අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය

විශේෂාංග
Typography

රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී හබන් කුකුළන්ට ජය මඟුල් යැයි, කියමනක් අපි අසා ඇත්තෙමු.අප මේ කියන්න යන්නේ රබානේ කතාන්දරය යි. රබාන අද අපේ සංස්කෘතික උරුමයක් බවට පත්වී ඇති අතර අලූත් අවුරුද්ද උදාවෙන බව ගමට රටට හඬ ගා පවසන ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය බවට පත්ව ඇත.

 

රබන් සුරල් හඬ වැඩි වැඩියෙන් ඇසෙන්නේ අවුරුදු සමයේ ය. ඒ සමඟම කෝකිළ හඬත් රතිඤ්ඥා හඬත් සමඟම එරබදු මල් සුවඳින් හැඩ වැඩ වන බක් මාසය නැතහොත් භාග්‍යවත් වූ මාසය අවුරුදු කුමරු රටටම කැන්දන් එන මංගල පෙරහරක් වැනි ය. අවුරුදු ක්‍රීඩා අතර රබන් ගැසීම ද දැකිය හැකි ය.

හැරමිටි හැරමිටි හැරමිටි කුන්දං -දරමිටි දරමිටි දරමිටි කුන්දං

හැරමිටි කුන්දං - දරමිටි කුන්දං -  තාක් කුන්දං - තරිකිට කුන්දං

තිත්ත කැකිරි ගෙඩි මාමට දීපන් - නෙලං කැකිරි ගෙඩි නැන්දට දීපන්

පුංචි රබානේ ගින්දර දාපන් - ගහන රබන් පද හරියට ගහපන්

දොං තරිකිට දොං තරිකිට දොං ඇසේ රබන් සුරල් සද්දේ

හින්දු දේව කතා අනුව රබාන ඊශ්වර දෙවියන්ගේ නිර්මාණයකි. ඊශ්වර දෙවියන් දුටු සිහිනයක් අනුව පොරවක් ගෙන ගොස් සදුන් ගසක් කපා එයින් රබානක් සෑදු බව දේව කතා වල කියැවේ. තවත් කතාවක කියවෙන්නේ පැරණි වාද්‍ය භාණ්ඩයක් වූ රබාන  විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයා බ‍්‍රාහ්මණයන් පස් දෙනකු ගෙන්වා ඔවුන් ලවා ඇත් දළයෙන් රවුම් කපා එය සම් අල්ලා රිදී ඇණ පණස් පහක් ඔබ්බවා සිකුරු හෝරාවෙන් ධනු ලග්නයෙන් ලතත් දින් තොත් නත් තදිනත්ල ආදී වශයෙන් හා පුරා පදයක් ගසා රබාන නිම කළ බවය.

ශ‍්‍රී ලංකාවේ අතීතයේ දී සෑම ගමකම , ගැමි ගෙදරකම රබානක් තිබින. එය විවිධ අවස්ථාවල දී වාදනය කිරීම ගැමි පුරුද්දකි. රබන් වයන හැම මොහොතකම රබන් පද ගායනා කිරීමද සිදුවිය. වෙනත් වාද්‍ය භාණ්ඩ නොතිබුනු අතීතයේ විවාහ මංගල්‍ය උත්සව වලදී හා සිංහල අවුරුදු උත්සව කාලයට රබාන වැයීම අප සංස්කෘතික අංගයක් බවට පත්වී තිබින. ගමේ නිවසක ප‍්‍රීති උත්සවයක් පැවැත්වෙන බව ගම් වැසියෝ දැනගත්තේ ගම පුරා ඇසෙන රබන් හඞිනි. සිංහල අලූත් අවුරුදු කාලයට අදත් ගම පුරා රබන් හඞ ඇසේ. කාන්තාවන් රබන් පද ගැයීමටත්, රබන් වැයීමටත් දක්ෂයෝ වෙති. අප රටේ ඇතැම් ප්‍රදේශ වල රබාන වටා විවිධ ඉරියව් සහිතව නටමින් රබාන වැයීමට දක්ෂ කාන්තාවන් දැකිය හැක. උත්සව අවස්ථාව් හිදී පිරිමි පාර්ශ්වය ද කාන්තාවන් සමග රබන පද ගැයීමට ත්, පද වැයීමටත් එක්වෙති. රබන් ගැසීමේ තවත් එක් අවස්ථාවක් වන්නේ රබාන උඩ නැටීමයි. රබාන උඩ නැටීන එතරම් පහසු නැත. රබානට බර නොදී ඇඟිලි තුඩු වලින් රබාන උඩ නර්තනය සිදු කර යුතුයි. කෙසේ නමුත් මේ වන විට මෙම රබාන උඩ නර්තනය කෙමෙන් අභාවයට යමින් පවතී. අම්බලන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් තවමත් මෙම රබාන උඩ නර්තනය කරන කාන්තාවන් දක්නට ලැබේ. කෙසේ නමුත් දේශපාලන රැස්වීම් වලදී නම් මෙම රබාන උඩ නැටීම පසුගිය දිනවල දක්නට ලැබිණි.

