පශ්චාත්-නලිනියානු ලෝකයක Coca Cola සහ සීනි කුරුල්ලෝ

මගේ ලෝකයෙන් පසු ලෝකය
Typography

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රමුඛ සියලු කණ්ඩායම් දුටු සිහින සහ ඔවුන්ගේ පසුබෑම ඔස්සේ ඔවුන් විසින් ම නිර්මාණය කරනු ලැබූ ‘අපේම වූ දේවල්’ (බුද්ධාගම තුළින් පරිසරය රැකීම, ආදි මුතුන් මිත්තන් භාවිතා කළ පරිසර හිතකාමී ක්‍රමවේද යළි අනුගමනය කිරීම)  නව අනන්‍යතාවක් ලබා දී පුනර්ජිවනය කළ ද  එතුළින් සිදුවූවේ කුමක් ද? යන්න විමසමනි. අද එතැන් සිට

සත්‍යය වශයෙන් ම මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රමුඛ පිරිස ජාතිවාදය උත්කර්ෂයට නංවා මහින්ද රාජපක්ෂ ඉදිරියට ගෙනවිත් එය ඒ ආකාරයෙන්ම දිගටම පවත්වාගෙන යාමට, එසේත් නැතිනම් වාස්තවික තත්ත්වයත් සමග එය සාර්වත්‍රික ලෙස  බද්ධ කිරීමට ඔවුන්ට හැකිවුවා ද? ප්‍රබුද්ධ සමාජයක් ගොඩනැංවීමට හැකි වුවාද? නැත. එසේ නම් ඒ වෙනුවට සිදු වුවේ කුමක් ද? ඒ ජාතිකත්වය හෝ ජාතිවාදය සමග ම මහින්ද සමග බද්ධ වී සිටි ප්‍රාදේශී සභා මන්ත්‍රිවරයෝ මතු නොව ග්‍රාමසේවකයෝ ද දැවැන්ත ලෙස සොරකමට ඇබ්බැහි වූහ; චීනය සමග විශාල වශයෙන් හොර ගනු-දෙනු සිදු කරන්නට වුහ; එක පවුලක් තුළට විශාල ප්‍රාග්ධනයක් ඒකරාශි වන්නට විය. ඒ අනුව ඔවුන් මෙම නව අනන්‍යතා පුනර්ජීවනය තුළ රැගෙන ඒමට උත්සාහ කළේ සහ රැගෙන ආවේ මානව විරෝධි අත්තනෝමතික පාලන මොඩලයක් (despotic ruling model) නොවේ ද? මෙය ඉතාමත් බරපතළ කාරණාවක් ලෙස සැලකිය යුතු ය. එමෙන් ම අනෙක් පසින් තමා සහ තම පිරිස විසින් ගෙන එන ලද කථිකාව හරහා පැමිණි භෞතිකකරණය කරන ලද පුර්ව පියාගේ අවතාරය (pre-Oedipal apparition) සහ එම අවතාරය විසින් කරනු ලැබූ විනාශයට මහාචාර්ය නලින් ද සිල්වා ද පිළිතුරු බැඳිය යුතු ය. එහෙත් ඔහු ඒ පිළිබඳව වග නොකියන බව අපි පසුගිය සතියේ ද ඔබට පැවසුවෙමු. අවම වශයෙන් හෛඩගර් වැන්නකුට තිබූ පරිදි ඒ පිළිබඳ වරදකාරී හැඟීමක් හෝ ඔහු තුළ නොමැති වීම ඉතාමත් කනගාටුදායක ය. එය සැබෑ නරුමවාදයකි.  

