විද්‍යා, සාමයත් බිහිසුණුයි! අපි කුමක් කරමුද?

විශේෂාංග
Typography

යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනය රටේ බහුලව අසන්නට දකින්නට ලැබෙන සාමාන්‍ය ඝාතනයක් හෝ ස්ත්‍රී දූෂණයක් නොවන බව එම ඝාතනය පිළිබඳ නඩු විභාගයෙන් පෙනී යයි. එම අපයෝජනය සහ ඝාතනය වීඩියෝගත කර විදෙස් රටකට විකුණා මුදල් උපයන වැඩපිළිවෙළක් අදාළ ක්‍රියාවලිය යට තිබී ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ. සාමාන්‍යයෙන් මෙබඳු දර්ශන මෙතෙක් අඩංගු වූවේ එබඳු චිත්‍රපට රූපගත කිරීම් සඳහා පෙනී සිටින නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ ක්‍රියාවලියක් ලෙස පමණි. එහෙත් ඒ තත්ත්වය පසුකර මෙම විෂයේ දී ලෝකය අතිශයින්ම බරපතළ සහ ම්ලේච්ඡ අවධියකට ගමන් කර ඇති බව විද්‍යාගේ සිද්ධියෙන් පැහැදිලි වේ. ස්ත්‍රීන් හෝ දැරියන් දූෂණය කර අනතුරුව ඝාතනය කිරීම රූගත කර අලෙවි කරන ව්‍යාපාරයක් ලෝකයේ වර්ධනය වීම මෙන්ම ලංකාවත් ඊට ගොදුරු වෙමින් තිබීම ඉතා බිහිසුණු තත්ත්වයකි.

 

ස්විට්සර්ලන්තයේ පදිංචි ස්විස් කුමාර් නමැති ශ්‍රී ලාංකිකයා මෙම ජාවාරමේ කොටස්කරුවකු බව සාක්ෂ්‍යය විභාගයෙන් හෙළිවෙමින් තිබේ. ඔහුගේ මූල්‍යමය අනුග්‍රහය මත සිසුවිය ඝාතනයට සම්බන්ධ වූ සහ සහාය දුන් සෙසු චූදිතයන්ගෙන් වැඩි පිරිසක් ළාබාල තරුණයෝය. උතුරේ එල්ටීටීඊ සංවිධානය සක්‍රියව පැවති කාලයේත් මෙබඳු ක්‍රියා එහි සිදුවුණිද? යුද්ධය ඉස්මත්තට ආ නිසා මෙවැනි තිරිසන් ක්‍රියාවක් මතුපිටට ආවේ නැද්ද? නැතහොත් එල්ටීටීඊය නිසා මෙවැනි ක්‍රියාවක් මුළුමනින්ම අහෝසි වී තිබුණිද? පාසල් ශිෂ්‍යාවක් දූෂණය කර මරා දමා ඉන් නොනැවතී එය වීඩියෝගත කර විකුණන, යුද්ධයෙන් තොර අපරාධකාරී සමාජයට වඩා යුදමය වාතාවරණයක් සහිත සමාජය යෙහෙකැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එසේ සිතීම එක් අතකින් සාධාරණය. මන්ද යුද්ධයක් යනු පාර්ශ්ව දෙකක මාරාන්තික සටනක් බව අපි දනිමු. ඉන් මියෙන්නටත් පුළුවන. රැකෙන්නටත් පුළුවන. මැරුණොත් මැරෙන්නේ එක වතාවකි. එහෙත් දැන් විද්‍යාගේ මවට සොහොයුරාට සහ ආබාධිත පියාට සිදු වී තිබෙන්නේ මැරි මැරී ජීවත් වන්නටය. යාපනයේ වැඩිහිටි සමාජයට සිදු වී තිබෙන්නේ තම දරුවන් පිළිබඳ මහත් වූ බියකින් පසුවන්නටය. යුද්ධය පැවති සමයේ ළාබාල තරුණයන්, දරුවන් එල්ටීටීඊ සංවිධානයට බඳවා ගැනුණි. ඒ කාගේත් ජීවිත මරණයට කැප වී තිබුණි. එහෙත් යුද්ධයට හේතුවක් මෙන්ම ඉන් දෙමළ සමාජය බලාපොරොත්තු වූ කිසියම් ඵලයක් තිබුණි. එනම් තරුණයන්ට මැරෙන්නට සිදු වූයේ භෞතික හේතුවක් සහ ඵලයක් වෙනුවෙනි. එහෙත් දැන් මැරෙන්නට සිදු වී තිබෙන්නේ තිරිසන් සමාජයක කාම පිපාසය සිංසිඳුවමින් සහ ඉන් නොනැවතී උන්ගේ පාදඩ ආර්ථිකය වෙනුවෙනි.

