මාදුළුවාවේ සෝභිත තෙරණුවන්ගේ ආදාහනෝත්සවයට දිනකට පෙර එනම් පසුගිය බදාදා උදේ පොලීසිය ගංගොඩවිල උසාවියට ගොස් උන්වහන්සේගේ වැඩිමහල් පැවිදි ශිෂ්‍යයා වන වතුරුවිල ධම්මාලෝක තෙරණුවන්ට විරුද්ධව උසාවි නියෝගයක් ලබා ගත්තේය.

Read more ...
Write comment (0 Comments)

සීතල ඉල් මහ ගිනියම් කළ ඒ අඳුරු යුගයේ සිදු වූ අමිහිරි සිදු වීමක් පිළිබඳව ඉන් වසර 26ක් ගෙවී ගිය තැන හෙළිදරව් කර ගැනීමට අපට පුළුවන් වුණා. එකී පුවත අසා හෘදයක් සහිත වූවන්ගේ රක්ත ලෙය පවා උණු වී හද කම්පා විය හැක.

Read more ...
Write comment (0 Comments)

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩව 2010 ජනවාරි 24 දින පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳව මා විසින් ‘සත්හඬ’ පුවත්පත හරහා සමාජගත කරන ලද සියලූ තොරතුරුවල මූලාශ‍්‍රය වූයේ, රජයේ බුද්ධි අංශ මඟින් මා ලබා ගත් තොරතුරුය.

Read more ...
Write comment (0 Comments)

මඟ හැරුණු හා මඟ හැරීමට නියමිත බොහෝ දේවල් පිළිබඳ රහස් බොහොමයක් පපු කුහරයේ රඳවා තබාගෙන නිහඬව සුසුම් හෙළනා තවත් එක් නොවැම්බරයක් දැන් නැවතත් අප ඉදිරියේ ජීවමානය. මේ නොවැම්බර් මාසය හරි සීතලය. රෝම කූප කීරි ගැස්වීමෙන් නොනැවතී ඇට මිදුළු පවා ගල් ගස්සවනසුලූය. හාත්පසින් නොනවත්වා ඇද හැලෙන මහා වරුසාවේ සීතල ග‍්‍රහණයට යටත් නොවී දෑත් එකිනෙක පිරිමදිමින් උණුසුම උපදවා ගත යුතු තීරණාත්මක නිමේෂයක් එළැඹ ඇති වග හැම දෙනාටම නැතත් කිහිප දෙනකුට හෝ ඒත්තු ගොස් තිබිය යුතුමය. එහෙයින්ම සීතල නිදි ගැට බිඳිමි. දෑත් පිරිමදිමින් උණුසුම උපදවීමට වෙර දරමි. අතීත මතක වෙත එබෙමි. ඒ බැල්ම එක් නිශ්චිත අවකාශයක තිරිංගලා නතර කෙරුණු පසු ඔහු දෙසම බලා ඉමි.

ලලිත් කුමාර් වීරරාජ් !

ඔහු අන් කිසිවකු නොව මීට සිව් වසරකට පෙර තවත් එක් සටන් සගයකු සමඟ අපෙන් වෙන් කෙරුණු ඒ සොඳුරු මිනිසාය. අඳුර දුරු කළ යුතු යැයි අපේක්ෂා කරන යුගයක අඳුර තව තවත් දලූලා වැඩෙද්දී සොඳුරු මිනිසුන් ගැන මතක ආවර්ජනය ඇතැමෙකුට රුදුරු හී සර තුඩක් සේ දැනෙන්නට පුළුවන. නමුත් තියුණු අසිපතකින් කපා බිම හෙළා වළලා සත්‍යය කොතෙක් නම් කාලයක් රළු පසට යට කර තබන්නද? මේ නොවැම්බරය උදා වන්නේම ලලිත් ගැන මතකය අපේ දෑස් මතට ඇඟිල්ලෙන් අනිමින්ය. එවිට අපි නෙතින් හඬා නොවැටී සත්‍යය සොයා පීරා සටන් වැදිය යුතු වෙමු.

ලලිත් තවමත් ජීවතුන් අතර සිටින්නේ නම් මේ නොවැම්බර් මස පළමු වන දාට එළැඹෙන්නේ ඔහුගේ තිස් හතර වන උපන් දිනයයි. නමුත්...?

