මිනිසුන්ට සිහින දැකීමට නම් ඔවුන්ගේ සංකේතීය ලෝකයේ අනෙකා එම සිහින වාරණය කළ යුතුය. මිනිසුන්ට විනෝද වීමට නම් අනෙකාගේ විනෝදයට බාධා කළ යුතුය. මධ්‍යම පාංතිකයන්ගේ ආත්මීය සැනසීමට මෑතක දී තදින්ම කෙළවුණේය. ඒ අනුරගේ පුතාගේ විවාහයත් ඔහු ස්ලිට් ආයතනයෙන් ඉගෙන ගෙන එයාර් ලංකා සමාගමේ රැකියාව කිරීම පිළිබඳවත් දැනගැනීමෙනි.

Read more ...
Write comment (0 Comments)

ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායක අනුර කුමාර දිසානායක, විවාහ මංගල උත්සවයකට සහභාගී වී සිටින බැව් බැලූ බැල්මට පෙනෙන ඡායාරූප කීපයක් මෙය ලියන මොහොතේ සිට දින කීපයකට පෙර කවුරුන් හෝ අන්තර්ජාලයට මුදා හැරීමත් සමග, දෛනික `ෆේස්බුක්` රැල්ල එදෙසට හැරිණි.

Read more ...
Write comment (0 Comments)

පාසල්වියේ දී  සිංහල භාෂා පාඩමේ දී වචන ගැන කතා කරන විට ඒ පුරුෂ ලිංගික ද ස්ත්‍රී ලිංගිකද නැතිනම් නපුංසක ලිංගික ද යන්න ගැන උගන්වනු ලැබේ. ලිංගිකත්වය සම්බන්ධයෙන් මේ ලෝකයේ බරපතළ බෙදීමක් ඇති වග අප පළමු වරට තේරුම් ගන්නෙ ඒ පාඩමේදීය.  ඒ අනුව ස්ත්‍රී ලිංගයටත් පුරුෂ ලිංගයටත් නැති මිනිස්සු ගැන අදහසක් රෝපණය වන්නේ ඒ අනුවය. අපට පාඨශාලා ශික්ෂණය තුළින් උගන්වනු ලබන්නේ ලෝකය ලිංගික වශයෙන් බෙදී ඇත්තේ ස්ත්‍රී හා පුරුෂ වශයෙන් බවත් ඉන් බාහිරව ඉන්නා වුන් අස්වාභවිකයන් බවත් ඔවුන් පහත් කොට සැලකිය යුතු බවත්ය. ඔවුන් කෙරෙහි අපහසාත්මක යෙදුම් නිර්මාණය වන්නේ එලෙසය.

එහෙත් මේ ප්‍රධාන කුලක දෙකට අයත් නැති තවත් කුලක ගණනාවක මිනිසුන් මෙ ලෝකයෙහි වෙසෙති. ඔවුන් කිසිවකුට මේ ලෝකයෙහිපිළිගැනීමක් තිබුණේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ඨ සම්පන්න මිනිස්සු ඒ අපහාසයට ගැරහුමට ලක් වූවන් ද මිනිසුන් ලෙස බාර ගැනීමට ඉදිරිපත් නොවන්නට අද මේ තොරතුරු පවා මෙලෙස සටහන් වීමට නොවන්නට ඉඩ තිබිණි.

ස්ත්‍රී ලිංගිකයන් පුරුෂ ලිංගිකයන් ලිංගික විපර්යාසයට ලක් වූවන් සමලිංගිකයන් මෙන්ම ලිංගික වශයෙන් වෙනස් භාවිතාවන් අනුව සහිත මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් පසුගිය දා ලෝ ප්‍රකට ජාත්‍යන්තර බැංකු ජාලයක් වන HSBC බැංකුව වඩා ඉදිරිගාමී පියවරක් ගනු ලැබීය.

