛතික තත්ත්වයක් නොසලකා ආර්ථික කමිටුව බිල්ලෙකු පෙන්වා රුපියල් බිලියන 79 ක් චීන කොන්ත්‍රාත්කරුවන් සමඟ බෙදා හදා ගැනීමට මේ ආර්ථික ඝාතකයෝ ක්‍රියා කරති.

ඕනෑම ව්‍යාපෘතියක අමතර කටයුතු සිදු කරන්නේ නම් ඒ සඳහා වැය වන අමතර මුදල සොයා එහි පවතින ශක්‍යතාව අධ්‍යයනය කළ යුතුය. මක්නිසාද යත් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සැලසුම් කරනු ලබන ඉදිකිරීම් පිළිබඳව ගැඹුරු ලෙස සලකා බලා තීරණ ගන්නා බැවිනි.

අනුගමනය කළ යුතු නියමිත ක්‍රමවේද සියල්ල පසෙකලා මාර්ග සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරි ජුන්ටාවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාස්කරලිංගම් කමිටුවත් දක්ෂිණ අධිවේගයේ ඉදිකිරීම් මුවාවෙන් දැවැන්ත දූෂිත ක්‍රියාවලියක නිරත වන්නේය. දක්ෂිණ අධිවේගයේ පාලම්වල දිග වැඩි කිරීම සඳහා චීන උපදේශක සමාගම (FSDI) කිසිදු ලේඛනයක් ඉදිරිපත් කර නැත. සාමාන්‍යයෙන් උපදේශක සමාගමක වගකීම වනුයේ මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂකට සෑම අමතර කාර්යයක් සම්බන්ධවම වාර්තාවක් ලබා දී එමඟින් එම කාර්යය කළ යුතුද නැද්ද යන වග, මිල ගණන් පිළිබඳ තත්ත්වය, ප්‍රමිතිය පිළිබඳ කරුණු, තාක්ෂණය හා ඉදිකිරීම් කරනු ලබන කාලය පිළිබඳ දැනුවත් කිරීමයි. උපදේශක සමාගමේ දැනුවත් කිරීමෙන් පසුව මාර්ග සංවර්ධන අධිකාරිය ඉංජිනේරු මණ්ඩලයක් මඟින් ඇගයීමක් කර ඒ පිළිබඳව වාර්තා කළ යුතුය. මුදල් ප්‍රමාණවත් නම් හෝ මුදල් අවශ්‍ය නම් ඒ පිළිබඳව කැබිනට් අනුකමිටුවකින් අනුමැතිය ලබාගත යුතු වන්නේ ඉන් පසුවයි. මෙතෙක් එවැන්නක් සිදුකර නැත. මේ තත්ත්වය මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමයටවත් දැනෙන්නේ නැත. එසේ වන්නේ ඇයිදැයි චීන ව්‍යාපෘතිවලට අනුබද්ධව කටයුතු කරන නිලධාරීන්ගේ වත්කම් පරීක්ෂා කළහොත් දැනගන්නට හැකිය.

දයා නෙත්තසිංහ

Write comment (0 Comments)

71 නැගිටීමෙන් පසුව ඔබ නැවත ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධ වෙනවා?

ඔව්.  ගෙදර ඇවිත් ඉන්නකොට මට ජාතික පේෂකර්ම සංස්ථාවේ තුල්හිරිය පෙහෙකම්හලේ යන්ත්‍ර ක්‍රියාකරවන්නකු විදිහට රස්සාව ලැබෙනවා.

ඒ මොන අවුරුද්දෙද?

ඔය 1972.

Read more ...
Write comment (0 Comments)