මිට අමතරව රෝග ලක්ෂණාත්මක තත්ත්වයක් ද මේ තුළ නිරීක්ෂණය කළ හැකිය. එනම් පෙර සඳහන් කළ පරිදි මීයන්ගේ ගුහාවට ආපසු පසු බැසීම පිළිබඳව ජැජික් ඉතාමත් පැහැදිලි ලෙස ප්‍රකාශ කරන්නේ කෆ්කාගේ (Fantz Kafka - The Trail) නමැති නවකතාවේ එන පිටිසරයා (countryman) නීතියේ ද්වාරය ඉදිරියේ... එනම් දොරටුපාලයා ඉදිරියට පැමිණ ඔහුට ඇතුළු විය හැකිදැයි විමසයි. එවිට දොරටුපාලයා දෙන පිළිතුර වන්නේ එසේ ඇතුළු විය නොහැකි බවයි; ඔබ බාහිරින් සිටිය යුතු බවයි.  මෙසේ ජීවිත කාලය තුළම එසේ බලා සිටි ගැමියා තමා මියයෑමට ආසන්නයේ අවසානයේ දී තමන්ට ඇතුළු විය හැකිදැයි විමසද්දි දොරටුපාලයා පවසන්නේ ‘දැන් ඔබ මිය යමින් සිටිය ද මෙම දොර විවෘතව පවතින්නේ ඔබ සඳහාම ය’ යනුවෙනි. තවදුරටත් පවසන්නේ නම් ජිජැක් කියන පරිදි ද්වාරයේ රහස (secret of the door) දොරටුපල්ලා මියයන පිටිසරයාට මෙසේ කොඳුරා කියයි, ‘ඔය දොර තියෙන්නෙ ම ඔයා වෙනුවෙන්. එත් ඉතින් ඔයා මැරුණට පස්සේ මම මේක වහල දානවා’ (බලන්න On Belief: Thinking in Action හි 92-93 පිටු). 

දොරට පිටුපසින් කිසිවක් නොමැති බව නම්හිස්බවේ සත්‍යය’ (secrete of the Void) පිටිසරයාට මුණගැසෙන්නේ ඔහු මියයාමට ආසන්න වන විටය. බොහෝ අය මෙම ශුන්‍ය බව සම්මුඛ (encountering the nothingness) වූ මොහොතේ ම දේශපාලනය ගැන කලකිරෙන අයුරු මඳකට සිහිගන්වන්න. පසු ධනවාදී යුගයක අප දැන් ජිවත් වන්නේ ම ශුන්‍යතක තාවර වෙමිනි. ලැකානියානු ප්‍රහේලිකාවක් මෙතැනට ආදේශ කරන්නේ නම් මෙම තත්වය මෙවැනි ස්වරුපයක් ගන්නා බව නිසැක ය.

ඔබ ඉන්නේ නිරාහාරවද නැත්නම් ඔබ සිටින්නේ ශුන්‍යතාව අනුභව කරමින්ද’ (Are you not eating or eating the Nothingness?).  මෙම ශුන්‍ය බව අනුභව කිරීම සෙල්ලමක් ලෙස තේරුම් ගත යුතු නම් එම හිස් බව මේ දිනවල  මුණුපොතේ ජනප්‍රිය උඩරට පහතරට පිළිබඳ ව්‍යාජ සංවාදයට ගළපාගන්න. එවිට ඔබට මෙවන් සමීකරණයක් ලැබෙනු ඇත. සීනි පොල් කොහු = බොම්බයි මොටයි; වතු මොයියා = කෙසෙල් මුව; සීනි කුරුල්ලෝ = කිඹුලා බනිස්; බොට කඳයා අල කුප්පි =ජින්ජර් බියර්; වෙලේ සුදා කළු කුප්පි = කොකා කෝලාකුළු හරකා හයිය කුප්පි= රෙඩ් බුල්; දොඩම් බික්කන් තැඹිලි කුප්පි = ෆැන්ටා; හතේ අප්පුවා කොළ කුප්පි= 7up; හින්නෝ = කූඹි  (සරල සත්‍යය නම් මෙම පුර්ව- ධනේශ්වර සහ පසු-ධනේශ්වර රූපක අතර ව්‍යාජ වෙස්ගැන්වීම තුළ කිසිවකින් කිසිවක් වෙනස් නොවේ. වෙනස සඥා කරන්නාවූ ස්වාමි හැඟවූම අහෝසි වී ඇත). අපේම දේවල්වලට පසු බැස අනතුරුව ගල් ලෙනෙන් මූණු පොතට එළිබට නලින්ගේ තුන්වන පරපුර ප්‍රාදේශීයවාද, කුලවාද, ආගම්වාද, ප්‍රාදේශීය භාෂා විෂමතා (dialect) කරතබා ගනිමින් කානිවල් කරණයක් තුළ තමාට ම සිනාසෙමින් විනෝද වෙමින් සිටිනු දැන් දැකිය හැකිය. අවශ්‍ය නම් මෙම රෝගී තත්වයටහිස් බව සමඟ සෙල්ලම් කිරීම’ (නැත්නම් මගේම ලෝකයක් සමඟ සෙල්ලම් කිරීම නම් සින්තෝමය = මගේ ආතල් මට ම ආතල්) යනුවෙන්ද කිවහැකි ය

