දෙමළ ගීතය ගයන්නෙත් සිංහල ගීතය ගයපු කෙනාමලු

Gossips
Typography

මේ දවස්වල ඇති වෙලා තියෙන අලුත්ම කතාබහ බවට පත්වෙලා තියෙන්නෙ ඉරාජ්ගෙ වස්සාන හීනේමියුසික් වීඩියෝව. පසුගිය දිනවල ඉමහත් ජනප්‍රියත්වයකට පත්වුණු මේ ගීතය බදාගෙන සමහරු සංස්කෘතියක් ගැන කතා කළා. ඔන්න දැන් ඒ ගැන අලුත්ම විදියට කතා කරනවා. දැන් නම් කියන්නෙ වස්සානෙ හීනේකියන්නෙ දෙමළ ගීතයක කොපියක් කියලා. මොකද දැන් දින කිහිපයකට කලින් ඒකෙ දෙමළ ගීතය අන්තර්ජාලයට මුදාහැරලා තිබුණා.

ඉතින් මේ ආන්දෝලනය ගැන අපි ඉරාජ්ගෙන් ඇහුවා. මොකක්ද දන්නවද ඉරාජ් ඒ ගැන කියන්නෙ. ඔහුට ඊර්ෂ්‍යා කරන කුහකකම් කරන මිනිස්සුන්ව අවුස්සන්න ඔහු හරි කැමැතියිලු. ලංකාවෙ මිනිස්සු බලාගෙන ඉන්නෙ කෙනෙකුට දෙයක් වෙනකන්ලු. ඒ හිනාවෙන්ලු. ඒ ගැන දන්න නිසාම ඉරාජ්ට ඒ අයව අවුස්සන්න හිතුනලු. ඇත්ත කතාව නම් මේ ගිතයෙ දෙමළ ගීතය ගයන්නෙත් සිංහල ගීතය ගයපු ජනේද්‍රමලු. ඒ ගීතය ඇතුළත් මියුසික් වීඩියෝව තව නොබෝ දිනකින් එළියට එනවලු. ඊට කලින් වෙනත් කෙනෙකුගෙ ගීතයක් කොපි කලා වගේ පේන්න ඒ දෙමළ ගීතයේ කොපියක් මුදා හැරියා කියලා තමයි ඉරාජ් කියන්නෙ. දැන් ඉතින් අපේ මිනිස්සු ඒකට පන්න පන්නා ගහන අන්දම ඉරාජ් බලාගෙන ඉන්නවලු.

 

Latest Posts

Face Book Setup 01