අනේ!!! ආයෙත් ඔයා එන්නකෝ...

මගේ ලෝකයෙන් පසු ලෝකය
Typography

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: මෙම සන්දර්භයේ දී ඒ ඒ පුද්ගලයෝ වමේ ද දකුණේ ද යන්න සොයාගැනීම අපහසු වන්නේ ඇයි? යන්න පැහැදිලි කරමිනි. ඒ සඳහා උදාහරණ ලෙස මීට ටික කලකට ඉහත දී සිටි චම්පික රණවක නමැති   ජාතිවාදියා මේ මොහොතේ ජාතිකවාදියෙක් වී ඇති අන්දම මෙන්ම මහින්ද රාජපක්ෂ සමයේ වාමවාදය මකා දැමු බවද සඳහන් කළෙමු.  ඒ, ජ. වී. පෙ., තිස්ස, ඩිව්, වාසුදේව ප්‍රමුඛ වාමාංශිකය මහින්ද රාජපක්ෂ විසින් එකක් මත අනෙක අතිපිහිත කර සියල්ල එකට මසා (quilt) දමනු ලැබූ බව පැහැදිලි කරමිනි.

 

අද එතැන් සිට

ජ වි පෙ, තිස්ස, ඩිව්, වාසුදේව ප්‍රමුඛ වාමාංශිකයේ අනන්‍යතා අහෝසි වූවේ කෙසේද? කොහේද? කවදා ද? එය සිදු වූයේ දාර්ශනික පදනමක් මත ද? යන්න ද අහෝසි වී ගොසින් ය. එසේ වන්නේ පෙර සඳහන් කළ ගුප්ත හඬ හෝ ගුප්ත නිරීක්ෂයට මේ සියල්ල මෙන්ම සියල්ලෝ ම මකා දැමිය හැකි ය. ජාතිකවාදී හඬ නම් වූ මැස්මට මෙම ප්‍රපංච බහුත්වයේ සුවිශේෂතා මසා දැමිය හැකිය. එවිට එම ප්‍රපංච අතර පරතරයක් නොපවතී. සියල්ලම එකක් බවට පත්වේ. මෙය සංකල්පිය ලෙස නිර්වචනය කරන්නේ නම් හැඳින්විය හැකි වන්නේ ‘අතිපිහිතභාවය’ නමැති සංකල්පය මත සිට ය. වඩාත් සරලව පවසන්නේ නම් එකිනෙකින් වෙන්ව පවතින කලාපවල (entities) වෙනස අහෝසි වී යාම ය. උදාහරණයක් ලෙස ගතහොත් බස්නාහිර සහ දකුණු පළාත වෙන් කරන සලකුණ හෙවත් මායිම වන බෙන්තර පාලම හෝ ගඟ අහෝසි වී යාම ය. රූපකයක් ලෙස ගතහොත්  රුහුණු, පිහිටි, මායා - උඩරට, පහතරට යන සියල්ල මහින්ද යුගයේ අහෝසි වී ගියේ මේ අයුරිණි.

කෙළවරක් නොපෙනෙන පරිභෝජන අවකාශයේ ගිලී සිටින මිනිස්සු තනි පුද්ගලභාව ලෙස හුදකලා වී සිටිති; වරදකාරී බවකින් පීඩා විඳිති. විසිරී සිටින ඔවුන් එකතු කරන්නාවූ සාමුහික යමක්මේ යුගයේ අවශ්‍ය වේ. කුමන වරදක් ඔවුන් අතින් සිදු වුවද එය නොසලකාඔන්න ඔහේ කමක් නෑ’ (feel alright) යනුවෙන් සිතීමට ඔවුන්ට අවශ්‍ය කෙරේ. ඔවුහු, යුගයේ සත්‍යය පරස්පරතා (true antagonisms) මකා දමා කෙටි සහනයක් බලාපොරොත්තු වෙති. ධනවාදයේ ආර්ථික අර්බුදයේ සත්‍යය ගැටලු වෙනුවට ව්‍යාජ ගැටලු ඉස්මතු වේ. ඒ සඳහා ව්‍යාජ විසඳුම් ද ඒ සමගම ජාතිවාදය ඉදිරිපත් කරයි. එමකෙටි පරිපථයජාතිවාදය යි. කපටි අවස්ථාවාදයක් වන එය විසින් පරස්පරතා තාවකාලිකව මකා දමයි.