magelokaya15 1

බොට කඳයා අල කුප්පිහෝජින්ජර් බියර්නැත්නම්වෙලේ සුදා කළු කුප්පිහෝකොකා කෝලා’ (නම් ජිජැක් හදුන්වන පරිදිශුන්‍යතාවයේ පානය’) යන හිස් භාවයේ තත්ත්වය දෙකම ඉක්මවා ගොස් වඩාත් අර්ථවත් යමක් එම හිස්භාවය තුළ ම සොයාගන්නවා වෙනුවට අප කරමින් ඉන්නේ පවත්නා හිස් බව ට සිනා සිසී ඒ සමග සෙල්ලම් කිරීමයඅප මෙලොවට විසිකර දමා ඇත්නම් එවිට අපගේ පැවැත්ම වෙනුවෙන් මේ වනවිටත් දෙන ලද අර්ථයක් (pre-given meaning) නැත. එවන් අර්ථයක් දීමට දෙවියන් සතුව අර්ථයක් තිබුනේ ද නැත. ශුන්‍යතාවක් පැවතීම යනු නරක දෙයක් නොවේ. එය පුරවා දැමිය යුතු දෙයකි (පුරවා දැමීම සඳහා මේ වනවිටත් හිස් බවක් තිබිය යුතුය) ගෝලීය සන්දර්භයකින් ගත්විට විප්ලවීය අර්ථයකින් මේ නිමේෂයේ ඇත්තේ කෙළවරක් නොපෙනෙන ශුන්‍යතාවක් (infinite nothingness) පමණි. විප්ලවයෙන් පසුව වුවද මෙම ශුන්‍ය බව අවසන් නොවේ. කියුබානු අරගලයෙන් පසු තම රටට අර්ථයක් ගෙන ඒමට ක්‍රස්තෝ හට හැකිවී ද යනුවෙන් ජිජැක් අසන්නේ එබැවිණි. අරගලයෙන් පසුව කියුබාවේ පැවතුණේ ද එකතැන පල්වෙන සමාජයකි. ඕනෑම සිද්ධියකින් පසුව (after the event) සිද්ධියේ අර්ථය අප සොයාගත යුතුව ඇත. අපගේ ජීවිතය අර්ථවත් කරන්නේ ද එම සොයාගන්නා  අර්ථය විසිනි

