හඬ මෙන් මිහිරි නොවු කොවුලා

විශේෂාංග
Typography

ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන කොවුල් හඩෙන් සිංහල දෙමළ සියලු ජාතින්ගේ සිත් ප්‍රබෝධමත් වන්නේ අවුරුද්දේ පිණිවිඩය රැගෙන ආ බවයි

. රෑපය  කෙසේ වෙතත් හඩේ ඇති මිහිරි බව ඉතා අගනේය.කොහා අපට අවුරුදු රැගෙන ආවද  කොවුලන්ට නමි අවුරුදු නොමැති බව කියෙවෙන්නේ උන්ගේ ජිවන රටාව අධ්‍යනයේදීයගකොහාගේ නැතහොත්  කොවුලාගේ තොරුතුරු සොයා යන ගමනේ  කොහාගේ වර්ණය මෙන් ඒ ගමන කළුපාට නොවේ. එය සත්තකින්ම කෝකිලයාගේ නාදයටත් වඩා රසවත් බැව් කීවාට  වරදක් නැත.

අතුරු මිතුරු දඹදිව තුරු
ගහවැල මල්ලන පියකරු
කොවුල් ගීත සරින් මියුරු
අවුරුදු ඇවිදින් සමිතුරු

 ගම්දොරින් ඈත්ව දුර දෙස්හි ගිය නෑසිය දූදරුවෝ ගම් බලා පැමිණෙති. නවම් මැදින් දින කුඹුරු කපා ගෙන අවසන් යග අලුත් වී කොටා කැවිලි පෙවිලි සාදා ගෙන නෑදෑයන් සමඟ ජීවිත් වීමට ගැමියා සූදානම් යග ගම් දරුවන්ගේ සෙල්ලම් පිටිටනි වෙනුවට පාවිච්චි කිරීමට කුඹුරු යාය හිස්ව පවතී.එක යායට සැදි වෙල් යාය සීමා තබා දෙපෙළට සැදී පන්දු ගැසීම චිරාගත සිරිතකි. මේ අවුරුදු කාලය බව කියන කොහා‍ගේ හඬ තුරු වදුලෙන් නොනවත්වා නැ‍ඟෙයි.
 අවුරුදු පැමිණි බව අපට මුලින් ම කියන්නේ කොහායි.මේ නිසා අවුරුදු සමයේ කොහාට හිමි වන්නේ ප්‍රමුඛ  ස්ථානයකි. අනෙක් අවුරුදු කුරුල්ලන් වන අවිච්චියා, සුදුරෙදි හොරා, ගිනි හොරා වැනි කුරුල්ලන් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගැනීමට කොහාට හැකි වී තිබේ.කෝකිලයා,කොවුලා,කොහා යන ඕනෑම සිංහල නමකින් හඳුන්වන මේ කුරුල්ලාට දෙමළ භාෂාවෙන් හදුන්වන්නේ  ර්‍ණකූයිල්” හෝ  ර්‍ණකූසිල්”යනුවෙනි. ඉංග්‍රිසි භාෂාවෙන්  ර්‍ණකොඒල්” (KOEL)  යනුවෙන් හඳුන්වන කොහා  ර්‍ණකුකුලිපෝමේස්” (CUCULIFORMES) ර්‍ණකුකුලිඩේ” (CUCULIDAY)  පවුලට අයත් අතර,  ර්‍ණකියුකියුලුස් ස්කොලොපේසියුස්”(CUCULUS SCOLOPACEUS) සත්ව විද්යාත්මක නාමයෙන් හඳුන්වයිග.

නවම් මාසය ආරම්භයේ සිට කොහාගේ මිහිරි ගී නාදය දසත පැතිරෙන අතර, එය පොසොන් මස ගෙවී යන තෙක් ම අසන්නට ලැබේ. පක්ෂීන් අතර විශේෂ පක්ෂියෙක් වන කොහාගේ අනෙක් විශේෂත්වය නම් උගේ මිහිරි නාදය අසන්නට ලැබුණත් සිටින දිශාවක් දැන ගැනීමට නොලැබීමයි.මහ වනයේ හැසිරීමට කිසිසේත්ම ප්‍රියතාවයක් නොදක්වන කොහා වැඩි වශයෙන් ගෙවතු,උද්යා්න, ගංගා,ඇල දොළ ආශ්‍රිතව තුරු වදුළුවල ජීවත් වේ. කොහා මාදන්, හිඹුටු, අඹ වැනි පලතුරු ආහාරයට ගන්නා අතර, ඌ බොහෝ දුරට හැඩරුවින් හා පෙනුමෙන් කපුටෙකුට සමානය, නිල් මිශ්‍ර දිලිසෙන කළු පැහැයෙන් යුතු කොහා ගේ ගැහැණු සතාගේ පිහාටුවල දුඹුරු පැහැති පුල්ලි ඇති අතර,ගැමියෝ කෙවිලිය හැඳින්වීමට භාවිතා කළේ මල් කොහා යන නමයි, කෙවිලිය කපුටු කූඩුවේ බිත්තර දමන අතර කපුටන් ගේ ආධාරයෙන් පැටවුන් පෝෂණය කරන නිසා ම කොහා  "පරපුටු” ගණයට අයත් වේ.කෙවිලිය මේ අයුරින් කපුටන් ගේ පිහිටෙන් පැටවුන් පෝෂණය කිරීම ද සොබා දහමෙන් ම නිර්මාණය කර ඇත.