‘‘මගේ පුතා ඉන්නවද නැද්ද කියන එක ගැන කවුරුවත් මට මොකුත් කියන්නේ නැහැ. කුගන් පුතා අතුරුදන් වුණෙත් මගේ පුතා එක්ක ගිය නිසයි. මට හොඳටම විශ්වාසයි මගේ පුතා කොහේ හරි තැනක ඉන්නවා කියලා. මගේ ජීවිතේ තව හුඟක් දිග නැහැ. කොහේ හරි ඉන්න තැනකින් මට එයාව හම්බ වෙන්නයි ඕනේ. මේ නොවැම්බර් පළමු වන දා මගේ පුතාගේ තිස් හතර වන උපන් දිනය.’’

පියකු තම පුතා පිළිබඳව නගන අයිතියේ කටහඬ එසේ මතු වන්නේ හදවතේ ගැඹුරුතම තැන් කම්පනය කරවමිනි. ඉඳ හිටෙක කලාතුරකින් පුතුන් වෙනුවෙන් පියකුගේ නෙතින් ගිලිහෙන කඳුළු බිංදුවකට ඇත්තේ අප‍්‍රමාණ වටිනාකමකි. ඒ වටිනාකම තනිකමට පර්යාය පදයක් ලෙස යොදා ගන්නා මෙන් මම ඔබට යෝජනා කරමි.

‘‘මගේ බිරිඳ මිය ගියේ මීට අවුරුදු ගණනාවකට කලින්. පුතා අතුරුදන් වුණාට පස්සේ මගේ අම්මා සාත්තර බල බලා, කල්පනා කර කර ඉඳලා අංශභාග රෝගියෙක් වුණා. මට හිටියේ එක පුතයි දුවලා හතර දෙනයි. මට මානසික ආබාධයකින් පෙළෙන නංගී කෙනෙකුත් ඉන්නවා. එක දුවෙක් අව්වාහකයි. ඒ දෙන්නත් මගේ අම්මාත් බලා ගන්න හයියට හිටියේ පුතා විතරයි.’’

ලලිත් කුමාර් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යා මණ්ඩල සේවකයකු ලෙස සේවයට එක් වූයේ 2000 වසරේ දී පමණය. එහි සේවය කරන අතරතුර ඔහු සරසවියේ ශිෂ්‍ය සංගමය සමඟ සමීපව කටයුතු කළේය. එහි දී ඇති වූ හැඳුනුම්කම්වල ප‍්‍රතිඵලයක් ලෙස ඔහුු පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ප‍්‍රවාහය සමඟ එකට එකතු විය.

‘‘පුතා විශ්වවිද්‍යාලයේ රස්සාව කරද්දී දේශපාලනය කරන්න ජේවීපී එකට එකතු වුණා. පස්සේ ඒකෙන් අයින් වෙලා පෙරටුගාමී කට්ටිය එක්ක ඉද්දී තමයි එයා අතුරුදන් වුණේ. අතුරුදන් වෙන්න සති දෙකකට විතර කලින් ජේවීපී එකේ කිහිප දෙනෙක් අපේ ගෙදරට ඇවිත් කිව්වා ‘ලලිත් දැන් පක්ෂෙන් ඉවත් වෙලා ඉන්නේ, එයා යාපනේ ගිහින් කරදරයක් වුණොත් වගකීමක් ගන්න බැහැ’ කියලා. එයා යාපනේ ගියේ ජේවීපී එකේ ඉද්දි. මගේ පුතා යාපනේ අතුරුදන් වූවන් හොයන්න වැඩ කළා මිසක් නරක දෙයක් කළේවත් රජයට විරුද්ධව වැඩ කළේවත් නැහැ. රට අල්ලන්න ගියෙත් නැහැ. මම සමහර වෙලාවට පුතාට කියනවා ඔය දේශපාලන වැඩ නවත්තලා පාඩුවේ රස්සාව කරන් ඉන්න කියලා. එතකොට පුතා කියන්නේ එහේ ඉන්නේ අපි වගේම අසරණ වුණ මිනිස්සු, අපි ඒ අය වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ’ කියලා.’’

