කමක් නෑ රාජපක්ෂ ආවදෙන්

මගේ ලෝකයෙන් පසු ලෝකය
Typography

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: නායකයා වෙත විශාල බලයක් පැවරෙන්නේ ආපතික ලෙස පවත්නා හිරවීමෙන් සමාජයක් ගොඩගැනීමට බවත්,  ජේ. ආර්. ජයවර්ධන මහතා කළේ සමාජයක් එකතැන පල්වීමෙන් වළකාලීම බව අවධාරණය කරමිනි. කිසිවකු හෝ තමා දෙස බලා සිටිනවා යැයි ඔහු සිතුවේ නැති බව ද අපි අවධාරණය කළෙමු. එවන් තත්ත්වයක් අවම වශයෙන් ඩොන් ෂියාවෝ පෙන් හට හෝ නොතිබුණ බව ද මෙහි දී අවධාරණය කළෙමු. මේ සියලු ක්‍රියාදාම පිළිබඳ කුමන විවේචන තිබුණා වුවත් එය රැඩිකල් සාර්වත්‍රික ක්‍රියාවක් බවත්  අවසානයේ එය පක්ෂ දේශපාලනය ඉක්මවා යනු ඇති බවත් එහි දී සඳහන් කළෙමු.

අද එතැන් සිට...

යම් සංකේතිය ක්‍රියාවක් සැමවිටම එක්තරා ඓතිහාසික සිරවීමකින් (historical deadlock) අප මුදා ගන්නා හෙයින් එය රැඩිකල් බවක් අවශ්‍යයෙන්ම අත්කර ගනීඑවන් ක්‍රියාවක් පක්ෂ දේශපාලනය ඉක්මවා යනු ඇතැයි අපි මිට පෙර සඳහන් කළෙමු . එහි අර්ථය නම්  යම් රැඩිකල් ක්‍රියාවක ප්‍රතිඵල පාර-පක්ෂ  (trans-class - ශ්‍රී ලංකා, . ජා. ., . වි. පෙ. යනාදි පක්ෂ ආකෘති ඉක්මවා යන සාර්වත්‍රික බවක්) රූපකයක් නොඑසේනම් පක්ෂයක ආකෘතික සිරවීම් ඉක්මවා යා හැකි, උසස් ශිෂ්ටාචාර හැඟවූමක ස්වරූපයක් අත්කර ගනී යන්නයිඑසේ නැතිව පක්ෂ අනවශ්‍ය බවක් මින් නොහැඟවේ. බොහෝ දේශපාලන ක්‍රියාවල රැඩිකල් බව සඳහා පක්ෂ ව්‍යුහය  විසින් දෙනු ලබන පිටුබලය ඉතා වැදගත්ය. නමුත් විධායක බලය විසින් ඇතැම් විට ඉහතරැඩිකල් ක්‍රියාව’ (radical act) පහසු කරයි සහ පක්ෂයේ නිරික්ෂයෙන්, එහි අගතීන්ගෙන් සහ එකතැන පල්වෙන බවින් ගලවා ගනු ලබයි. විධායකය ලෙස පත්වන ඔහු හෝ ඇය සෘජු ජනතා චන්දයෙන් බලයට පත්වන බැවින් එයට අතිරික්ත නෛතිකභාවයක් ද ලැබේ. තමා පත්වූවාට පසු පත්කළ මූල (sources) දෙස අවශ්‍යයෙන්ම බැලිය යුතු නැත. එහෙත් තමා පත්කළ මුලාශ්‍ර ම (එහි සාමාන්‍ය එදිනෙදා නිරික්ෂයෙන් මිදී) පෙරළා රැඩිකල් ලෙස වෙනස් කිරීම සඳහා වූ දිව්‍යමය බලයඒ තුළ අන්තර්ගත වී ඇත (එය හරියටමඋසාවිය නිහඬයියන චිත්‍රපටය එහිම වූ ස්වාදීන පැවැත්මක් අත්කර ගැනීම සඳහා වික්ටර් අයිවන් නම් මුලාශ්‍රයෙන් සහ නිරික්ෂයෙන් ඛණ්ඩනය විය යුතුව තිබු බවට එක් විචාරකයෙක් විසින් ගෙනෙන තර්කයට එක්තරා අයුරකින් සමානය. එම ප්‍රතිසෞන්දර්ය ක්‍රියාව සිදු කිරීමට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙස ප්‍රසන්න ට ඒ සඳහා අවශ්‍ය සංකේතිය බලය ඇත). එවන් ඛණ්ඩනයක් කාන්ටියානු- ජිජැකියානු අර්ථයකින් සදාචාර විරෝධී වන්නේද නොවේ.