මෙහි දී ඉතා වැදගත් මනෝ විශ්ලේෂී ප්‍රශ්නයකට  මෙම ජාතිවාදය නම් ස්වාමි හැඟවුම පිළිතුරු ලබාදෙයි. එය ආරම්භ වන්නේ ‘ඔබට අවශය කුමක්ද?’ යන්න සමඟය. මෙම මූලික අභිනයේ අර්ථයෙන්හඬයන්න මෙතරම් වැදගත් දේශපාලන සාධකයක් වන්නේ අප ඉහත සඳහන් කළ මවගේ ආදරයේ හඬ ඇසුන දිනයේ සිට මිනිසා භාෂා කේන්ද්‍රීය ජීවියෙක් බවට පත්වන නිසාය. ඉහත හුදකලා පාරිභෝගික මිනිසා හට අනෙකා වෙනුවෙන් තමාගේ නියෝජනයක් අවශ්‍ය වේ. තම තමාගේ වැඩක් කරගෙන මුදල් සරි කරමින් සිටින අතරතුර සල්ලි හැර තමාව නියෝජනය කිරීමේ අන් සාර්වත්‍රික වටිනාකමක් ඔවුන් හට නැත.   නමුත්ජාතියනම් හැඟවූම විසින් ඔහු පාරිභෝගිකයකුට වඩා වැඩි දෙයක් බවට පත් කරයි (something more than a consumer).  සියල්ලෝම පාරිභෝගික මෙලන්කොලියාවේ ගොදුරු බවට පත්කර සිටින විටකදී එම විෂාදයෙන් ගලවාගැනීම පිණිස ප්‍රෞඩ ඉතිහාසය, බෞද්ධකම, සිංහලකම, මුස්ලිම්කම, දෙමළකම යනාදිපාර වටිනාකම්පෙරට එයි. එම ව්‍යාජ පුර්ව සංකේතිය (pre-symbolic) වටිනාකම් විසින් පාරිභෝගික හිස්ටරික විෂයයේ ප්‍රමෝදය කප්පාදු’ (castrate) කරනු ලබයි (රූප සටහන බලන්න). ඉහතමැස්ම’ (විශාදි ගුප්ත බවක් අඩංගු චිත්‍රාල් ගේදඹුලුගලේයනාදි ගීතයක් සලකා බලන්න. එම මෙලන්කොලික හඬ විසින් ඉල්ලා සිටින්නේමාව කප්පාදු කරන්නයන ඉල්ලීමයි. මුල් ගීතය තුළ විද්‍යාමාන නොවන මෙම රෝග ලක්ෂණය දෙරණ රූපවාහිණියේ මහේෂ් දෙණිපිටිය විසින්අපේ කමනම් සින්තෝමයක් බවට පත්කරයි) වැදගත් වන්නේ මෙහිදීය.

 magelokayen pasulokaya20 1

The Great Dictator චිත්‍රපටයේ පෙන්වන පරිදි හිට්ලර් පසුපස මිනිසුන් ගියේ කුමන හේතුවක් මත ද? එකෙනෙකට ඇමිණුව හිස් වචන මිස අන් කිසිවක් නැති කිසිඳු අර්ථයක් නොමැති ලෙස දෝංකාර දුන් ඉතිහාසයේ ‘ඔන්න බබෝ ඇතින්නියානම් පුර්ව සංකේතිය ගුප්ත හඬ පිටුපස මිනිසුන් ගියේ ඇයි? ‘ඇයි ඔබ ස්ටාර්ලින් පසුපස යන්නේ?’ කියා ස්ටාර්ලින් පසුපස ගිය මිනිසුන්ගෙන් විමසුවහොත්? මේ සඳහා අපිට කෙබඳු පිළිතුරක් ලැබේද? මේ මෑතක විමල් වීරවංශගේ වෙබ් අඩවියක ‘අනේ ආයෙ එන්නකෝ’ යනුවෙන් මහින්ද ගෙන් ගැහැනු ඉල්ලා සිටි බවක් සටහන්ව තිබුණි. අවශ්‍ය නම් මෙම ඉල්ලීමටමාව කප්පාදු කරන්නකෝයනුවෙන් ආදේශ කරගත හැකිය. මෙය මළ ගෙවල්වල කුලියට හඬන අයගේ හඬදැයි සිතන තරමට ම එය ව්‍යාකුල ය. කුලියට හැඬුව ද අභිනය එක ම ය. වැදගත් වන්නේ හඬන්නේ කුලියට ද නැතිද යන්න නොව ඔබ කරන්නේ කුමක් ද යන්න ය.

