වමට වැඩක් දුන්නේ කවුද යනුවෙන් ප්‍රශ්නයක් පසුගිය සති අන්තයේ කවුරු හෝ ඇසුවා නම් ලැබෙන්නට නියමිත පිළිතුර වූයේ රනිල් යන්නය. ඒ අගමැතිවරයා පසුගිය සතියේ වමට වැඩක් පවරා තිබුණු නිසාය. පවරා තිබුණු වැඬේ ඉතා වැදගත්ය. එය නම් මෙරට සංහිඳියාවට බාධා කරන ජාතිවාදී, ආගම්වාදී බලවේග මතවාදි තලයේ මැඩලීමය. නැතහොත් පරාජය කිරීමය. තම කැබිනට්ටුවේ වුව ජාතිවාදී බලවේග මතුවුවහොත් ඒවා නොපැකිලව මැඩලන ලෙස අගමැති වමේ නායකයන්ගෙන් ඉල්ලා තිබුණි. වම වෙනුවෙන් ආචාර්ය වික්‍රමබාහු එම ඉල්ලීම පිළිගෙන තිබුණි.

Read more ...
Write comment (0 Comments)

හරි කෙළින් වැඩ කරන්නට මේ සමාජයේ කිසිවකුටත් නොහැකිව තිබේ. ජනපතිටත්, අගමැතිටත් ඇමැතිවරුන්ට හා පොලිස්පතිටත්, නීතිපති දෙපාර්තමේන්තුවට හා පත්තරකාරයන්ටත් තවත් බොහෝ ආයතනවලටත් හරියටම හෘදය සාක්ෂ්‍යයට එකඟව වැඩ කිරීමට මේ යුගය තුළ හැකි වී තිබේද යන්න ගැන ඇත්තේ කුකුසකි. අපි එකිනෙකා අභිවාදනය පිණිස කෙළින් වැඩ කරන බව පවසමු. එහෙත් මේ හැම කෙනෙකුම බාහිර සමාජයෙන් වසංකරගෙන සිටින කොටසක් තිබේ. පත්තරකාරයා තමා මෙහෙයවන ප්‍රාග්ධනයෙන් සිදු වන බලපෑම ගැන ඇත්ත නොකියයි. ඒ නිසා 50%ක් පමණ හිතට විරුද්ධ දේ කිරීමට ඔහුට සිදුවෙයි. ජනපතිටත්, අගමැතිටත් පොලිස්පතිටත් මේ තත්ත්වය අදාළය. ඒ තිදෙනා මෙහෙයවන්නේ පත්තරකාරයා මෙන් දේශපාලන ප්‍රාග්ධනයකින් නොවිය හැකිය. එහෙත් මේ හැම කෙනෙකුටම තම වෘත්තීයට අදාළ ආචාරධර්ම රැකීම පිළිබඳ ප්‍රශ්න වැළක් මතුවෙයි.

Read more ...
Write comment (0 Comments)

ඛනිජ තෙල් සේවක වැඩවර්ජනය සම්බන්ධව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදහස් දක්වන අවස්ථාවේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපූරු කතාවක් කීවේය. ඒ “තෙල් ටැංකි සංකීර්ණය වතුරෙන් වෙන්කර ඇති බවත්, එය කියතකින් වෙන්කළ නොයුතු බවත්”ය. “එය එකට දමා විකුණාගත යුතු නම් එය විකුණා ගැනීම වෙනම කතාවක්” බව කියන්නට ද ඔහු අමතක කළේ නැත. ඛනිජ තෙල් සේවකයන් වැඩවර්ජනයට ගියෙත්, වරායේ තවත් වෘත්තීය සමිතියක් වැඩ වර්ජනයට යනවා කියන්නෙත් මේ විකිණිල්ලට එරෙහිවය. සැබැවින්ම එතැන දී නාමල්ගේ දේශපාලනය නිවැරැදිය. පියාගේ පාලන සමයේ විදේශීය ආයෝජකයන්ට ගිවිසුම් හරහා සින්නක්කරව දෙන්නට ගිය ස්ථාන බදු දීම ‘විකිණීමක්’ ලෙස නොකීවොත් නාමල්ට තාත්තාගේ වස්ත්‍ර ගැලවීම වළක්වන්නට නොහැකිය. තාත්තාව බේරාගන්න නම් නාමල් මීට වඩා කටයුතු කළත් ගැටලුවක් නැත. ඒ තාත්තාගේ සහ පුතාගේ සම්බන්ධය නිසාය.

