පරිසරයට මුවාවෙමින් අම්බලන්ගොඩ මාදම්පා ගග ඉවුරේ කඩොලාන විනාශ කරමින් හදන හෝටලය

විශේෂාංග
Typography

"රටක නීතියක් තිබෙනවා. ජනතාව රැකුනොත් විතරයි රට රැකෙන්නේ. අපේ ගම, අපි ආරක්ෂා කරගන්න ඕනෑ. පිටස්තරින් ආපු අයට අපේ ගම විනාශ කරන්න දෙන්න බැහැ. මේ ගැන කියන්න අපි පොලීසි ගියා.

 

නීතියෙන් විසදුමක් ගන්නකම් මුල් කාලයේම මේක නතර කරන්න පොලිසියට තිබුණා. එහෙම කළේ නැත්තේ ඇයිද කියල අපි දන්නේ නැහැ. පරිසරය විනාශ කළාම අපේ ප්‍රදේශයත් ඉතියෝපියාවක් වේවි. හෝටලයට අපි විරුද්ධ නැහැ. කඩොලාන විනාශ නොකර, ගංඉවුර ගොඩකරන්නේ නැතුව හෝටලයට අයත් කොටස සංවර්ධනය කර ගන්නවාට අපි විරුද්ධ නැහැ. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා හෝටලයේ අයට ලියුමක් දීල තිබෙනවා, ගොඩකර ගන්න කියල. දැන් කියනවා නැහැ කියල. රජයේ නිලධාරීන් බරපතල වරදක් කරල තිබෙන්නේ"

අම්බලන්ගොඩ, මාදම්පාගග ඉවුරේ ඉතා දුර්ගභ කඩොලාන පද්ධතියක් විනාශ කරමින් ගං ඉවුරට අයත් යැයි කියන භූමිය අනවසරයෙන් ගොඩ කරමින් සිටින හොටලයක් ඉදිකිරිම සමිබන්දයෙන්  අම්බලන්ගොඩ ගොඩහේන ප්‍රදේශයේ ජනතාව ඒසේ ප්‍රකාශ කරති. යාබද පෞද්ගලික සංචාරක හෝටලයක් වෙල්යායකට අයත් ඉඩම් කොටසක් මිළ දී ගෙන එම කොටසද සමගින් ගං ඉවුර ගොඩ කරමින් සිටින බවද ඔවුහු ප්‍රකාශ කරති.

සුවිසල් විලක් ලෙස ප්‍රකට මාදම්පාවිල, මාදම්පාගග යනුවෙන්ද හදුන්වනු ලබයි. කඩොලාන සම්පතින් අනූන මාදම්පාවිල අපරටේ සොබාදහමේ අසිරිමත් නිර්මාණයකි. මාදම්පාවිල ආශ්‍රිතව අපරටේ වැදගත්ම කඩොලාන පරිසරයක් පිහිටා ඇත. දුර්ලභම කඩොලාන විශේෂයක් වන ගිංපොල් ශාකයද මෙහි පිහිටා ඇත. ගිංපොල්, තාල වර්ගයේ එකම කඩොලාන විශේෂයයි. මාදම්පාවිල ආශ්‍රිතව දූපත් 20 කට වඩා වැඩි ප්‍රමාණයක් පිහිටා ඇත.

Poto 01

අම්බලන්ගොඩ, ගොඩහේන ග්‍රමයේ ගම්මැද්දේගොඩ කුඹුරුයාය, තුන් හවුලට අයත් භූමියේ කොටසක් හා ගංඉවුරේ කොටසක්ද අයත් වන සේ කඩොලාන භූමිය මෙසේ ගොඩකරමින් සිටින බවද ප්‍රදේශ වාසීහූ පෙන්වා දෙයි. මාදම්පාගගේ කලදූවට ආසන්න ගංඉවුරේ කොටසක්  යන්ත්‍ර සූත්‍ර යොදා කළුගල් බැම්මකින් වටකොට ගොඩකරමින් තිබෙි.

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ මෙම ඉඩම් ගොඩ කිරීම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේද නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව සිදුකරන බවයි. මෙම ඉඩමේ පැති බැම්මක් ඉදිකර, ඒමත යකඩ හෝ  ආරක්ෂිත දැලක් භාවිතාකර වැටක් ඉදිකිරීම සදහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනුමැතියක් ලබාගෙන තිබෙි.අනුමැතියට අදාල කොන්දේසී සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මෙම භූමිය ගොඩ කරමින් සිටින බව මේ සම්බන්ධයෙන් කල සොයා බැලීමේදීද තහවුරු කරගැනීමට හැකිවිය. එම අනුමැතිය, යමුනා නිවස, ගොඩහේන, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි එම් එච් නාලනී යන අයෙකු විසින් ලබාගෙන තිබෙන අතර ඇය හා අදාල භූමිය ගොඩකරමින් සිටින පාර්ශවය අතර සම්බන්ධයද සොයා ගැනීමට නොහැකි විය.