  

මහාචාර්ය නලින්ද සිල්වා මහතා තමා ව නිර්මාණය කළ (ලාංකික-සම්ප්‍රදායික-ඓතිහාසික) මූල නැවත රැඩිකල් ලෙස වෙනස් කිරීම සඳහා තමා බටහිරට ගොස් ලබාගත් දැනුම භාවිත කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ලාංකික මූල තව දුරටත් එසේම පවත්වා ගැනීම නම් බහු-සංස්කෘතික බව වෙත ගමන් කරයි. නැත්නම් එම මූල සහ අගති ඔහු වඩාත් ශක්තිමත් කළේය. වඩාත් නෛතිකකරණය කළේය. උසස් අධ්‍යාපනය විසින් ඔහුට ප්‍රදානය කරන ලද සංකේතීය බලය තම ලාංකික සංස්කෘතියේ එකතැන පල්වෙන ජීවන ලෝකය වෙනස් කරනු වස් රැඩිකල් ලෙස භාවිත කරනු වෙනුවට මහාචාර්ය නලින්ද සිල්වා මහතා පරිකල්පනීය ගල්ලෙනක් අබියස බලා සිටිම එක්තරා ආකාරයක හිස්ටරික අභිනයක් බව අපි පසුගිය සාකච්ඡාවක දි සිහිපත් කළෙමු. එය එක්රා අකාරයක රූපකයකි. මෙය ෆ්‍රාන්ස් කෆ්කාගේ රූපකයක් ඇසුරෙන් ස්ලාවෝ ජිජැක් ඉදිරිපත් කරන අදහසක් බව ද අපි සාකච්ඡා කළෙමු. මේ අනුව මහාචාර්ය නලින් ද සිල්වා මහතා ද බටහිර සිට යළි පැමිණ පූර්ව පියාගේ නිරීක්ෂය වෙනුවෙන් තාවර මෙන් සිටියි. එනම් පූර්ව පියා තමා නිරික්ෂණය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමින් සිටියි. නුතනත්ව රූපකයක් තුළ තමා විසින් ම පවත්නා තත්වය වෙනස් කිරීම සඳහා ස්වච්ජන්ද (free-will) තීරණයක් සාන්දෘෂ්ටික අරුතකින් ගන්නවා වෙනුවට පූර්ව පියා විසින් අපි වෙනත් දිසාවකට ප්‍රාතිහාර්යයකින් යොමු කරන තෙක් අප ග්‍රස්තික ලෙස පොරොත්තු (obsessional waiting) විය යුතුද?

එම ගනු ලබන ආපතික තීරණය ඇතම් විට සත්‍යය ව්‍යුහගතවී ඇති තත්ත්වයේ නොහැකියාව’ (impossibility around which the field of truth is structured)  තුළින්ම ඉස්මතු විය හැකි ය. ඒ නිසා අප මේ මොහොතේ කියන දෙය බොහෝ මාක්ස්වාදීන් අර්ථකතන කරනු ඇත්තේ වැරදි නිර්වචනය කිරීමක් (error) හෝ මායාවක් (illusion) ලෙස විය හැකි ය. නමුත් පාර භාෂා (metalanguage) තත්ත්වයක් තුළ ජිජැක් මෙසේ කියයි වැරදීමට ඇති බිය යනු ම වරද වේ’ (fear of error is error itself). වරද ඇත්තේ ද සත්‍යය තුළමය. එනයින් රැඩිකල් තීරණයක් හෝ ක්‍රියාවක් වැරදී යා හැකි යැයි බිය විය යුතු නැත. ඇතැම් විට එය සංකේතිය පිළිවෙළට ඔබ්බෙන් පැවතිය හැකිය. එසේ වුවද ලෙනින් සහ මාවෝ මෙන් නිර්භීතව අප එයට එළඹිය යුතුය. මන්ද එවන් තීරණයක් මගින් යථ’ හි නිෂ්ක්‍රීය බවෙන්’ (inertial of the real) මතු නොව පවත්නා නොහැකියාවකින් ද එය අප ගලවා ගත හැකි බැවිනි. (කියවන්න Interrogating the Real කෘතියේ 40 පිටුව).

