අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය

විශේෂාංග
Typography

ශ්‍රී ලංකාව තරම් ජීවත් වීමට සුදුසු  පරිසරයක්  ඇති රටක් තවත් ලෝකයේ නැති තරම්ය. දේශගුණය, කාලගුණය, ස්වභාවික පරිසරය සේම ලෝකයේ පිහිටීම ද ඉන් ප‍්‍රධාන වේ. ලංකාවේ පිහිටීම අනුව පැය හතරක් පහක් ඇතුළත වෙනස් වූ පරිසර පද්ධතියක් ඇති ස්ථාන  වෙත යාමට හැකි නිසාවෙන් එහි සුන්දරත්වය මනාවට කියාපායි.

 

මෙම තත්ත්වය මත අතීතයේ සිට ශ‍්‍රී ලංකාව ස්වයං පෝෂිත ආර්ථිකයක් ඇති රටක් බවට පත්කිරීමට කටයුතු කළේය. එහි දී විශේෂයෙන් කෘෂිකාර්මික ජීවන රටාවක් මත ජීවිකාව ගෙවූ පැරන්නන් ඉතා ස්වයංපෝෂිත ගෘහස්ථ ආර්ථිකයකට හිමිකම් කීවේය.

එහෙත් අද වනවිට රටින් ගෙන එන සහල් ටිකේ සිට එලව`ඵ දක්වාත්, කිරි, බිත්තර, මස් සේම. රට වටකර මුහුද තිබුණ ද, පිටරට ටින් මා`ඵ දෙස බලා සිටීමට සිදුව ඇත්තේ රට කරවන පාලක කාරකාදීහුගේ ඇති සැලසුම්වල පසුබෑම නිසාවෙනි.

ග‍්‍රාමීය ආර්ථිකය නැංවීමෙන් රටේ සමස්ත ආර්ථිකයට එය සෘජුවම බලපායි. එහෙත් වත්මන් ග‍්‍රාමීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා මධ්‍යම ආණ්ඩුවේ සිට පළාත් නවයට වෙන වෙනම අමාත්‍යාංශ නවයක් සම`ග ග‍්‍රාමීය කටයුතු අමාත්‍යාංශ දහයක් ඇතත් සිදුව ඇත්තේ ගමේ ආර්ථිකය ගොඩ නැංවීම නොවීමයි. 2016 වර්ෂයේ දී ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය සිදු කර ඇති අක‍්‍රමිකතා රැුසක්  විගණන දෙපාර්තමේන්තුවට හෙළිකර ගැනීමට  හැකිවී තිබේ. ආර්ථික හා සමාජ ප‍්‍රතිලාභ සාධාරණ ලෙස ග‍්‍රාමීය ජනතාව වෙත ළගා කරවීම ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මූලික කාර්යභාරය වුවත් එය ඉටු වී නොමැත.

ග‍්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය විසින් කිරිපිටි  ආනයනය අඩු කිරීම සඳහා කිරි නිෂ්පාදනය  වැඩි කිරීමට 2010 සිට 2016 දක්වා වර්ෂ 07කට රුපියල් මිලියන 5557.38ක් වැය කර තිබේ. 2010 සාපේක්ෂව 2016 වර්ෂයේ දී කිරි  නිෂ්පාදනය ලීටර්  මිලියන 136.5 කින් වැඩි වී ඇත. එහෙත් කිරි ලීටරයක් ප‍්‍රවර්ධනය කිරීමට රුපියල් 10.72ක් වැය කර තිබේ.

රටේ කිරි අවශ්‍යතාවයෙන් සියයට 23.5ක් 2010 දී රට තුළ නිෂ්පාදනය කර ඇති අතර 2016 දී එය සියයට 26.67ක් වී තිබිණි. 2014 දී කිරිපිටි මෙටි‍්‍රක්ටොන් 86.37ක් ආනයනය කර ඇති අතර 2016 දී එය 94.01ක් දක්වා වැඩි වී ඇත. එහෙත් කිරිපිටි ආනයනය සැලසුම් කළ පරිදි අඩු වී නොමැත.