අතීත ගැමියන් රබන් වැයීමට පෙර  පළමුව මෙලක තුළ විජයබා නිරිදු රජකළ  විවා බදිනා  රබන් අර්ථය රටට විය මුල... යනුවෙන් කවියකින් හෙළිවන ආකාරයට ශ‍්‍රී ලංකාවේ රබන් වාදනය ආරම්භ වී ඇත්තේ ක‍්‍රි.ව. 1055-1110 කාලයේ

පොළොන්නරුවේ රජකළ මහා විජයබාහු රජුගේ කාලයේ බව පැහැදිලිය. පොතපත වල සඳහන් වන ආකාරයට රජතුමා කාලිංග දේශයෙන් කුමරියක් ගෙන්වා විවාහ කරගත් දින රබාන වාදනය කළ බව කියැවේ.

රබන් වර්ග කිහිපයකි 1. බංකු රබාන (මහ රබාන), 2. අත් රබාන, 3. විරිදු රබාන, 4. කරකවන රබාන. මහ රබාන වාදනයේදී එය දෙයාකාරයකින් සිදු කරනු දැකිය හැක. පිරිමි පක්ෂය මහ රබාන වාදනය කරනුයේ සුරල් හා හරඹ ඉදිරිපත් කරමින් කවි ගායනා කරමින්ය. දෑතේ ඇගිලිවලින් පමණක් නොව වැලමිටිවලින්ද ඔව්හු වාදනය කරති. අත්මාරු කවි කියමින් විවිධ ශිල්පීය ක‍්‍රම අනුව ඇතැම් විට රංගනයෙන්ද යෙදෙමින් රබන් වාදනය පවත්වා ඇත. තම දක්ෂතා පෙන්වීමට යතුරු

කැරැළි, ඉරටුමිටි, හෙප්පු රබන් මතට දමා රබන් වාදනය කළහ. අනෙකුත් ක‍්‍රීඩාවලදී මෙන්ම රබන් වාදනයේදී පළමුව බුදු ගුණ හා තෙරුවන් සිහි කර දෙවියන්ටද ස්ත්‍රොත‍්‍ර ගයා වාදනය සිදු කරයි.

අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි අනුව ලොව ඇතැම් රටවල රබාන , අත් වාදන භාණ්ඩයක් ලෙස අතෙහි ර ඳවාගෙන වයනවා දැකිය හැක. විශේෂයෙන් මැද පෙරදිග ඇතුලූ මුස්ලිම් රටවල ඔවුනගේ සංස්කෘතික වාදන අංගයක් ලෙස රබාන යොදා ගනී. ඉන්දියාවේ ද, අප්‍රිකාවේ ද අත් රබාන සුලභව යොදා ගනී. ශ‍්‍රී ලංකාවේ අත් රබාන විශේෂයෙන් යොදා ගන්නේ විරිදු ගායනයේ දීය.

