අපේ ම දේ ඔස්සේ පසුබැසිම

මගේ ලෝකයෙන් පසු ලෝකය
Typography

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: මහාචාර්ය නලින්ද සිල්වා මහතාට වරදින්නේ මෙම විරුද්ධාභාෂය වටහා නොගැනීම හේතුවෙන් යන්න පිළිබඳ දීර්ඝ සාකචඡාවකිනි. මේ සතියේ අපි ඔබ සම්මුඛ වන්නේ එහි ම දිගුවක් සමගිනි.

අර්ථයක් නැති තැන අර්ථයක් සෙවීම වටහා නොගැනීම හේතුවෙන් බටහිර තුළ සත්‍යයක් නැතැයි මහාචාර්ය නලින්ද සිල්වා උපකල්පනය කරයි. බටහිර ආත්මයට සොයාගත හැකි මහ ලොකු කජ්ජක් නැතැයි මහාචාර්ය නලින්ද සිල්වා මහතා පවසන්නේ එබැවිනි. ඔහු එය ලංකාවට ද රැගෙන එයි. එසේ රැගෙන එන හෙතෙම විද්‍යාව තුළ කිසිවක් නැතැයි ලංකාවට ද පවසයි. එසේ නම් මෙහි පවතින්නේ හුදු ප්‍රයෝජ්‍යතාවාදයක් යැයි මහාචාර්ය නලින්ද සිල්වා මහතා උදාන වාක්‍ය ද කියයි. එම ප්‍රයෝජ්‍යතාවාදය දැවැන්ත නගර නිර්මාණය කරමින්, විදුලි දුම්රිය මාර්ග ඔස්සේ එම නගර යාකරමින්, ජීවිත පහසුකරමින්, සමස්ත ශිෂ්ටාචාරය ම උඩුයටිකුරකරමින්, සෞග්‍රහ මණ්ඩල පසුකරමින් කෙතරම් දුරක් ගමන් කර ඇතිදැයි විමසා බැලිය යුතු ය. එසේ අර්ථයක් නැතැයි පවසන ශූන්‍යතාව තුළින් ම අර්ථයක් සොයා ගැනීමට ඔවුහු සමත් වන්නේ නම් මෙම සංකිර්ණ කරුණ මහාචාර්ය නලින්ද සිල්වා මහතා වටහාගෙන නොමැත.  ඔහු පසුබසින්නේ එ’නිසා ය.

පසුගිය සතියේ අපගේ සාකච්ඡාවේ දී සදහන් කළ ‘අතීතය අප දෙස බලා සිටින්නේ ය’ නමැති භින්නෝන්මාදයට හෙතෙම ගොදුරු වී ඇත. එ’නිසා ඔහු පෙරළා ලංකාවට පැමිණ ආගම, බෞද්ධ දර්ශනය ඔස්සේ තම ආත්මය සොයා යාමට යත්න දරයි. එසේ යත්න දරන හෙතෙම චතුස්කෝටික තර්කය ඔස්සේ ගමන් කර කිසිවක් නොමැති බව සහ බටහිරශූන්‍යතාව වෙනුවට ගැඹුරු අර්ථයක් අපේකම, නාථ දෙවියන් සහ අවතාර තුළ සොයාගැනීමට වෙහෙසේ. මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ සමස්ත ව්‍යායාමය පුරාම දක්නට ලැබෙන්නේ මෙවන් තත්ත්වයකි.  නමුත් සත්‍යය ම තත්ත්වය නම් අපි කළ යුත්තේ ශුන්‍ය බටහිර ආත්මය තරණය කිරීම ය.

මහාචාර්ය නලින්ද සිල්වා මහතා බටහිර ආත්මය දැක, ක්ෂිතියකට ලක්ව එසේත් නොමැති නම් අන්තෝ ජටා බහි ජටා තත්ත්වයට පත්ව ‘අපොයි අපොයි මේ ආත්මය තුළ කිසිම අර්ථයක් නැහැ’ යැයි පවසමින් නැවතත් පැරණි වටිනාකම් ඔස්සේ රිංගීමට ගොස් දැවැන්ත පරාජයක් අත්පත් කරගෙන ඇත. ඔහු ගේ ප්‍රවාදය වටහා ගත හැකි හොඳම නිදර්ශනය ලෙස සලකා බැලිය හැකි වන්නේ මෙම නිදර්ශනය යි. මේ සදහා යළි යළිත් ‘එවරස්ට්’ චිත්‍රපටය උපයෝගි කර ගත හැකිය. මන්ද කිසිම හේතුවක් නොමැතිව ඔවුහු එවරස්ට් තරණය කරති. එම කදඳු මුදුනේ කිසිවක් නොමැති බව ඒ සියල්ලෝම දැන සිටියහ. එහි පවත්නා එක ම දෙය නම් කිසිදා කිසිවකු අත් නොදුටු යමක් තමන්ට අත් දැකිමට ලැබීම ය. එවිට ඒ අදාළ පුද්ගලයාගේ හෝ කණඩායමේ ආත්මය නිර්මාණය වන්නේ එකී ශූන්‍යතාව මත ය. ඔවුන් නැවත නැවතත් එවරස්ට් තරණය කරන්නේ ම එම ශූන්‍යතාව පදනම් කර ගනිමිනි.

