පසුගියදා මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා අද(23) පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්විය.

Read more ...
Write comment (0 Comments)

පසුගියදා ඉපලෝගම, පුළියන්කුලම ප්‍රදේශයේ නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරිමේදී පුරාවස්තු සහිත භූමියක් විනාශ වීම `ප්‍රාදේශිය ලේකම්වරියගේ වරදකින් සිදු වූවක් නොවන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා පවසයි.

වන්නිනායක මහතා  පෙන්වා දෙන්නේ නිවාස යෝජනා ක්‍රමය සඳහා මුල්ගල තැබූ ස්ථානයට යාබඳ ඉඩම ප්‍රදේශයේ සිංහල අලුත් අවුරුදු සමයේදී ඩෝසර් යොදා හානි සිදු කර ඇති බවයි.

‍එසේ විනාශ වී ඇත්තේ එළාර රජුගේ විජිතපුර පරිවාර බලකොටුවක් ලෙස සැලකෙන බැලුම්ගල නැමති පුරාවිද්‍යා වටිනාකමින් යුත් ස්ථානය සහිත ප්‍රදේශයයි.

මේ පිළිබඳ  නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත විවේචන එල්ල වී තිබු  අතර ඔහු පසුගියදා ප්‍රකාශ කළේ අදාළ ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරිය වගකිව යුතු බවයි.

කෙසේ වුවද මේ වන විට සිද්ධියට අදාළ නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

Write comment (0 Comments)

ත‍්‍රිකුණාමලය මුහුදු තීරයේ බලපත‍්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් හැඹිලිදැල් යොදා මසුන් ඇල්ලූ ධීවරයින් 11 දෙනෙකු යාත‍්‍රා තුනක් යාත‍්‍ර තුනක් සමග ඊයේ  (02) අත් අඩංගුවට ගත් නාවික හමුදාව යාත‍්‍රා සමග ධීවරයින් වැඩිදුර පරීක්ෂණ සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබීය
මෙම සැකකරුවන් සමග අල්ලන ලද මාලූ කිලෝ ග්‍රෑම්  1500 ක්ද භාර දුන් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්ෂක ඊ. එම්. සී. බෝයගොඩ මහතා පැවැසීය
පිටත  සවිකරණ ඉංජින් තුනක් සමග යාත‍්‍රා තුනක් හැඹිලි දැලක් සමග සැකකරුවන් ත‍්‍රිකුණාමලය මහේස්ත‍්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර මොවුන් ත‍්‍රිකුණාමලය ජමාලියා හා නිලාවේලි ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වේ

Write comment (0 Comments)

දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම පූල්පල්ලම ඉදිකළ සියනෙතුගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම පසුගිය දා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read more ...
Write comment (0 Comments)

ඉදිරි මාසය තුල තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.විශේෂයෙන්ම  එහිදී මිල අධික ඖෂධ සහ පිළිකා ඖෂධ වල මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Read more ...
Write comment (0 Comments)

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පැවැත් වෙන අප්‍රේල් 6 වෙනදා තෙක්  සියලුම ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විදේශ ගමන් තහනම් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් එය මැඩපැත්වීම සඳහා අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළ අතර මේ වනවිට මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

Read more ...
Write comment (0 Comments)

පසුගිය කාලයේ තලවාකැලේ ලිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අශෝක සේපාල මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදි තලවාකැලේ ලිදුල නගර සභාව වෙනුවෙන් ස්වාධිනව තරඟ කිරිම සදහා නුවරඑළිය මැතිවරණ කාර්යාලය වෙත  අද (13) දින නාම යෝජනා බාර දී තිබේ.

Read more ...
Write comment (0 Comments)

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පදවියෙන් ඉල්ලා අස් වූ බව පාර්ලිමෙන්තුවේ කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සබාගැබ තුළ සිටි මන්ත්‍රීවරු ප්‍රීතියෙන් ඔල්වරසන් හඬ නගන්නට පටන් ගත්හ.

ජනාධිපතිවරයා පදවියෙන් ඉවත්ව යායුතු යයි බල කරන ජනතාව දෝෂාභියෝගය සභාගත කරනු ලැබීමට පෙර පටන්ම පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස්ව උද්ඝෝෂණය කරමින් සිටියහ.

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ විසින් පසුගියදා තනතුරින් පහ කරන ලද හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගාවා (Emmerson Mnangagwa ) ප්‍රකාශයක් කරමින් පදවියෙන් ඉවත්ව යන ලෙස සිය හිටපු නායකයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

එමර්සන් නන්ගග්වා දැනට රැඳී සිටින්නේ කොතැනකද යන්න රහසක්ව පවතී.

මහජන අභිලාෂය පිළි ගනිමින් ජනාධිපති ධූරයෙන් ඉවත් වීම හෝ නින්දාවට පත්වීම යන දෙකෙන් එකක් තෝරා ගත යුතු මොහොත මුගාබේ වෙත උදා වී ඇතැයි හිටපු උප ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

සිම්බාබ්වේ දේශපාලන කරළියෙහි එමර්සන් නන්ගග්වා හඳුන්වනු ලබන්නේ (කිඹුලා- CROCODILE) යනුවෙනි.

තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව දැන ගැනීමට ලැබුණ හෙයින් රටින් පළා යාමට සිදු වූ බවත් හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගාවා පවසයි.

"සිය ජනතාව ඉදිරියේ පැහැදිලි නිර්භීත ප්‍රකාශයක් කරමින් පදවියෙන් ඉවත්ව යන ලෙස තමා අනූ තුන් හැවිරිදි ජනාධිපති මුගාබේගෙන් ඉල්ලා සිටි" බව එමර්සන් නන්ගග්වා සඳහන් කළේය.

Read more ...
Write comment (0 Comments)
Page 1 of 3

Latest Posts

විශේෂාංග

ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...
එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...