ඔබට (අපට) අවශ්‍ය කුමක්ද යන ගැටලුවට  පිළිතුර ඔහු තුළ ඇතැයි අප ඔහු වෙත ප්‍රක්ෂේපනය කරයි. මෙය ඔහුගේ ප්‍රශ්නයකට වඩා අපගේ ප්‍රශ්නය කි. මෙය අප මහා අනෙකාගෙන් විමසන මනෝ විශ්ලේෂී ප්‍රශ්නයකි. ‘මා ගුරුවරයෙක් නම් (පත්තරකාරයෙක්, ගැහැනියක් යනාදි) මගෙන් ඔබ බලාපොරොත්තු වන  කාර්යය කුමක්ද?’ යන මුලික ප්‍රශ්නය සෑම අයෙකුටම ඇත. ‘ගැහැනියක්’, ‘දොස්තරවරයෙක්’, ‘රොක් ගායකයෙක්යන කුඩා වස්තුව (object a) අනෙකා ගෙන් අප සුවිශේෂ වන්නා වූ දෙයයි. නමුත් ඉහත මහා අනෙකා විසින් මෙම සුවිශේෂය මකා දමා අප පොදු සාමුහික බවක් වෙත පොලා පන්නයි. මහා අනෙකා විසින් මෙම කුඩා වස්තුව කප්පාදු කරනු ලබයි. (කියවන්න The Sublime Object of Ideology කෘතිය).  අප වඩ වඩා සුවිශේෂ වනවා යනු වඩා වඩා මේ කප්පාදුව අවශ්‍ය බවට වන හැඟවූමකි. ඉතින් මේ ඝනීභවනය වූ පරිභෝජනය තුළ  අපටඔහුනැවත අවශ්‍ය වී ඇත.

මහින්ද ගිය පසු ඒ ගැහැනු හඬාවැටෙන්නේ මෙලෙස ය. ‘අනේ එන්නකෝ... ආයෙත් ඔයා එන්නකෝ...’ එසේ නොමැති නම් ‘ආයෙ දෙන්නකෝ’ යනුවෙනි. මඳක් සිතන්න... මොවුන් මෙසේ ඉල්ලා සිටින්නේ කුමක්ද? එය ඉතාමත් වැදගත් නොවන්නේ ද? මෛත්‍රිගෙන් මෙම ඉල්ලිම නොකරන්නේ මන්ද? මෙම ඉල්ලීම රනිල්ගෙන් නොඉල්ලන්නේ මන්ද?

එක්තරා අනුභූතික සීමාවක සිට මෛත්‍රිපාල වටහා ගැනීමට පිළිවන. නමුඳු මහින්ද එසේ වටහා ගැනිමට නොහැකි ය. අපේ අනුභුතිකත්වයෙන් ඇතට මහින්ද රැගෙන යන්නේ ඉහත සඳහන් කළ ගුප්තභාවය යි. රනිල් සහ මෛත්‍රීපාලගෙන් ඔබ්බෙන් මහින්ද රාජපක්ෂ ස්ථානගතවන්නා වූ මේ ගුප්ත බව තුළ ය. එය එසේ වන්නේ ඇයිදැයි කිසිවකුට කිසිවක් ම පැවසිය නොහැක්කේ මේ හේතුවෙනි. මෙය නිවැරැදිව ම පවසන්නේ නම් ‘ආදරය’ බඳු ය. කිසිකුට තවකෙකු ආදරය කරන්නේ මන්දැයි විමසූ විට එ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි ය. නමුඳු මේ අනුභුතිකත්වයෙන් ඔබ්බට ගමන් කරනනා වූ සියල්ල මසා දමා ඇත. එනම්, භාෂාව විසින් එය මසා දමනු ලැබ නැවත අතීතය දිසාවට ප්‍රක්ෂේපණය කර ඇත.  මෙයින් ගම්‍ය වන්නේ අතීතය තව දුරටත් නිර්වචනය කළ නොහැකි බවයි.

පසුගිය වකවානුවේ සිදු වු බොහෝ සිදුවිම් අතිතය සමඟ කෙතරම් බද්ධ වූවාදැයි යළි සිතා බලන්න. එය වෙනුවෙන්: දුටු ගැමුණු සම්බන්ධ විය; පුරා වස්තු සම්බන්ධ විය; රාජ්සෝමදේව සම්බන්ධ විය; මහාචාර්ය මැන්දිස් රෝහණධීර සම්බන්ධ විය; ජැක්සන් ඇන්තනි සම්බන්ධ විය. මේ සියල්ල සහ සියලු දෙනා ගමන් කළේ කොතැනට ද? ඉතිහාසයෙන් හැකිතාක් උකහාගෙන මතුකරලූයේ කුමක් ද? ඔවුන් සහ ඒ ද්‍රව්‍යය විසින් මතු කරනු ලැබුවේ ‘මොහු (මහින්ද රාජපක්ෂ) අපේ ඉතිහාසයේ සත්‍යය නියෝජිතයා වන්නේ ය’ ‘අපව කප්පාදු කිරීමේ හැකියාව සහ නෛතික භාවය ඔහු සතුයියන්නයි.  එය ඔවුන් දක්ෂ ලෙස ඉටු කළේය.

