අපි පිළිවෙළක් වෙමු ද?

මගේ ලෝකයෙන් පසු ලෝකය
Typography

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: කිසිවෙක් බලා නොසිටිය ද කිසිවෙක් අප වෙනුවෙන් පොරොත්තු නොවුණ ද අපි නිදහස් විය යුතුය යන බලාපොරොත්තුව අත්හල යුතු නැත යන්න පැහැදිලි කිරීම සඳහා Shawshank Redemption චිත්‍රපටය උදාහරණයක් ලෙස ගෙනහැර දක්වමිනි. අපිට නිදහස් වීමට අවැසි නම් එහි ප්‍රධාන චරිතය වන ඇන්ඩි මෙන් කිසිඳු නිරීක්ෂයක විෂයයක් බවට පත් නොවෙමින් බලාපොරොත්තු සහගතව දිගටම උමග හෑරිය යුතු ය (විප්ලවීය ක්‍රියාව තුළ ගමන් කළ යුතුය) යන්නද දැඩිව අවධාරණයකළෙමු.

අද එතැන් සිට...

Shawshank Redemption නමැති චිත්‍රපටය ඉතා වැදගත් බටහිර චිත්‍රපටයක් වන අතර එය ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් ද වේ. එමෙන් ම බටහිර ආත්මයේ ව්‍යුහාත්මක ස්වරූපය ද මෙම චිත්‍රපටය තුළින් ප්‍රකට කෙරේ. අපි දිගින් දිගට ම මෙම සාකච්ඡාව තුළින් මතු කළ සැම කරුණක් ම රැගෙන ආවේ නලියානු පෙරදිග මෙලන්කොලියානු ආත්මයට ප්‍රතිපක්ෂව ය. එනම්, අපි නිරන්තරව ම තමන්ගේ ලෝකය තුළට රිංගමින් සිටින්නෙමු. නමුඳු බටහිර ආත්මය යනු තමාගෙන් බාහිර ව පවතින්නකි. එමෙන් ම  එම බාහිර බව අභ්‍යන්තර ලෙස බෙදී එමෙන්ම බහි-කේන්ද්‍රීයව (externally internal and ex-centric) පවතී. නමුත්ඇතුළතසහපිටතයනුවෙන් පරිකල්පනිය බෙදීමක් සිදු කළ හැකිය. මන්ද මිනිස් ආශා වස්තුව (object-desire) තමා ගෙන් බාහිරව පිහිටන හෙයිනි. එළියේ ‘අමරණිය ආත්මය’ ගොඩනගන්නේ මෙම දෙකට බෙදීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඇලෙක්සැන්ඩර් නමැති අධිරාජ්‍යයා, කොලම්බස් නමැති ගවේෂකයා මතු නොව අයින්ස්ටයින් නමැති විද්‍යාඥයා, එඩ්මන්ඩ් හිලරි නම් ගිරි ශිකර තරණය කරන්නා පවා තමන්ගේ ආත්මය නිර්මාණය කරගන්නේ සහ අමරණීය කරගන්නේ තමන්ගේ ශරිරය බාහිර ලෝකයට ‘බහි-සංසේශිත’ (ex-timated) ලෙස විවෘත කිරීමෙනි. ශුන්‍යතාව තුළ ම ගමන් කරමින් සිසිපස් පරිදි පුනර්වාචි හිස් බව (repetitive meaninglessness) තුළම අර්ථය සෙවීමෙනි. නලින් ගේ මගේ ලෝකයකෘතියේ මුල්ම මෙලන්කොලික පුර්වගාමියා වන ‘ධර්මිෂ්ට සමාජයේසදහන් පරිදි ප්‍රකෘතිය සමග එකග වීමෙන් නොව ප්‍රකෘතිය රැඩිකල් ලෙස වෙනස් කිරීමෙනි; (කියවන්න සරච්චන්ද්‍ර ගේධර්මිෂ්ට සමාජයේ’ 36 පිටුව). ස්වභාව ධර්මයේ ප්‍රකෘතිය තරණය කිරීමෙනි. එවිට පමණක් යථෙහි පරස්පරතාව අභියෝගයට ලක්කළ හැකිවනු ඇත.

