සල්ලි මල්ලේ - මල්ලි එල්ලේ

Gossips
Typography

මැණික් විජේවර්ධන නිළියොම විතරක් රඟපාන චිත්‍රපටයක බරපතළ වැඩ ඇතුව ඉන්නවා කියල අපිට ආරංචි වුණා.

ඒ විතරක් නෙමෙයි, මැණික්ගෙ පෙම්වතා මැණික්ට සොනික් පොල්ලක් තියල කියලත් එහෙන් මෙහෙන්, වටින් ගොඩින් ආරංචි වුණා.

දිග දාන්නෙ නැතුව කියනවා නම් කතාව මේකයි. මැණික්ගෙ හිටපු පෙම්වතා මැණික්ව දාල ගිහින්. එහෙම වෙලා තියෙන්නෙ සම්තිං සම්තිං තිබිච්ච හංටිං හංටිං ප්‍රශ්න නිසාලුනේ.

ඒ කොහොම වුණත් මැණික් වැඬේ අතෑරලා නෑ... වැඬේ කිව්වෙ කසාදෙ වැඬේ... එයාම කියන විදිහට එයා හොයපුවා එහෙ මෙහෙ දුවපු හින්දා මෙදා සැරේ වැඬේ ගෙදරටම බාර දීලා.

ඒත් ඉතිං දැන් ටික කාලයක් තිස්සෙ එයාට හොයන පෙම්වතා තාම මීට් වෙලා නැතත් වෙඩින් එක නම් මේ අවුරුද්දෙ අවසාන කාර්තුවෙ දි කොහොමහරි ගන්නවමලු.

හෑ... මනමාලයෙක් නැතුව වෙඩිමක් ප්ලෑන් කරලා, දිනත් දාගෙන කියලා ගිනස් වාර්තාවක් තිව්වා වගේ කට ඇරන් පුදුම වෙන්න එපා ඉතින්... එහෙම දේවල් වෙනවා. සල්ලි හෙල්ලෙනකොට මල්ලි එල්ලෙනවා සත්තයි...

Latest Posts

Face Book Setup 01