කල්‍යාණියේ... ඔබට දැන් මේ ටිකාත් කියන්නම්

විශේෂාංග
Typography

මේ ලියන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක වෙතය. මේ ලියමනට නිමිත්ත වන්නේ සත්හඬ පුවත්පතේ 2016.08.08 වනදා ”කල්‍යාණියේ ඔබ නෑසූ කතාවක් කියන්නම්” http://sathhanda.lk/business/2504-2016-08-10-05-21-01 සහ ”දේශීය ආදායමේ බදු මගඩි ගොඩයි” http://sathhanda.lk/feature/2579-2016-08-19-05-27-58 පළ කළ ලිපිවලට අදාළව ඔබතුමිය දැක්වූ ප‍්‍රතිචාරයයි. ඒ අනුව මෙය ඔබේ ප‍්‍රතිචාරයට ලියවෙන ප‍්‍රතිචාරයක්ය.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක වන ඔබ ඔබේ වෘත්තීය ආචාරධර්ම කෙලෙසමින් කටයුතු කළ ආකාරය එම ලිපි හරහා අප හෙළි කළ අතර ඔබතුමිය ඊට පිළිතුරු දීමට අවස්ථාවක් ඉල්ලා තිබීමය. ඒ වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් අවශ්‍ය බව අප පුවත්පතේ පරිපාලනය හරහා දැනුම් දී තිබුණේ ද ඔබතුමිය විසින්මය. ඉතින් ඒ වෙනුවෙන් ලිපි පළ කළ මාධ්‍යවේදීන් වශයෙන් අප ඊට සූදානම් බැවින් ඊට දිනයක් සහ වේලාවක් දැනුම් දෙන ලෙසත් ඒ පණිවිඩ මාර්ගය හරහාම දැනුම් දීමට අපි ක‍්‍රියා කළෙමු. එහි දී අපට දැනගන්නට ලැබුණේ මේ සතිය තුළ දිනයක් අපට ලබා දීමට ඔබතුමිය කටයුතු කරනු ඇති බවය.

එහෙත් මේ සතිය තුළ පුවත්පත මුද්‍රණය සඳහා සූදානම් කරන අවස්ථාව තෙක්ම ඔබගෙන් ඒ සඳහා දිනයක් හෝ වේලාවක් අපට දැනගන්නට ලැබුණේ නැත. ඒ වෙනුවට අපට ඕපාදූපයක් ලෙසින් යමක් දැනගන්නට ලැබිණ. ඒ ඔබතුමියට අප සමඟ තිබූ ප‍්‍රශ්නය විසඳීමට අතරමැදි පාර්ශ්වයක් හරහා කටයුතු සිදු වී ඇති බවය. එහි සත්‍ය අසත්‍යතාව ගැන අප තකන්නේ නැත. ඒ ඔබ ගැන ලියු පරිදි නිසි තහවුරු කරගැනීමකින් තොරව දේවල් පිළිගැනීම හෝ ලිවීම අපේ ක‍්‍රමය නොවන නිසාය. සමහර විට ඔය කියන ‘අතරමැදියා’ ගැන කතාව ඇත්තනම් අපට කියන්නට ඇත්තේ එවැනි අතරමැදි සමාදානයක් කියා දෙයක් මෙතැන දී නැති බවය.