බොම්බයි මොටයි’ ‘සීනි පොල් කොහුමතු නොවකුළු හරකා හයිය කුප්පිහෝහතේ අප්පුවා කොළ කුප්පිසියල්ල පරයා ගුණාත්මක පාන නිෂ්පාදනය කිරීමට, උදාහරණ ලෙස, ජපන් ජිවන ලෝකය (Japanese life world) සමත්ව ඇත. ‘බටහිරටත් වඩා බටහිර වීමටඔවුන් විද්‍යාව සහ තාක්ෂණය සමග අත්වැල් බැඳගෙන ඇත. (ශින්කාන්සෙන් දුම්රිය පැයට කිලෝ මීටර 600 වේගය පසු කරද්දී නලින් කරනු ලැබුවේ බටහිර දැනුම සහ විද්‍යාව උල තැබීමට උත්සාහ කිරීමයි. ෂින්කාන්සෙන් දුම්රියේ සිගරට් බීමට වෙනම කැබින් එකක් නිර්මාණය කර ඇත. මිනිසුන් නූතන විරෝධී නොවී සාන්දෘෂ්ටික වන්නේ කෙසේදැයි ඔවුන් ලෝකයට උගන්වයි. අපට තවම සුද්දා හදා දුන් දුම්රිය අංගනය කඩා විසිකර දමා මගීන්ට පහසු ලෙස දුම්රිය අංගනය නිර්මාණය කරගත නොහැකි ය. බඩ දරු අම්මලා සහ අබාධිතයන් එවරස්ට් නගිනවා මෙන් අඩි ගණනක් උස යටත් විජිත දුම්රිය මැදිරියට නැගිය යුතුය. අප හැර ගිය බටහිර ස්වාමියා අප දෙස බලා සිටින බවට වන නිරීක්ෂයේ නපුංසක බවින් අපගේ පාලකයන් මිදෙන්නේ කවදාද?) පවත්නා චීන ජපන් ප්‍රතිරෝධතා තුළ ඒ අර්ථයෙන් ජපන් ජාතිකයන් අවිඥානිකව මාවෝටත් වඩා මාවෝවාදීන් වේ. ඔවුන් කිසිවෙක් අතීතයේ දොරකඩ ළඟ තාවර නොවේ. පරමාණු බෝම්බ දෙකක ක්ෂිතිය මතින් ම සියල්ලෝම නුතනත්වයේ ශුන්‍යතාව තරණය කිරීමට උත්සහ කරයි. එසේ නොමැතිව ඔවුන් පරමාණු බෝම්බ හැදු විද්‍යාව කෙරෙහි වෛර බැඳ විද්‍යාවෙන් වියෝ වූවේ නැත.

කොකා කෝලා (කළු කුප්පි) යනු ශුන්‍යතාවයක්  නම් එම ශුන්‍යතාවය තරණය කරනවා යනු කුමක්ද? එහිදී සිදුවන්නේ සාරයක් නැති (lack of substance) ශුන්‍යතාව තුළ සාරයක් තිබෙනු ඇතැයි උපකල්පනය කර සාරයක ව්‍යාජයෙන් එය පානය කිරීමයි (drink nothing in the guise of something). එවරස්ට් කන්ද මුදුනේ කිසිවක් නැති බව අප දන්නවා වුවද යමක් ඇතැයි යන ව්‍යාජය තුළ එය තරණය කළ යුතුව ඇත. විද්‍යාවේ සත්‍යය ද මෙයින් වෙනස් නොවේ. ‘ඔබ කිසිවක් සොරකම් කර නැත්නම් ඔබ සොරකම් කර ඇත්තේ ශුන්‍යතයියන ප්‍රකාශය තුළ ඇති විරුද්ධාභාෂය සලකා බලමුමෙයින් අදහස් වන්නේ ඔබ කිසිවක් සොරකම් නොකළා වුවත් සොරකම පිළිබඳ වරදකාරිත්වය ඉහත වැකිය ඔස්සේ ඔබට දැනෙන බවයි. එනම් එම ශුන්‍ය වැකිය තුළම අර්ථවත් යමක් ඇති බවයි. අහාර අරුචිය පිළිබද anorexia රෝගයේ දී සිදුවන්නේද මෙයයි. එවන් රෝගීන් ආහාර අනුභව නොකරනවා නොවේ. ඒ වෙනුවට අති මහත් ලෙස රෝගියා අනුභව කරන්නේ ශුන්‍යතාවය ම වේ. අනුභව කරනවා යැයි උපකල්පනය කරන ශුන්‍යතාවය මගින් ම එම රෝගියා සතුටට පත්වේ. එම ශුන්‍යතාවයම ඔහුට හෝ ඇයට සතුටුදායක මරණයක් අත්පත් කර දේඒ අනුව අප විප්ලවීය අර්ථයකින් නූතන ඇනොරෙක්සියා රෝගීන් වෙමු. (කියවන්න ස්ලවෝයි ජිජැක් ගේ The Fragile Absolute: Or Why The Christian Legacy Is Worth Fighting For ග්‍රන්ථයේ  20-21 පිටු).