2009 මැයි මස 19 වන දායින් පසු දකුණේ සමාජය පස්වනක් ප‍්‍රීතියෙන් ඔද වැඞී සිටිය දී උතුර බලා ගමන් කරන පළමු නැවෙන්ම උඩුගං බලා යෑම සඳහා ලලිත් නැව් නැගුණේය. ඒ 9 මාර්ගය නැවත විවෘත කිරීමටත් පෙරය. ඒ වන විට ඔහු ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන සමාජිකයකු බවට පත්ව සිටියේය. බිඳුණු තල් ගස් හා වෙඩි බෙහෙත් පුසුඹ සුළඟ අතරින් උතුරට පා තබන ලලිත් ටික කලකින්ම ඒ සමාජය තුළ ප‍්‍රබලයකු බවට පත් විය. ඔහුට පැවරී තිබූ වගකීම වූයේ අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීමයි. ඔහු ගෙයින් ගෙට යමින් නොපිරිහෙළා ඒ වගකීම ඉටු කළේය. ඔහුගේ එම කි‍්‍රයාව එවකට ආණ්ඩු කෙරූ සමහරුන්ගේ දෑස් ඉදිරියේ දැල්වූ රතු එළියක් බඳු විය.

‘‘මම නැති අතරේ කිහිප වතාවක්ම රහස් පොලීසිය ඇවිත්. ඔවුන් අසල්වැසි අයට පවා කියලා ගිහින් තිබුණා ‘ලලිත් දේශපාලනය කළාට කමක් නැහැ, හැබැයි යාපනේට එන්න එපා කියන්න’ කියලා. තව පාරක් මට කෝල් එකක් ආවා ‘ලලිත් යාපනෙන් අයින් කර ගන්නවද, නැත්නම් අපි අයින් කරන්න ද අහලා. ඒ හැම වෙලාවකම පුතා ගෙදර ආවම තියෙන අවදානම ගැන මම එයාට කිව්වා. පුතා කිව්වේ ‘නෑ තාත්තේ ! වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඉවර වෙලා මං පක්ෂෙන් අයින් වෙනවා’ කියලා. එහෙම ගිය පුතා තමයි තවමත් නැත්තේ’’

එක් වරක් උතුරේ පැවති පළාත් පාලන මැතිවරණයක දී ලලිත් යාපනයේ ජවිපෙ කණ්ඩායම් නායකයා ලෙස ද ඉදිරිපත් විය. එම මැතිවරණ ව්‍යාපාරය තුළ දී ඇති වූ යම් සිදුවීමක් නිසා වරක් ඔහු පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. ලලිත්ට කූගන් මුණ ගැසෙන්නේ එසේ පොලිස් අත්අඩංගුවට පත් වී රිමාන්ඞ් භාරයේ සිටිය දීය. එහි දී ඇති කරගත් හැඳුනුම්කම මත ලලිත් පිළිබඳව පැහැදෙන කුගන් ඉන් පසුව රිමාන්ඞ් භාරයෙන් නිදහස් වීමෙන් අනතුරුව ද ඔහු සමඟ දිගින් දිගටම කටයුතු කරන්නට පෙලඹෙයි. ලලිත් - කුගන් සබඳතාව ඇති වන්නේ ඒ අනුවය.

2011/12/10 වන දිනට යෙදුණ ලෝක මානව හිමිකම් දිනයේ දී අතුරුදන් වූවන් වෙනුවෙන් යාපනයේ දී වැඩසටහනක් සංවිධානය කිරීමට කටයුතු කළේ ‘අපි ශ‍්‍රී ලාංකිකයෝ’ සංවිධානයයි. ඒ වැඩසටහනේ සංවිධාන කටයුතු වෙනුවෙන් ලලිත් කොළඹ සිට යාපනයට පැමිණියේය. දෙසැම්බර් නව වන දා උත්සවයේ කටයුත්තක් වෙනුවෙන් ලලිත් යතුරු පැදියක නැගී පිටත්ව ගියේ තමාගේ හිත මිතුරු කුගන් සමඟය. ඒ ඔවුන් දෙදෙනා දුටු අවසාන වතාවය. එසේ ඔවුන් දෙදෙනා ගියා ගියාමය. නැවත පැමිණියේ නැත.