කෙවිලියගේ බිත්තරත්, කැවිඩියගේ බිත්තරත් හැඩයෙන් බොහෝ දුරට එක සමාන වන අතර, කෙවිලියගේ හා කැවිඩියගේ පැටවුන් බිහි කිරීමේ කාල සීමාව ද එක සමානය.සත්ව විද්‍යාඥ යන් පවසන පරිදි කෙවිලිය කපුටු කූඩුවෙහි බිත්තර දමන කතාව ද බොහෝ රසවත්ය.

කපුටු කූඩුව අසලට පැමිණෙන කොහා කපුටන්ට ඇසෙන්නට හා පෙනෙන්නට නාදකර උන් කේන්තියට පත් කරයි. එවිට කපුටන් කොහා පසුපස පියාසර කරන අතර කොහා කෙවිලියගේ අරමුණ ඉටු කිරීමට උවමනා නිසා බොහෝ ඈතට පියාඹා යයි.මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා කෙවිලිය කපුටෝ අසල නොමැති බව හොඳින් දන්නා නිසා කපුටු කූඩුවේ බිත්තර දමති. ඉන් පසු කැවිඩියෝ බිත්තර රකිති.බිත්තර වලින් පැටවුන් බිහි වූ පසුව පෝෂණය කිරීම ද කෙරේ. කොහා පැටියා වැඩෙත් ම නාදය නිකුත් කරන විට කපුටු දෙමාපියන්ට සිද්ධිය අවබෝධ කර ගැනීමට හැකි වේ. එවිට කපුටෝ කොහා පැටවුන් එළවා දමති.ඒ වන විටත් කොහා පැටවුන් වැඩී සිටින නිසා පියාඹා ගොස් දිවි රැක ගනී.
කෝකිල කුලයට අයත් වන කොහා පරපුටු පක්ෂියෙකු ලෙස සලකනු ලබයි. එනම් අන් පක්ෂීන්ගේ කූඩු වල බිත්තර දමයි.නමුත් ඔවුන්ගේ විශේෂ 3 ක් පමණ කුඩුව තමන්ම සාදාගෙන බිත්තර දමයි. විද්‍යාත්මකව කොහා Cuculidae කුලයට අයත් වේ.කෝකිල කුලයට අයත් පක්ෂීන් නම්, ගුරු කොහා, කවුඩු කොහා, උකුසු කොහා, පතන මල් කොහා, වයිර ගුරු කොහා, නිල්මල් කොහා, පුංචි කොහා,ගෝමර කොහා, ශ්‍රිලංකා වන රතු කොහා, ලෙසයි. අළු පාටට හිරු කොවුල් බිත්තර ප්‍රමාණයෙන්  මි.මි. 31-23 පමණ වේ. ලාකොළ පැහැති හොටක් ඇති  ශ්‍රි ලංකා වත රතු මල් කොහාගේ මුහුණ රතු පාට වේ. ශරීරයේ උඩු පැත්ත කළුවන් කොළ පැහැති වන අතර උදරය ප්‍රදේශය  සුදු පාට වේ. රතු මල් කොහා ලංකාවට අවේනික පක්ෂියෙකි.ප්‍රමාණයෙන්  23 cm පමණ වන කවුඩු කොහාගේ වලිගය කවුඩකුගේ මෙන් දෙකට බෙදී ඇත.


කොවුලා කොහෝ හඩ නංවා                සුපුරුද්දේ
පවසයි සොදුරු බර සුලමුල                   අවුරුද්දේ
සැරසී සැවොම කරමින් නව                 හරවද්දේ
පෙරමුණ ගනිමු ඇති කර කාහල              සද්දේ

ලංකාවේ ජීවත් වෙන කොහා කුරුල්ලන් ‍ගේ පවුලේ වංශ 14 පමණ දක්නට ඇත.ඉංග්‍රිසි භාෂාවෙන් Indian koel විදියට හැදින්වෙන මේ පක්ෂියාගේ විද්‍යාත්මක  නාමයEudynamys scolopacea වේ.කොහා වසර පුරාම දැකිය හැකි පක්ෂියෙකු වුනත් අප්‍රියල්  මාසයට විශේෂිත වේ. ලංකාවේ කොවුල් විශේෂ 14 පමණ වාසය කරනවා.කොහාලකොන්ඩ කොහා,උකුසු කොහා ,කෝන කොහා, රට කොහා ,පුංචි කොහා ,වයිරම් කොහා,හීන් කොහා, නීල කොහා,කවුඩු කොහා ,වත නිල් කොහා,වත රතු මල් කොහා,පහන් ඇටි කුකුලා, බටු ඇටි කුකුලා ,ගෙවතු ඇටි කුකුලා කොහා පවුලේ එම විශේෂ 14  දැකිය හැකියි.