ඒ සමගම අපි මෙතෙක් කල් සාකච්ඡා කළ ප්‍රධාන සංකල්පයක් වූවේ නිරීක්ෂය (gaze) නමැති සංකල්ප ය යි. එහෙත් එහිම තවත් පාර්ශ්වයක් වූ හඬ (Voice) පිළිබඳ අපි මෙතෙක් සාකච්ඡා නොකළෙමු. වෙනකකුගේ නිරීක්ෂය දෙස අපි අවධානය යොමු කරනවා මෙන්ම වෙනකකුගේ හඬ ද අපි අසා සිටින්නෙමු. මේ සඳහා මෑතක බිහි වූ ඉතිහාස කතන්දර සහ බෞද්ධ කතන්දර ඇතුළත් සිනමා නිර්මාණ උදාහරණ ලෙස ගෙනහැර දැක්විය හැකි ය. ඒවායේ අන්තර්ගත වන්නේ ‘එම්බල නරපනුව, එම්බල රටවැසිය, එම්බල දුෂ්ටය තෙපි සියල්ලෝ ම මාගේ අණසකට යටත් විය යුතු ය; කිකරු විය යුතු ය.’ යනුවෙන් නගන හඬ අතීතයෙන් එන හඬකි. මේ හිස්ටරික හඬ ද පෙර සාකච්ඡා කළ නිරීක්ෂය සමග සම්බන්ධ කළ යුතු ය. එයට අර්ථයක් පවතී. අපි එම ගල්ලෙන අසල රැඳී සිටින්නේ මෙසේ අර්ථයක් පවතින බැවිනි. එනම් අතීතය දකිනවා මෙන් ම අතීතය ඇසීම ද, දෝංකාර දෙමින් ඇසීම ද මෙහි දී සිදුවේ. බෞද්ධ නිරීක්ෂය වෙනුවෙන් මතුරන ‘අපේ හාමුදුරුවනේ’,  ‘අපේ හාමුදුරුවනේයනු මෙසේ ඇසෙන රෝගී දෝංකාරයකි. එසේ නම් මෙම කරුණු ද්විත්වය ම අපි සාකච්ඡා කළ යුතු ය.

මෙම හඬ සහ නිරීක්ෂය නමැති ප්‍රපංච දෙක අතර සිටින අපි ජීවත්වන්නේ ඓතිහාසික රංගනයක (historical play) ය. ඉතිහාසයෙන් නිදහස් නැති අප කරන්නේ ඉතිහාසයට අවශ්‍ය ලෙස රඟපෑම යි. මෙය ජිජැක්ගේ අදහසකි. එයින් ඔහු පහදා දෙන්නේ මෙය සිරවීමක් (deadlock of history) බව යි. එනම් අප දෙස බලා සිටින හඩ සහ නිරීක්ෂයට අනුව අපි ඒ අනුව හැසිරෙන බවයි. මෙය වඩාත් පැහැදිලි කරන්නේ නම් ප්‍රේක්ෂකයා ඉදිරියේ රඟපාන වේදිකා නළු නිළියන් ඒ ඒ ප්‍රේක්ෂකයෝ ඉදිරියේ රඟපානවා මෙනි. ප්‍රේෂකයන්ගේ ප්‍රතිචාරය ඉහළ අගයක් ගන්නේ නම් නළු නිළියෝ ද එම ප්‍රතිචාරයෙන් උද්දාමයට පත්ව තව තවත් තම රංගනය තිව්‍ර කරන්නා සේ ය. මගේ ලෝකයෙන් පසු 2000 දශකයේ අපිට දකින්නට ලැබුණේ මෙම තිව්‍රතාව යි. ‘මගේ ලෝකය’ ලියවෙන්නේ 90 දශකයේ මැද භාගයේ ය. මහින්ද රාජපක්ෂ කරළියට රැගෙන ඒමේ වටපිටාව සැකසෙන්නේ මෙය හේතුවෙනි. මෙය කෙතරම් ප්‍රභල වූවේ ද යත්: කවි, ගීත, ටෙලිනාට්‍ය, චිත්‍රපට නිෂ්පාදනය වූවා මතුනොව ස්ටිකර් පවා මුද්‍රණය කළේ ය. මෙය කෙළවරකට පැමිණියේ 2000 දශකය අවසානයේ යුද ජයග්‍රහණය ලැබුවා යැයි පවසමින් මහා මාර්ගවල පවා කිරිබත් උයා කෑමෙනි.