ඒ අනුව තම බැංකුවේ  ජංගම ගිණුම් සඳහා නම සඳහන් කිරීමේ දී මහතා, මෙනවිය සහ මහත්මිය වැනි ගරු ආමන්ත්‍රණවලට අමතරව ලිංගිකත්වය හෙළි නොකෙරෙන ගරු ආමන්ත්‍රණ භාවිත කිරීමට HSBC බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව Mr, Mrs, Ms හෝ Mx  වලට අමතරව Ind, M, Misc, Mre, Msr, Myr, Pr, Sai, Ser, Per, Sigh, Sair, Mix, Mux යන  ලිංග භේදයකින් තොරව සිය නමට ඉදිරියෙන් භාවිත කළ හැකි නව ගරු ආමන්ත්‍රණ යෙදුම් නමයක් බැංකුව විසින් හඳුන්වා දී ඇත.

බැංකු ගිණුම් හිමියාගේ ගිණුම් තොරතුරු බැර පත් සඳහා පමණක් නොව ලිපිනය සඳහන් කිරීමේ දී පවා එම නව ගරු ආමන්ත්‍රණ යෙදුම් භාවිත කිරීමට HSBC බැංකුව බලාපොරොත්තුවන බව වාර්තා වේ.

මිට අමතරව රෝයල් බෑන්ක් ඔෆ් ස්කොට්ලන්ඩ් සහ බාක්ලේස් යන බැංකු සමාගම් ද සිය ගනුදෙනුකරුවන්ට ලිංගිකත්වය හෙළි නොකෙරෙන ගරු ආමන්ත්‍රණ සිය නමට ඉදිරියෙන් භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

මේ ආකාරයට ලෝකය පුරාම ලිංගික දිශානතිය අනුව සහ ලිංගික අනන්‍යතාවය අනුව කොන් කිරීමට ලක් වීමට එරෙහිව ක්‍රියාමාර්ග ගනිමින් පහසුකම් සලසනු පෙනේ. ලෝකයේ රටවල් 21ක පමණ සම ලිංගිකත්වය නීතිගත කර අවසන්ය. මේ අතරින් බොහොමයක් යුරෝපීය රටවල් වුවත් ගිනිකොණ දිග ආසියාවේ ප්‍රථම රට ලෙස තායිලන්තයේ මේ වනවිට සමරිසි සහ

ලිංගිකත්වය වෙනස් කරගත් ජනතාවගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් නීති සැකසෙමින් තිබේ. නීතිගත කිරීම පසෙක තබා ඉන්දියාවේ පවා LGBTIQ ජනතාවගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් යම් යම් ප්‍රගතිශීලි ප්‍රතිසංසකරණ සුළුවෙන් හෝ ක්‍රියාවට නංවමින් සිටියි.  2009 වසරේ දිල්ලි මහාධිකරණය විසින් සමරිසි බව හෙවත් සමලිංගිකත්වයේ සාපරාධී බව ඉවත් කරන ලදී. ‘නෑස් ෆවුන්ඬේෂන් නඩුව’ (Naz Foundation vs' Union of India) යනුවෙන් ප්‍රකට වූ මෙම නඩුවේ දී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රයේ 365 (අ) වගන්තියට සමාන ලෙස ක්‍රියාත්මක වෙමින් තිබූ ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය බලරහිත බව ප්‍රකාශ වූ අතර නව පනතක් සාදන තෙක් මෙම නඩු තීන්දුව බලාත්මක බව සඳහන් කර ඇත. නේපාලයේ මිට කලකට ඉහත සමලිංගිකද්විලිංගික, සහ ලිංගිකත්වය වෙනස් කරගත් ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩා උත්සවයක් පවා පවත්වනු ලැබිණි.

