ආගම පිළිබඳව ජිජැක් දරන මතය කුමක් ද යන්න පැහැදිලි කර ගැනීම සඳහා කෙරෙන මෙම ලිපි පෙළ පසුගි සතියේ අපි අවසන් කළේ මිනිස් පැවැත්ම සම්බන්ධයෙන් ජිජැක් එළඹ ඇති නව අර්ථකථනය කුමක් ද යන්න හඳුන්වා දෙමින්. එහි දී ජිජැක්ගේ අර්ථකථන ත්‍රිත්වයක් සඳහන් කළ අතර ඒ අතුරින් වඩාත් ප්‍රබල ම අර්ථකථනය වන ‘‘මේ ලෝකයට කිසිවකු විසින් අපි විසි කර දමා ඇත්නම්?’’ යන කාරණය ඉදිරියට තබා සමුගත්තෙමු.

Read more ...
Write comment (0 Comments)

පසුගිය සතියේ මෙම සාකච්ඡාව අවසන් කළේ මහාචාර්ය නලින් ද සිල්වා තමන්ගේ ම මනස් චිත්‍රය (mental picture) යනුවෙන් වූ විඥානවාදය සහ භෞතික ලෝකය අතර තිබු දෝලනය යනාදි කරුණු සම්බන්ධයෙන් එක්තරා ආකාරයකට ඔහු තුළ තිබූ ප්‍රතිචාරය සමාජය වෙත ප්‍රක්ෂේපණය කරන්නට හෙතෙම ‘මගේ ලෝකය’ භාවිතයට ගත් බව අවධාරණය කරමිනි.

Read more ...
Write comment (0 Comments)

මෙම යුගය වනාහි මිනිසුන්ට ඇති පදමට නිදහස ලබා දී ඇති යුගයකි. අද්‍යතන ධනවාදය යනු පීතෘ මූලිකත්වය අහිමි කර ඇති ධනවාදයකි. එම ධනවාදය තුළ අපි කිසිවකු වෙනස් කිරීමට කිසිවකු උත්සාහ නොගන්නා බව පැහැදිලි ය. ඒ අනුව බලන විට දශක ගණනාවකට පසුව වුව ද ඒ ගැන සාකච්ඡා කිරීමට අප පෙළඹෙන්නේ නලින්ගේ මගේ ලෝකයකෘතිය අපිට ද්විත්ව වැදගත්කමක් සහිත කෘතියක් වන බැවිනි.

Read more ...
Write comment (0 Comments)

මහේෂ් හපුගොඩ විසින් කරනු ලබන සාකච්ඡුාව ඇසුරෙන් ජිජැක් පිළිබ`ද දේශපාලනික අධ්‍යයනයේ දිගුවක් ලෙස ඉදිරියේ දී සැපයෙන ලිපි මාලාවේ පෙරවදන පසුගිය සතියේ අවසන් කළේ මෙලෙසිනි.
‘හෙට දවස ද ඊළඟ දවසේ වේගයෙන් වෙනස් කරයි. මෙය දිගින් දිගට ම එසේ පවතියි. මෙම වෙනස් වීම ස`දහා වන සද්භාවීය ශක්තිය අප ලබාගන්නේ බුද්ධාගම තුළ තිබෙන අප තුළට ම ගමන් කළ හැකි තාක්ෂණය හරහා ය.’ 

Read more ...
Write comment (0 Comments)

සත්හආරම්භයේ සිට පුරා සති 38ක් පළ වූ ජිජැක් පිළිබඅධ්‍යයනයක්නමැති ලිපි මාලාව අවසන් කිරීමෙන් අනතුරුව අපි ටික කාලයක් නිහව සිටියෙමු. නමුත් ඒ නිදාගෙන නොව අවදියෙනි. ඒ, පසුගිය කලාප 38 කියැවූ පාඨක ප‍්‍රජාව දක්වන ප‍්‍රතිචාර දෙස අවධානය යොමු කරමිනි; ඊළට ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න පිළිබව විමසිලිමත් වෙමිනි. මෙම සාකච්ඡාවට සම්බන්ධ වන මහේෂ් හපුගොඩ සොයුරා වෙත ලිඛිත හෝ වාචික ප‍්‍රතිචාර එතරම් නොලැබුණ ද මා යනෙන හැම තැනක දී ම මා දන්නා හිත මිතුරෝ ද පාඨකයෝ ද විමසුවේ ජිජැක් පිළිබඅධ්‍යයනය ලිපි පෙළ නවතා දැමුවේ ඇයි ද?’ යන්නය.

Read more ...
Write comment (0 Comments)
Page 3 of 3