දිගන ප්‍රදේශයෙන් ආරම්භ වී මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශවලටත් ජාතිවාදී ගැටුම් පැතිරෙමින් තිබුණු අවස්ථාවක සිංහල ගම්වලට මැදිව සිටි දෙහිගම, මුරුතලාව, කුරුගම හා දෙහිඅංග යන ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් ජනතාව තැති ගැනී සිටියහ.

Read more ...
Write comment (0 Comments)

මහනුවර සිදුවීම් නිසා මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස වලට සිදු කළ හානිය ගැන දැඩි අවධානයක් යොමු වෙමින් පවතිද්දී පෞද්ගලික දේපල,දේවස්ථාන සහ බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීම වළක්වමින් ඒවා ආරක්ෂා කළ සිංහල සහ මුස්ලිම් ආගමික නායකයන් සහ සාමාන්‍ය ජනතාව ගැන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි.

Read more ...
Write comment (0 Comments)

පසුගියදා සමාජ ජාල මාධ්‍ය අවහිර කරනු ලැබීමත් සමඟ මාර්තු අට වෙනිදා මධ්‍යාහ්නයේ පටන් රට තුළ සන්නිවේදන කටයුතු අඩාල වී ඇතැයි සමාජ ජාල මාධ්‍ය පර්යේෂක චානුක වත්තේගම පවසයි.

Read more ...
Write comment (0 Comments)

දියවැඩියාව යනු රෝග පහක එකතුවක් බවත් එම එක් එක් රෝගය සඳහා වෙන වෙනම ප්‍රතිකාර සැකසිය හැකිවනු ඇති බවත් විද්‍යාඥයින් පිරිසක් පවසති.දියවැඩියාව නොඑසේ නම් රුධිරයේ පාලනය කළ නොහැකි සීනි ප්‍රමාණය ඉහළ යාම සාමාන්‍යයෙන් ටයිප් 1 (type 1) සහ ටයිප් 2 (type 2) යනුවෙන් කොටස් දෙකකින් යුක්තය.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය, වගවීම සහ සංහිඳියාව සහතික කිරීමට ඉවහල් වෙන ජගත් අධිකරණ ක්‍රියාමාර්ගයක් කෙරෙහි යොමුවීම ඇතුළු වෙනත් විසඳුම් මාර්ග දෙස අවධානය යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් භාර කොමසාරිස් සෙයිඩ් රාද් අල් - හුසේන් කුමරු මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි.

Read more ...
Write comment (0 Comments)

1සුභ කාලයක් රටට එනවා-

චන්දන ප්‍රියන්ත

මෙවර කැබිනට් සංශෝධනය අළුත් මුහුණුවරකින් රට දිහා බැලීමට හැකි වෙන ලෙස ඇති කර ඇති බවත් ඒ පිළිබදව සුබදායීව බලන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් එලවළු මිළ පහත වැටිම නිසා එලවළු වගා කරන ගොවින් දැඩි අසිරුතාවයක ට පත්ව තිබේ.
මධ්‍යම කදුකරයේ මේ දිනවල පවතින දැඩි වියළි කාළගුණයත් සමඟම ජල උල්පත් සිදි යෑමේ අවධානමකට ලක්වි ඇති නිසා එලවළු වගාකරන ගොවින් තම වගාවන් වලට ජලය ඉසිමට නොහැකි නිසා දැඩි අසිරුතාවයකට පත්වි සිටියි.
මාස දෙකක පමණ කාලයක සිට මෙම දැඩි වියළි කාළගුණය පැවති අතර දින කිහිපයක් කඩින් කඩ වර්ෂාව පැවතුනත් එම වර්ෂා පතනය ජල උල්පත් පෝෂණය විමට තරමි ප‍්‍රමාණවත් නොවන බව එලවළු වගා කරන ගොවින් පවසයි.
පවත්නා තත්ත්වය හේතුවෙන් ප‍්‍රධාන ඇළදොළ ගංගා වල ගලා බසින සීමිත ජල ප‍්‍රමාණය ජල පොමිප යොදාගෙන තම එළවලූ වගාවට ජලය ඉසිෙමි කටයුතු සිදුකරන බවයි එම ගොවින් කියා සිටින්නේ.
තවද මේ දිනවල උඩරට එලවළු මිළ ඉතා පහළ මටිටමකට වැටිමට නිසා තමන් අර්ථික වශයෙන්ද ගැටලූ රැසකට මැදිහත්වි ඇති බව එම ගොවින් ප්‍රකාශ කරයි.
එසේම ඉල්ලූමට වඩා සැපයුම වැඩි නිසා මෙසේ ද එලවළු මිළ පහත වැටිමට හේතුවක් වී ඇති බව එම ගොවින් කියා මැසිවිලි නගයි.
තවද මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණයත් සමගම ජල පෝෂක ප‍්‍රදේශවල පිහිටි රක්‍ෂිත කිසියමි පිරිසක් විසින් ගිණි තැබිම නිසා ජල මුලාශ‍්‍ර සිදි ගොස් විශාල පරිසර හානියක්ද මේ දිනවල සිදුවෙමින් පවතියි.