එහෙත් අපි? අන් කවරදාකටවත් වඩාපසුගිය කාලයේ  සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගීමක් සිදු විය. එයට බලපෑ ප්‍රධානම හේතුව වුවේ  පසුගිය  දිනවලදී GSP සහනය ලබා දීම සඳහා විශේෂයෙන් පුද්ගලයන්ගේ ලිංගිකත්වය පදනම් කරගෙන මෙරට සිදු වන වෙනස් කොට සැලකීම හා දණ්ඩනයට පැමිණවීමට අදාළ  නෛතික ප්‍රතිපාදන ඉවත් කිරීම සිදු විය යුතු බව  යුරෝපා සංගමය දැනුම් දී තිබීමයි. එහෙත්  ඒ අනුව සකසන ලද  ක්‍රියාකාරී සැලැස්මට මෙරට මැති ඇමති බහුතරයක් විරුද්ධ විය. එයට බලපෑ විශේෂ හේතුව එමඟින් සමලිංගිකත්වයට අවසර ලැබෙන්නේය යන පදනමයි. අද වන විට  කිසිදු සාධනීය ප්‍රතිපලයකින් තොරව  සම ලිංගිකත්වය සහ සංක්‍රාන්ති ලිංගිකත්වය සම්බන්ධ හඬ නැගීම යටපත් වෙමින් තිබේ.   

මිට පෙර විවිධ ලිංගික අනන්‍යතා සහිත  පුද්ගලයන්  ශ්‍රී  ලංකාව තුළ දී    තාඩන පීඩනයන්ට ගොදුරු වන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය  වාර්තාවක් එළිදක්වමින් පවසා තිබුණි. එම වාර්තාවෙන් පෙන්වාදෙන පරිදි විවිධ  ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයන් විවිධ අපචාරයන්ට ගොදුරුවීම්,  පහත්කොට සැලකීමරැකියා සඳහා ප්‍රවේශවීමේ දී ගැටලු, සෞඛ්‍යපහසුකම් ලබා ගැනීමේ ගැටලු සහ අත්තනෝමතික රඳවා තබාගැනීම්  වැනි ගැටලුරැසකට මුහුණ දීමට සිදුවේ. එම වාර්තාව නොමැතිව වුවත් මේ සඳහා පැහැදිලි උදාහරණ අපට නිතර දෙවේලේ සමාජයේ දක්නට ලැබේ.

අපේ රටේ නීතියට අනුව සමලිංගික ඇසුර දඬුවම් ලැබිය හැකි වරදකි. එම නිතිය මෙරටට හඳුන්වා දී ඇත්තේ බ්‍රිතාන්‍යයත් ශ්‍රී ලංකාව පාලනය කරන සමයේදීයි. එම නීතියට අනුව පිරිමි දෙදෙනෙකු අතර, ගැහැනුන් දෙදෙනෙකු අතර පමණක් නොව පිරිමි - ගැහැනු අය අතර පවා බලවත් අශිෂ්ට ක්‍රියාවන් සිදුවීම මේ අනුව වරදකි. මෙහි බරපතළ අශිෂ්ඨ ක්‍රියා යන්නට පැහැදිලි නිර්වචනයක් ලබා දී නැත.

මේ ආකාරයට නීතිය  නිර්වචනය කර නොමැතිවීම හේතුවෙන් මේ සම්බන්ධ නඩුවිභාගයක දී  විනිසුරුවරයාට ඕනෑම තීන්දුවක් ලබා දීමට හැකියාව තිබේ. ඊට අමතරව පොලීසියට වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇත. මින් බරපතළම කරණය වන්නේ  පොලීසිය මේ සම්බන්ධ නඩු උසාවිය වෙත ඉදිරිපත් නොකිරීමයි. ඒ වෙනුවට පොලීසිය මෙවැනි පුද්ගලයන්ගෙන්  ලිංගික අල්ලස්, මුදල් සහ විවිධ වරප්‍රසාද ලබා ගැනීම සිදු කරයි. මීට අමතරව සංක්‍රාන්ති ලිංගික දරුවන්ට බොහෝවිට අධ්‍යාපනයේ අවස්තා අහිමි වේ.  මෙවැනි දරු දැරියන් පාසල් තුළ දී ප්‍රබල ලෙස කොන් කිරීමකට ලක් වේ.