රබානේ ශක්තිය ඇත්තේ එහි බඳ කොටසේය. බඳ නිර්මාණය කිරීම සඳහා ලමිල්ල, කොස්, දෙල්ල වැනි කාලයක් පවතින ශාක කඳක් සොයා ගනී. නැකැත් බලා සුබ මොහොතින් කපා ගත් ලීය සති කිහිපයක් ජලයේ දමා පදම් කර ගනී. පසුව ලී කඳ හාරා රබාන නිපදවයි. එයට ගන්නා උපකරණය බොකු නියනයි. රබන් හම සඳහා හරක් හෝ එළු සම යොදා ගැනේ. මෙසේ සාදා ගත්

රබාන නිවැරදිව රත් කිරීමෙන් සුසර කර ගනී.

නමුත්,මෙම කර්මාන්තය අද කර ගැනීමට නොහැකි වි ඇත්තේ සමාජ, ආගමික කරුණු ද මුල් වී ඇති බවක් පෙනෙ.අපි බෞද්ධයෝ ප්‍රාණ ඝාතයට කැමැති නැත. රබන් සඳහා සත්ව සම් ලබා ගැනීමද අසිරුය.අද වන විට සමක් සඳහා රුපියල් හත්සියයක් පමණ අවශ්‍ය බව සම් අලෙවි කරන  මුස්ලිම් වෙළෙන්දෝ පවසති.

රබානේ මිල නියම වන්නේ රබානේ තරමටය.එනම් ලොකු කුඩා ප‍්‍රමාණය අනුවයි.අගල් පහේ සිට තමයි රබන් හදන්නේ.අගල් විස්ස තිහ ආදි වශයෙන් ගසෙහි වට ප්‍රමාණය මතයි මෙය තිරණය වන්නෙ. රුපියල් පහ,රුපියල් එකසිය පනහ,රුපියල් දෙදහස,රුපියල් පන්දහස හය දහස ආදි වශයෙන්  රබානක මිල නියම වෙනවා.මහන්සිය තරමට මිල කරන්න බෑ. ගාල්ල හික්කඩුවට,කතරගම තමයි රබන් ගෙනියන්නේ.

මම මේ රස්සාව නවත්තන්නේ නැතිව කරගෙන යනවා. ඉදිරියේ දි කොළඹ යාපනයටත් බඩු ගෙනියන්න හැකියාව තියනවා. ඒ සඳහා ආධාරයක් උපකාරයක් කරන්න හැකි රාජ්‍ය ආයතනයක් හෝ පුද්ගලයෙක් වෙනවා නම් හොදයි. සහයෝගයක් සහනාධාරයක් ලබා දෙන්නේ නම් රබන් පද රබන් හඬ වාගේම රබන් සකස් කරන ජනතාවගේද  ජීවිතය සරු කර ගත හැකි අතර අපගේ සංස්කෘතියද ආරක්ෂා වෙන ගමන් රැකියා කිහිපයක් ද සකසා ගැනීමට හැකි බව දැනට රබන් කර්මාන්තයේ යෙදෙන කලාකරුවනෙගේ අදහසයි.

රබාන මේ රටේ දේශපාලනයට පැමිණි අවස්ථා බොහෝමයකි. වර්තමාන ජනාධිපතිවරයා ද වරක සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී උත්සවයක දී අත් රබානක් වාදනය කරමින් අපුරු රබන් පද කිහිපයක් ගායනා කරන ලදී. එසේ වර්තමාන අගමැතිවරයා ද රබන් ගැසු අවස්ථාවක් අප මතකයට නැගේ.

එවන් රබානට පණ දීමට රබන් කර්මාන්ත කරුවන් රැක ගැනීම සිදු කල යුතුය. ඒ සඳහා නව පාලනයෙන් හෝ විශේෂ කාරියක් සිදුවන තෙක් රබන් කර්මාන්ත කරුවන් පසුවෙනවා.

Latest Posts

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...