දැන් අපට හෛඩගරියානු බහි-ශුන්‍යතාවය (ex-nihilio), මාක්ස් ගේ අතිරික්ත වටිනාකම (surplus value) සහ ලකාන් ගේ කුඩා වස්තුව (object petit a) අතර න්‍යායික සංශ්ලේෂණයක්  කළ හැකි ය. ශුන්‍යතාවයේ බටහිර සංකේතය වන කොකා කෝලා කොතරම් බිව්වත් සිදුවන්නේ තව තවත් පිපාසය වැඩිවීම පමණි. පිපාසය නොනිවෙන බව දැන දැනම (ප්‍රයෝජ්‍ය වටිනාකම බින්දුවේදී) අපගේ සුපිරි අහම එයම ඉල්ලා සිටී. එනම් දැන් එයට ඇත්තේ අතිරික්ත අර්චන වටිනාකමකිසුපිරි අහමේ නියෝගයට අවනත නොවීම (මහින්ද රාජපක්ෂ ට අවනත නොවීම) අනෙක් අතට වරදකාරී බවක් ජනනය කරයි.  බාහිර ලෝකයේ ශුනයතාවයේ ගැඹුර වැඩි වන ප්‍රමාණයට අප අර්ථයක් සෙවීම සඳහා ආශා කරමුඅර්ථයක් සෙවීම අත්හල මොහොතේම ශිෂටාචාරගත වරදකාරිත්වයකින් අප රෝගාතුර වේ (කොතරම් අවුල් තිබුණ ද මිනිසුන් දේශපාලනය කරන්නේ එබැවිණි). කොකා කෝලා මෙන් (object a) එයින් අතිරික්ත විනෝදයක් ජනනය කරයි. එනයින් එය (කොකා කෝලා මෙන්ම දේශපාලනය) උත්කෘෂ්ට වස්තු වේ. ‘හිස්බවේ කළු කුප්පිඅර්ථවත් වන්නේ ඒ අයුරිනි

නීතියේ ද්වාරය අබියසට යන ගැමියා ගේ රහස දන්නේ දොරටුපාලයා ය (අනෙක් අතට ගැමියා දොරටුපලයාගේ ෆැන්ටසියේ සිරකරුවකු වේ. මන්ද දොරටුපාලයා තමා දෙස බලා සිටිනු ඇතැයි සිතන බැවිණි). තම රහස (ඇතුළට යාමේ ආශාව) එළිදරව් කළ පසු ඇත්තේ හිස් බවකි. දොරටුපාලයාගේ නිරීක්ෂයේ සිරවෙන පිටිසරයා තමා මිය යන තුරු එම ශුන්‍යභාවයේ පොරොත්තු වේ. කෙසේ වුවද ඉහත සඳහන් කෆ්කාකියානු ප්‍රකාශය හරහා ගම්‍ය වන්නේ කුමක් ද? එනම්, නීතියේ දොර අපි වෙනුවෙන් ම විවාතව තිබුණ ද එතුළින් ඇතුළු විමේ අයිතියක් හෝ ඉඩ-කඩක් අපිට නැති බව නොවේද? ඒ සඳහා ප්‍රබල ලෙස බලපාන්නේ අපි පිළිබඳව අපි තුළ ම පවත්නා කුකුස ය; අපි පිළිබඳ අපි තුළ ම පවත්නා අවිනිශ්චිතතාව යි. පළමු කාරණය දොරටුපාලයා එතරම් බලවත් නොවන බව අප දන්නවා වුව ද අප දොරින් ඇතුළු නොවෙමු.  දෙවැන්න වන්නේ දොරෙන් පිටත එසේත් නැති නම් ගල් ලෙනේ ගල් දොරට පිටින් සිට එම දොර ඇතුලේ අපිට වඩා බලවත් යමක් ඇතැයි අපි නිතරම සිතීම ය; මෙය දෙවාලයේ තිරයට පිටුපස මහා බලසම්පන්න දෙවියකු වැඩසිටිනවා යැයි සිතනවාට සමාන ය. ඇත්තටම නීතියේ ද්වාරයට ඔබ්බෙන් කිසිවක් නැත.