Vidya02

ඕනෑම සමාජයක් විනාශයෙන් කෙළවර වන ක්‍රියාවකට පෙළඹුණහොත් පසු ප්‍රතිඵල අතිශයින්ම භයානකය. උතුර මෙන්ම නැගෙනහිර මුහුණ දී සිටින්නේ එම ඛේදයටය. ප්‍රභාකරන්ට තම සංවිධානය ගැන නිවැරැදිම තක්සේරුවක් තිබිණැයි කිව නොහැකිය. එසේ තිබුණානම් ඔහු යුද ක්‍රියාවලියෙහි එක්තරා කෙළවරක දී පවතින ආණ්ඩුව (අවස්ථාව) සමඟ ගිවිසුම්ගත ක්‍රියාවලියකට පැමිණිය යුතුව තිබුණි. එසේ වූවා නම් එල්ටීටීඊයේත් ගෞරවය ආරක්ෂා කරගෙන කිසියම් බලවත් පාලන ව්‍යුහයකට ඇතුළු වන්නටද ඔවුන්ට අවකාශය තිබුණි. ජීවිත සහ දේපළ හානිය නම් වූ ඇත්ත ප්‍රශ්නය කරළියට ගෙනාවා නම් අන්තර්ජාතිකව සහයෝගයක් ලබා ගන්නටද ඔවුන්ට හැකියාව තිබුණි. එසේ තමා පිළිබඳ නිසි තක්සේරුවක් මෙන්ම දෙමළ සමාජයේ පැවැත්ම පිළිබඳ දුරදිග දකින හැකියාවක් ප්‍රභාකරන්ට තිබුණි නම් උතුරට මේ සා විනාශයක් අත්වන්නේ නැත.

මෙම කාරණයේම තවත් පැත්තක් තිබේ. දකුණේ සමාජය යුද්ධයෙන් ජයගත් පසු උතුර පිළිබඳ වගකීම අතට නොගැනීමය. උතුරේ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සේම දරු දැරියන්ගේ අනාගත ජීවිතය පිළිබඳ වගකීම රාජපක්ෂ ආණ්ඩුවත් අනතුරුව පත්වුණු වත්මන් ආණ්ඩුවත් භාරගත යුතුව තිබුණි. යටිතල පහසුකම් දියුණු කිරීම වැනි දේවල්වලට මිස උතුරේ ජනයාගේ මානසික තුවාල සුවපත් කරන වැඩපිළිවෙළකට යෑම ආණ්ඩු දෙකෙන්ම අත්හැරුණි. එවිට අත්වැලක් නැති ජනතාවක් ඕනෑම ආකාරයකට රුදුරු මුවකට ගොදුරු විය හැකිය. උතුරට සිදු වූයේ ඒකය. අහිංසක පාසල් දැරියක් වූ විද්‍යා එහි ගොදුරක් බවට පත්වීම අතිශයින්ම ඛේදජනකය.

Vidya03

කොළඹින් පිට ප්‍රථම වරට ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නඩු විභාගය වෙනුවෙන් පත්කිරීම නීතියේ පාලනය තහවුරු කිරීමට ගත් පරිසමාප්ත වෑයමකි. මරා දැමූ විද්‍යාටත් ඇගේ මව්පියන්ට සහ සොහොයුරාටත් යුක්තිය ඉටු කිරීමට රටම කැපවිය යුතුය. විද්‍යාට යළි ජීවිතය ලබා දිය නොහැකි බව සැබෑය. ඇගේ දෙමාපියන්ට ආදරණීය දියණිය ලබා දිය නොහැකි බව සැබෑය. එහෙත් වෙනත් කිසිදු අම්මා කෙනෙකුට විද්‍යාගේ අම්මාට මෙන් “දුවගේ සිරුර දැක මමයි පුතයි සිහිසුන්ව ඇදගෙන වැටුණා” යනුවෙන් සදා වේදනාබර ප්‍රකාශයක් සිදු නොකිරීමට තරම් උත්තුංග සමාජයක් නිර්මාණය කර දීම රටේ වගකීමකි. උතුරේ සෑම විද්‍යා කෙනෙකුටම රටේ දයාව අවශ්‍යය. ආරක්ෂාව අවශ්‍යය. ඒ දයාවත් ආදරයත් දීමට රටක් ලෙස අපි සූදානම්ද?

විමලනාත් වීරරත්න  

Latest Posts

කතාබහ

අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති 2018-01-17 - ලංකාවේ කිසිදු ස්ථානයක තමන් දැනුවත්ව දුරකථන ටැප්...
අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි 2017-12-22 - ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්...
මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා 2017-12-20 - උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න&...

විශේෂාංග

අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය 2018-01-15 - ශ්‍රී ලංකාව තරම් ජීවත් වීමට සුදුසු  පරිසරයක් ...
උඩප්පුවෙන් නැගෙන පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය උඩප්පුවෙන් නැගෙන  පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය 2018-01-15 - පාඩුකාරයෝ ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් ...
සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ 2018-01-11 - ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01