එඩ්මන් හිලරි, ජෝර්ජ් එවරස්ට් හෝ ඉන් අනතුරුව එවරස්ට් තරණය කළ අය වුව ද මෙය ඉතාමත් දුෂ්කර, ජීවිතයත් මරණයත් අතර ක්‍රිඩාවක් බව ද දන්නෝ ය. කොලම්බස් ගිය ගමන ද ජීවිතය සහ මරණය අතර සම්බන්ධයකි. නමුඳු ඔවුන් තව තවත් එම ශූන්‍යතාව හඹා යයි. ශූන්‍යතාව හඹා යාම සමග ම ඔවුන්ට අර්ථයක් ද ලැබේ. අවසානයේ එවරස්ට් කන්දට වඩා උස කන්දක් තිබුණ ද එය ද තරණය කිරීමට ඔවුහු උත්සාහ කරති.

විරුද්ධාභාෂය නම් එසේ අර්ථයක් නැතැයි යන අර්ථකථනයෙන් ශුන්‍යතාවයෙන් පසුබසින අපිට සිදුවන්නේ මී ගුලට රිංගීමට ය. ලංකාවේ ගල්ලෙන් තුළ ඇති බුද්ධාගම දුටු එක්තරා මොහොතක ඩී. එච්. ලෝරන්ස් මෙසේ පවසයි. ‘මෙය මීයන්ගේ ආගමක්’ ඒ. බටහිරයකු එය දකින ආකාරය යි; අව්‍යාජ බටහිර නිරික්ෂය යි.

උදාහරණයක් ලෙස වළගම්බා රජු පිළිබඳව අවධානය යොමු කරමු. ඔහු සතුරු බලවේගවලින් ආරක්ෂා විම සඳහා පසුබැස ගිය හැම අවස්ථාවක ම පාහේ ගල්ගුහා ආශ්‍රිතව විශේෂයෙන් ම වැස්සෙන් ආරාක්ෂා විය හැකි ස්ථානවල විහාර නිර්මාණය කළේ ය. මෙය ලංකාවේ මතු නොව ඉන්දියාව ප්‍රමුඛ දකුණුආසියානු කලාපයේ බොහෝ රටවල දක්නට ලැබේ. ඒ බුද්ධාගමේ සලකුණු ය.

එක් පසෙකින් මේ ආකාරයට ගල් යුගයේ රූපකයක් බුද්ධාගම සමඟ සම්බන්ධ වීම හෙවත් එවන් ප්‍රාථමික ලක්ෂණ බුද්ධාගම සමග පටලවා ගැනීම අභ්‍යන්තරයේ පවතින යථාර්ථය වටහා ගන්නා ලෝරන්ස් බුද්ධාගම යනු ගල්ගුහා තුළ රිංගාගෙන සිටින මියන්ගේ ආගමක් ලෙස සඳහන් දකී. එම දැක්ම අපි සම්බන්ධ කරගත යුත්තේ මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ පසුබැසිම සමඟ මෙම රුපකය සම්බන්ධ වන්නේ කෙසේද යන්න විමසා බැලීම සඳහා ය.