‘‘පුතා අතුරුදන් වෙලා දැන් අවුරුදු හතරක් වෙනවා. මම ළඟ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් මේ ගැන පරීක්ෂණ කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒ වගේම මම මේ ආණ්ඩුවටත්, ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් කියා සිටිනවා මේ ගැන සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. මේ ආණ්ඩුව දේශපාලන සිරකරුවන් වගේම අතුරුදන් වූවන් ගැනත් හොයන්න කටයුතු කරනවා මම දැක්කා. මගේ පුතා අතුරුදන් වූවන් සොයා ගන්න කි‍්‍රයා කළ කෙනෙක්. වෙනස තියෙන්නේ එතැනයි. ඒ හේතුව උඩයි එයා අතුරුදන් වුණේ. ඒ නිසා මේ සිදුවීම ගැන සාධාරණව කි‍්‍රයා කරන්න කියා මං ඉල්ලනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ ගැන වග කියන්න ඕනේ. මගේ පුතා අතුරුදන් වූවන් ගැන සෙවීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඉතාම කරදරයක් වුණා. ඒ නිසයි එයාට මේ වගේ දෙයක් සිද්ධ වුණේ. එයාව මඟට ඇරලවන්න ගිය කුගන් පුතත් අතුරුදන් වුණේ ඒකයි.’’

අවසානයේ ලලිත් අතුරුදන් වූවන් ගැන සොයන්නට ගොස් අතුරුදන් වූයේය. ඔහු සමඟ අතුරුදන් වූවන් සොයන්නට ගිය, ඒ වෙනුවෙන් උද්ඝෝෂණ කළ තවත් සමහරු සිටියහ. ඔවුන් උද්ඝෝෂණවල දී ලලිත් සමඟම එක පෙළට හිඳ ගුටි කෑහ. ඔළු පළා ගත්හ. ඉන්පසුව මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යා ගන්නට නොහැකිව මුහුණු පොතේ ඒ ඔළු පළා ගත් ජායාරූප ප‍්‍රදර්ශනය කර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැන ගත්හ. මේ රටේ දේශපාලනය නම් එහෙමය. නමුත් ලලිත් පමණක් නොව කුගන් ද තවමත් අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවේය.

මේ සීතල නොවැම්බරය ද ඉක්මනින් ගෙවී යනවා නිසැකය. එය අනෙකුත් මාස මෙන්මය. නමුත් ඒ මාසයන්හි ඉපැදුණු - මියැදුණු - අතුරුදන් වුණු මිනිසුන් පිළිබඳ මතකය එසේ ඉක්මනින් වියැකී යන්නට ඉඩ දිය හැකිද?

- කසුන් සමරතුංග

Write comment (0 Comments)

අප කල්පනා කළ යුත්තේ අපගේ දුව හෝ පුතා ගැන නොවේ. ඔවුන්ගේ යහපත ගැන නොවේ. ඒ දුවගේ පුතාගේ දරුවන් ගැනය. අපි අද ඉලක්කසහගත ලෙස වැඩ කළ යුත්තේ ඒ දරු මුනුබුරු මිනිබිරියන්ගේ කලදසාව ගැන කල්පනා කරමින්ය.

Read more ...
Write comment (0 Comments)

ලංකාවට බංකර් ඉතිහාසයක් තිබේ. ඒත් පෙර රජවරු සිටි සමයේ දී බංකර් තිබුණේ නැත. රාම රාවණා ප‍්‍රබන්ධ යුද්ධයේ දී ගුවනින් ගොස් බෝම්බ ප‍්‍රහාර වැනි දෑ එල්ල කළා යැයි කියවෙන නිසා ඒ කාලයේ බංකර් තිබුණා යැයි සිතන උපකල්පනය කළ හැකි මනස්ගාතයක් වන නමුත් තවම රාවණා පේ‍්‍රමීන් රාවණ බංකර් ගැන හෙළි කර නැත.

Read more ...
Write comment (0 Comments)

හරමානිස් යනු උපන්ගෙයි නූගතෙක්ය. ඔහු රක්ෂිතයේ ගසක් කැපුවේ ඉනිවැට තදකර හේන රැක ගන්නටය. හරමානිස් දන්න අප්පා මුත්තාගේ කාලේ පටන් කවුරුත් ඉනි කපාගත් තැනින් ඔහු ද ගහ කපා ගත්තේය.

