මාවතේ වසර 25 ක්

විශේෂාංග
Typography

වසර 25 ක් තිස්සේ ලිංගික සේවනයේ යෙදුණු කාන්තාවක් ඒ ජීවිතයෙන් ඈත්වී නිදහස් දිිවියක් වෙත පැමිණෙනවා. ඇය බ්‍රෙන්ඩා මෙයර්ස් පවෙල් ය. බෙන්ඩ‍්‍රා ලිංගික සේවනයේ යෙදෙන්නියක් බවට පත්වෙන්නේ 1970 දීයි. චිකාගෝහි ජීවත්වූ ඇයට වයස මාස 6 ක් වෙත්ම ඇගේ මව අහිමිවනවා. ඉන්පසු ඇයව රැුකබලා ගනු ලබන්නේ නිවසක බැලමෙහෙවරකම් කරන ඇගේ මිත්තණිය විසිනුයි. බ්‍රෙන්ඩා ජීවත්වූ වීදිය අසළ සුන්දර ලෙස ඇඳ පැළඳගත් කාන්තාවන් රැසක් ජීවත්වනවා. මොවුන් මෙලෙස දිවිගෙවීම පුංචි බ්‍රෙන්ඩාට පුදුමයක්. ඔවුන් කවුරුන්දැයි ඇය මිත්තණියගෙන් විමසා සිටිනවා. ඇය ඊට පිළිතුරු දෙන්නේ ඒ ගෑණු තමන්ගේ යට ඇඳුම් ගළවනවා. එතකොට මිනිස්සු එයාලට සල්ලි දෙනවා ලෙසයි.

අවසානයේදී බ්‍රෙන්ඩාට පාරට ඇද වැටෙන්නට සිද්ධවෙන්නේ දුප්පත්කම හේතුවෙනුයි. 14 හැවිරිදි දැරියක් වුණු බ්‍රෙන්ඩා 1970 එක් රාත‍්‍රියකදී ලාභ ඇඳුමක් ඇඳගෙන රබර් සපත්තු වලිනි සැරසිලා මාවතට එන්නේ විකිණෙන්න සූදානමිනුයි. ඒ රැයේදී ඇගේ පහස විඳින මිනිස්සු පස්දෙනෙක් ඇයට දෙන වටිනාකම වෙන්නේ ඩොලර් 400 ක මුදලක්. මේ විදියට ඇය සොයාගෙන එන මුදල් ඇය මිත්තණියට දෙනවා. මේ මුදල් පැමිණෙන්නේ කෙහොමද කියලවත් ඇය විමසා සිටින්නේ නැහැ. ඇය මෙහෙම යන පස්වන දිනයේදී පිස්තෝල අතින් ගත් කල්ලියකට ඇයව හසුවෙනවා. ඔවුන් ඇයට පලායන්නට ඉඩදෙන්නේ නැහැ.

වසර 14 ක් 15 ක් පුරාවට බ්‍රෙන්ජඩා මේ වෘත්තියේ නියැලෙනවා. හිසට පිස්තෝලය තබන සෑම වාරයක් පාසාම ඇයට ධෛර්්‍යය අවශ්‍ය වෙනවා. ඇය මත්ද‍්‍රව්‍ය වලට ඇබ්බැහැ වෙන්නේ එහෙමයි. වසර 25 ක් පුරාවට ඇය මේ වෘත්තියේ නියැලෙනවා. හදිසි අනතුරක් හේතුවෙන් එක් අවස්ථාවකදී රෝහල්ගත වන ඇයට එඩ්විනා ගේටිලි න්ම සමාජ සේවිකාව හමුවෙනවා. ඒ ඇයට වයස අවුරුදු 40 ක් ගතවූ විටයි. ඉන්පසුව ඇය විවාහ දිවියට ඇතුලු වනවා. ඇගේ විවාහයට මේ වනවිට වසර 10 ක් ගතවී හමාරයි. ඇය දියණියන් දෙදෙනෙක්ගේ මවක්.

මිනිසුන් ඔබව නොවටිනා බව පැවසුවත් ඔබට කිසිවක් නොහැකි බව පැවසුවත් ඔබට ජීවිතයක් තිබෙනවා. බ්‍රෙන්ඩා ඇගේ ජීවිතය තුළ විශ්වාස කරන දහම එයයි 

 83594690 brenda as a child edited   83595763 brenda on steps edited   83596191 bbb82bf9 46cb 4e97 a3e3 c8558050551a

Latest Posts

කතාබහ

විශේෂාංග

ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...
එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...