එසේම කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක වශයෙන් ඔබ ඔබේ වෘත්තීය ආචාරධර්ම කෙලෙසමින් කටයුතු කළ ආකාරය ගැන සහ වගකීම් විරහිතව කටයුතු කළ ආකාරය ගැන සවිස්තරාත්මක ලිපියක් පළ කිරීමට නියමිත බවය. එනිසා එම ලිපියට අදාළ කාරණා ගැන මෙන්ම ඊට පෙළ ලියා හෙළි කළ කාරණා ගැන ඇත්ත නැත්ත තහවුරු කර ගැනීමට ඔබ අප සම්මුඛ වනවාට අප කැමැතිය. ඒ කැමැත්ත අපට වඩා තිබිය යුත්තේ ඔබටය. එනිසා ඊට වේලාවක් සහ දිනයක් ලබා දීමේ වගකීම දැනුදු තිබෙන්නේ ඔබ සතුවය.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය කුමක්ද යන්නත් එහි ප‍්‍රධානියා ලෙස එනම් කොමසාරිස් ජනරාල් වශයෙන් ඔබේ වගකීමේ බරපතළ බව ඔබ අවශ්‍ය බරින් යුතුව ගෙන කටයුතු කරන බව අප විශ්වාස කරන්නේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව ඔබේ ක‍්‍රියා කලාපය විසින්ම ඔප්පු කර ඇති කාරණා නිසාය. එනිසා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය මෙන්ම එහි ප‍්‍රධානියා ලෙස ඔබේ වගකීම ගැන දැනුවත්ව සිටීම ඔබ අප සම්මුඛ වන අවස්ථාවේ මතු වන දුෂ්කරතාව යන්තම් හෝ පහකර ගැනීමට උපකාරී වනු ඇත.

එසේම මහත්මියනි! රාජ්‍ය සේවකයන්ට අදාළව නිකුත් කර ඇති චක‍්‍රලේඛනයේ XXIX පරිච්ඡේදය ද අධ්‍යයනය කර සිටින්න. එය උපාලි රාජපක්ෂ විසින් අධිකරණයට ගොනු කළ මෝසම තුළ එෆ් ඇන්ඞ් ජී ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔබතුමියව නම් කිරීමට අදාළව අප යොමු කරන ප‍්‍රශ්නවලට පිළිතුරු දීම වෙනුවෙන් වැදගත් වනු ඇත.

එසේම ජාත්‍යන්තර ෆෝර්බ් සඟරාව විසින් මෙරට අංක එකේ කෝටිපතියා ලෙස නම් කළ කැසිනෝ ව්‍යාපාර ඇතුළුව ව්‍යාපාර රැසක් හිමි ධම්මික පෙරේරාට දුන් බදු සහනය ගැන මෙන්ම වීල්ස් ලංකා වෙත දුන් බදු සහනය ගැන ද අධ්‍යයනය කර සිටින්න! එතැනින් නොනැවතී චීන අවන්හල් හිමියාගේ බදු වංචාවට අදාළ විමර්ශන සිදු වූ ආකාරය ද අධ්‍යයනය කර සිටින්න!

මේ අයුරින් අප ඔබ වෙත දැනුම් දෙන්නේ පවතින අධික රාජකාරි මධ්‍යයේ ඔබ කාර්යබහුලව සිටින බව උපකල්පනය කරමින්ය. ඒ අතර කොරියානු සංචාර ගැනත් සිහිකර ගැනීමත් වැදගත් බව ලියා දන්වන්නේ අප ඒ තරමට මේ ප‍්‍රශ්න සහ ඔබේ රාජකාරි දිවිය ගැන සිතන බව තහවුරු කරන්නටය. අනෙක් අතට සැලකිය යුතු තරමින් අප අපේ හමුවීමේ ප‍්‍රශ්න දන්වා ඇති නිසා එය ඔබට සහනයක් වනු ඇති බව අපට ද විශ්වාසය.

එසේම ඔබේ සමයේ බදු ආදායම් වැඩි වී ඇති බවට දත්ත සහ කැපිලි කෙටිලි රැසක් මැද ඔබ ආ ගමන ගැන විස්තර එකතු කිරීමට අනවශ්‍ය ලෙස කාලය අපතේ නොයවන ලෙස ද දැනුම් දීමට අප කැමැතිය. ඒ කිසිවක් අපට අදාළ නැත. ඒ ඔබ නොදන්නා නමුත් ඔබේ වෘත්තියේ වගකීම කෙසේ විය යුතුද යන්න ගැන අපට පැහැදිලි තක්සේරුවක් ඇති නිසාය.