අවුරුදු කොහා

අවුරුදු කොහා නමින් හැදින්වෙන මෙම කුරුල්ලාගේ නාදය අවුරුදු සමය  ලං වන විට අනිවාර්යෙන්ම අසන්නට ලැබෙනවා.මේ පක්ෂියා කොවුලා විදියටත් හැදින්වේ.

"පිරිමි" අවුරුදු කොහා

කොවුලාගේ පිරිමි පක්ෂියා තද නිල් පැහැයට හුරු කළු පාටින් යුක්තයි.උගේ දෑස් දිදුලන රතු පාටය.මිහිරි නාදය නගන්නේ පිරිමි පක්ෂියාය.කෙවිලිය හෙවත් කො‍හාගේ ගැහැණු සත්වයා දුඹුරු හා සුදු මිශ්‍රිත  ගෝමර පැහැයෙන් යුක්තයි.වසරේ අප්‍රියල්  අගෝස්තු කාල වකවානුවේදී බොහෝ විට කාලයේ බෙහෙවින් අහන්න පුළුවන්. එක් සහකාරියකට කොවුලන් අතර තරගයක් පවතින අවස්ථා තිබෙන බව හෙලිවන්නේ කෙවිලියන්ගේ ගහණය අඩුවන නිසා.

 අවුරුදු කොහා"ගැහැණු"

 කොවුලන්ගේ විශේෂ චර්යාමය ලක්ෂණයක් වෙන්නේ තමන්ගේම කියල කැදැල්ලක් එහෙමත් නැතිනම් කූඩුවක් හදන්නේ නැති එක.අන්පක්ෂීන්ගේ කැදලි තුල බිත්තර දමා පැටවුන්ද පෝෂණය කරවා ගන්නා බැවින් කොවුලා අප පෙර කී පරිදි  පරපුටු කියන නමින්ද හැදින්වේ.විශේෂයෙන්ම කපුටාගේ කූඩුවල බිත්තර ලෑම කොහාගේ සිරිතයි.කුඩා අවධියේදී කපුටු පැටවුන් හා කොහාගේ පැටවුන් එක සමාන බැවින් වෙන් කර හදුනා ගත නොහැකිව කපුටන් විසින්ම කොහො පැටවුන්ද පෝෂණය කරති.

වත රතු මල් කොහා

අලංකාර පක්ෂියෙකු වන රතු මල් කොහා තෙත් කලාපයේ ඉතා උස් ශාඛා සහිත වනාන්තර වල දැක ගත හැකිය.පලතුරු මෙන්ම කෘමීන් වර්ගද ආහාරයට ගන්නා මල් කොහා කුඩා රංචු වශයෙන් වාසය කරන්නට ප්‍රිය වෙනවා.ජනවාරි හා සැප්සැම්බර් මාස අතර කාලයේ තමන්ම සාදාගන්නා කූඩුවක බිත්තර දමයි.මුහුණේ රතු පැහැය නිසා වත රතු මල්කොහා යන නාමය මෙම පක්ෂියාට හිමිවී තිබෙනවා.උගේ උදර ප්‍රදේශය සුදු පැහැයක් ගන්නා අතර පෙදයේ අග පැහැයත් සුදු පැහැයෙන් යුක්තයි.

හිස් මුදුන අදුරු අළු පැහැයකින් යුතුවන අතර වයිරන් සලකුණ දක්නට ඇත.එමනිසා අලංකාර පක්ෂියෙකු විදියටත් හැදින්වේ.
රතු මල් කොහා[Sri Lanka Red Faced Mal Koha]සත්ත්ව විද්‍යාත්මක  නම-phaenicophaeus Pyrrhocephalus  ඉතා සුන්දර කුරුල්ලෙකි.මොවුන්ගේ ගැහැණු සතා සහ පිරිමි සතා බාහිරින් බොහෝසෙයින් සමානය.මුහුණ දීප්තිමත් රතු පැහැතිය. ඇස වටා රතු කවාකාර ලපය වටා සුදු ලපයක් දැකිය හැක්කේ ගැහැණු සතාගේය. පිරිමි සතාගේ මෙම කලාපය දුබුරු පැහැතිය.හොට ලා පැහැයට හුරු ලා පාටය.දිග පියාපත් කෙලවර සුදු පාට දැකිය හැක. වැඩුනු වත රතු මල් කොහා 45 cm  පමණ වේ. මෙම පක්ෂියා කුඩා කණ්ඩායම් වශයෙන් හෝ ජෝඩු වශයෙන් ජිවත් වීමට ප්‍රියකරයි. වේගයෙන් පියාසර කල නොහැකි පක්ෂියෙක් වන අතර පියාබන විට සිහින් ශබ්දයක් ඇති වේ.ජනවාරි,මැයි සහ අගෝස්තු ,සැප්තැම්බර් කාල  වලදී බිත්තර දමයි. වරකට බිත්තර දෙකක් හෝ තුනක් දැමීම සිදු කරයි.