Read more ...
Write comment (0 Comments)

දුම්රියේ අතීතය වර්තමානය හා අනාගතය පදනම් කරගත් දුම්රිය කෞතුකාගාර ලෝකයේ දුම්රිය මූලික කර ගත් උප සංස්කෘතීන් ඇති බොහෝ රටවල ඇත. ජාතික දුම්රිය කෞතුකාගාරය යැයි ඇඟිල්ල දිගු කොට පෙන්වීමට තරම් පරිපූර්ණ දුම්රිය කෞතුකාගාරයක් මෙරට මෙතෙක් ස්ථාපිත වී නොතිබුණ ද දුම්රිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය වෙනුවෙන්, මෙතෙක් ලොව විවිධ ස්ථානයන්හි ස්ථාපති කර ඇති ලෝක මට්ටමේ ජාතික දුම්රිය කෞතුකාගාර මගින් අපට බොහෝ දේ දැන ඉගෙන ගත හැක.

Read more ...
Write comment (0 Comments)

ඌවේ හදවත මියැදෙමින් තිබෙන බව දැන් ඔබට අමුත්තක් නොවේ. ඒ හදවත මියැදෙමින් සිටිය දී වේදනාවෙන් විලාප දෙන ඒ ශෝචනීය අඳෝනාව යට සැඟවගත් ඛේදනීය වූ ඉරණම් කතාවේ අක්මුල් සොයා ගිය ගමනක එක් නැවතුම්පොළක නතර වෙන්නට අපට ද අවකාශය ලැබිණි. ඒ පසුගිය දවසක TV දෙරණ නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුව කාලීන සංවාද මණ්ඩපයට එකතු වීමට ලද අවස්ථාවත් සමඟය.

Read more ...
Write comment (0 Comments)

මිනීමැරුමකට සැක කරන අයෙක් මම මිනීමැරුවා කියන්නේය. මරපු හැටිත් කියන්නේය. ඔහු නීතිඥයන්ට කියන්නේ මම මිනීමරපු බව අධිකරණය ඉදිරියේ ඔප්පු කරන ලෙස ය. 

Read more ...
Write comment (0 Comments)

නාවික හමුදාව මඟින් පැහැරගෙන ගොස් මරා දැමූ බව හෙළිදරව් වී ඇති තරුණයන් 07 දෙනෙකු ඉහත ඡායාරූපවල දැක්වේ. 2009 වසරේ සිට මේ සම්බන්ධව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුව මේ වන විට ඉදිරි තැනකට පැමිණ තිබේ. මීට අදාළව නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී. කේ. පී. දසනායක ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Read more ...
Write comment (0 Comments)

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගැනීමට පොලීසිය දරන ලද උත්සාහයක් පසුගිය 20 වැනිදා අසාර්ථක විය. සුදු වෑන් රථයකින් පැමිණි සිවිල් ඇඳුම් ඇඳගත් පිරිසක් මෙසේ රයන් ජයලත්ව පැහැර ගැනීමට උත්සාහ කර තිබිණි.

Read more ...
Write comment (0 Comments)

සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා නොකළ යුතු www.iVoice.lk වෙබ් වේදිකාව නිල වශයෙන් දියත් කිරීමේ උත්සවයට එක්වෙමින් ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)