මාදම්පාගග ඉවුරේ සිට අඩි 30 ක දුරින් දැල්වැට ඉදිකල යුතු බවත් රක්ෂිත සීමාවේ පස් ඉවත් කිරීම හෝ අළුතින් පස් දැමීම නොකල යුතු බවත් එම කොන්දේසී අතර සදහන් වේ. කඩොලාන වලට කිසිදු හානියක් නොකල යුතු බවද ඇතුළු කොන්දේසී 08 ක් එහි සදහන් වන අතර මෙම ගොඩ කිරීම සිදුකරනු ලබන්නේ මෙහි සදහන් සියළුම කොන්දේසී උල්ලංඝනය කරමිනි. මෙම කොන්දේසි වලට අනුව අදාල වැට ඉදිකිරිම සිදු කරනවාද යන්න සොයා බැලීම සදහා පත්කර ඇත්තේ වාරිමාර්ග දෙපාර්මේන්තුවේ කාර්මික නිලධාරී එම් ඊ මෙන්ඩිස් මහතාය. ඔහු මේ වන විට විශ්‍රාම ගොස්ඇත.

මෙම අනවසර ඉදි කිරීම සම්බන්ධයෙන් ගොඩහේන ප්‍රදේශවාසීන් 47 දෙනෙකුගේ අත්සන් සහිතව ගාල්ල, ගොවිජන සේවා සහකාර කොමසාරිස් වරයාටද ලිපියක් මගින් දැනුම් දී තිබෙන අතර අම්බලන්ගොඩ පොලිසියටද පැමිණිල්ලක් කර තිබේ. දුර්ලභ කඩොලාන පද්ධතිය ආරක්ෂා කරදෙන ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින ගම්වාසීහූ කුඹුරු හා වගුරු ප්‍රදේශ ගොඩ කිරීමෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි.

Poto 03

ගාල්ල දිස්ත්රි්ක් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ කාර්මික නිලධාරී එම් ඊ මෙන්ඩිස් මහතාගේන් මේ සමිබන්දයෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ

"මේ ඉඩමේ පැති බැම්මක් ඉදි කරන්නත් පීවීසී දැල් වැටක් ගහන්නත් අවසර ඉල්ලා තිබුණේ 2017 සැප්තැම්බර් මාසයේ. ඒ සදහා කොන්දේසි 08 ක් යටතේ 2017.10.12 දින දපස/දිවාඉ/සං3/52/10/17 ලිපිය මගින් අවසර ලබා දුන්නා. එම ලිපියේ පැහැදිලිව තිබෙනවා ගං ඉවුරේ සිට අඩි 30 ක් ඈතින් වැට ඉදිකරන්න කියල. අඩි 01 ක් උස බැම්මක් මතයි මේ වැට ඉදිකරන්න කියල තිබෙන්නේ. අළුතෙන් පස් දාන්නත්, තිබෙන පස් ඉවත් කරන්නත් එපා කියල තිබෙනවා. මේ වන විට අදාල කොන්දේසි කඩකර ඇති බව කියනවා. මේ ඉදිකිරිම පිළිබදව අධීක්ෂණ පැවරුවේ මටයි. දැන් මම විශ්රා්මිකයි. ගොවිජන සේවා දොපාර්තමේන්තුවටත් ලිපියේ පිටපතක් යැව්වා. ඒ අයත් සොයා බැලිය යුතුය" යන්නයි.

මෙි සමිබන්දයෙන් කෘෂිකර්ම පර්යේෂණ හා නිශ්පාදන සහකාර, බී චන්ද්රොකුමාර මහතා දැක්වුයේ මෙවන් අදහසකි

"දැල්වැට ගැසීමට අනුමැතිය දුන් ලිපියේ පිටපතක් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ලැබිල නැහැ. මම පසුගිය ඉරිදා මෙහි පිටපතක් ගෙන්නා ගත්තා. මේ ලිපියේ තිබෙන කොන්දේසි කඩකර තිබෙනවා. ඒ ගැන මමත් දැනුවත් වුණේ ලිපිය ලැබුණට පස්සෙයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරියා මේ ගැන දැනගන්න ඕනෑ. වෙල්යායක් ගොඩකරනවා නම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ගන්න ඕනෑ. මේ සම්බන්ධයෙන් අපි දැනුවත් වෙලා නැහැ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරියා අධීක්ෂණය කරල නැහැ. නව ඉදිකිරිමක් කරන විට ප්රාාදේශීය සභාවෙනුත් අනුමැතිය ගන්න ඕනෑ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සොයා බලනවා" යනුවෙනි.

මෙම ඉදිකිරිම කරන බව කියන ගොඩහේන විලාස් හොටලයේ කළමණාකරු වසන්ත වෙත්තසිංහ මහතා (32) මෙසේ කීය.

"අපිට තව හෝටල් දෙකක් තිබෙනවා. අපේ ව්යා)පාරය පවත්වාගෙන යන්නේ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමීවයි. අපි ගොඩ කරන කොටස, ගගේ රක්ෂිතයට අයිති නැහැ. ගොඩ කරන්නේ අපි සල්ලි වලට ගත්ත කොටසක්. ඒකට සින්නක්කර ඔප්පු තිබෙනවා. අපි පරිසර හිතවාදීන්. අපි පරිසරය ආරක්ෂා කරනවා. ගගට ඩීසල් මිශ්රය වෙනවට අපි පාවිච්චි කරන්නේ විදුලි බලයෙන් ක්රිායාකරන බොට්ටුයි. මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරනවට අපි විරුද්ධ නැහැ. අපිට සගවන්න කිසිම දෙයක් නැහැ"

Latest Posts

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...