මට (නලින්ට) මාව (නලින්ව) පෙනෙන විදිය

මගේ ලෝකයෙන් පසු ලෝකය
Typography

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: නිදහස යන අර්ථය භාෂාවේ අර්ථයෙන් මසා දමා ඇති ආකාරය පැහැදිලි කරමින් ලිබරල් ධනවාදයේ පවතින නිදහස නමැති සංකල්පය එතැනින් උගුල්ලා දමා වෙනත් යමක් සමග මසා දමා ඇති බව ද සිහිපත් කරමිනි. මහින්ද රාජපක්ෂ විසින් ඉතිහාසය සමඟ තවත් හැඟවූම් ගණනාවක් එකට මසා ඇතැයි අපි පවසන්නේ මේ හේතුවෙන් බව ද පැහැදිලි කළෙමු. මෙම මැස්ම තුළ තාර්කිකව සත්‍යය හෙවත් යථාර්ථය සොයාගැනීමට අපහසු බවත්, අපහසු නොව සැබැවින් ම නම් නොහැකි බව ද පසුගිය සතියේ දි පැහැදිළි කළෙමු. ඉනික්බිතිව කොමියුනිස්ට්වාදය තුළ පවත්නා ‘සාමය’ යනු ධනවාදය තුළ අර්ථකථනය කෙරෙන සාමය නොවන සාමයක් බවත් සඳහන් කළෙමු.

අද එතැන් සිට...

මෙම සාකච්ඡාවේ දී දිගින් දිගට ම අපි සාකච්ඡා කළේ දයලේක්තික සංස්ලේෂණයට අමතරව එකම ප්‍රපංචයක් නිරීක්ෂක අක්ෂ ස්ථාන දෙකකින් නැරඹූ විට එය ආකාර දෙකකින් පෙනෙන අයුරුය. එය අපි හැඳින් වූයේ අසමපාත නිරික්ෂය (parallex view) යනුවෙනි. මෙකී අසමපාත නිරික්ෂය තුළට බහා බැලු විට මහාචාර්ය නලින්ද සිල්වා මහතා ට ඔහු පෙනෙන්නේ කෙසේ ද යන්න විමසා බලමු.

එක් අතකින් මහත් වගා ආඩම්බරයෙන් ඔහු සිංහල බෞද්ධ ලාංකිකත්වයේ මහා අනේකත්ව උපකරණය (historical instrument of the Sinhala-Buddhist big Other) බවට පත්වෙයි. එවිට ම ඔහුට එම ඓතිහාසික උපකරණයේ වර්තමාන ප්‍රචණ්ඩ, අව-මානුෂික  භාවිතය සංකේතනය කරන්නා වූ මහින්ද සාධකය සමඟ හිටගැනීමට සිදුවේ. සිංහල කේන්ද්‍රීය විනාශකාරී ධුර්තික (destructive orgy) ප්‍රේරණයේ ප්‍රමෝදය ඔහු රැගෙන එයි. (කියවන්න ජිජැක් ගේ The Ticklish Subject හි 468 පිටුව). එම හැඟවූම සමඟ ඔහු අධි-අනන්‍යතාවකට ගමන් කරයි. බෞද්ධ අහිංසාවාදය සහ අල්පේච්ඡ බව බල්ලට දැමීමට ඔහුට සිදුවේ. මහින්ද අගමැති කරන්නැයි ඉල්ලයි යථාවේ පරස්පරතාවය රැඩිකල් ලෙස වෙනස් කරනු වෙනුවට ද්‍රව්‍යයයේ අක්‍රිය බව සම අනණ්‍ය වේ. සදාචාර ක්‍රියාව (ethical act) යන්න ගණන් නොගන්නා ඔහුගේ පැවැත්ම දිශානත වන්නේ ස්වයං විනාශය දෙසටයි.

මිනිස් මනසේ මැදිහත් වීමෙන් පමණක් ද්‍රව්‍යයයේ අක්‍රීය බව වෙනස් කළ හැකිය. සිසිපස් නිකම් සිටියානම් කිසිවක් වෙන්නේ නැත. අර්ථ ශුන්‍ය වූ එම ගල කන්ද උඩට රැගෙන යාමට උත්සහ කිරීම් තුළින් පමණක් ද්‍රව්‍යමය තත්ත්වයට අර්ථයක් ලැබේ. එවිට එය මුල් තත්ත්වයෙන් වෙනස්  වේඅනෙකාගේ නිරීක්ෂය නොව තමා එම ක්‍රියාවට දෙන අර්ථය වඩා වැදගත් විය හැකිය. එය අර්ථ ශුන්‍ය යයි කිසිවෙක් කීව ද සිසිපස් එම ක්‍රියාව නොනවත්වා කරගෙන යයි. ශුන්‍යතාවය ම අර්ථයක් ජනනය කරයි. අප ශුන්‍ය බව තුළ ම ගමන් කළ යුතු වෙමු. ක්‍රියාවට අර්ථයක් ලැබෙන්නේ එසේය