Write comment (0 Comments)

‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි පොතෙන් අනූව දසකයේදී සිය අනන්‍යතාව තියුණු ලෙස සටහන් කරමින් කරළියට පැමිණි ජගත් රණතුංග,පසුගිය 18 ඊට නොදෙවෙනි තරම් තියුණුකමකින් යුතුව යළිත් වරක් සිය අන්‍යතාව නිහඬව සලකුණු කොට නික්ම ගියේය.

Read more ...
Write comment (0 Comments)

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය දිනවල සිදුකරන ලද ගවේෂණ ඔස්සේ කොළඹ ආශ්‍රිත මුහුදු තීරයේ තිබී ගිලී ගිය යාත්‍රා රාශියක තොරතුරු අනාවරණය වී තිබේ.

දෙහිවල ආශ්‍රිත මුහුදු ප්‍රදේශය මූලික කරගනිමින් ක්‍රියාත්මක කළ ගවේෂණයේ දී  ගිලී ගිය යාත්‍රා 20කට ආසන්න ප්‍රමාණයක තොරතුරු ලැබී ඇති අතර වසර 100කට වඩා පැරණි යැයි අනුමාන කළ හැකි යාත්‍රා මෙන්ම මෑතකාලීන ව ගිලී ගිය යාත්‍රා ද ඒ අතර පවතී.

මුහුදු පුරා විද්‍යා උරුමයන් රැසක් පවතින දකුණු මුහුදු තීරය මෙරට සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දී අතිශයින් වැදගත්වන අතර එහි පවතින ගල්පර හා දියවැල් හේතුවෙන් යාත්‍රා ගමනාගමනයට බාධා සහිත කලාපයක් වශයෙන් ද මෙම කලාපය පුරාවිද්‍යා පූර්ව ගවේෂණ ඔස්සේ හඳුනාගෙන තිබේ.

මෙහි සිදු කළ ගවේශනයේ දී  1871 වර්ෂයේ දී ගාල්ලේ දී මුහුදුබත් වී ඇති වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක  වූ රාජකීය තැපැල් නැවක් (Royal mail Ship) ලෙස සැලකෙන RMS Rangoon නෞකාවේ ශේෂ වූ කොටස් ගාලු වරායට නාවික සැතපුම් 7ක් දුරකින් මීටර් 30ක් පමණ ගැඹුරු මුහුදේ තැන්පත්ව තිබී සොයාගෙන තිබේ.

පර්යේෂණයට ලක් වූ බොහෝ යාත්‍රා මීටර් 25කට වඩා ගැඹුරු මුහුදේ තැන්පත් වී ඇති අතර, ලෝහ භාවිතයෙන් නිපදවා ඇති මෙම යාත්‍රා අතර විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකා මෙන් ම වාෂ්ප නෞකා ද, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වාෂ්ප නෞකා ද එන්ජින් බලයෙන් ක්‍රියාත්මක වූ බත්තල් ද වේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු විධිමත් කරමින් පුරාවිද්‍යා ගවේශන හා සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් හා විශේෂඥ සහාය ලබාදීමට පියවර ගත් අතර විශේෂයෙන් සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ යොදාගන්නා නවීන විද්‍යාත්මක ක්‍රමවේද හා උපකරණ භාවිතයෙන් ගිලී ගිය නෞකා සම්බන්ධ ව අවශ්‍ය පර්යේෂණ සිදුකිරීමට අවධානය යොමු කරන ලෙස ද උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ ද මැතකාලීන ව ගවේෂණ කටයුතු රැසක් මේ වන විට සිදුකරමින් පවතී.

මීට අමතරව මෙම ගවේෂණ වැඩසටහන යටතේ උනවටුන සංචාරක කලාපයට අයත් විශාල ගල්පර සහිත මුහුදු පත්ල පරීක්ෂා කිරීම, ඒ අවට ගිලී ගිය කුඩා යාත්‍රා ගවේෂණය කිරීම, Iron wreck 2 නම් නෞකාවේ තත්ත්ව පරීක්ෂණ කටයුතු ද සිදුකිරීමට අපේක්ෂිතයි.

මෙම සමුද්‍ර පුරාවිද්‍යා ගවේෂණ ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්ත රජයේ සහයෝගය ද  මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ලැබෙන අතර මෙරට පළමු සමුද්‍ර පුරාවිද්‍යා කිමිදුම් කණ්ඩායමක් ද මීට සමගාමීව බිහි කරනු ලැබේ.

මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකරන ලද ගවේෂණ මගින් හමු වූ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් භාණ්ඩ හා උපකරණ රැසක් මේ වනවිට ගාල්ල කොටුවේ ස්ථාපිත කර ඇති මුහුදු පුරා විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

news

Write comment (0 Comments)