දියර කිරි ප‍්‍රචලිත කිරීම 2004 සිට ආරම්භ කළ අතර ඒ යටතේ කිරි අලෙවිසල් 1250ක් ද 2013 වර්ෂය අවසානය වන විට ආරම්භ කර ඇත්තේ අලෙවිසල් 658කි. ඉන් අලෙවි සල් 283ක් ආරම්භ කර ඇත්තේ පශූ සම්පත් සංවර්ධන මණ්ඩලය මගිනි. එහෙත් 2016 දෙසැම්බර් 31 වන විට ආරම්භ කළ අලෙවිසල්වලින් 43ක් පමණක් ක‍්‍රියාත්මක තත්ත්වයේ පැවති බව වාර්තාවේ. පළාත් මට්ටමින් අමාත්‍යාංශය ආරම්භ කළ ඉතිරි අලෙවි සල් 402න් 112ක් පමණක් කි‍්‍රයාත්මක වේ.

සීමාසහිත මිල්කෝ (පුද්ගලික) සමාගම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීමට කටයුතු නොකිරීම නිසා කිරි විශාල ප‍්‍රමාණයක් නරක් වීම ඉවත දමා ඇත. 2015 හා 2016 යන වර්ෂවල දී එකතුකර තිබූ කිරි ලීටර් ප‍්‍රමාණයට වැඩියෙන් කිරි ලීටර් ප‍්‍රමාණයකට ගෙවා ඇත. එම ප‍්‍රමාණය  320,893. පිළිවෙළින් 2016 වසරේ 587,247 ක් ගෙවීම් කර තිබේ. එමගින් 2015 දී රුපියල් මිලියන 20.52ක් හා 2016 දී රුපියල් මිලියන 39.61ක මූල්‍ය අලාභයක් සිදුව තිබේ. ඊට අමතරව 2016 වර්ෂයේ දී පමණක් එකතුකරන ලද කිරි කර්මාන්ත ශාලාවට ගෙන ආපසු රුපියල් මිලියන 2.50ක් වටිනා කිරි ලීටර් 35681ක් ප‍්‍රමාණයක්  නරක් වී  ඇත. මීට අමතරව එම සමාගම කොළඹ කර්මාන්ත ශාලවට කල් බදු ගෙවීමේ පදනම මත රුපියල් මිලියන 104.17ක් වැයකර 2011 ජනවාරි 20 දින මිලට ගෙන ඇති යෝගට් මිශ‍්‍ර කිරීමේ යන්ත‍්‍රය 2017 ජූලි මාසය වනවිටත් භාවිතයට ගෙන නොමැති බව වාර්තා විය.

රටේ කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා 2014 ජුලි 14 දින සිට වර්ෂ දෙකක කාලයක් තුළ දී කිරි ගවයන් 2500ක් ආනයන කිරීමේ වෙලාඞ් ව්‍යපෘතියේ ද අක‍්‍රමිකතා රැුසක් සිදුව ඇති බව හෙළිව තිබේ. එක් ගවයෙකු ඩොලර් 3032.87ක මිලකට  ආනයනය කර ඇත. 2015 ජුලි 13 හා ඔක්තෝබර් 12 යන දෙදින තුළ කිරි ගවයන් 2495 ක් ආනයනය කර තිබේ. 2016 ඔක්තෝබර් 11 දින රඳවාගෙන තිබූ මුදල ද ඇතු`ඵව ඩොලර් 7,576 101ක් ගෙවා ඇත. එහෙත් ගවයන් සැපයීමේ දී කිරි ගවයන් පහක් අඩුවෙන් ලබා දී තිබේ. එහෙත් ආනයනයේ දී කිරි ගවයන් රක්ෂණය කර නොතිබීම නිසා ගවයන් 133ක් මිය ගොස් ඇති අතර එමඟින් රුපියල් මිලියන 55.24ක අලාභයක්  සිදුව ඇත. මෙම කිරි ගවයන් ආනයනය කරන විට ගැබ් ගෙන සිටිය යුතු වුවත් ඉන් 79ක් එසේ ගැබ් ගෙන සිට නොමැත. පළමුවර පැටියා ලැබීමෙන් පසු කිරි ලබාදීම අසාර්ථක වූ හා දෙවන වර  කෘතිම  සිංචන කි‍්‍රයාවලිය මඟින්  ආසාර්ථක වූ ගවයන් 260ක් ද 2016 මැයි 30 දින වන විට ගැබ්ගෙන  සිට නොතිබූ බව ද හෙළිව ඇත. එමගින් කිරි ගවයන් 472කට වැය කරන ලද රුපියල් මිලියන 196.06ක් වූ  වියදම් මුදල ගැනීමටත් නොහැකි වී තිබේ.

