සැන්ඩර්ස් සඟවන්නට උරදුන් ඇමරිකාවේ ජාති(ක)වාදය

මගේ ලෝකයෙන් පසු ලෝකය
Typography

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: අපගේ බිය කොල්ල කෑමට කිසිවෙක් කිසිවකුට ඉඩ දිය යුතු නැති බවත්, ට්‍රම්ප් රාක්ෂයෙක් බවට පත්කළ මාධ්‍යකරුවන් ඇමෙරිකානුවන් මායිම් නොකළ බවත් පවසමිනි.

අද එතැන් සිට

අප තුළ පවතින බිය තුළින් අපව පහසුවෙන් වහල්භාවයට පත්කරයි. අපව බිය කිරීමට හෝ අප තුළ පවත්නා බිය උපකරණයක් ලෙස පාවිච්චි කිරීමට ඉඩ-කඩ සලසා දීම තුළින් අනතුරුව පහසුවෙන් ම සිදු විය හැකි වන්නේ සමස්තතාවාදි පාලන තත්ත්‍ර බිහිවීම ය. සමස්තතාහඬවිසින් එම අනියත බිය අප තුළ ජනනය කරයි. මෙම ඉතිහාස පාඩම අපි කිසි දිනක අමතක නොකළ යුතු බව පසුගිය සතියේ සඳහන් කළේ එබැවිනි. මෙම ‘බිය’ නමැති සංකල්පය මනෝවිශ්ලේෂණය උපකාර කරගනිමින් මෙසේ විග්‍රහ කළ හැකි ය. තීරණාත්මක මිනිස් අභිනයක් තේරුම් ගැනීම සඳහා අප මූලික මනෝ විශ්ලේෂී රූපකයක් වෙත යොමුවෙමු.

කුඩා දරුවකු ලෙස මිනිසා සිය ආරක්ෂාව සහ උණුසුම සපයාගන්නේ මවගේ ස්වාභාවික ශරීරය හරහා ය. දරුවාගේ මූලික ම තෘප්තියේ මූලාශ්‍රය වන මුඛය සම්මුඛ වන්නේ මවගේ ශරීරයේ පියයුරු වෙත ය. පැවැත්ම සඳහා ආහාර පමණක් නොව ආදරයේ මූලාශ්‍රය ද පියයුරු ය. තෘප්තියේ මූලික ම මූලාශ්‍රය ද ඇයගේ පියයුරු ය. යම් අවස්ථාවක එම පියයුරු වෙතින් දරුවා ඉවත් කිරීමට ඇයට සිදුවේ. එවිට දරුවා අත්දකින්නේ ස්වකීය ජීවිතයේ තෘප්ත මූලාශ්‍රෙයන් සිදුවන අති මූලික ඛණ්ඩනය යි. එවිට ඇතිවන්නේ හිස් බවකි; අනාරක්ෂිත බවකි. එවිට දරුවා අපේක්ෂාභංගත්වයෙන් (Angst) හැඬීම අරඹයි. අනාරක්ෂිත හිස් බවක් දරුවා තුළට ආරෝපණය වේ. මෙම හිස් බව හෙවත් අපේක්ෂාභංගත්වය මකා දැමීම සඳහා මව භාවිතා කරන්නේ කුමක් ද? එවිට ඇය ප්‍රයෝජනයට ගන්නේ ඇයගේ හඬ යි. දරුවා නැළවීමට ඇය කවි, ගී ගායනා කරන්නී ය.