මේ අතර තවත් දෙයක් ගැන ඔබට පැවසීමට ඇත. ඔබව මේ අමාරුවේ දැමූ එෆ් ඇන්ඞ් ජී අධ්‍යක්ෂ සහ හිටපු සභාපති උපාලි රාජපක්ෂ Fingara Town and Country Club හි සේවය කරන පුද්ගලයන් අමාරුවේ දමන්නට ඇටවූ උගුල ද පොලීසියේ නිසි විමර්ශනයන් නිසා අතේ පත්තු වී ඇත. ඒ තමන්ට සහ පුතාට එම සේවකයන් මඩ පෝස්ටර් ඇලවූ බවට කළ චෝදනාවය. ඒ චෝදනාව අමූලික බොරුවක් බව ඔප්පු වීම නිසා උපාලි රාජපක්ෂ ද මේ දිනවල ඉන්නේ හිතේ අමාරුවෙන්ය. කල්‍යාණියේ ඔබ නෑසූ කතාවක් කියන්නම් කියමින් Fingara Town and Country Club පැදුරු සාජ්ජයේ ගීත කියන්නට උපාලි කටයුතු කළාට මේ කතාව ඔබතුමියට කීවා ද අප දන්නේ නැත.

කොහොමටත් මහත්මියනි! නීතිය සාධාරණය හරිහැටි ඉටු වන විට වැරැදි කළ අයට සින්දුත් අමතක වීම ස්වාභාවිකය. ඒ මනුස්ස ගතිය ය. ඕවාට කම්පා වී ඵලක් නැත. අවශ්‍ය වන්නේ එවැනි කම්පා වීම් ඇති වන්නට සිදු වන තක්කඩිකම් නොකර සිටීමය. තමන්ට ඇති රාජකාරිය නිසි ලෙස ඉටු කර වැටුප ගෙන නම්බුපිට ජීවත් වීමය. එසේ නොකර හොර තක්කඩි වැඩ ගැන හෙළි කිරීම ගැන අපේ අම්මා අප්පා මතක් කළාට ඵලක් නැත. අනෙක් අතට තට්ටු කරන්නට යන්නේ පොල් ගෙඩි දෙකකට නම් ඒ වෙනුවෙන් පත්තර පිටු පුරවා ලියන්නට තරම් අප නරුම නැත. ඔබතුමිය ද ඇතුළත් අධ්‍යක්ෂ මණ්ඩලය හරහා උපාලි තට්ටු කරන්නට ගියේ බිලියන 07ක දේපළකටය. වැඩියෙන් කළු සල්ලි තිබුණත් තවත් තැන්පත්කරුවන් දහස් ගණනක් මුදල් ආයෝජනය කළ දේපළකටය. එනිසා අපේ ඒ අවධාරණය උපාලි මහත්තයාට පමණක් නොව ඔබතුමියට ද අදාළය.

මේ වන විටත් අප ලියූ ලිපි මෙන්ම වෙබ් අඩවිවල පළ වූ ප‍්‍රවෘත්තිත් වෘත්තීය සමිති පැමිණිලිත් අදාළ වගකිව යුතු අය වෙතට ලැබී ඇති බව ඔබ දන්නවා ඇත. දන්නේ නැත්නම් එය අප දැන් ලියා ඇති බැවින් එයත් දැනගන්න! එනිසා යන්න දින ළඟයි යන පදනමින් හෝ අතරමැදියන් ගැන විශ්වාසය තබා තවදුරටත් කටයුතු කිරීම ඔබතුමියට අහිතකරය. අපි මේ වන විටත් අපේ කාර්යය ඉටුකර ඇති අතර දැන් ඇත්තේ ඔබේ අවස්ථාවය. ඒ දැනුම් දීමෙන් මේ ලිපිය අවසන් කරන අතර මේ ගැන අතරමැද සමාදාන වැනි විකාර නැති බව ද යළිත් සිහිකරමු!

- සංජය ලියනගේ

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

බීරවාදය බීරවාදය 2017-11-20 - 2017-11-19 සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල...
පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් 2017-11-15 - 2017-11-12 අයවැයේ ප‍්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව...
සයිටම්:සටන අත්හලේ යෝධයාය සයිටම්:සටන අත්හලේ යෝධයාය 2017-11-07 - 2017-11-05 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය දුන් පිළිතුර...

Face Book Setup 01