කැදලි නො සාදන්නන් පරපුටුවන් සේ හඳුන්වති.කැදලි සාදන කොහා වර්ග 03 ක් ලංකාවේ සිටිති. කූඩු සාදාල බිත්තර දමාල තම උණුසුමෙන් පැටවුන් බෝකරන එම කුරුල්ලන් හඳුන්වන්නේ මතු සඳහන් නම් වලින් ය.1 වතරතු මල් කොහා Sri Lanka Red Faced Malkoha,  2 වතනිල් මල් කොහාBlue Face Malkoha, 3 පතන් මල්කොහා Sirkeer Malkoha.

වතරතු මල්කොහා ලොවෙන්ම මෙරටට තුන්වැනි (ආවේනික) කුරුල්ලෙකි. වනාන්තර වල උඩු වියනේ හැසිරෙයි.කුරුලු නඩවල සුලබ කුරුල්ලෙකි. කුරුලු නඩ දැකීමට ලැබෙන්නේ, සිංහරාජය, සමනළ කන්ද,කන්නෙලිය වැනි සදාහරිත වනාන්තරවලය.කැළෑවේ දිවා කාලය ඉතා අඩු නිසා කුරුලු වර්ග ගණනාවක් කෑමබීම සොයා සාමුහිකව නඩයක් සේ ගමන් කරයි.වතරතු මල්කොහා බිත්තර දැමීම සඳහා ඇරුණු කූඩුවක් සාදයි.කෝටු සහ කොළ අතු ගෙන ගසක කඳ සමීපයේ රිකිල්ලක එය සාදයි. බිත්තර 2 –3 පමණ දමයි. අවුරුද්දේ මුල් කාලය සුවඳ සමයයි.

වත නිල් මල් කොහා වියලි කලාපය පුරා දැකීමට ලැබෙන කුරුල්ලෙකි.තෙත් කලාපයේ හැසිරෙන බවට වාර්තා නැති තරම් ය.ශරීරය කොලවන් අළු පැහැතිය.මුහුණ නිල් ය. නිතරම පඳුරු තුළට වැදී සිටීම නිසා දැකීම අපහසු ය. ඇරුණු කූඩුවක් තමන් විසින්ම තනා ගනී.කෝටු එක්කර ගසක රිකිල්ලක කැදැල්ල සාදයි. බිත්තර දෙකක් හෝ තුනක් දමයි. වියළි කලාපයේ වැටවල් අද්දර හා වනාන්තර සීීමා වලදී නිතර දැකීමට ලැබේ.

පතන් මල්කොහාඇටිකුකුළාට බොහෝ සමාන වූ කොහා රටාසමයෙකි. පතන් ඇටිකුකුළා ලෙස ද මෙම කුරුල්ලා නම් දරයි. වන ලැහැබ අතර සැරි සරමින් ආහාර සොයයි.බිත්තර දැමීම සඳහා ඇරුණු කූඩුවක් සාදයි. ගස් වල මීටර් 3 –4 උසින් සාදන මෙම කූඩුව කෝටු සහ කොළ යනාදියෙන් සකස් කර ගත්තකි.ඌව කලාපයේ වැඩිපුරම හමුවේ. මාදුරුඔය, උඩවලව යන ප්‍රදේශ වලින්ද වාර්තා වේ.කොහා රටාසමයන් අතර, වසරක් පාසා මෙරටට පැමිණෙන කුරුල්ලන් තිදෙනෙක්ද සිටිති. පුංචි කෝකිලයා, උතුරු ඉන්දියාව,හිමාලය යන ප්‍රදේශයෙන් පැමිණෙන කුරුල්ලෙකි. කුසළු ගුරු කොහා තවත් පර්යටන පක්ෂියෙකි. ඉන්දියාවේ සිට මෙරටට පර්යටනය කරයි. තඹලපිය කොණ්ඩ කොහා අනෙක් කුරුලු විශේෂයයි. ටිබෙටය, උතුරුල ඉන්දියාව වැනිප්‍රදේශවල සිට මෙරටට පියාසර කරයි.

Latest Posts

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...