ලංකාව හරි පුදුම රටකි. හැම වෙලාවේම පාහේ සුරුට්ටුව ඇතුල් පැත්තට පත්තු කරගන්නා රටකි. එවිට සිදුවන්නේ කිසියම් අවස්ථාවක කට පිච්චෙන එකය. වෙන රටවල නම් වංචා දූෂණවලට හෝ විශේෂයෙන්ම මිනිස් ඝාතනයකට චෝදනා ලද අයකු උසාවියට හෝ විනිශ්චය සභාවකට ප්‍රසිද්ධියේ කැඳවන අවස්ථාවක දී එම ස්ථානවල රොද බඳින යුක්තිය පතන ජනතාව කියන්නේ එක් දෙයකි.

Read more ...
Write comment (0 Comments)

නිලාවලි වෙරළ තීරයේ සිට කිලෝ මීටර් දෙකක් ඔබ්බෙන් පිහිටි "පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය" සංචාරක අකර්ශණය දිනා ගත් ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයකි. සාමාන්‍ය ජනතාව පරවි දූපත යනුවෙන් හදුන්වන්නේ එහි පිහිටි ගල් කුළු වලින් ගහණ නැගෙනහිර සහ බටහිර දෙපස පමණක් පටු වෙරළක් සහිත අක්කර පහක පමණ භූමියකින් යුතු කුඩා දූපතකි .

Read more ...
Write comment (0 Comments)

සූර්යයා සිය ආධිපත්‍ය පතුරවමින් නැවතත් මුළු දෙරණතම ගිනියම් කරමින් සිටී. හිරුගේ අණසකට යටත් වෙමින් වැව්, පොකුණු, ගංගා ජලය සිඳී ගොස් ඇත. ජලය හිඟකමින් අක්කර දහස් ගණනින් ගොවිතැන් පාළු වී ගොස් තිබේ. සිය ජීවනෝපාය අහිමි වීම නිසා කරකියා ගත හැකි දෙයක් නොමැතිව දහස් ගණන් ගොවීන් අසරණ වී සිටිති. ඒ, මේ මොහොත වන විට අප රටේ තත්ත්වය එයයි.

Read more ...
Write comment (0 Comments)

මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපයට කොපමණ ආදරේද? ඔහු චන්ද්‍රිකා සමයේ තමාට කවර මට්ටමේ කැපිලි කෙටිලි ආවත් පක්ෂය හැර නොගිය මිනිසෙකි. එහෙත් ඒ යුගය දැන් අවසන්ය. කොටින්ම පක්ෂයට ආදරෙන් දේශපාලනය කළ යුගය අවසන්ය. දැන් වැටී තිබෙන්නේ පක්ෂය මරා හෝ බලයට පත්වීමේ අරමුණ පෙරදැරිව වැඩ කරන කාලයයි. මම පක්ෂය කඩන්නේ නැත කියමින් මහින්ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවීමට මුල දී යටින් සහය දුන්නේය. දැන් ඔහු එළිපිටම එම පක්ෂය දෙකට කැඩීමේ ව්‍යාපෘතියක නිරත වෙයි.

Read more ...
Write comment (0 Comments)

අද තිබෙන්නේ මාක්ස් කියපුවා, කස්ත්‍රෝ කියපුවා ආදී වශයෙන් ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට තම නිර්දෝෂීභාවය වෙනුවෙන් පාවිච්චි කළ හැකි සමාජයකි. ඉතිහාසය මා නිදහස් කරනු ඇත යනුවෙන් රවී කරුණානායක කී කල අප කුමක් කරමුද? 2001 වසරේ දී පමණ මහ මැතිවරණයකට ඉදිරිපත් වුණු එක්තරා අවස්ථාවක දී රවී මෙවැනි දැන්වීමක් තම ප්‍රචාරක කටයුතු සඳහා නිර්මාණය කරගෙන තිබුණි.

Read more ...
Write comment (0 Comments)

හුණුවටයේ කතාව නම් නාට්‍යය නැරඹු ඔබට  “අප්පා උඹේ හොර දෙටුවා අම්මා හරිම කුණකටුවා” වූ නිසා ළමයාට සිදුවූ දේ මතක ඇතුවා නොඅනුමානය. මතකය නිවැරදි නම් කාටත් ඒ ගැටුමෙන් පසුව දරුවා අමතක විය. ගෘෂා නොහිටින්න ළමයාට කුමකින් කුමක්වේ දැයි හිතන්නවත් බැරිය.