ඔන්න බබෝ ඇතින්නියා - ගල් අරඹේ සිටින්නියා

ගලින් ගලට පනින්නියා - බබුට බයේ දුවන්නියා

යනුවෙන් ඇය අහිමි වීමේ ආතතිය (anxiety) සහ එම ආතතියේ සංස්කෘතික පිළිවෙළ (අහිමි වීම සංස්කෘතිකකරණය) සමඟ සම්බන්ධ කරයි. එනයින් දරුවා විසින් අහිමි වීම යන්න සංස්කෘතික පිළිවෙළ තුළ ම අර්ථවත් කර ගනී. ඒ සඳහා ආධාර කරන්නේ ඇයගේ හඬයි. මිනිසාගේ පෞරුෂ වර්ධනය සඳහා මෙම අභිනය ඉතා වැදගත් වේ. ඉහත කවියට අනුව දරුවා තුළ ඇති අපේක්ෂාභංග ආතතිය බියක් බවට පත්කරනවා වෙනුවට එම බිය පලවා හැරීම සඳහා ඇය, එම බිය ඇති කළ ෆැන්ටාස්මතික වස්තුව නම් ඇතින්නිය(නැත්නම්ඔන්න බබෝ බිලු එනවෝ- අඬන ළමයි අල්ලනවෝනම් කවියේබිල්ලා’) බබාට බියෙන් පලා යන බව සඳහන් කරන්නී ය. මව විසින් සිංහල සංස්කෘතිය තුළ පවතිනවා යැයි විශ්වාස කරන ‘ධෛර්ය’, ‘නිර්භිත බව’ සහ ‘වීරත්වය’ ඉතාමත් අවිඥානික තලයක පිහිටුවනු ලැබ ඇත්තේ ඒ ආකාරයට ය.

ඉඳින් අප එක් එක් ෆැන්ටාස්මතික කුඩා වස්තුවලට (Object a) විය යුත්තේ ඇයි?

අද දවසේ සමස්තථාවාදි පාලකයන් විසින් අපව බිය කරන්නේ ද එම ෆැන්ටාස්මතික වස්තුව නැවත අප කරා ප්‍රක්ෂේපණය කරමිනි. එක් අවස්ථාවක යුදෙව්වා (Jew) මෙම වස්තුව බවට පත්වන අතර විටෙක එය දෙමළා (Tamil) බවට පත් වේ. තවත් විටක එය මුස්ලිම් ජාතිකයෙකි.  ‘ඇතින්නිය’ මෙන්ම මෙම කුඩා වස්තුව අපගේ පැවැත්ම තුළට මව විසින් ම රැගෙන එනු ලැබූ ගුප්ත අවතාරමය අතිරේකයකි.  (Uncanny spectral supplement). නමුත් අප අමතක කරන්නේ මව විසින් ම එය එකෙනෙහිම පලවාහරින ලද දෙයක් බව ය. ජාතිවාදය විසින් මෙම සංරක්ෂිත  මාතෘ මුලික ගුප්ත වස්තුව අවශ්‍ය අවස්ථාවල ඉස්මතු කරන අතර අවශ්‍ය නැති විට හකුලා ගනු ලබයි. දෘෂ්ටිවාදය යන්න මිනිස් අහිමිවීම නැත්නම් හිස්බව තුළට කඩා වදින්නේ මේ මොහොතේය. ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාර වලට මිනිසුන් වෙනුවෙන්උසස් අර්ථයක්නිෂ්පාදනය කිරීමට අසමත් වුවොත් සිදුවන්නේ මෙම ගුපත ෆැන්ටස්මතික වස්තුව අධිනිශ්චය වීමයි. විශේෂයෙන් සංකේතීය පිළිවෙලේ සංස්ථිතික නොවන (inconsistency) බව විසින් මෙම ෆැන්ටස්මතික වස්තුවට ඇති වැදගත්කම තවත් වැඩි කරයිවිශේෂයෙන් ආර්ථික ප්‍රශ්න, වාර්ගික පීඩනය, සම්ප්‍රදායෙන් වෙන්වීම, ලිංගික අපේක්ෂාභංගත්වය, විගලිත බව යනාදි තත්ත්ව මෙම අසංස්තිථික බවට උදාහරණ වේ. සත්‍යය ගැටලුවලට විසඳුම් නැති විට මිනිසුන් සියයට සියයක් අනන්‍ය වියහැකි (මිනිසුන් නැවත සොයා යන) මේ භයානක ෆැන්ටස්මතික බව ලාංකික වම්මුන් අමතක කර දමා ඇති දෙයකි. The Great Dictator නම් චිත්‍රපටයේ මෙන් මිනිසුන් මෙම යකඩ කටින් දෝංකාර දෙන ගුප්තහඬට අනන්‍ය වීමට වැඩිකල් ගත නොවේ.     