මෙබඳු ක්‍රියාවලියක්  Shawshank සිනමාපටය හරහා ඉතා මැනවින් විශද කරයි. එහි ප්‍රධාන චරිතය වන ඇන්ඩි සිරගත වන්නේ යම් වරදකට බව සැබෑ ය. ඔහු නිවැරදිකරුවෙක් නම්, තත්ත්වය සත්‍යයක් වන්නේ නම් එවිට ඔහු වරදකාරී බවකින් පීඩා නොවිඳී. අන් සිරකරුවන්ට ප්‍රතිපක්ෂව එයම නිදහසේ පුර්ව කොන්දේසියකි. නමුඳු හෙතෙම මෙම සිර කඳවුර තුළ දී වරදට ප්‍රමාණවත් දඬුවමට වඩා වැඩි දඬුවමක් විඳින්නේ ය. මෙහි දී නීතියේ නැත්නම් සංකේතිය පිළිවෙළෙහි පවත්නා දුර්වලතා ද ඉතා සියුම් ලෙස අර්ථකථනය කර ඇත. එහෙත් කෆ්කා පවසන ආකාරයෙන් නීතිය ඉදිරියේ පොරොත්තු වෙනවා වෙනුවට ඇන්ඩි කරන්නේ කුමක් ද? ඔහු කරන්නේ පවත්නා පිළිවෙළ උල්ලංඝනය කිරීමයි. ජිජැක් පැහැදිලි කරන පරිදි පවත්නා බුර්ෂුවා පිළිවෙළ උල්ලංඝනය නොකරනිදහසසහසමානාත්මතාවපිළිබඳ සිතිය නොහැකි ය; නව-යටත්විජිතකරණය අභියෝගයට ලක්කළ නොහැකි ය; රැඩිකල් දේශපාලනයක් කළ නොහැකි ය. නමුත් අද දවසේරැඩිකල් වම්මුන්මෙන් ඇන්ඩි ශරීර දේශපාලනය (body politics) සඳහා හදිස්සි නොවන්නේ ය. ලිබිඩෝ දේශපාලනය තුළ තම ශරීරය මහපාරට විසික්කර දමන්නේ ද නැත. බුර්ෂුවා තුවක්කු ඉදිරිපිටට විසිකර දමන්නේ ද නැත.

Shawshank යනු බොහෝ ශක්තිමත්, දැඩි රැකවල් සහිත සිර කඳවුරකි. එයින් පලා යාම පහසු කාර්යයක් නොවේ. එම කඳවුරේ අඩි විස්සක් තිහක් පමණ වන ශක්තිමත් බිත්තිය හිල් කරගෙන යාමට වුවමනා බලාපොරොත්තුව ඇන්ඩි ගොඩ නගන්නේ එම සිරකඳවුරුවලින් පිටත ය. මෙයින් හැඟවෙන්නේ තමන්ගේ ශරීරය බිත්ති අතර සිරගත කර තිබුණ ද ඔහු සිය නිදහස් ආත්මය එම බිත්තිවලින් පිටතට නිදහස් කරයි යන්න ය. ඒ සඳහා ඔහුට අවශ්‍ය වුවේ නොමග යසුළු අශ්ලීල පෝස්ටරයක් (Rita Heyworth) සහ කුඩා මිටියක් (rock hammer) පමණි පමණි. එසේ නොකර... එනම් තමන්ගේ ආත්මය එම බිත්තිවලින් පිටතට නොයවා භෞතික ශරීරයට එතුළින් පිටතට යාමට නොහැකි ය. එය නිදහස් ලෝකයක් පිළිබඳ මනෝරාජිකයකි (utopia). එයට ඔහුට ආවරණය සපයන්නේ නැවතත් ගැහැනිය නම් බාධාවයි (stain). ඇන්ඩි එම රූප බාධාව දෙස බලමින් අන් සිරකරුවන් මෙන් හස්ත මෛතුන්‍යයේ යෙදෙනවා වෙනුවට එය තරණය කරයි. එමෙන්ම එම තරණයේ දී ඔහු අතීත වරදකාරී බවෙහි  සහ වර්තමාන දුෂිත ස්වාමියාගේ නිරීක්ෂය යන තත්ත්ව දෙක ම පිළිබඳව වදවන්නේ නැත.  උදාහරණයක් ලෙස එය මෙසේ දැක්විය හැකි ය (රූප සටහන බලන්න).