බටහිර ආත්මයේ හෙවත් බටහිර පුනරුදයේ (Enlightenment) සත්‍යය වශයෙන් ම පවතින බටහිර විද්‍යාව නම් අභිනයේ ශූණ්‍යතාව නලින් විසින් හඳුනාගනු ලබයි. නමුත් ඔහු ආපසු හැරෙයි. මන්ද පශ්චාත් යටත්විජත ආත්මය බටහිරට ගිය විගස ම සිතන්නේ තමන්ගේ මවු රටේ පවතින සම්ප්‍රදාය තමන් දෙස බලා සිටින බවයි. (අතීත ෆැන්ටසියේ සිරවීම) නමුත් එම පශචාත් යටත්විජිත ආත්මය සිය මවු රටේ ජීවත් වනතුරු සිතන්නේ තමාගේ ෆැන්ටසිය පවතින්නේ බටහිර යනුවෙනි; තමන්ගේ පරිපුර්ණත්වය බටහිර විසින් ලබා දෙනු ඇතැයි සිතනු ලැබේ. නමුඳු එම ෆැන්ටසිය තරණය කිරීමෙන් ඉක්බිති එහි ශූන්‍යතාව වටහා ගනී. ඉනික්බිති ඔහු සිතන්නේ ‘දෙවියනේ මේ මම බලාපොරොත්තු වුණ දේද? මගේ පෞරාණික මුතුන් මිත්තන් කෙතරම් අභිමානයෙන් ජිවත් වුණාද?’ යනුවෙනි. මේ හරහා නැවත නැවතත් ප්‍රක්ෂේපණය වන්නේ අතීතය නමැති භින්නෝන්මාදය මෙම ස්ථානයට අදාළ වීම ය.

මේ සියලු කාරණා හරහා සිදුවන්නේ  ශූන්‍යතාව තුළම අර්ථයක් සොයනවා වෙනුවට, ශූන්‍යතාව අභියෝගයට ලක් කර එය ජය ගන්නවාට වෙනුවට පසු බසිමින් පෙර කී ගල් ලෙනේ දොර අබියස සිට ගන්නේ ය. එනම් අතීතයේ ගල්ලෙන් දොර අබියස: ආගම, මීයන්ගේ ගුල නමැති අතීත හෙවත් පූර්ව පියාගේ... තවත් විස්තිර්ණව පවසන්නේ නම් ‘සිංහබාහුගේ’ ගල් ලෙන අබියස සිටගන්නා මහාචාර්ය නලින් ද සිල්වා පරිකල්පනය කරන්නේ බටහිර ආතතියෙන් තමන් ගලවා ගත හැකි යමක් එම ගල් ලෙන තුළින් සොයාගත හැකි බව සහ තමා තුළ පවතින ශුන්‍යතාවයෙන් තමන් ගලවා ගැනීමට සමත් යමක් මෙම ගල් ලෙන තුළ ඇතැයි යනුවෙනි. මේ ජිජැක් හඳුන්වන්නේ ‘මෙසේ බලාසිටීම (ගල් ලෙන අබියස) යනු හිස්ටකරික ක්‍රියාවකි; හිස්ටරිකයාගේ අභිනය කි (histeric gesture)’ යනුවෙනි.  රූපකයක් ලෙස ගත්විට මෙසේ ගල් ලෙන අබියස, ගල් දොරකඩ අබියස බලා සිටීම යනු කිසිඳු ඵලයක් නැති ක්‍රියාවකි. අතීතය අපව ගලවා ගනු ඇතැයි සිතමින් එසේ බලා සිටින්නේ නම් මියෙන තුරා හෝ අපිට බලා සිටිය හැකි ය. එය කිසිඳු අර්ථයක් නැති ක්‍රියාවකි. මන්ද එතුළින් කිසිඳු නිශ්චිත අර්ථයක් සොයාගැනීමට ඔවුන්ට නොහැකි වනු ඇත. එසේ අර්ථයක් ලැබිය හැකි දෙයක් ඉතිරි වී ඇත් නම් ඒ නිස්සාර යැයි සිතිය හැකි බටහිර අභිනය තුළ පවත්නා පුනරුදයේ ආලෝකය තුළ පමණි. පුනරුදයේ උරුමය අපි රැක ගත යුතු යැයි ජිජැක් පවසන්නේ එහෙයිනි.

මතු සම්බන්ධයි

සටහන: ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.    

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01