නමුත් යම් සාර්වත්‍රික ක්‍රියාවක් වෙනුවෙන් නියෝජනය වූ  මෛත්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල සියලු මාධ්‍යයවලින් විමසන එක් පැනයක් නම් ‘මම සියඹලා ගෙනාවෙම නැද්ද?’ යන්නය. මේ හරහා ඔහු ප්‍රශ්න කරන්නේ ‘එයාලට මාව පේන්නෙ කොහාමද?’ යන්න ය. තව දුරටත් විග්‍රහ කරන්නේ නම් ඔහු රටේ ජනතාවගෙන් විමසන්නේ ‘ඔයාලට පේන්නෙ මම මොනවත්ම කළේ නෑ වගේද?’ යනුවෙනි. අනෙකාට හෙතෙම පෙනෙන ආකාරය සහ අනෙකා හෙතෙම දකිනාකාරය පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මහතා වද වෙන බවක් දක්නට තිබේ. මෙය ඔහුගේ නිදහසට බරපතළ බාධාවකි. මෙම ගතිලක්ෂණය රනිල් වික්‍රමසිංහ නම් නව ලිබරල්වාදියා තුළ දක්නට නැත. මම වැඩ කළා ද නැද්ද කියා ඔබට පේන්නේ නැද්ද?’ කියා රනිල් වික්‍රමසිංහ මහතා නොඅසයි. මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ වද වීම ඉතා මානුෂික කාරණයකි. නමුඳු එය එසේ විය යුතු නැතැයි යනුවෙන් අපි අදහස් කරන්නෙමු. මන්ද ‘කිසිවකු අපි දෙස බලාසිටිනවා ය’ යන හැඟීමෙන් අපි කිසිවකු වැඩ කළ යුතු නොවේ. 

මහාචාර්ය නලින්ද සිල්වා මහතා ට ඔහු පෙනෙන එක් ආකාරයක් නම්: බටහිර දැනුම අභියෝගයට ලක් කළ, ලංකාවේ යටත් විජිත ඇකඩමියාව අභියෝගයට ලක් කළ, ඔහුට ම අනුව ලංකාවට අලුත් ප්‍රවාදයක් රැගෙන ආ දාර්ශනිකයෙක් ලෙස ය. මේ එක් ස්ථානයක සිට බලන විට පෙනෙන අන්දම ය. අනෙක් ස්ථානයේ සිට බලද්දි පෙනෙන්නේ කෙසේ ද යන්න විමසා බලමු.

ඒ, මට මාව පෙනෙන අන්දම සහ මම කැමති පරිදි අනෙකාට මාව පෙනෙන අන්දම ය. (මගුල් ගෙදරක යාමට සුදානම් වී කැඩපතක් ඉදිරියට ගිය විට ‘ඔබට’ ‘ඔබව’ පෙනෙනාකාරය සිතන්න) දැන් මහාචාර්ය නලින්ද සිල්වා මහතා ම ඔහු අපිට දැකීමට සලස්වා ඇති අන්දම බලමු. එහි දී ඔහු නිරීක්ෂණය කරන්නේ ‘මට, එසෙත් නැතිනම මම කැමති ආකාරයට අනෙකාට මාව පෙනෙනවා ද යන්නය. (ඔබ රටට, දැයට, ආගමට වැඩක් කළ පුද්ගලයකු ලෙස අනෙකා ඔබව දකිනවාට ඔබ කැමති යැයි සිතන්න)  මෛත්‍රිපාල සිරිසේන මහතා මනසින් වද වෙන්නේ මෙම සිතුවිල්ල ඔස්සේ ය. එය එසේ විය යුතු නැත. දැන් අපි එය මහාචාර්ය නලින්ද සිල්වා මහතාට ආදේශ කර බලමු. ඔහු අනෙකා ඔහු දැකීමට කැමති ආකාරය ස්ථාන ගත කර ඇත්තේ ‘ජාතිවාදය’ නම් වූ මර්මස්ථානයේ ය. ඔහු එහි දී කුමනාකාරයකින් හෝ වද වෙන්නේ නැත. ඔහු නිරතුරුව ම ප්‍රකාශ කරන්නේ... ‘ඔවු මම එහෙම කිව්වා තමයි. ඒ නිසා වුණේ මොනවද කියන එක මට අදාළ නැහැ’ යනුවෙනි. එබඳු ස්ථාවරයක ඔහු රැඳී සිටියි. එහි විපරිත ආදර්ශය නම් අත්තනෝමතික බවයි.