බොහෝ විට සිර කුටියකට පිටින් ඇති නිදහස් ලෝකය තුළ පවා පාරිභෝගික ධනවාදයේ දෘෂ්ටිමය සිරකරුවන් වී ඇති අපිට ඇන්ඩි ඉතා වැදගත් පාඩමක් උගන්වයි. එනම් සිරගත බව නම් තත්ත්වය තුළ පවානිදහස්මිනිසෙක් වන්නේ කෙසේද යන්න පිළිබඳ රූපකය ඔහු අප වෙත ගෙන එයි. දැඩි කේන්ද්‍රීය බවකින් කටයුතු කරන ඔහු තම අවසන් අරමුණ දක්වා ම ගමන් කරයි. බදිවූයානු භාෂාවකින් වර නැගුවහොත් ඇන්ඩි ගේ සාර්ථක බව ඇත්තේ නිදහස් වීම නම් තත්වයෙන් පසුය (after the Event). ඔහු තමා විසින් ගොඩනැගු අදෘශමාන අවතාරමය චරිතය (Stevens) ඔස්සේ සිරෙන් නිදහස් වීමෙන් පසුව කළ යුතු දෙය සිරගෙය තුළ සිටිමින් ම සැලසුම් කරයි. එම සැලසුම තුළට තම අපේක්ෂාභංග රෙඩ් නම් මිතුරාද ඇතුළත් කරයිසිරෙන් නිදහස් වූ බොහෝ අය බාහිර සමාජයට අනුගත විය නොහැකිව සියදිවි නසා ගන්නා විට ඇන්ඩි තම ජීවිතය ශුන්‍යතාවය තුළ ම ජීවත් කරවයි. තම මිතුරාට ද ජීවිතයක් ලබා දෙයිඑම අර්ථයෙන් මෙම චිත්‍රපටය නිදහස පිළිබද ගැඹුරු සාංදෘෂ්ටික තේමාවක් ඉස්මතු කරයි.

සිද්ධියෙන් පසු තත්වයපිළිබද දේශපාලන පාඩම චිත්රපටයේ වැදගත්ම මාක්ස්වාදී අර්ථයයි. තමා කරන දෙය පිළිබද දැඩි විකේන්ද්රිය බවකින් යුතු යහපාලනවාදීන් මෙම චිත්රපටය බැලිය යුත්තේ එබැවිණි. ඊජිප්තු පන්නයේ බොහෝ සමකාලීන මුහුණු පොත් අරගලඅසාර්ථක වන්නේ අරගලයට පසු තත්වය පිලිබදව සැලසුමක් නැති නිසාවෙන් බව ජිජැක් පවසන්නේ මේ නිසාය.    

