මහාචාර්ය නලින්ද සිල්වාගේ මගේ ලෝකය කෘතිය ද පාදක කර ගනිමින් මහේෂ් හපුගොඩ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් පළ කළ ලිපි පෙළේ තීරනාත්මක සන්ධිස්ථානයකට පැමිණි මොහොතේ ම මහාචාර්ය නලින් ද සිල්වා ද සිය කෘතිය පිළිබඳ ආවර්ජනයක් කරමින් සම්මන්ත්‍රණයක් සංවිධානය කර ඇති අතර හෙතෙම දෙරණ නාලිකාව සමග සාකච්ඡාවක ද නිරත විය. මෙවර අපගේ ලිපිය අතීතය සහ අනාගතය යාකරන පාලමක් ලෙස මහාචාර්ය නලින් ද සිල්වාගේ නව ප්‍රවිශ්ටය උපයෝගි කර ගනිමින් ම ඉදිරියට ඇදි යාමට සැලැස්සුවෙමු.

Read more ...
Write comment (1 Comment)

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: වාමවාදින් ලෙස අපි මේ මොහොතේ කළ යුත්තේ හැකි තරම් පෝස්ටර් ඇලවීම නොව මේ සියල්ල පිළිබඳ එකිනෙක - එකිනෙකා වටහා ගැනීම සහ මිනිසුන් දැනුවත් කළ යුතු ය යන ස්ථාවරයේ සිටිමිනි. එමෙන් ම මෙම කාරණා දාර්ශනිකව මිනිසුන්ට අවබෝධ කර දිය යුතු බවත් මේ දාර්ශනික ගැටලු නිරාකරණය කර ගතයුතු බවත් එහි දී සිහිපත් කළේ ය.

Read more ...
Write comment (0 Comments)

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: දෙවියන් නැති ස්ථානයේ ශේෂ වී සිටින මිනිසුන්  ආදරය විසින් සමාන ලෙස බැඳ දමා නැතිද? යන්න ක්‍රිස්තියානියේ රුපකයක් හරහා පැහැදිලි කරමිනි.

පසුගිය සතියේ සාකච්ඡාව සමග බැඳුණු හෛඩගරියානු ‘අප මෙලොවට විසි කර දමා ඇති විසන්ධිමය’ (Out of joint) තත්ත්වය ම නව නිදහසක සමාරම්භක අභිනයක් (pioneering gesture) ලෙස අපට පශ්චාත් යටත්විජිත සන්දර්භයක තේරුම් ගත හැකි ය.

Read more ...
Write comment (0 Comments)

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ:සමාජවාදයට වැරදුණේ කොතැනද යන්න පිළිඳබව ගැඹුරු සාකච්ඡාවක් පෙනෙනතෙක් මානයක නොමැති හෙයින් නිර්ධන පන්තියේ පුනර්ජීවනය ගැන ඔවුන්ගේ පන්ති සවිඥානිකත්වය ගැන කිසිවෙක් නොසිතන බවත්, එම සවිඥානික බව නැති වීම තුළින් අප සියල්ලෝ ම ඇදවැටුණ අගාධය ගැන කිසිවෙක් නොසිතන බව අවධාරණය කරමිනි.

Read more ...
Write comment (0 Comments)

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ:  ඉස්ලාමිය රූපකයට අනුව දෙවියන්ට ඔහුගේ පණිවුඩකරු ලෙස කිසිවකු තෝරා ගැනීමට වුවමනා වන බවත්, ලෝකය වෙනස් කළ යුතු, වඩාත් ආගමික කළ යුතු වඩාත් අධ්‍යාත්මික කළ යුතු ක්‍රියාව වන්නේ පිරිමි දැනුම බව වුව ද පිරිමියා පිළිබඳ නිවැරැදි සත්‍යය දන්නේ ගැහැනිය බවත් පවසමිනි. ඒ සඳහා ජිජැක් ඉදිරිපත් කරන අනෙක් රුපකය ඉදිරිපත් කරමින් අද ලිපිය අරඹමු.

Read more ...
Write comment (0 Comments)

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ:  විඥානවාදි කළු කුහරය තුළට ගමන් කිරීම වළක්වාගත යුත්තේ අපි ‘මගේ ලෝකය’ නැවත ප්‍රතිව්‍යුහගත (re-structure) හෝ විසංයෝජනය (deconstruct) කිරීමෙන් සහ. එය සැබැවින් ම විප්ලවීය කර්තවයක් මෙන්ම එය මේ මොහොතේ අප විසින් සිදු කරනු ලැබිය යුතු ම කර්තවයක් යන්න සිහිපත් කරමිනි. එසේ කරන අතරතුර ප්‍රතික්‍රියා දේශපාලනයට ද නොවැටිය යුතු ය යන්න ද සිහිපත් කළෙමු. අද සිට එය තවත් නැවුම් මාවතක් කරා ගමන් කරවන්නට වෙහෙසෙමු.

Read more ...
Write comment (0 Comments)

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: ගැහැනිය යනු ක්ෂිතිමය පැවැත්මක් යන බවත්, වඩ වඩාත් ඇය වාරණය කරන විට සිදුවන්නේ ඇය වඩ වඩාත් නිරාවරණය වීම බවත්, එය හේතු පාදක කරගනිම්න් ම ඇය වඩ වඩාත් ශක්තිමත්ව නැගී සිටින බව සඳහන් කරමිනි. මේ සියල්ල වටහා ගැනීමට නම් අපිට අසමමිතික මාන දෙකක පිහිට එකවිට ම පැතිමට සිදුවන බව ද සඳහන් කළෙමු. 

Read more ...
Write comment (0 Comments)

මේ අඹ ගස හැර වෙනත් ගස් නැත!

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: විලෝමයන්ගේ අරගලය (struggle of opposites) වෙනුවට අද ඇත්තේ විලෝමයන්ගේ දුරස්ථ (polarization of opposites) බවත්, තනි නිරීක්ෂකයකු ලෙස යමක් දයලෙක්තිකව තීරණය කිරීමේ හැකියාව අප සතුව නොපවතින හෙයින් අප මේ මොහොතේ බෞද්ධාගම දෙස බැලිය යුතු ආකාරය මේ හරහා යම් අසමපාතයක් තුළ සංසේචනය වී ඇති බව සඳහන් කරමිනි.

Read more ...
Write comment (0 Comments)

ආගම පිළිබඳව ජිජැක්ගේ මතය කුමක්ද යන්න පිළිබඳ මහේෂ් හපුගෙඩ සමග කරන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ මහාචාර්ය නලින්ද සිල්වා මහතා විචාරය කිරීම හෝ කර ගැනීම සඳහා ‘‘බහි කේන්ද්‍රය’’ නමැති සංකල්පය ද උපයෝගි කර ගත යුතු ය යන අදහසෙනි. ඒ සඳහා උදාහරණයක් ලෙස ස්ටීවන් ස්පීල්බර්ග් ගේ Bridge of Spies සිනමාපටය ද නැරඹිය හැකි බවට පැහැදිලි කළෙමු. අපි අද යොමුවන්නේ නලින්ද සිල්වා විග්‍රහ කරගත හැකි තවත් මානයක් පිළිබඳ ඔබව දැනුවත් කිරීම සඳහා ය.

Read more ...
Write comment (0 Comments)
Page 2 of 3