ඔහු තමන්ව දැකීමට කැමති ආකාරය සහ අනෙකාට ඔහු දැකීමට සලස්වා ඇති ආකාරය අතර පරතරයක් පවතී. ඒ පරතරය අතරට පැමිණෙන්නේ මහින්ද රාජපක්ෂ ය. මෙම පරතරය මහින්ද රාජපක්ෂ නම් අතීත හඬ විසින් මසා දමනු ලබයි. දැන් මහාචාර්ය නලින්ද සිල්වා මහතා මෙය වෙන් කරන්නට කෙතරම් උත්සාහ කළ ද එය වෙන් නොව්. මේ සඳහා තවත් උදාහරණයක් වෙත අවධානය යොමු කරමු. එනම්, මේ මොහොතේ චම්පික රණවක මහතා ජාතිකවාදියකු ලෙස පෙනී සිටීමට කෙතරම් උත්සාහ කළ ද ඔහුගේ ජාතිවාදිත්වයෙන් වෙන්වන්නට ඔහුට කිසි සේත් ම නොහැකි ය. මන්ද එය එසේ වෙන් නොවන්නේ ය. ඔහු තවමත් අවිඥානිකව ම ජාතිවාදී ය. තමන් ජාතිකවාදී යැයි පෙන්වන්නට උත්සාහ කරන්නේ ම තමන් තුළ සැගව පවත්නා ජාතිවාදය නමැති පිළිලය වසා දැමීම සඳහා ය. එමෙන් ම ඔහුගේ ශරීරය ජාතිවාදය සමඟ මසා ඇති මැදමුලන මැහුම ඉවත් කිරීම ද පහසු නැත.

මෙම කරුණු සියල්ල කැටිකර ගත් විට දැන් මහාචාර්ය නලින්ද සිල්වා මහතා පිළිබඳ අවසාන නිරික්ෂය ලෙස අපිට ගත හැකි වන්නේ ‘ඔබ අනෙකාට දැකින්නට අවශ්‍යය පරිදි දැන් ඔබ විසින් ම ඔබ සකසා අවසන් ය’ යනුවෙනි. චම්පික රණවක මහතා වෙත පැවසීමට ඇත්තේ ද එය ම ය. ඔවුන්, ඔවුන්ව අනෙකා දැකිය යුතු ආකාරය සකසා අවසන් ය. මේ මොහොතේ එය වෙනස් කරන්නට උත්සාහ කළ ද එය අසාර්ථක ය. මන්ද ඔවුන් සියල්ලෝම ගල් ලෙන ඉදිරියට ගොස් තාවර වී ඇති ආකාරය ඉතාමත් උත්කර්ෂයට නංවා ඇත. එසේ තාවර වී ඇති ප්‍රමාණය ඉතා ඉහළ ය. එහෙයින් පූර්ව පියාගේ නිරීක්ෂයට ඔවුන් පූර්ණ වශයෙන් ම නතු වී හමාර ය.  මේ මොහොතේ ඔහු ප්‍රමුඛ ධනේශ්වර රාජ්‍යය මෙට්‍රොපොලිටන් නිර්මාණය කිරීමට සුදානම් බව සැබෑ ය; එය නූතන අභිනයක් බව ද සැබෑ ය; අපි එය  පිළිගත යුතු ය. පුදුමය නම්: උදැල්ල සහ හරක් බාන ට්‍රැක්ටරයට වඩා කාර්යක්ෂම යැයි පැවසූ පුද්ගලයා ම අද ‘මහා නගර’ නිර්මාණය කරන ස්ථානයට පැමිණ ඇත. මෙය (මෙට්‍රොපොලිටන්) පුර්ණ බටහිර සංකල්පයකි. මෙය චම්පික රණවක මහතා ජනතා මිතුරෝ නියෝජනය කළ සමයේ යෝජනා කළ පරිසරවේදයට ආසන්න වීමට හෝ නියමිත සංකල්පයක් නොවේ. ඊට සපුරාම වෙනස් ක්‍රියාවලියකි. ඔහුගේ ඛණ්ඩනය ඇත්තේ කොතැනද?