මෙලෙස සලකා බැලු විට පශ්චාත් යටත්විජිත ලෝකයක ඉතිහාසය යනු රංගනයකි. එය රංගනයක් ලෙස සැලකූ විට මෙම අනන්‍ය වීම  එනම්, යන්ත්‍ර ලෙස අපි ඉතිහාසයට අනන්‍ය වී යාන්ත්‍රික රොබෝවරුන් බවට පත්වීම ය. හඩ අපට ශ්‍රවණය වේ. එහෙත් හඩ අපිට ඇසෙනවා හැර ඉන් ඔබ්බට අපි කිසිවක් නොකරයි. ඒ හඬ ද්‍රව්‍යයක් ලෙස පරිවර්තනය කර ගැනීමට (materialize) අපි යත්න දරමින් සිටිමු. වඩාත් පැහැදිලි කරන්නේ නම් ඉතිහාසය දෙසින් අප වෙත ඇසෙන ගැමුණු රජුගේ හෝ වළගම්බා රජුගේ හඬ කිසිඳු වෙනසකින් තොරව ම (indifferent) යථාර්ථයක් බවට පත් කර ගැනීමට දරන උත්සාහයේ දී  අපිට දක්නට හැකි වන්නේ යාන්ත්‍රක බවකට ය. නලින් තම ජීවිත කාලය තුළ කරන ලද ශරීර දේශපාලනය (body politics) තුළින් (ප්‍රති) ජීවය දීමට උත්සාහ කළේ මෙම අතීත වළගම්බා, දුටු ගැමුණු, පැරකුම්බා නම් අවතාර විසින් රැගෙන එන හඬ ට  යි.  එහි ගුප්ත විධානයට යි.  එම ගුප්ත බව තුළ අඩංගු නො-කප්පාදු කුඩා වස්තුව’ (uncastrated object a) විසින් නිපදවන අර්ථයහරහා ගෝලීය ධනවාදය තුළ අර්ථකථනය කළ නොහැකි අපගේ පැවැත්ම අර්ථාන්විත කිරීමටයි.

මෙම යාන්ත්‍රික රෝබෝකරණය අපිට සම කළ හැකි වන්නේ ස්ටැන්ලි කුබ්රික්ගේ Full Metal Jacket නමැති සිනමා නිර්මාණයට යි. එහි ප්‍රධාන නළුවා ඇමරිකාවේ Marine හමුදා පුහුණුව ලබයි. මුලින් ඔහු අශ්ලීල ගොරහැඩි හමුදා පුහුණුව ට යම් ආත්මීය දුරස්ථ බවක් සහිතව මුහුණ දෙයි. කඳවුර තුළ ද පුහුණුකරුවාගේ හඬ ඉල්ලා සිටින්නේමරන්න’,  ‘මරන්න’ (kill; kill) යනුවෙනි.  සෙබළුන් පුහුණු කරන්නේ දැවැන්ත ඝාතන ආශයකට ය; වියට්නාම් සමුල ඝාතනයට ය. නමුඳු මෙම ඝාතන ආශයට මිනිසුන් 100% අනන්‍ය නොවන්නේ ය; දුරස්ථ බවක් පවත්වා ගන්නේය. නමුඳු රාජ්‍යයේ පවත්නා බලවත් ඝාතන කතිකාව (killing discourse) විසින් ඉල්ලා සිටිනු ලබන්නේ දෙවරක් නොසිතා ම මරා දමන ලෙස ය. මිනිසා මෙම යන්ත්‍රයට අනන්‍ය නොවී ටික කලක් ගත කරන නමුත් අවසානයේ සම්පුර්ණයෙන්ම අප එය හා අධිඅනන්‍ය වේ (Over-identify). එම ඝාතක හඬ (killer’s voice) හා අධි අනන්‍ය වන්නාවූ එක් සෙබළෙක් අවසානයේ පුහුණුකරු ද මරාදමා තමා ද සියදිවි නසාගනී. මිනිස් හඬතුළ ඇති යටත්කරණීය විභවතාව සම්බන්ධ තවත් චිත්‍රපටයක් ලෙස ජිජැක් දක්වන්නේ චැප්ලින් ගේ The Great Dictator සිනමා පටයයි.