ලිංගිකත්වය තීරණය වන්නේ අපේ කකුල් දෙක අතර ඇති දෙයින් නොව කන් දෙක අතර ඇති දෙයින් බවට ප්‍රසිද්ධ කියමනක් ඇත. එහි තේරුම අපේ ලිංගික දිශානතිය අපේ ලිංගිකඅවයවවලින් තීරණය නොවන්නකි. ශාරීරිකව ගැහැණියක් ලෙස පෙනෙන පුද්ගලයෙක් මනසින් පිරිමියෙක් විය හැක. සමලිංගිකත්වයට එරෙහිවන බොහෝ පිරිසක් එයට හේතු විමසීමේ දී හේතු ලෙස ඉදිරිපත් කරන්නේ අපේ රටේ වසර දෙදහස් පන්සියයක් පුරා රැකගෙන ආ සංස්කෘතියට, සදාචාරයට, සභ්‍යත්වයට මෙය පටහැනි බවයි. එසේ නම් අපි අපේ යයි කියමින් රකිමින් සිටින්නේ සුද්දා අපිට ලබා දෙන ලද දෙයක් වීම උත්ප්‍රාස ජනකය. අනිත් අතින් මේ වනවිට බ්‍රිතාන්‍යය පවා සමලිංගික විවාහය නීතිගතකර අවසන්ය.

සමලිංගිකත්වය සම්බන්ධයෙන් මෑතක දී නවතම සොයා ගැනීමක් සිදු කර තිබුණි. එය නම් සමලිංගිකත්වයට ප්‍රබල ලෙස විරුද්ධ වන්නේ ඊට වඩාත්ම රුචිකත්වය දක්වන පිරිස බවට අනාවරණය වී තිබේ. එසේ නම් මෙම විරුද්ධ වීම පිටුපස ඇත්තේ රුචිකතවය ද යන ගැටලුව මතුවේ.

අන්තර්ජාතික මනෝවිද්‍යා සංගමයේ  වෙබ් අඩවියකට ගොස්  homosexuality වචනය පිරික්සීමේ දී  එහි නිර්වචනය ලෙස සදහන් වන්නේ පිරිමියෙක් තවත් පිරිමියෙකුට හෝ ගැහැනියක් තවත් ගැහැනියකට කායික, මානසික හා අධ්‍යාත්මික වශයෙන් ඇතිවෙන ආකර්ශනය යනුවෙන්. වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් එයට විරුද්ධ වන්නේ කෙසේද

මානව නිදහස සහ ගරුත්වය සම්බන්ධයෙන් ලෝකය ඉදිරයට ගමන් කරමින් සිටියි. යම්කිසි කෙනෙකුට තමන්ගේ සත්‍ය ලිංගිකත්වය වසන් කරගෙන ජීවත්වීමට සිදුවේ නම්, නැතහොත් තම ලිංගිකත්වය හේතුවෙන් තාඩන පීඩනවලට ගොදුරුවේ නම් මනුෂ්‍යයන් ලෙස අපි සිටින තැන ගැන කම්පා  නොවිය යුතුද?. එසේම මිනිස්  අයිතියක් පිළිනොගෙන මනුෂ්‍යය කොට්ඨාශයකගේ අයිතිය සිමා කරමින් පීඩාවට පත්කරන සභ්‍යත්වය සදාචාරය බම්බු ගසන්නට දැයි අවසාන වශයෙන් ඇසිය යුතු වේ.