මේ වන විට මහාචාර්ය නලින්ද සිල්වා මහතා සිංහල බෞද්ධයන්ගේ නිරික්ෂයට හසුව, එකී ආශාවේ වංකගිරිය තුළට රිංගා හමාර ය; මේ නිමේෂයේ මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ ශිෂ්‍යයෝ ද ගෝලයෝ ද එකී වංකගිරිය තුළට රිංගා හමාර ය. ඔවුන්ගේ දේශපාලනය අවසන් යැයි මෙයින් ගම්‍ය නොකෙරේ. මෙම වංකගිරියට රිංගීම හේතුවෙන් මෙම ‘ගල් ලෙනෙහි ප්‍රහේලිකාව’ තුළ සිරගත වී සිටිමු (‘ගල් ලෙන බිඳලා...’ අපි ඔබ සැවොම දන්නා කරුණකි. අපි පැමිණෙන්නේ එතැනින් ය. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කර යක්ෂයෝ පලවා හැරියේ ද ගලෙන් එපිටට ය; සක්වල ගලෙන් එපිටට ය. කුවේණියගේ පරම්පරාව පැමිණෙන්නේ ද මෙම ගල් ලෙන් තුළට ය.) මේ ආකාරයට අපි ගල් ලෙන් සමග පවත්නා සබඳතාව සහ මේ ආකාරයට අපි ගල් ලෙන් තුළට රිංගුවා ය යන කාරණය වැදගත් රුපකයකි. අපි මෙය ‘ගුප්ත ගල් ලෙනෙහි ප්‍රෙහ්ලිකාව’ යනුවෙන් හඳුන්වන්නේ ද එහෙයිනි. අපි එම ප්‍රහේලිකාව තුළ නොසෑහෙන දුරක් ගොස් හමාර ය; සිංහලයේ වංශකතාව හරහා මෙය විශාල දුරක් ගමන් කර හමාරය. එබැවින් ම අපගේ එදිනෙදා ජීවිතය තීරණය කරන්නේ ද මෙම ගල් ලෙනෙහි වංකගිරියෙනි. මෙම ගල් ලෙනෙහි ස්වභාවික බව බිඳ එළියට යන්නේ නම්, ගල් ලෙනෙහි පූර්ව පියාගෙන් කැඩි වෙන්වී යන්නේ නම් එය ‘ඇන්ටිගනී’ සිදු කළ ලෙස ම විය යුතු ය.  එය සිය දිවි නසාගැනීමට එළියට යාමකි; අර්ථයක් නැති ශුන්‍යතාව තුළ මරණය දක්වා ම එළියට යාමකි.

එවන් ක්‍රියාවකින් පමණක් යථාවේ පරස්පර බව අභියෝගයට ලක්කළ හැකි ය. ස්වභාවධර්මය සමග ගැටී ස්වභාවිකත්වයෙන් සංස්කෘතික බව වෙත ගමන් කළ හැකි ය. නිර්ධන පන්තියේ අරගලය ඔස්සේ නව යටත් විජිතඅධිරාජ්‍යය’ (හාර්ඩ් සහ නෙග්රි සදහන් කරන  Empire) පරාජයළ යුත්තේ එසේය. කිසිවෙක් බලා නොසිටිය ද කිසිවෙක් අප වෙනුවෙන් පොරොත්තු නොවුන ද අප නිදහස් විය යුතුය යන බලාපොරොත්තුව අප අත්හල යුතු නැත. එය හරියටම Shawshank Redemption චිත්‍රපටයේ මෙන් කිසිඳු නිරීක්ෂයක විෂයයක් බවට පත් නොවෙමින් බලාපොරොත්තු සහගතව දිගටම උමග හෑරීම ට සමානය. ඇන්ඩි නම් චරිතය විසින් තම භෞතික ශරීරය සිරගත වීම නම් ‘ඇතුළ’ (inside) තුළ තබා ගනිමින් ම තමනිදහස් ආත්මයඅන්වර්ථ නමකින් එළියේ (outside) සැරි සැරීමට සලස්වයි. කිසිඳු නිරීක්ෂයක ආධාරය නොමැතිව අවසානයේ එම නිදහස් ආත්මය සමග ඔහු අනන්‍ය වේ. තමා සිරගත කර ඇති බිත්තිවලින් පලා යාමට හෙතෙම එය ම ප්‍රයෝජනයට ගන්නේ ය. ඔහු සිර මැදිරියේ බිත්තිවලට පෙම් නොබඳින්නේ ය; නරන්තරයෙන් ම හෙතෙම වෙහෙසෙන්නේ එම බිත්ති මගහැර සිටීමට ය. මන්ද ඒ බිත්තිවලට පෙම් බඳන්නට ඇරඹි මොහොතේ සිට තමන්ට බිත්තිවලින් පිටත ලෝකය අමතක වන හෙයිනි.

මතු සම්බන්ධයි

සාකච්ඡා සටහන

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01