Read more ...
Write comment (0 Comments)

පළමුවන සිදුවීම 
 
දිනය - 2015-10-15 
ස්ථානය - මහනුවර කටුගස්තොට පාර
එය මහා ධාරාණිපාත වර්ෂාවක් ඇදහැලූණ සන්ධ්‍යාවක් විය. මහනුවර නගර මධ්‍යයේ පටු මාවත් අතරින් වැහි වතුර නොනවත්වා දෝරෙ ගලමින් තිබුණි. සවස් භාගයේ පැවති පෞද්ගලික උපකාරක පන්තිය නිමා වීමෙන් අනතුරුව ෆාතිමා තම යෙහෙළියන් දෙදෙනා ද කැටුව වැස්ස අතරින් බස් නැවතුම වෙත පැමිණියේ හැකි තරම් ඉක්මනින් නිවස වෙත ළඟා වීමේ බලාපොරොත්තුව ඇතිවය.
එදින ෆාතිමාට සුවිශේෂී දිනයක් විය. ඇගේ දාහත් වන උපන් දිනය යෙදී තිබුණේ එදිනටය. තමන්ගේ පවුලේ උදවිය තමා වෙනුවෙන් කේක් ගෙඩියක් ද සූදානම් කරගෙන පුංචි උපන් දින සාදයක් පැවැත්වීමට ලකලැහැස්ති වී සිටින බව ඇය ඒ වන විටත් දැන උන්නාය. එබැවින් ඇගේ එකම අරමුණ වූයේ මහ වරුසාව මැද්දේ වුව ද හැකි ඉක්මනින් නිවස වෙත ළඟා වීමයි.
ෆාතිමා මිතුරියන් දෙදෙනා ද සමඟ කටුගස්තොට පාරේ බස් නැවතුම අසල රැඳී සිටියේ කටුගස්තොට බලා ගමන් කරන බස් රථයක් පැමිණෙන තෙක්ය. අධික වර්ෂාව නිසා මුළු මහා මාර්ගයම ජලයෙන් පිරී ගොස් වාරි මාර්ගයක් සේ දිස් වුණි. බස් නැවතුමට පිටුපසින් වූයේ අනාරක්ෂිත කානු පද්ධතියකි. ආරක්ෂක වැටක් හෝ වෙනත් කිසිදු ආවරණයක් නොවූ ඒ තුළ ඒ වන විටත් වැහි වතුර උතුර උතුරා දෝරෙ ගලමින් තිබුණි. ඒ ප‍්‍රමාණය කොතරම්ද යත් එක්විටම බැලූ බැල්මට එතැන කානුවක් ඇති බවටවත් කිසිම සලකුණක් නොවීය. මහනුවර නගරය පුරා එකතු වන වර්ෂා ජලය මහවැලි ගඟ වෙත මුදාහරින කානු පද්ධතිය වූයේ ද මෙයයි.
පිටුපසින් වූ කානුවේ මාරයා දත් විළිස්සමින් බලා හිඳිද්දී ෆාතිමා මිතුරියන් සමඟ සිනාමුසු මුහුණින් යුතුව යමක් කතා කරමින් සිටියාය. ඊට සුළු මොහොතකට පසු බස් රථයක් එතැනට ළඟා විය. ඒ බස් රථය තමාගේ ආසන්නයටම පැමිණි නිසා ෆාතිමා ආරක්ෂාව පතා අඩියක් පිටුපසට තැබුවාය. එය ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක නිමේෂය තීරණය කරන ඉරණම්කාරී අඩි තැබීමක් විය. ඊළඟ මොහොතේ දී එය සිදු විය! පය පැකිළුණ ෆාතිමා එකවරම කානුව තුළට ඇද වැටුණාය!
සිදු වූයේ කුමක්දැයි එකවරම තේරුම් ගැනීමට ඇගේ මිතුරියන් දෙදෙනාට පවා නොහැකි විය. ඔවුන් දෙදෙනාගේ කෑගෑම අසා අවට සිටි පිරිස් වහ වහා එතැනට රොක් වූහ. පිරිස එක්ව සොයා බැලූ මුත් කානුව තුළ ෆාතිමාගේ කිසිදු සලකුණක් දක්නට ලැබුණේ නැත.
ඉන් අනතුරුව ඔවුන් කානුව දිගේ පහළට දිව ගියේ කුමන හෝ තැනකින් ෆාතිමා යළි මතු වෙතැයි බලාපොරොත්තුවෙනි. බොහෝ දුරක් එසේ ගමන් කළ නමුත් බලාපොරොත්තු වූ ආකාරයෙන් එය එසේ සිදු වූයේ නැත. අවසානයේ මහවැලි ගඟට ආසන්නයේ ‘එළිෆන්ට් බාත්’ නම් ස්ථානයේ දී කානුව තුළින් ෆාතිමාගේ සිරුර එළියට මතු විය. ඒ වන විටත් ඇය හරියටම වසර දාහතක් වූ සිය කෙටි ජීවිත ගමනට නැවතීමේ තිත තබා සිටියාය.
තමන්ගේ උපන් දවසේම අවසාන ගමන් යන්නට දෛවය විසින් දැරියකගේ අවාසනාවන්ත ඉරණම තීන්දු කර දමා තිබුණේ එලෙසින්ය.
දෙවන සිදුවීම
 
