සීනි කොහෙ තිබුණත් කූඹි වහනවා ඕයි...

Gossips
Typography

මංජුලා කුමාරි, කවුරුත් දන්න විදිහට ඕලුමේ දවස්වල ඉන්නෙ ටිකක් විතර කලකිරීමෙන්. ඒකට හේතුව මංජුලාගෙ පවුල අවුල් වුණා කියල පහුගිය ටිකේ මීඩියාකාරයො උඩ පැන පැන ගහපු ගොසිප් කතන්දර හින්දා.

කොහොම වුණත් අපිත් ඔය කතාවෙ දිග පළල ටිකක් හොයල බැලුවා. බැලින්නම් ඒ කතාව නහය බිම ගෑවෙන සයිස් එකේ හරි හතරැස් පෙට්ටි බොරුවක්.

හැබැයි ඉතිං මංජුලා නම් කියන්නෙ කවුරු මොන මොන කතන්දර හැදුවත් ඒගොල්ලො බුද්ධිමත් විදිහට ජීවිතය ගැන බලන නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා. ඒකනම් හොඳයි. ඒත් ඉතිං අපිට නම් කියන්න තියෙන්නෙ ඔච්චර බුද්ධිමත්ව හිතන එකේ ඔය කයිකතන්දර නිසා කලකිරෙන්නත් එපා කියලා. මොකද ගොසිප් හැදෙන්නෙ ඉතිං ක්ෂේත්‍රයේ වැඩක් දාපු අයට හරි, දාන අයට හරි තමයි ඉතින්...

පෙට්ටි කඩවල තමයි මුට්ටි බිඳෙන්නෙ... හරියැ...

Latest Posts

Face Book Setup 01