එසේ රැගෙන ආ පුරා විද්‍යාත්මක ද්‍රව්‍යවල (scientific evidence) තාර්කිකත්වය සොයන්නට කිසිවකු හෝ වෙහෙස වුයේ නැත. එනම්: එම සෙල් ලිපි සැබෑ සෙල් ලිපි ද? (මගේ මතකය අනුව මෙම සෙල් ලිපි පිටුපස මංගල සමරවීර ද සිටියේ ය.) මෙසේ සොයාගන්නා පුරා වස්තු සැබැවින් ම පුරා වස්තු ද? ඇතැම් අවස්ථාවල පුස් කොළ පොත් ඉදිරිපත් කර බව ද මතක ය. ඒ පුස්කොළ පොත්වල සඳහන් වන දෑ සැබැවින් ම නියම ඉතිහාසය ද? යන්න කිසිවකු පෙරළා ප්‍රශ්න නොකළේ ය.  ඉතිහාසය විසින් මහින්ද නැවත අර්ථකථනය කළ ආකාරය තුළ ආඛ්‍යාන ගණනාවක් විසින් අපගේ තර්ක බුද්ධිය මසා දමනු ලැබී ය. එහෙයින් තවදුරටත් මෛත්‍රිපාල මහතා වටහා ගන්නා ආකාරයෙන් ඉතිහාසය නමැති නිරික්ෂය තුළ මහින්ද වටහා ගැනීමට නොහැකි බව මේ හරහා තව දුරටත් ප්‍රත්‍යක්ෂ වන්නේ ය.

මේ සඳහා කදිම උදාහරණයක් දෙස යොමු වෙමු.

නිදහස යන්න ගෙන බලමු. බුර්ෂුවා නිදහස යනු කුමක්ද? බුර්ෂුවා නිදහස යනු: ඔබට භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඉඩ පහසුකම් සලසා ඇත, ඔබ කැමති ආකාරයේ පුද්ගලික පාසලකට යාමට අවසර ඇත, ඔබ කැමති විෂයයක් (වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂනය, ඝණකාධිකාරි ඇතුළු වෙනත් ඕනැම) මුදලට හැදැරිය හැකිය. ඔබ කැමති කැමති ආකාරයේ නිල් සිනමාපට නැරඹිය හැකිය, ඔබට මුදල් තිබේ නම් සුරුපි ගැහැනු සමග යහන්ගතවිය හැකි ය යන්න ය.

නමුඳු කමියුනිස්ට්වාදය තුළ මෙය අර්ථකථනය කරන්නේ කෙසේ ද?

සත්‍යය වශයෙන් ම ධනවාදය තුළ කෙරෙන්නේ ඔබ ධනවාදය තුළ යටත් කර තැබීම ය. එනම් ඔබ වහලකු බවට පත්කිරීම ය; පාරිභෝගික ධනවාදයේ වහලකු බවට පත්කිරීම ය. කොමියුනිස්ට්වාදයේ නිදහස යනුවෙන් අර්ථකථනය කෙරෙන්නේ මෙම වහල්භාවයෙන් මිනිසා නිදහස් කරගැනීම ය.  එසේ නම් දැන් මේ නිදහස යන අර්ථය භාෂාවේ අර්ථයෙන් මසා දමා ඇති ආකාරය පැහැදිලි නොවන්නේ ද? ලිබරල් ධනවාදයේ පවතින නිදහස නමැති සංකල්පය එතැනින් උගුල්ලා දමා වෙනත් යමක් සමග මසා දමා ඇත. ඉතිහාසය සමඟ මහින්ද රාජපක්ෂ මසා ඇතැයි අපි පවසන්නේ මේ හේතුවෙනි. මෙම මැස්ම තුළ තාර්කිකව සත්‍යය හෙවත් යථාර්ථය සොයාගැනීමට අපහසු ය; අපහසු නොව සැබැවින් ම නම් නොහැකි ය. කොමියුනිස්ට්වාදය තුළ ‘සාමය’ යන්න ද ධනවාදය තුළ අර්ථකථනය කෙරෙන සාමය නොවන සාමයක් පවතී.

මේ ආකාරයෙන් පීතෘමූලික නිරීක්ෂයක් සඳහා අපි තාවර වීම හෙවත් පොරොත්තු වීම යනු මෙම සාකච්ඡාව තුළ මතු කළ අසමපාත නිරික්ෂය තුළට දමා බැලිය යුතුය. එවිට අපිට දක්නට ලැබෙන්නේ කුමක් ද? එනම්, මහාචාර්ය නලින්ද සිල්වා මහා අනෙකාට පෙනෙන්නේ කෙසේ ද?  යන්නය.

මතුසම්බන්ධයි

සාකච්ඡා සටහන : ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01