දිනය - 2015-10-18
ස්ථානය - තංගල්ල, ගල්පොතුගොඩ කිරම ඔය ආසන්නයේ
දහතුන් හැවිරිදි ඉමාෂා සෙව්වන්දි දැරිය තංගල්ල රාහුල මහා විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය. පසුගිය 16 වන සිකුරාදා සවස පාසල නිමා වී ඇය නිවස වෙත පැමිණියාය. එදා දවස පුරාම ඇය නිවෙසට වී කල්පනා කළේ පාසලේ අධ්‍යාපන අවශ්‍යතාවක් වෙනුවෙන් ඊළඟ සතියේ රැගෙන යා යුතුව තිබූ රුපියල් පනහක මුදල සොයා ගන්නේ කෙලෙසින්ද කියාය. වැඩි ශක්තිමත් ආර්ථික තත්ත්වයක් නොතිබුණු අම්මාටත් තාත්තාටත් ඒ ගැන කියා කරදර කිරීමට ද ඇගේ හිතේ කැමැත්තක් තිබුණේ නැත. එබැවින් තමාම ඒ රුපියල් පනහ සොයාගත යුතු යැයි ඇය තීරණය කළාය.
කිරම ඔය ගලා බසින්නේ ඉමාෂාගේ නිවස අසලිනි. ඔය අසබඩ වැවෙන පලා කඩා මිටි බැඳ විකිණීම ගම්මානයේ සමහරුන්ගේ සිරිතය. එමඟින් අමතර ආදායමක් ලබා ගැනීමට ඔවුහු සමත් වූහ. තමාගේ අධ්‍යාපන කටයුත්ත සඳහා අවශ්‍ය වන මුදල ද ඒ ආකාරයෙන් ලබා ගැනීමට ඉමාෂා කල්පනා කළාය. ඒ අනුව පසුගිය 17 වන සෙනසුරාදා සවස් වරුවේ ඇය සිය පුංචි අම්මා ද සමඟ කිරම ඔය වෙත යන්නේ පලා ස්වල්පයක් නෙළා ගැනීමේ අදහසින් යුතුවය. නමුත් ඇයට පණ පිටින් ආපසු නිවස කරා යෑමේ අවස්ථාවක් හිමි වන්නේ නැත.
ඉමාෂා පුංචි අම්මා සමඟ ඔය අසල පලා නෙළමින් සිටිය දී එක්වරම ඔයේ ජල පහර වැඩි විය. ඉහළ සිට එකවරම ගලා ආ මහා ජල ප‍්‍රවාහයට මේ කුඩා දැරිය ක්ෂණිකවම ගොදුරු වූවාය. පුංචි අම්මාට යමක් සිතන්නටවත් කාලයක් ලබා නොදී ඉමාෂා ඔය පහළට ගසා ගියාය. ඒ අවස්ථාවේ දී ඒ අසලම ඇගේ මාමා සහ ඔහුගේ පුත‍්‍රයා මාළු බාමින් සිටියහ. සිය ඥාති දියණියට අත් වූ ඉරණම දුටු මාමා දෙවරක් නොසිතා ඇය බේරාගැනීම සඳහා ඔයට පැන්නේය. නමුත් ඔහුට ද කළ හැකි කිසිවක් නොවීය. ඔවුන් දෙදෙනාම රළ පහරට අසුව ගසාගෙන යන්නට විය. සිය පියාත්, ඥාති සොයුරියත් දෙස බලාහුන් පුත‍්‍රයා එවර ඔයට පැන්නේය. නමුත් ඔහුගේ ග‍්‍රහණයට අසු වූයේ තම පියා පමණි. ඔහු ඉතා අසීරුවෙන් පියා ද රැගෙන ඉවුර වෙත ළඟා විය. ඉමාෂා ඒ වන විට ද ඔයේ ජලය අතරේ අතුරුදන්ව සිටියාය.