මෙම සිරකඳවුරේ අනෙක් සිරකරුවන් එම බිත්ති ඇතුළත රාමුගත වූවාට පසු එම බිත්තිවලට ම ආදරය කිරීම අරඹයි. එසේ ආදරය නොකර එම බිත්ති සමග ජීවත්වීමට ද නොහැකි ය (වාමවාදයේ පරාජයෙන් පසු ධනවාදයට ආදරය කිරීම මෙනි). එහෙයින් සැම හිරකරුවකු ම යළි එළියට යාමට නොසිතයි. එයට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන්ගේ ආත්මය මියගොස් ඇති බැවිනි; එම බිත්තිවලට ආදරය කිරීම ඇරඹි මොහොතේ සිට ඔවුන් සිය ආත්මය මරා දමයි. එනම් පිටත පිළිබඳව බලාපොරොත්තව අහෝසි කර ගනී; අධිෂ්ටානය, බලාපොරොත්තුව සහ නිදහස පිළිබඳව රුපකය අහෝසි කරගනී. වඩාත් පැහැදිලි කරන්නේ නම් ඔවුන් කිසිවකු යළි නිදහස් මිනිසකු ලෙස එළියට යා යුතු යැයි නොසිතන්නනේ ය. මෙහි දී ජීවිතාන්තය දක්වා (life sentence) සිර දඬුවම් හෝ මරණ දණ්ඩනය (capital punishment) නියම වෙනවා යනු සමස්ත ජීවිතය ම උදුරා ගන්නවා යන්න ය.  ඇන්ඩි තමාගේ අධ්‍යාත්මය එළියට දමන්නේ ඒ ආකාරයෙන් තමාගේ ජීවිතය ම උදුරා ගැනීම වැළැක්වීම සඳහා ය. ඔහු ඒ වෙනුවට කරන්නේ බිත්තිවලින් එළියේ සැරිසැරීම ය; බැංකු සහ පොත්සාප්පු යනාදියේ සැරිසැරීම ය. එවිට හෙතෙම එළියේ ද ජීවත් වෙයි. මේ සියල්ල හරහා හෙතෙම සිය ආත්මය එළියේ ගොඩනගයි; ඒ සවි ශක්තිමත් බිත්තිවලින් එළියේ ගොඩනගයි. එසේ සැරිසරන අතරතුර නිශ්චිත ආපතික මොහොතක් උදා වු සැණින් ඔහු එළියට යයි. එළියට ගොස් එළියේ සැරිසැරු ආත්මය සමග අනන්‍ය වන්නේ ය. ඔහුට යළි ජීවිතය ආරම්භ කිරීමට හැකිවන්නේ මෙම අනන්‍ය වීමත් සමග ය. නමුඳු මීට පෙර එළියට ගිය සිරකරුවන්ට සිදුවූයේ කුමක් ද? ඔවුන් සියල්ලෝම තම ජීවිතය නසා ගත්තේ ය; සැබැවින් ම ඔවුන් සියල්ලෝ ම සිය දිවි නසාගත්තෝය. අවසානයේ සිය දිවි නසාගන්නා ආකාරයට නොවූව ද කළු ජාතිකයා ද සිවිලිම දෙස බලන රුප රාමුව හරහා පිළිබිඹු කරන්නේ ඔහු ද සිය දිවි නසාගන්නා බව යි. මන්ද ඔවුන්ට එළියට ගොස් පැවතීම සඳහා ජීවිතයක් ඉතිරිව නැත. ඔවුන්ගේ ශරිරය එළියට විසි කළ ද ආත්මය තවමත් රැඳී පවතින්නේ සිරකඳවුර තුළ ය. මේ සියල්ල හරහා අපි මෙතෙක් සාකච්ඡා කළ ‘එළිය සහ පිටත’  පිළිබද මනා සිතුවමක් මෙම චිත්‍රපටය තුළ ප්‍රදර්ශනය කෙරේ. ඔබේ ආත්මය පවතින්නේ ඇතුළත නම් ඔබට එය පිටතට රැගෙන යා නොහැකිය. ඔබේ ආත්මය පවතින්නේ පිටත නම් ඔබ ඇතුළත රඳවා ගත නොහැකි ය. මෙය දයලෙක්තික ආකාරයෙන් ගමන් කරන්නේ මෙලෙස ය.

මේ සියලු සිද්ධි හරහා Shawshank Redemption නමැති චිත්‍රපටය අපි ධනවාදයෙන් නිදහස් විය යුත්තේ කෙසේ ද යන්න පිළිබද අපූරු රූපකයක් පිළිබිඹු කරයි. ඒ, යුතෝපියාවක් ගොඩනැගීම සඳහා ය; මනෝරාජිකයක් ගොඩනැගීම සඳහා ය. එසේ පවසන්නේ ඇයි ද යන්න දැන් ඔබට ගැටලුවක් පැන නැගෙන්නට පිළිවන.  එයට ද පිළිතුරක් පවතී.  එනම්, ෆුකුයාමාගෙන් පසුව උදා වි ඇති මේ නරුම යුගයේ අපි සිතන්නේ ‘අපිට නම් මේකෙන් කවදාවත් ගොඩ ඒමක් නැත’ යනුවෙනි. ‘මේ ක්‍රමය අපිට වුවමනා හැම දෙයක් ම සපයනවා, බන් කැටයේ සිට ගැහැනිය හරහා පිරිමියා දක්වා සියල්ල වඩ වඩාත් ආකර්ෂණීය ආකාරයට අපිට ලබා දෙනවා. එහෙම නම් අපි කොහොමද මේ ක්‍රමයෙන් ගැලවෙන්නෙ?’ යනුවෙන් අපි නිතරම හිතන්නෙමු. අපි ධනවාධයේ ශාරිරික හිරකරුවෝ යැයි කිසිසේත් ම මෙයින් අදහස් නොකෙරේ.

