පිටකොටුවේ ස්ථාපිත “කොටුව දුම්රිය පොළ”

විශේෂාංග
Typography

ලංකාවෙ දුම්රිය සේවාව ආරම්භකර තියෙන්නෙ 1865 අවුරුද්දෙ නොවෙම්බර් 2 වෙනිදා බව දුම්රිය ඉතිහාස වාර්තාවල සඳහන් වෙනව.එය වර්තමාන මරදානේ “ටෙක්නිකල් විද්‍යාලය” ඉදිරියේ තිබුණු “කොළඹ” දුම්රිය පොලින් ආරම්භ කල බවත්, මුල්ම දුම්රිය “අඹේපුස්ස” බලා ගමන් ගිය බවත් ඉතිහාසයට එක්වෙලා තියෙනව.ඒ කාලෙ ගල් අඟුරු දවා වාෂ්පයෙන් බල ගැන්වෙන දුම්රිය ඇන්ජින් එහෙම යන්න ඇති.

අද එතැන දුම්රිය ස්ථානයක් නැති අතර වර්තමානයේ මරදානෙන් පසුව කොටුව තෙක් ඇති දුම්රිය ස්ථානය තුන් වන වරට ඉදිකළ දුම්රිය පොළ බව දුම්රිය අතීත තොරතුරු සොයා බැලීමේදී දැනගැනීමට තියෙනව.

දුම්රිය සේවාව ඇරඹි මුල් කාලයේ “පිටකොටුව දුම්රිය ස්ථානය” කියා දුම්රිය පොළක් දැන් තිබෙන මැනින් වෙළඳ පොළේ ප්‍රධාන ගේට්ටුව ඉදිරියේ තිබිල තියෙනවා.එදා පිටකොටුවෙන් පහු “කොටුව”කියා දුම්රිය ස්ථානය තිබිල තියෙන්නෙ,වර්තමානයේ මහලේඛම් කාර්යාල නාම පුවරුව තිබ්බ තැනලු.

1878 වගේ කාලෙ පටන් ගත්තු එම නැවතුම් පොළ වසර පහක් පමණක් පරිහරණය කර 1883 දී වසා දමා තිබේ.එතැන් සිට 1917 තෙක් ලේක්හවුස් ගොඩනැගිල්ල අසල වංගුවේ දෙවෙනි වරටත් “කොටුව”නමින් දුම්රිය නැවතුමක් ස්ථාපනය කර තියෙනව.( මුහුදු බඩ මාර්ගයේ ගමන් කරන දුම්රිය මගීන්ට මේ ගැන අවබෝධයක් ගන්න පුළුවන් වෙයි)එකල එම මාර්ගය වර්තමාන “ඕල්කොට්’ පිළිමය ඉදිකොට තිබෙන ස්ථානය අසලින් ගමන් කල බව සඳහන් වෙනව.

වර්තමානයේ “කොටුව දුම්රිය පොළ” තිබෙන තැන “කොටුව”නමින් තුන් වන වරට ස්ථාපනය කල තැන බවට බොහෝ දෙනෙක් නොදන්නවා වන්නට පුළුවන.

“කොටුව”දුම්රිය ස්ථානය තිබෙන තැන 1905 ඉදිකිරිම ආරම්භ කර,1910 වෙද්දි වැඩ නිමවෙලා තියෙනව.නමුත් ඒ වන විට පළමු ලෝක යුද්ධය ආරම්භ වෙලා තිබුණු හෙයින් කොළඹ වරායට කිට්ටුව ගබඩාවකට තිබුණු සුදුසු සහ පහසුකම් ඇති තැන එතැන හෙයින් ආහාර සඳහා සහල් ගෝනි ගබඩා කරන්න යොදාගෙන තියෙනව. පසුව 1917 අවුරුද්දේ මාර්තු 4 වැනිදා “කොටුව දුම්රිය පොළ”හැටියට පත්වෙලා තියෙනව. ඔතැනට දැන් අවුරුදු 100 ක් වෙනව.

නමුත් හරියට බැලුවොත්,කොටුව කියා නම තිබ්බට පිහිටුවා තියෙන්නෙ පිටකොටුවෙ බව කියන්න ඕන.කොටුව අයත් වෙන්නෙ පාලමෙන්(ඇලෙන්) එගොඩ කොටසට බව සිතියම් පරීක්ෂණය කිරීමෙන් ඕනෑම කෙනෙකුට දැක බලා ගන්න පුළුවන්.

ඒ කාලෙ කොටුව දුම්රිය පොළ තුල විදේශීය මත්පැන් අලෙවි කරල තියෙනව.විස්කි,බ්‍රැන්ඩි හා ජින් වගේම බියර් ද ලෙවි කල එහි දේශීය මත්පැන් අලෙවි නොකළ බව සඳහන් වෙනව.ඒවගේම තැපැල් දුම්රිය තුලත් එම මත්පැන් අලෙවිකර ඇති බවත්, 1978 න් පසුව එම මත්පැන් අලෙවි සේවාව නතර කර ඇති බවත් තවදුරටත් සඳහන් වෙනව.

-කන්කානම්ගේ විමලසිරි(FB)

Latest Posts

විශේෂාංග

ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...
එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...