එසේ අතුරුදන් වූ ඇගේ ප‍්‍රාණය නිරුද්ධ දේහය පසු දින සොයා ගත්තේ නාවික හමුදාවේ සහයෝගය සහිතවය. ඒ අනුව තවත් එක් දැරියකගේ ජීවිතය පිළිබඳව අවසන් තීරණය ද දෛවය විසින් එසේ ගනු ලැබ තිබුණි.
මේ සිදුවීම් දෙකම දරුණු ඛේදවාචක. දෙකම එකිනෙකට වෙනස් ප‍්‍රදේශවල, වෙනස් තත්ත්ව යටතේ, වෙනස් අත්දැකීම් තුළ සිදු වුණත් දෙකම දරුණු ඛේදවාචක. කිසි කෙනෙක් ප‍්‍රාර්ථනා නොකරන සිදුවීම්.
කෙනකුට මෙහෙම හිතෙන්නත් ඉඩ තියෙනවා. අපරාදේ! කානුව කොන්ක‍්‍රීට් දාලා වහලා තිබුණා නම්, අර දරුවට දෙන්න අම්මාගේ ළඟ රුපියල් පනහක් තිබුණා නම්, එහෙම නම් මේ වගේ විනාශයක් කවදාවත් නොවෙන්න ඉඩ තිබුණා.
ඔව්! හරිම සරලයි. හිත හදාගන්න බොහොම ලේසියි. කානුව කොන්ක‍්‍රීට් තට්ටුවකින් ආවරණය කරලා තිබුණා නම් නැත්නම් යකඩ වැටකින් වට කරලා තිබුණා නම් ෆාතිමා කවදාවත් කානුව ඇතුළට වැටෙන්නේ නැහැ. ඉමාෂාට දෙන්න ඇගේ අම්මා හරි තාත්තා හරි ළඟ රුපියල් පනහක් තිබුණා නම් ඇයට පලා කඩන්න ඔයට යන්න උවමනා වෙන්නෙත් නැහැ. වෙලාව තමයි!
නමුත් සැබෑ ඛේදවාචකය තියෙන්නේ එතැන නොවෙයි. ඔය සිදුවීම් ඔය විදිහට ඔතැන සිද්ධ නොවුණත් වෙන තැනක වෙන විදිහකට සිදු වෙන එක වෙනවාමයි. ඒ තුළින් නැවත නැවතත් මේ සමාජ, ආර්ථික, දේශපාලන ක‍්‍රමය පිළිබඳ සිතන්න අපිව පොලඹවනවා. නමුත් අපි ඒ ගැන ඇත්තටම හිතනවාද, නැද්ද? සැබෑ ඛේදවාචකය තියෙන්නේ අන්න එතැනයි.
අපි මේ දෙවන සිදුවීම පළමුවෙන්ම අරගෙන බලමු. පාසල් යන්න අවශ්‍ය කරන මුදලක් සොයා ගන්න පලා කඩන්න ගිය ගැහැනු දරුවෙක් ඔයේ ගිලිලා මැරෙනවා. එහෙම නම් එතැන වැරැද්ද දරුවට අවශ්‍ය කරන මුදල ලබා දෙන්න අපොහොසත් වුණ අම්මගෙයි තාත්තාගෙයිද? එහෙම නැත්නම් මව්පියන්ට කරදර නොකර මුදල් හොයාගන්න තීරණය කළ දරුවගේ සිතුවිල්ලේද? නැත්නම් කලින් නොදන්වා එකපාරට කඩාගෙන ආ විශාල ජල ප‍්‍රවාහයේද? එහෙම වෙන්නත් පුළුවන්. මොකද වංගෙඩියයි මෝල් ගහයි මිනීමරපු රටක් මේක. දරුවා පිළිබඳ නොසැලකිල්ල වගේ නොයෙක් නොයෙක් මානසික අල්ලස් කතන්දර කියලා කෙනකුට හිත හදාගන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් ප‍්‍රශ්නය ආපහු කැරකිලා එන්නේ පරණ පුරුදු තැනටමයි.