විප්ලවයක දී නම් අපි එම විප්ලවයට  සියයට සියයක් අනන්‍ය විය යුතු ය. දුරස්ථබවක් නඩත්තු කිරීම නරුමවාදයකි. එහෙත්, ලෝකය පුරා මේ වන විට හමුවන්නේ ධනවාදයේ හඬට සියයට සියයක් අනන්‍ය වූ මිනිසුන් ය. නමුඳු මෙය ලාංකීය තත්ත්වය සමග විමසා බලද්දි එය ඊටත් වඩා බිය ජනක ය. එනම් අපිට ලාංකීය භූමියේ දී හමුවන්නේ ඉතිහාසයේ හඬට සියයට සියයක් අනන්‍ය වු මිනිසුන් ය. එය සමස්ත ලෝ වැසියා ධනවාදයට අනන්‍ය වීමටත් වඩා බිය ජනක ය. එහි ගැටලුසහගත තත්ත්වය වන්නේ ධනවාදය ද ඉතිහාසයේ පියා ප්‍රතික්ෂේප නොකිරීම ය. ඒ සඳහා මෑතක හොඳම නිදර්ශනය ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

ධනවාදයේ විසුළුසහගත බවක් ද දක්නට ඇත. එය නුතන යැයි අපිට දක්නට ලැබුණ ද සත්‍යය වශයෙන් ම එය නූතන නොවේ... ඒ සදහා තමන්ගේ පූර්ව පියා ඉදිරියට කැඳවාගෙන ඒමට ධනවාදයට අවැසි නම් ධනවාදය විසින් එකි පූර්ව පියා කිසිඳු හිරිකිතයකින් තොරව ම ඉදිරියට රැගෙන එනු ලබයි. හබමාස්ට අනුව ධනවාදය නුතනත්වය සමග බද්ධ වී ඇතැයි යන්න අර්ධ සත්‍යයකි. ඒ, තමන්ට අවශ්‍ය වූ මොහොතක පෙර කී ආකාරයට පූර්ව පියාගේ නිරීක්ෂය වුව ද ඔවුන් අත් නොහරින බැවිනි. මන්ද එසේ පූර්ව පියා අත්හරින්නට තරමේ කශේරුකාවක් ධනවාදයට නොමැති බැවිනි; එතරමට ම ධනවාදය පීතෘ මූලික නොවන බැවිනි. ඉහත මා සදහන් කළ මව විසින් නිර්මාණය කළ ගුප්ත අතිරේකයෙන්, ඇතින්නියා හෝ බිල්ලාගෙන්, ඛණ්ඩනය වීමට පිතෘ මූලික නොවීමේ ගැටලුව සමස්ත ගෝලීය සමාජයම වසා පැතිර ගෙන ඇත.  ප්‍රබුද්ධ විමුක්ති ව්‍යාපාරයක (enlightened revolutionary movement) අවශ්‍යතාව අන් කවරදාටත් වඩා අද ලෝකයට දැනෙන්නේ එබැවිණි.  

මේ ආකාරයට ඉතිහාසයට අනන්‍ය වනවා ය යන කරුණ යාන්ත්‍රික ලෙස ධනවාදය සමඟ බද්ධ වී, එය ධනවාදයත් සමඟ එකට ගමන් කිරීම අපූරුභාවයකි. මෙම අපුරුභාවය එනම්, පශ්චාත් යටත් විජිත රාජ්‍යයේ ධනවාදයත් ඉතිහාසයත් එකට ම පැවතීම සහ එකට ම ගමන් කිරීම  තවදුරටත් අනාගතයේ වන්දි ගෙවීමට සිදුවන ක්‍රියාදාමයකි. එසේ වන්දි ගෙවන්නට සිදුවන්නේ ඇයි ද යන්න පැහැදිලි කරගනිමු.