- සිතාරා කුලරත්න

Write comment (0 Comments)

ජිජැක් අධ්‍යන ලිපි මාලාවේ දෙවන කාණ්ඩය අවසන් වීමෙන් ඉක්බිති අප ප්‍රවේශ වන්නේ ජිජැක් සහ ජිජැකියානු පාසල විසින් මෙලන්කොලියාව නමැති ප්‍රපංචය විග්‍රහ කරනු ලැබූ ආකාරය පිළිබඳ ‘සත්හඬ’ පාඨක ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ය. එහි න්‍යායත්මක පාර්ශවය පිළිබඳ හැදෑරීමට පෙර ජිජැක් ඒ සම්බන්ධයෙන් මතු කර ඇති ඇතැම් කාරණා මේ වන විට ලාංකීය පොළොවේ සත්‍යය ලෙස ම සිදුවෙමින් පවතින බවට වන උදාහරණ  (සිද්ධීන්=events) ත්‍රිත්වයක් පළමුව හඳුන්වා දෙන්නට කැමැත්තෙමු. අපි මෙම සිද්ධි ත්‍රිත්වය ඔබ වෙත ප්‍රදානය කරන අතර එය හැදෑරීම මෙලන්කොලියාව හැදෑරීමට කදිම උදාහරණයක් වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. ‘පෙරදිග ලෝකය තුළ විමුක්ති දේශපාලනය’ අද දවසේ තේරුම් ගැනීම සඳහා එය අත්‍යවශ්‍ය බව සඳහන් කළ යුතුය.

Read more ...
Write comment (0 Comments)

ගොන්නු තණ කති. එහෙම කන විට’ භේදය නොහඳුනන ගොනෙකුට හැර අනෙක් ගොනුනට අකරතැබ්බවලට මුහුණ පාන්නට සිදු  වන්නේ නැත. ඒ කෙසේ වුව ගොන්නු තණ කන්නේ උන්ගේ ගොන්කම නිසා නොවේ. තණකොළ උන්ගේ ප්‍රධාන ආහාරය බැවිනි. නමුත් ගොන්නු තණකොළ කෑවාට මිනිස්සු තණකොළ කන්නේ නැත. මිනිස්සුන්ට කන්නට බත්එළවළුපලතුරුමස්මාළු ආදී නහුතයක් ජාති ඕනෑතරම් තිබේ.

Read more ...
Write comment (0 Comments)

පසුගිය දිනක පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ දී සිරගෙදරට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් පොදු අවකාශයක් තුළ ප්‍රකාශ කරන ලද අශ්ලීල අදහස් හරහා නව යථාර්ථයක් අපට සම්මුඛ වෙයි.

Read more ...
Write comment (0 Comments)

කෝප් වාර්තාව එළි දැක්වීම නිසා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සමහර තහනම් වචන නිශේධ විය. විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දී  අගමැති හොරා (මිස්ටර් ක්ලීන් නොව මිස්ටර් ඩර්ටි) කීමට තරම් නිර්භය විය.

Read more ...
Write comment (0 Comments)

"සයිටම් අර්බුදය මැද අධ්‍යාපනයට අලුත් කියවීමක්.." ජාතික විද්වත් කතිකාව බස්නාහිර පළාත් සහ මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැත්විණි.

Read more ...
Write comment (0 Comments)

මළ සිරුරුවලින් මේ තරම් විනෝද වන ලෝකයේ වෙනත් රටක් ඇද්දැයි නිශ්චිතවම දැන ගැනීම සඳහා ලෝක සිතියම් පොතක් පෙරළා බලන්නට සිතුණි. ආසියා, අප්‍රිකා, යුරෝපා, උතුරු ඇමෙරිකා, දකුණු ඇමෙරිකා, ඇන්ටාටිකා සහ ඕස්ටේ්‍රලියා යන මහද්වීප හතම පීරා බැලුවත් එවැනි තවත් රටක් හඳුනාගත හැකි වූයේ නැත. ඉන්දියානු උපමහද්වීපයට පහළින් ස්ථානගත වී ඇති කුඩා දූපතට තරගයක් දිය හැකි මට්ටමේ රටක් ලෝකයේ කොතැනකවත් නැත.

Read more ...
Write comment (0 Comments)