අපි දන්නවා ජවිපෙ. පෙරටුගාමී සහ ප්‍රභාකරන් පවා ධනවාදයට එරෙහිව ලබාදුන්නේ මොනවද? තමන්ගේ ශරීර ය. නමුත් අපේ මේ සාකච්ඡාව හරහා කියන්නෙ... නැහැ... අපි මේ ක්‍රමයට එරෙහිව අපේ ශරීරය ලබා දෙන්නට කලින් මේ ක්‍රමය මානසිකව වටහා ගත යුතුයි. අපි ආයෙත් Shawshank Redemption චිත්‍රපටයට ගියවිට ඔහු ... එනම් ඇන්ඩි ලබා දෙන්නේ තමන්ගේ ශරීරය නොවන බව ඔබට වැටහිය යුතු ය. ඔහු සිරකරුවෝ සමග ගැටුම් ඇතිකර නොගනී. ආරක්ෂක නිලධාරින් සමග  ද ගැටුම් ඇතිකර නොගනී. ඒ වෙනුවට කරන්නේ කුමක් ද? ඔහු කරන්නේ එය තුළ පවතින සිදුරු සොයා යාම ය. එනම් සිර කඳවුරේ පවතින දුර්වල ම තැන හඹා යාම ය. ඒ දුර්වල ස්ථානය සොයාගැනීමට නම් හොඳ ශුර මනසක් අවශ්‍යයි. මෙම ශූර මනස ලෙනින්ට මෙන්ම මාවෝට ද පිහිටා තිබුණි. මේ ක්‍රමය තුළ ම දුර්වලතාවක් පවති. ධනවාදයේ බරපතළම දුර්වලතාව එහි ආත්මීය දුර්වලතාවයි; අධ්‍යාත්මික දුර්වල තාවයි. ධනවාදයට ශාරිරික (භෞතික) දුර්වලතා නැත. ඒ අතින් එය බොහෝ ම ශක්තිමත් ය. ධනවාදයේ පොලිසිය, යුදහමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ බුද්ධි අංශය හොඳට ශක්තිමත් ය.  සරලව ම පවසනවා නම් ඇමරිකානු කේන්ද්‍රෙය් සිට පරිධියේ අප වෙතට එවන ඩ්‍රෝන යානා ඉතාමත් ශක්තිමත් ය. ඒ නෞකා ශක්තිමත් ය. ඒ ගුවන් යානා ඉතා ප්‍රබල ය. ඒ නිසා අපි මේ පොර බැදීම කළ යුත්තේ මේ භාණ්ඩ සහ ශරීර සමග නොවේ. නමුත් කවදාවත් භෞතික අරගලයක් නොකරනවා යැයි මෙහි දී වැරැදි වැටහිමක් නොගත යුතු ය. නමුත් මේ අරගලය ඉතාමත් අධ්‍යාත්මික අරගලයකි. අපි මේ පැහැදිලි කරන්නේ ඒ කාරණය යි. මෙම ක්‍රමයට විරුද්ධව අපේ ශරීරය දොළපිදේනි දීමේ  නරක ආදර්ශය අත්හළ යුතුයි. මෙහි දී විජේවීර සහෝදරයා නරක ආකාරයට විප්ලව කළා යනුවෙන් පවසන්නේ ද නැත. වරද (error) යනු සමස්තය නිර්මාණය කිරීමේ කොන්දේසියක් ලෙස පිළිගත යුතු වෙමු. ඒ ගෞරවය ඔහුට සම්පූර්ණයෙන් ම හිමි විය යුතු ය.