Read more ...
Write comment (0 Comments)

වමට වැඩක් දුන්නේ කවුද යනුවෙන් ප්‍රශ්නයක් පසුගිය සති අන්තයේ කවුරු හෝ ඇසුවා නම් ලැබෙන්නට නියමිත පිළිතුර වූයේ රනිල් යන්නය. ඒ අගමැතිවරයා පසුගිය සතියේ වමට වැඩක් පවරා තිබුණු නිසාය. පවරා තිබුණු වැඬේ ඉතා වැදගත්ය. එය නම් මෙරට සංහිඳියාවට බාධා කරන ජාතිවාදී, ආගම්වාදී බලවේග මතවාදි තලයේ මැඩලීමය. නැතහොත් පරාජය කිරීමය. තම කැබිනට්ටුවේ වුව ජාතිවාදී බලවේග මතුවුවහොත් ඒවා නොපැකිලව මැඩලන ලෙස අගමැති වමේ නායකයන්ගෙන් ඉල්ලා තිබුණි. වම වෙනුවෙන් ආචාර්ය වික්‍රමබාහු එම ඉල්ලීම පිළිගෙන තිබුණි.

Read more ...
Write comment (0 Comments)

හරි කෙළින් වැඩ කරන්නට මේ සමාජයේ කිසිවකුටත් නොහැකිව තිබේ. ජනපතිටත්, අගමැතිටත් ඇමැතිවරුන්ට හා පොලිස්පතිටත්, නීතිපති දෙපාර්තමේන්තුවට හා පත්තරකාරයන්ටත් තවත් බොහෝ ආයතනවලටත් හරියටම හෘදය සාක්ෂ්‍යයට එකඟව වැඩ කිරීමට මේ යුගය තුළ හැකි වී තිබේද යන්න ගැන ඇත්තේ කුකුසකි. අපි එකිනෙකා අභිවාදනය පිණිස කෙළින් වැඩ කරන බව පවසමු. එහෙත් මේ හැම කෙනෙකුම බාහිර සමාජයෙන් වසංකරගෙන සිටින කොටසක් තිබේ. පත්තරකාරයා තමා මෙහෙයවන ප්‍රාග්ධනයෙන් සිදු වන බලපෑම ගැන ඇත්ත නොකියයි. ඒ නිසා 50%ක් පමණ හිතට විරුද්ධ දේ කිරීමට ඔහුට සිදුවෙයි. ජනපතිටත්, අගමැතිටත් පොලිස්පතිටත් මේ තත්ත්වය අදාළය. ඒ තිදෙනා මෙහෙයවන්නේ පත්තරකාරයා මෙන් දේශපාලන ප්‍රාග්ධනයකින් නොවිය හැකිය. එහෙත් මේ හැම කෙනෙකුටම තම වෘත්තීයට අදාළ ආචාරධර්ම රැකීම පිළිබඳ ප්‍රශ්න වැළක් මතුවෙයි.

Read more ...
Write comment (0 Comments)

ඛනිජ තෙල් සේවක වැඩවර්ජනය සම්බන්ධව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදහස් දක්වන අවස්ථාවේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපූරු කතාවක් කීවේය. ඒ “තෙල් ටැංකි සංකීර්ණය වතුරෙන් වෙන්කර ඇති බවත්, එය කියතකින් වෙන්කළ නොයුතු බවත්”ය. “එය එකට දමා විකුණාගත යුතු නම් එය විකුණා ගැනීම වෙනම කතාවක්” බව කියන්නට ද ඔහු අමතක කළේ නැත. ඛනිජ තෙල් සේවකයන් වැඩවර්ජනයට ගියෙත්, වරායේ තවත් වෘත්තීය සමිතියක් වැඩ වර්ජනයට යනවා කියන්නෙත් මේ විකිණිල්ලට එරෙහිවය. සැබැවින්ම එතැන දී නාමල්ගේ දේශපාලනය නිවැරැදිය. පියාගේ පාලන සමයේ විදේශීය ආයෝජකයන්ට ගිවිසුම් හරහා සින්නක්කරව දෙන්නට ගිය ස්ථාන බදු දීම ‘විකිණීමක්’ ලෙස නොකීවොත් නාමල්ට තාත්තාගේ වස්ත්‍ර ගැලවීම වළක්වන්නට නොහැකිය. තාත්තාව බේරාගන්න නම් නාමල් මීට වඩා කටයුතු කළත් ගැටලුවක් නැත. ඒ තාත්තාගේ සහ පුතාගේ සම්බන්ධය නිසාය.

Read more ...
Write comment (0 Comments)