අපි පසුගිය සතියේ සාකච්ඡා කළ ආකාරයට ඔහු බටහිරට ගොස් නැවත පලා එන්නේ බටහිර තුළ නිශ්චිත අර්ථයක් සම්පාදනය නොකරනවා ය යන සංකල්පය හේතුවෙනි; එසේත් නොවේ නම් හෙතෙම බුද්ධාගමේ දකින උත්කෘෂ්ට බව නොදකින බැවිනි; විද්‍යාව යනු උපයෝගිතාවයෙන් පමණක් ම අර්ථවත් වන සහ එයට ම අර්ථයක් සම්පාදනය කරගත නොහැකි දෙයක් ලෙස දැකීම ය.මහාචාර්ය නලින්ද සිල්වා මහතා විද්‍යාව ඒ ආකාරයෙන් දැකීම සහ අර්ථ දැක්විම තුළ බටහිර විද්‍යාව නම් අභිනය (සයන්ටිෆික්ස් ගෙස්ටර්) හෙවත් ශූන්‍යතාව පිළබඳව ද අපි පසුගිය සතියේ සාකච්ඡා කළෙමු.

එහි දි මතු කළ තවත් කාරණයක් යළි සිහිපත් කළ යුතු ය. එනම් එම ශූන්‍යතාව යනු පසුබැසිය යුතු තත්ත්වයක් නොවන බව ය. එනම්, බටහිර විද්‍යාව නමැති අභිනය හෙවත් බටහිර විද්‍යාව නමැති ආත්මය බාහිර ලෝකයට ගමන් කරනවිට පවතින නිස්සාරත්වය එසේත් නොමැති නම් එහි පවතින අවසානයක් නොමැති ශූන්‍යතාව දුටු පමණින් ම හෝ එහි ක්ෂිතිය හේතුවෙන් ම අපි නැවතත් ගල් ගුහා දක්වා පසු නොබැසිය යුතු ය. මන්ද  පරිණාමය නමැති කාරණාවේ දී බටහිර අභිනය ඉතා වැදගත් ස්ථානයක් උසුලන බව අපි පසුගිය සතියේ ද අවධාරණය කළෙමු. එ’තුළින් ගම්‍ය කරන්නට යත්න දරන්නේ: මහාචාර්ය නලින්ද සිල්වා මහතා පවසන අර්ථ විරහිත, ශූන්‍ය විද්‍යාව, ශූන්‍යතාව හඹා යන විද්‍යාව තුළින් ම ලෝකය එක්තරා ආකාරයකට ඉදිරියට ගමන් කරන බව දක්නට හැකි ය. එමෙන්ම එතුළින් ලෝකය විනාශ වන ආකාරය ද අපි දුටුවෙමු. තවද විද්‍යාව් ගමන් මාර්ග ඔස්සේ පවතින පරිසරය විනාශ වීම ද අපි දුටුවෙමු. එය බටහිර විද්‍යාවේ වරදක් නොවේ. එසේ විමට බලපෑවේ බටහිර නිෂ්පාදන ගමන් කළ දිශාව ය.එනම්, බාහිර ලෝකය අතික්‍රමණය කළේ, බාහිර ලෝකය යටත් කරගත්තේ, බාහිර ලෝකය මත තම ආධිපත්‍යය පැටවූවේ, දෙවියන්ගේ නිර්මාණය වූ මිනිසාගේ උත්කෘෂ්ටභාවය ස්වබාව ධර්මය මත ප්‍රක්ෂේපනය කළ ආකාර දෙකක් අපිට දැකගත හැකි ය. එනම් පුනරුද යුගයෙන් අනතුරුව ඉහත කි ආධිපත්‍යය තහවුරු කරගැනීමේ  නිෂ්පාදන මාදිලි දෙකක් අපිට සම්මුඛ වන්නේය. ඉන් එකක් ධනේශ්වර නිෂ්පාදන මාදිලිය යි. අනෙක සමාජවාදි නිෂ්පාදන මාදිලිය යි. මහාචාර්ය නලින්ද සිල්වා  සහ චම්පික රනවක පැවසු ආකාරයට මෙම මාදිලි ද්විත්වයෙන් කුමන මාදිලිය ගත්ත ද බාහිර ලෝකය සූරා කනවා ය යන වාස්ථවික අනුභූතික කරුණු සත්‍යය යි. එය සත්‍යය යැයි පැවසීමෙහි කිසිඳු වරදක් දක්නට නැත. වර්තමානයේ ද ස්ලැවෝයි ජිජැක් මතු කරන ප්‍රධාන කරුණක් වන්නේ පරිසරය විනාශ වනවා (ඉකොලොජි) යන කරුණට හෙවත් ගෝලීය පාරිසරික විනාශය වැළැක්වීම වෙනුවෙන් කිසියම් වැඩපිළිවෙළක් අප සතුව පවතිනවා ද යන්න ය. මෙම මාදිලි දෙක තුළින් ම මෙයට පිළිතුරක් සම්පාදනය කරගත නොහැකි වුවා නේද යන්න ය. එය ද සත්‍යයකි. විශේසයෙන් ම ධනේහ්වර ක්‍රමය තුළ සූරාකැම අති දැවැන්ත ලෙස සිදුවෙමින් පවතී. ඒ සඳහා පිළිතුරක් කිසිවකු සතුව නොමැත. සමාජවාදය සතුව ද මේ සඳහා පිළිතුරක් නොතිබුණි. මෙම ක්‍රම දෙක ම  ස්වභාව ධර්මය අතික්‍රමණය කිරීමේ ක්‍රියාදාමය තුළ පැවතුණි; දැනුඳු පවති; ඉදිරියේ ද පවතිනු ඇත. මන්ද මෙම ක්‍රම ද්විත්වය ම නිෂ්පාදනය නමැති කරුණ විශ්වාස කළ හෙයිනි; දැවැන්ත ලෙස නිෂ්පාදනය නමැති කරුණ විශ්වාස කළ බැවිනි.