මේ නූතනත්වයට එරෙහිව අපි ලබා දෙන්නේ ශරිරය යි.  මේ මොහොතේ ලොව පුරා විසිරී සිටින මුලධර්මවාදිහු කරමින් සිටින්නේ ද මෙයයි. දැන් අපි මේ ආකාරයට ශරිරය දීම නතර කළ යුතු ය. එම ශරීර බිලි පුජාව විසින් මෙම ක්‍රමය දශමයකින් හෝ පිටුපසට යන්නේ නැත . එම ශරීර අභියෝගය විසින් මෙම ක්‍රමය එකතැන නතර කළ නොහැකි ය (freeze). පළමුවෙන් ම මෙම ක්‍රමය වටහා ගැනීමට උත්සාහ කළ යුතු ය. මෙම ක්‍රමය වටහා නොගෙන ෆුකුයාමා වටහා ගැනීම ද ඉතා අපහසු ය.  ධනවාදය නමැති බිත්ති හතරෙන් ගැලවිය යුතු ය යන අභියෝගය අපි ජය ගත යුතු ය. අපි මෙහි දී Shawshank Redemption චිත්‍රපටය උදාහරණයක් ලෙස ගෙන ආවේ මෙම කරුණු වඩ වඩාත් පැහැදිලි කරගැනීම සඳහා ය. මෙම ක්‍රමයේ පවත්නා දුර්වලතාව වටහා ගැනීමට නම් මෙම ක්‍රමය සමග බද්ධ වී එය සමග ඉදිරියට ම යා යුතු ය. නිශ්චිත මොහොතක එම දුර්වලතාව හඳුනාගැනීමට අපිට හැකිවන්නේ ය. ක්‍රමය පෙරළා දැමිය යුත්තේ ද එම නිශ්චිත මොහොතේ ය. පිළිවෙළක් නොමැතිව, සැලසුමක් නොමැතිව මෙය පෙරළා දමා ඵලක් නැත. උදාහරණයක් ලෙස ගතහොත් ඊජිප්තුවේ ද ලිබියාවේ ද ටියුනිසියාවේ මතු නොව 2015 ජනවාරි 08 වන දින ලංකාවේ ද මෙය ක්‍රියාත්මක කළේ ය. එහෙත් ඒ සියල්ල ඵල රහිත විය. එසේ කළ දිනට පසුදින අවදි වන මොහොතේ සිට යළි නින්දට යනතුරු ජීවත් විය යුත්තේ ද පසු දින යළි අවදි විය යුත්තේ ද පැවති ක්‍රමයට ම ය. තව දුරටත් පවසන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින ආණුඩුවක් පැවතිය ද අපි අවදිවිය යුත්තදෙ නින්දට යා යුත්තේ ද පැවති ක්‍රමයටත් වඩා ටිකක් නරක ක්‍රමයක් යටතේ ය. එසේ නම් මෙසේ සිදු වූයේ ඇයි? පෙර කි පරිදි සැලසුම් සහ පිළිවෙළක් රහිතව මෙය පෙරළා දැමීමෙන් කිසිඳු ඵලයක් නොමැත. එසේ නම් මෙම ක්‍රමය වෙනස් කිරීමට පෙර සත්‍යය ලෙස ම මිනිසා වෙනස් කළ යුතුව ඇත. මෙම ක්‍රමය වෙනස් කරනවා යනු අපි ම වෙනස් වීම ය. අපි විසින් අපිව ම වෙනස් කරගනු ලැබීම ය. ධනවාදය පෙරළීමට පෙර අපි පෙරළී සිටිය යුතු ය. ඒ සඳහා අපි අපගේ ආත්මය ද වෙනස් කළ යුතු ය. මාවෝ සංස්කෘතික විප්ලවය පෙරට ගෙන එන්නේ එබැවිනි.

මතු සම්බන්ධයි

සාකච්ඡා සටහන

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01