ආනයනය කළ කිරිගවයන් හම්බන්තොට වරායේ සිට රිදියගම ගොවිපළ දක්වා වූ කිලෝමීටර 38 දුර ප‍්‍රවාහනය කිරීම සඳහා ඩොලර් 260,555ක් මුදලක් ඇස්තමේන්තු කර තිබිණි. කිරිගවයන් 2495 ප‍්‍රවාහනය සඳහා ඩොලර් 260 347 11ක්. එනම්  රුපියල් මිලියන 35.87ක් ගෙවා තිබිණි. එම සතුන් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු වාහනවලින් ප‍්‍රවාහනය කළේ නම් ඊට වැය වන්නේ රුපියල් 568 860ක් වුවත් රුපියල් 35 299 208ක අධික වියදමක් දරා තිබිණි.

කිරි ගවයන් ආනයනය කිරීමේ දෙවන අදියර යටතේ 2013 ජූලි 11 දින අමාත්‍ය මණ්ඩල යෝජනාවට මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට අනුව ඒක පුද්ගල කිරි පරිභෝජනය වැඩි කිරීමට 2012 වර්ෂයේ දී පළමුවන අදියර යටතේ  ආනයනය කරන  ලද කිරි ගවයන් 2000ක් සාර්ථකව  දේශීය පරිසරයට  අනුගත වී ඇති බව  සඳහන් කර තිබිණි. දෙවන අදියර යටතේ  කිරි ගවයන් 2500ක් ආනයනය කිරීමට නිර්දේශ කර ඇත්තේ ඒ අනුවය. පළමු අදියර යටතේ ආනයනය කරන ලද කිරි ගවයන්ගේ දෛනික කිරි ප‍්‍රමාණය ලීටර 20ක් බවට ඇස්තමේන්තු කර තිබුණ ද අපේක්ෂිත  ප‍්‍රමාණයට ළඟා වීමට නොහැකි වී තිබිය දී දෙවන අදියරේ ගවයන් ආනයනය කිරීමට අනුමැතිය ලබා දී තිබිණි.

මේ අතර 2016 වර්ෂයේ දී ග‍්‍රාමීය වෙළඳපොළ  මිල  ස්තායීකරණය කිරීමත්, පසු අස්වනු  හානිය අවම කිරීම  සඳහාත්  රජය හා පුද්ගලික  අංශය හා ඒකාබද්ධව ශිතාගාර පහක් ඉදිකිරීම හා කි‍්‍රයාත්මක කිරීම සඳහා  වාර්ෂික අයවැයෙන් රුපියල් මිලියන 2000ක ප‍්‍රතිපාදන වෙන් කර ඇතිමුත් එම ව්‍යාපෘතිය  සංවර්ධන හා සැලසුම් අංශය  මගින් වර්ෂය අවසන් වන විට නිම කිරීමට සැලසුම් කර ඇතත් 2017 ජුනි වනවිටත් ඉදිකිරීම් ආරම්භ කර නොමැත. එහෙත් ශීතාගාර සම්බන්ධව අධ්‍යනයක් කිරීමට 2016 මාර්තු 02 දින සිට 10  දින දක්වා තායිලන්තයේ හා ඊශ‍්‍රාලයේ නිලධාරීන් පස්දෙනෙකු සංචාරය කර තිබේ. එහෙත් මෙම සක්‍යතා අධ්‍යයන කමිටුවෙන් පරිබාහිරව ඇමතිවරයාත් නිලධාරීන්  තුන්දෙනෙකුන් සමඟ කමිටුවේ සභාපතිවරයා මෙම සංචාරයට

එක්ව ඇත.

ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යනයට පත් කළ කමිටුව අවස්ථා දෙකක දී රැුස්වීම් පවත්වා ඇතත් අමාත්‍යාංශ විසින් අවස්ථා  පහක දී ලිඛිතව ඉල්ලීම් කිරීමෙන් පසු 2016 අගෝස්තු 10 දින කම්ටුවේ සභාපතිවරයාගේ අත්සන පමණක්  යොදා අනෙක් කමිටු  සාමාජිකයන්  දසදෙනාගේ අත්සන් රහිතව යෝජනා  හයක් පමණක් ඇතුළත් වාර්තාවක් භාර දී ඇතත් ශක්‍යතා අධ්‍යන වාර්තාවක ඇතුළත් විය යුතු කරුණු කිසිවක්  එහි නොමැති බව සඳහන් වේ.

මීට අමතරව සීමාසහිත මිල්කෝ ආයතනයේ අවශ්‍යතාව නිසි පරිදි හඳුනා නොගෙන කොළඹ කර්මාන්තශාලාවට  යෝගට් මිශ‍්‍ර කිරීමේ යන්ත‍්‍රයක්  කල්බදු ගෙවීමේ  ක‍්‍රමයට මිලදී ගැනීමට තීරණය කර තිබිණි. රජයේ ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග‍්‍රහයේ  විධි විධානවලට පටහැනිව 2011 ජනවාරි 20 දින කල් බදු පදනම මත් රුපියල් මිලියන 104.17ක් වැය කර එය මිලදී ගෙන ඇත. එම යෝගට් මිශ‍්‍ර කිරීමේ යන්ත‍්‍ර පොළොන්නරුව කර්මාන්ත ශාලාවේ සවිකර ඇතත්  මේ වන තෙක් භාවිතාවට ගෙන නොමැති බවත් වාර්තා වේ.

මේ අතර ග‍්‍රාමීය කටයුතු අමාත්‍යාංශය 2015 දී ගොවීන්ගේ වී මිලදී ගැනීමට කටයුතු කළේය. එහිදී මිලදී ගත් වී තොග ගබඩා කිරීමට තාවකාලික ගබඩා 15ක් මිලදී ගැනීමට රාජ්‍ය සංස්ථාවක් වෙත රුපියල් මිලියන 39.33ක් ගෙවා ඇත. අනුරාධපුරය හා ති‍්‍රකුණාමලය කලාපවලට  ලබා දී ඇති ගබඩා හතරක් 2017 පෙබරවාරි 06 වෙනි දින විටත් වී ගබඩා කර නොමැත. එම තාවකාලික ගබඩාවක් වර්ෂ 15කට ආසන්න කාලයක් භාවිතා කළ හැකි වුවත් අම්පාර කලාපයට ගබඩා හයක් ලබා ගැනීමට මුදල් ලබා දී ඇති අතර 2015 යල කන්නයේ ගබඩා දෙකක් භාවිතා කර ඇතත් ඊළඟ කන්නය සඳහා  අලූත්වැඩියාවකින් තොරව භාවිතයට යොදා ගැනීමට නොහැකි බව අම්පාර කලාප කළමණාකරු විසින් වී අලෙවි මණ්ඩලයට පවසා තිබේ.

ග‍්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සංවර්ධනය කිරීමට ඇති අමාත්‍යාංශය කටයුතු කරන්නේ නම් ජනතාවගේ ආර්ථිකය කෙසේ වෙතත් එම ආයතනවල ආර්ථිකය නම් සංවර්ධනය වීම වැළැක්විය නොහැකිය. පැවති ආණ්ඩුවේ අඩුපහඩු විවේචනය කිරීම විපක්ෂයේ සිටිය දී ඉතා පහසු වුව ද තමන්ට බලය ලැබුණු පසු ගෙවුණු පාලනය සේ කටයුතු කරන්නේ නම් ජනතාවට අත්වන්නේ අබසරණ පමණි. එයින් පෙනී යන්නේ විපක්ෂයේ සිටිය දී කටමැත දෙඩවුවත් බලයට පැමිණි පසු කටයුතු කරන්නේ වැඩබැරි අඳ බාලයන් විලස බවය.

චමින්ද සේනාරත්න

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01