අප ද යුද්ධයේ මුල් කාලයේදී මඳක් පසුබා සිටිය ද රණවිරු ගී සමග අවසානයේ 100% කිරිබත් වළඳා එයට අනන්‍ය වූහ. එහි දී සාර්වත්‍රික වටිනාකම් සමග එකග වී මිනිසුන් මරණවාද නැද්ද යන්න පිළිබඳ කිසිඳු වග-විභාගයක් නොතිබුණි.  මෙය එක්තරා ආකාරයකට 71 මර්දනයේ සහ 87-89 මර්දනයේ දී සිදු වූ බව සැබැවි. එහෙත් එම වකවානුවේ දී ම මෙය මෙතරමට මෙ මිනීමැරිමට, ඝාතන යාන්ත්‍රණයට අනන්‍ය වූ බවක් දක්නට නොලැබුණි. මෙය කිසිවක් ම නොසිතා හිට්ලර්ගේ හඬට අනන්‍ය වුවා හා සමාන බව ජිජැක් සිය Sublime Object of Ideology නමැති කෘතියේ මේ පිළිබඳ සාකච්ඡා කරයි.

එම අවස්ථාවේ දී මිනිසුන් මරා දැමිම සාධාරණ ද? පාලකයා හෙවත් අණ දෙන්නා පවසන්නේ සත්‍යයක් ද? බොරුවක් ද? මෙය සැබැවින් ම යථාර්ථයක් බවට පත් කළ හැකි ද? යනාදි කිසිවක් නොසලකා හැරේ. කෙරෙන්නේ හඬට අවනත වීම ම පමණි. එම හේතුවෙන් හිට්ලර්ගේ හඬට අවනත වීමේ වන්දිය කොපමණදැයි අපි කිසිවකුටත් ගණනය කළ නොහැකි ය; මිනිස් ජීවිත මිලියන ගණනක් විණාශ කිරීම නොතකා හැරේ. මන් ද මෙම ඝාතන යාන්ත්‍රණයට මිනිසුන් 100%ක් ම අනන්‍ය වී ඇත. මෙය අන් කිසිවක් නොව හිට්ලර්ගේ  ‘හඬවිසින් ඉස්මතු කළ ඉතිහාසයට අපි අනන්‍ය වීමකි. සමකාලීන ජාතික රාජ්‍යයේ නොහැකියාවෙන් පලා යාමකි. හිට්ලර් ද සොයා ගියේ ආර්ය වංශිකයන්ගේ ඉතිහාසය යි; ආර්ය මූලයෝ ය; ජර්මානු ශුද්ධ වූ මූලයෝ ය. අපි ද ඒ ආකාරයට ම ඓතිහාසික රංගනය තුළ අපේ පැරණි අභින සොයා යාමේ මූලික අභිනය සකස් කරගෙන ඇත. එය සකස් කරනු ලබන්නේ මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ ‘මගේ ලෝකය’ කෘතිය විසිනි.

රාජපක්ෂ වරුන් ඉස්මතු කළ අතීතයේ හඬින් අප  තාවකාලිකව මිදුණ ද අද වන විට පවතින විරුද්ධාභාශය නම් මහින්ද රාජපක්ෂ නැවත එනු ඇතැයි අප බිය (paranoia) ගන්වමින් ඒ බිය තුළින් දැවැන්ත සොරකම් සිදුකිරීමයි. බිය (fear) යන්න නැවතත් දේශපාලන අවියකි. යහපාලකයන් කියන්නේ අපි ගියොත් උඹලට ආයේ හම්බ වෙන්නේ සුදු වෑන්, අතුරුදහන් වීම්’. ‘ඒ හින්ද අපිම තියාගනිල්ලා’. මෙම රාජපක්ෂ නැවත බලයට පැමිණෙනු ඇතැයි යන ප්‍රස්තුයේ දී සිවිල් සමාජය මෙන්ම සියල්ලෝම තුෂ්නිම්භුතය. එවිට ඔවුන් බය ගුල්ලන් මෙන් අඩු නපුරසොයා යයි. නමුත් අපගේ බිය කොල්ල කෑමට කිසිවෙක් කිසිවකුට ඉඩ දිය යුතු නැත. ට්රුම්ප් රාක්ෂයෙක් බවට පත්කළ මාධ්‍යකරුවන් ඇමෙරිකානුවන් මායිම් නොකළා සේ අප මෙසේ කිව යුතුය. ‘කමක් නෑ රාජපක්ෂ ආවදෙන්. එතකොට අපි ඒක බලාගන්නම් කලින් පාර වගේ. දැන් හොරකම් කරන එවුන් පලයල්ලා.’  කිසිවකුගේ හඬට අප බිය කිරීමට හෝ යටත් කිරීමට ඉඩ දිය යුතු නැත.  එසේ වුවහොත් අප ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගත්තවුන් බවට පත් වේ.

මතු සම්බන්ධයි

සටහන

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01