පාසලේ පහසුකම් ගාස්තුව ගෙවන්න  ඕනෙකමට (බැරිකමට) හොරෙන් පොල් කඩපු ළමයි ඉන්න සමාජයක් මේක. නැති බැරිකමට පාසලට දාගෙන ගිය කැඩුණු රබර් සෙරෙප්පු කුට්ටම මාලයක් විදිහට හදලා ළමයාගේ බෙල්ල වටේ දැම්මෙත් මේ සමාජය ඇතුළෙම තමයි. තවත් මේ වගේ වැලක් වුණත් කියාගෙන යන්න පුළුවන්. ඒ සිදුවීම් ඇති වුණා. නැති වුණා. මේ සිදුවීමත් ඇති වෙනවා. නැති වෙනවා. ඉදිරියටත් එහෙමයි. නමුත් ඒ සිදුවීම් අපට බල කරලා හිතන්න පොලඹවන පවතින ක‍්‍රමයේ ගැටලූව කියන ප‍්‍රශ්නය ළඟ දී අපි හැමදාම නිරුත්තරයි.
දැන් අපි පළමු වන සිදුවීම දිහා බලමු. ෆාතිමා කානුවට වැටිලා මිය යනවා. පත්තර, ටීවී, රේඩියෝ ඇවිත් එතැන පිරෙනවා. මිනිස්සු බොහොම ආවේගශීලීව කතා කරනවා. මහ නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය දිහාට ඇඟිල්ල දිගු වෙනවා. ඒ නිලධාරීන් ඇවිත් කානුව ඉටිකොළ වැටකින් ආවරණය කරලා යන්න යනවා. හැමදාම සිදු වුණ පැලැස්තර විසඳුම්! මේ ක‍්‍රමය ඇතුළේ ප‍්‍රශ්නයකට හැමදාම ලැබුණේ ඔය වගේ ඉටි කොළ විසඳුම් විතරයි. එතකොට වරද කාගේද? හේතුව ගැන තැකීමක් නොකර ඵලයට පමණක් ගල් ගසන සමාජ ක‍්‍රමයකින් අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන එකත් සාධාරණ නැහැ.
නමුත් දැන් අපට හිත හදාගන්න පුළුවන්ද? කානුව කොන්ක‍්‍රීට් එකක් දාලා වහලා තිබුණා කියලා හරි, අර දරුවාට දෙන්න අම්මාගේ අතේ රුපියල් පනහක් තිබුණා නම් කියලා හරි දැන් අපිට හිත හදාගන්න පුළුවන්ද? මං හිතන්නේ අපිට හිතන්න හුඟක් දේවල් තිබෙනවා. ඒ වගේම ජල රකුසා ලංකාවේ සිටින නිශ්ශබ්ද ඝාතකයෙක්. පිහිනීම දැන්වත් පාසල් විෂය මාලාවට ඇතුල් කරන්නේ නැත්නම් ජීවිත බේරා ගන්න ලංකාව අරාබියට ගෙනයන්න වෙනවා.
- කසුන් සමරතුංග 
Write comment (0 Comments)

කහවත්තේ කොටකෙතනින් ආරම්භ වී සේයාගේ සිට තාජුඩීන් දක්වා මරණ සම්බන්ධ අපරාධ පරීක්ෂණවලට අදාළව බොහෝ දෙනකු සිතා සිටියේ ඞී.එන්.ඒ. පරීක්ෂණයක් හරහා ඔප්පු කරගත් පමණින් වැරැදිකරුවන් එල්ලා මරන්නට යෝජනා කිරීම අතිසාධාරණයි කියාය.

Read more ...
Write comment (0 Comments)