දුම්රියේ අතීතය වර්තමානය හා අනාගතය පදනම් කරගත් දුම්රිය කෞතුකාගාර ලෝකයේ දුම්රිය මූලික කර ගත් උප සංස්කෘතීන් ඇති බොහෝ රටවල ඇත. ජාතික දුම්රිය කෞතුකාගාරය යැයි ඇඟිල්ල දිගු කොට පෙන්වීමට තරම් පරිපූර්ණ දුම්රිය කෞතුකාගාරයක් මෙරට මෙතෙක් ස්ථාපිත වී නොතිබුණ ද දුම්රිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය වෙනුවෙන්, මෙතෙක් ලොව විවිධ ස්ථානයන්හි ස්ථාපති කර ඇති ලෝක මට්ටමේ ජාතික දුම්රිය කෞතුකාගාර මගින් අපට බොහෝ දේ දැන ඉගෙන ගත හැක.

Read more ...
Write comment (0 Comments)

ඌවේ හදවත මියැදෙමින් තිබෙන බව දැන් ඔබට අමුත්තක් නොවේ. ඒ හදවත මියැදෙමින් සිටිය දී වේදනාවෙන් විලාප දෙන ඒ ශෝචනීය අඳෝනාව යට සැඟවගත් ඛේදනීය වූ ඉරණම් කතාවේ අක්මුල් සොයා ගිය ගමනක එක් නැවතුම්පොළක නතර වෙන්නට අපට ද අවකාශය ලැබිණි. ඒ පසුගිය දවසක TV දෙරණ නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුව කාලීන සංවාද මණ්ඩපයට එකතු වීමට ලද අවස්ථාවත් සමඟය.

Read more ...
Write comment (0 Comments)

මිනීමැරුමකට සැක කරන අයෙක් මම මිනීමැරුවා කියන්නේය. මරපු හැටිත් කියන්නේය. ඔහු නීතිඥයන්ට කියන්නේ මම මිනීමරපු බව අධිකරණය ඉදිරියේ ඔප්පු කරන ලෙස ය. 

Read more ...
Write comment (0 Comments)

නාවික හමුදාව මඟින් පැහැරගෙන ගොස් මරා දැමූ බව හෙළිදරව් වී ඇති තරුණයන් 07 දෙනෙකු ඉහත ඡායාරූපවල දැක්වේ. 2009 වසරේ සිට මේ සම්බන්ධව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුව මේ වන විට ඉදිරි තැනකට පැමිණ තිබේ. මීට අදාළව නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී. කේ. පී. දසනායක ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Read more ...
Write comment (0 Comments)

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගැනීමට පොලීසිය දරන ලද උත්සාහයක් පසුගිය 20 වැනිදා අසාර්ථක විය. සුදු වෑන් රථයකින් පැමිණි සිවිල් ඇඳුම් ඇඳගත් පිරිසක් මෙසේ රයන් ජයලත්ව පැහැර ගැනීමට උත්සාහ කර තිබිණි.

Read more ...
Write comment (0 Comments)

සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා නොකළ යුතු www.iVoice.lk වෙබ් වේදිකාව නිල වශයෙන් දියත් කිරීමේ උත්සවයට එක්වෙමින් ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

සියල්ල සිදුවෙමින් පවතින්නේ මන්දගාමීව ය. අලුත් ආණ්ඩුව බලයට පත්වන කාලයේ තිබූ උනන්දුව වෙනුවට දැන් දූෂණ විරෝධී ලේකම් කාර්යාලය අහෝසි කරන තැනට වැඩ හැදී අවසන් ය. එහෙත් වින්දිතයන්ට බලාපොරොත්තු අත්හළ හැකිද?

Read more ...
Write comment (0 Comments)

යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනය රටේ බහුලව අසන්නට දකින්නට ලැබෙන සාමාන්‍ය ඝාතනයක් හෝ ස්ත්‍රී දූෂණයක් නොවන බව එම ඝාතනය පිළිබඳ නඩු විභාගයෙන් පෙනී යයි. එම අපයෝජනය සහ ඝාතනය වීඩියෝගත කර විදෙස් රටකට විකුණා මුදල් උපයන වැඩපිළිවෙළක් අදාළ ක්‍රියාවලිය යට තිබී ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ. සාමාන්‍යයෙන් මෙබඳු දර්ශන මෙතෙක් අඩංගු වූවේ එබඳු චිත්‍රපට රූපගත කිරීම් සඳහා පෙනී සිටින නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ ක්‍රියාවලියක් ලෙස පමණි. එහෙත් ඒ තත්ත්වය පසුකර මෙම විෂයේ දී ලෝකය අතිශයින්ම බරපතළ සහ ම්ලේච්ඡ අවධියකට ගමන් කර ඇති බව විද්‍යාගේ සිද්ධියෙන් පැහැදිලි වේ. ස්ත්‍රීන් හෝ දැරියන් දූෂණය කර අනතුරුව ඝාතනය කිරීම රූගත කර අලෙවි කරන ව්‍යාපාරයක් ලෝකයේ වර්ධනය වීම මෙන්ම ලංකාවත් ඊට ගොදුරු වෙමින් තිබීම ඉතා බිහිසුණු තත්ත්වයකි.

Read more ...
Write comment (0 Comments)

ලෝකය සෑදී ඇත්තේ අම්මාගේ කිරිවලින් කියන්නේ බොරුවකි. එහෙම නම් ඒ අම්මලාට මේ විදියට උසාවි ගානේ රස්තියාදු වෙන්නට සිද්ධ වන්නේ නැත. ඒ අම්මලාට තමන් කිරි දී හැදූ දරුවන් ගෙදර එනතෙක් හූල්ලන්නට සිද්ධ වන්නේ නැත. අඩු තරමේ මැරූ බව දැන දැනත්, ඒ මිනීවලට අවසන් ගෞරව දක්වන්නටවත් නොහැකිව අඬන්නට සිද්ධ වන්නේ නැත.

Read more ...
Write comment (0 Comments)