මෙය වර්තමාන ධනේශ්වරයේ පවතින කශේරුකා අප්‍රාණිකත්වය යි.  ඒ හරහා ප්‍රශ්න කෙරෙන්නේ වත්මන් පාලකයෝ ශිෂ්ට ද නැද්ද යන්න නොවේ. මෙම කරුණ හරහා ප්‍රශ්න කෙරෙන්නේ මේ නව පාලකයෝ සත්‍යය වශයෙන් ම නූතනවාදි ද යන්න ය. එසේ විමසීමට ද හේතු කාරණා පවතී.  එනම්, මහින්ද රාජපක්ෂ රෙජීමය වඩ වඩාත් ඉස්මතුවන්නේ මේ යුගයේ නොවේද? මහින්ද රාජපක්ෂලා හිටියානම් මීට වඩා හොඳ යැයි මිනිසුන් පවසන්නේ මේ යුගයේ නොවේද? ඇමරිකාවේ ජනතාව ඩොනල්ඩ් ට්‍රම්ප් නම් ජාතිකවාදියා (අපිට අනුව නම් ඔහු ජාතිකවාදියකු නොව ජාතිවාදියෙකි. චම්පිකලා ප්‍රමුඛ ඔවුන්ගේ කුලකයට නම් ට්‍රම්ප් යනු ජාතිකවාදියෙකි) කරලියට රැගෙන එන්නේ මේ යුගයේ නොවේද? ට්‍රම්ප් විසින් පාවිච්චි කරනු ලැබුවේ ද බාහිර සතුරෙක් අභ්‍යන්තරිකව නිර්මාණය කර එය බාහිරට ප්‍රක්ෂේපණය කිරීමයි. ඔහුගේහඬවිසින් ප්‍රකෝප කළේ නග්න ඇමෙරිකානු ජාතිවාදයයි. මුලධර්මවාදය ඉස්මතු වන්නේ ධනවාදයේ කේන්ද්‍රය තුළින් ම මිස ඇෆ්ගනිස්ථානයෙන් නොවන බවට සඳහන කරමින් ජිජැක් සිනහ වෙන්නේ එබැවිණි.

හොඳින් අධ්‍යනය කරන්න... මේ යුගයේ ධනවාදයේ පවතින නපුන්සකභාවය කෙතරම් ද යත්, බුර්ෂුවා ධනේශ්වර පාලකයන්ගේ නපුන්සකභාවය කෙතරම් ද යත් ඇමරිකානු හිලරි ක්ලින්ටන් පාලනයට පවා ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති ‘ලාබ ප්‍රතිවාදියා’ (cheap opponent) ඉවත් කරගැනීමට නොහැකි විය. එසේ නොහැකි වන්නේ ඇයි? එයට හේතු කිහිපයක් ම පැවතුණි. එහි ප්‍රධාන ම හේතුව වන්නේ ඇමරිකානු ජාතිකවාදය සඳහා ඔවුන් සතුව පිළිතුරක් නොපැවති බැවිනි; සම්භාව්‍ය පිළිතුරක් නොතිබුණ බැවිනි.

magelokaya18 1

දෙවැන්න වූවේ ඇමරිකානු පහළ ධනේශ්වර මධ්‍යම පන්තිය අතර පවත්නා සත්‍යය ම ප්‍රශ්න (authentic issues) තමන්ගේ ම ප්‍රශ්න බවට පරිවර්තනය කරගැනීමට හිලරි ක්ලින්ටන්ට නොහැකි වීම ය. අවම වශයෙන් එසේ හැකියාවක් තිබු ඩිමොක්‍රටික්ස් පක්ෂයේ එක ම අපේක්ෂකයා වූ බර්නි සැන්ඩර්ස් හෝ ඉදිරියට රැගෙන එන්නට ඔවුහු අසමත් වෙති. සැබැවින් ම ඔවුන්ගේ නියෝජිතයා වීමට සුදුසුකම් ලබා තිබුණේ බර්නි සැන්ඩර්ස් ය. ඔහු සිටියා නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශාල අභියෝගයක් කළ හැකිව තිබුණා යැයි CNN මාධ්‍යය මගින් පසුව විකාශනය කරනු ලබන්නේ එබැවිනි. මෙය ඉතාමත් විසුළුසහගත ස්වභාවයකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කිරීමේ හැකියාවක් බර්නි සැන්ඩර්ස් සතුව පැවතියේ නම් අදාළ නිශ්චිත මොහොතේ ඔහුට එම අවස්ථාව ලබා නොදෙන්නේ ඇයි? විශාල සමාජ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු නැති ලංකාවේ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී යන අය තුළ ද අපිට දැකිය හැකි වන්නේ මෙම තත්ත්වය ම නොවන්නේ ද?

මතු සම්බන්ධයි

සාකච්ඡාව : ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.    

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01