මෙම මාදිලි ද්විත්වයෙන් ඉක්බිති වෙනත් මාදිලි කිහිපයක් ම කරළියට පැමිණයේ ය. ඒ එක් මාදිලියක් නම් ‘තිරසාර සංවර්ධනය’ නමැති මාදිලිය යි. කවත් මාදිලයක් නම් ‘ප්‍රජා සංවර්ධනය’ නමැති මාදිලිය යි. මෙම විකල්ප කරළියට පැමිණියේ සමාජවාදය බිඳවැටීමෙන් අනතුරුව හිස් වු අවකාශය පිරවිම සඳහා ය. චම්පික රණවක ප්‍රමුඛ කණඩායම පළමු වටයේ (ජනතා මිතුරො හරහා) ඉදිරිපත් කළේ ද මෙම සංකල්පය යි. නමුඳු මේ කිසිවක් ධනවාදය සඳහා විසඳුම් නොවන බව ද පැහැදිලි කර ගතයුතු ය.

සමාජවාදය බිඳවැටී හමාර ය. ඒ සඳහා කිසිවකුට දොස් නගා පලක් නැත. එම මොඩලය අහෝසි විය ගිය ද ලෝකය පුරා සිදුවන පරිසර හානිය දශමයකුදු අඩු වි නොමැත. එකි පරණ සමාජවාදි කඳවුරු ද මේ වන විට ධනවාදි මාර්ගයට අවතීර්න වෙමින් සිටි. විශේෂයෙන් ම රුසියාව සහ චිනය මෙම වපර්යාසයට ලක්වෙමින් පවතී. එප රාජ්‍ය දෙකේ එකතුව ද මාර්ගය විවර කළේ ධනේශ්වර මාවතට ය. එසේ නම් මෙම ධනේහ්වරයට විකල්ප ලෙස ප්‍රජාමූල සංවර්ධනය හෝ තිරසාර සංවර්ධනය ආදේශ කළ හැකි ද? එනම් සමාජවාදි මාදිලිය වෙනුවට හෝ ධනේශ්වර මාදිලිය වෙනුවට ඉහත කි මාදිලි ද්විත්වය ඉදිරියට පැමිණියේ ද? නැත ඒ කිසිවක් ධනේශ්වර මාදිලියට හෝ සමාජවාදි මාදිලියට විලක්ප ලෙස බලනොපෑවේ ය. එකී මාදිලි ද්විත්වය ක්‍රියාත්මක කිරිම සඳහා මේ වන විට කිසිවකු උත්සාහ දරන්නේ ද නැත. අපි යටත් වී සිටින්නේ ගෝලිය ධනේශ්වර ක්‍රමයකට ය.

එසේ නම් මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රමුඛ සියලු කණ්ඩායම් දුටු සිහින සහ ඔවුන්ගේ පසුබැම ඔස්සේ ඔවුන් විසින් ම නිර්මාණය කරනු ලැබූ ‘අපේම වූ දේවල්’ (බුද්ධාගම තුළින් පරිසරය රැකිම, ආදි මුතුන් මිත්තන් භාවිතා කළ පරිසර හිතකාමී ක්‍රමවේද යළි අනුගමනය කිරීම)  නව අනන්‍යතාවක් ලබා දි පුනර්ජිවනය කළ ද  එතුලින් සිදුවූවේ කුමක් ද?

මතු සම්බන්ධයි

සටහන ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01