අපි පසුගිය සතියේ සාකච්ඡාව නවත්වනු ලැබුවේ සාමාන්‍යයෙන් ස්ත‍්‍රීවාදී ව්‍යාපාරයේ, ස්ත‍්‍රීවාදී පර්යේෂණ කරන අය, ස්ත‍්‍රීවාදය වෙනුවෙන් ලියන අය අතර යම් කිසි ආකාරයක ප‍්‍රවණතාවයක් තියෙනවා  පුරුෂ මූලික සමාජය ඇතිවීමට පෙර තිබුණු සමාජ ක‍්‍රමයන් පිළිබ විශ්ලේෂණයන් කිිරීමට කියන තැනින්. එය මගින් පුරුෂ මූලිකත්වය යනු ස්වාභාවිකත්වයක් නොවේ; එයට පෙර යුගයක් තිබුනා - එම නිසා එයට පසු යුගයක් තිබිය හැක කියන උපන්‍යාසය මත පදනම් වෙලා කටයුතු කරන අය ඉන්නවා.

Read more ...
Write comment (0 Comments)

අපි පසුගිය සතියේ සාකච්ඡාව අවසන් කළේ ස්ත‍්‍රීත්වය කියන එක කොහොමද නිර්මාණය වුණේ කියන තැනින්. ඒ පිළිබව අපි යම්කිසි ආකාරයක පුළුල් හැඳින්වීමක් කෙරුවා; සිමෝන් දි බෝවා ගේ සිට මාර්ටින් හෛඩගර් වැනි දාර්ශනිකයන් දක්වා අපි ජුඩිත් බට්ලර්ගේ සංවාදය අරගෙන ආවා. ඒ සහා අපි ස්ත‍්‍රිවාදය තුළ සාකච්ඡා වන වැදගත් චින්තිකාවන් විශේෂයෙන් මොනික් විටීග් කියන ප‍්‍රංශ ජාතික චින්තිකාව පිළිබ සාකච්ඡාවකුත් කරනු ලැබුවා.

Read more ...
Write comment (0 Comments)

අපි සාකච්ඡා කරමින් සිටින ප‍්‍රශ්නය තමයි ලිංගිකත්වය කියන එක අනිවාර්ය ලෙස එක පැත්තකින් පුරුෂ මූලිකත්වය විසිනුත්, අනෙක් පැත්තෙන් විෂම ලිංගික ආධිපත්‍යය විසිනුත් නිර්මාණය කිරීම කියන එක. ඒක තමයි අපි කිව්වෙ ලිංගිකත්වය ගොඩනැංවීම කියන එක සෑම විටම පදනම් වන්නේ නීතියක් මත, එතකොට මේ නීතිය පිටුපසින් ආධිපත්‍යයක් තියෙනවා, අපි දන්නවා නීතියක් ක‍්‍රියාත්මක වෙන්නෙ නැහැ, ඒ නීතිය ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය බලය නොමැති නම්. එතකොට නීතිය කියන එක සමග අත්‍යයන්තයෙන් බැඳුනු එකක් තමයි බලය කියන අදහස.

Read more ...
Write comment (0 Comments)

අපි පසුගිය සතියේ සංවාදය නතර කළේ ජුඩිත් බට්ලර් විසින් කොහොමද මොනික් විටීග් විසින් යෝජනා කරනු ලබන පුරුෂ මූලික සහ විෂම ලිංගික සමාජීය ලිංගිකත්වයෙන් මිදුණු පාරිශුද්ධ ස්ත‍්‍රී ලිංගිකත්වයක් සොයාගෙන යාම මිත්‍යාවක් ලෙස ප‍්‍රතික්ෂේප කරන්නේ ඇයි කියන තැනින්. එය ප‍්‍රතික්‍ෂෙප කරන්න ජුඩිත් බට්ලර් මූලික වශයෙන් තර්ක දෙකක් ගෙන එනු ලබනවා.

Read more ...
Write comment (0 Comments)

අපි පසුගිය සතියෙ අවසන් කළේ මොනික් විටීග් ගෙ නිරීක්‍ෂණයක් ඇසුරෙන්. ඒ තමයි මොනික් විටීග් විසින් එක්තරා ආකාරයකට යෝජනා කරනවා ස්ත‍්‍රී විමුක්ති අරගලය සහ ස්ත‍්‍රියගේ ලිංගිකත්වය අතර සම්බන්ධය පිළිබඳ සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවෙදි එයා මතු කරන කාරණය තමයි ඒ තමයි අපගේ ප‍්‍රජනන ඉන්ද්‍රියයන් කේන්ද්‍රකර ගෙන ලිංගිකත්වය අර්ථකථනය කිරීම තේරුම් ගැනීම වෙනුවට ඒ ප‍්‍රජනන ඉන්ද්‍රියයන් ඉක්මවූ විකල්ප ලිංගික අනන්‍යතාවයක් වෙනුවෙන් ස්ත‍්‍රීවාදය පෙනී සිටිය යුතුයි කියන අදහස. ඒ අදහස තමයි මොනික් විටීග් එයාගෙ The Lesbian Body කෘතිය මගින් මූලික වශයෙන් යෝජනා කරන්නෙ.

Read more ...
Write comment (0 Comments)

අපි පසුගිය සතියේ සාකච්ඡා කළේ මොනික් විටීග් ගෙ The Lesbian Body කෘතිය සම්බන්ධයෙන් ජුඩිත් බට්ලර් කරන සාකච්ඡාව. දැන් මේ කෘතියෙ මූලික වශයෙන් ගත්තහම මොනික් විටීග් විසින් යෝජනා කරනු ලබන දෙය තමයි; මිනිසාගේ ලිංගික්‍තවය කියන එක ලිංගේන්ද්‍රියන් කේන්ද්‍ර කරගෙන අපි කරනු ලබන තේරුම් ගැනීම අභියෝගයට ලක් කළ යුතු බව සහ එසේ අභියෝගයට ලක් කළ හැකි බව.

Read more ...
Write comment (0 Comments)

අපි දන්නවා සාම්ප‍්‍රදායිකව ස්ත‍්‍රීවාදය කියන එක සාකච්ඡා කරන්නෙ ස්ත‍්‍රිය දෙවෙනි පන්තියේ පුරවැසියෙක් වීම, එයාට සමාජය තුළ කිසියම් ආකාරයේ දෙවෙනි කොට සැලකීමක් ලැබීම, එයාට සමාන අවස්ථා හිමි නොවීම, එයාට සමාන වැටුපක් හිමි නොවීම, ඔවුන්ට පාර්ලිමේන්තු නියෝජනය අනුපාතිකව අඩුවෙන් හිමිවීම, රැකියා වෙළදපොලේ අනුපාතිකව අඩු අගයක රැකියා නියුක්තියක් හිමිවීම මෙවැනි දේවල් පිළිබදව. මුල් කාලයේ සාම්ප‍්‍රදායික ස්ත‍්‍රීවාදී අරගලය විසින් වැඩිපුර අවධානයක් යොමු කලේ මෙවැනි කාරණා වෙනුවෙන්.

Read more ...
Write comment (0 Comments)

අපි පසුගිය සතියේ සාකච්ඡා කරපු හර්කියුලින් බාර්බින් කියන ප‍්‍රංශ ජාතික චරිතය පිළිබදව මිෂෙල් ෆූකෝගෙ විග‍්‍රහය ඇසුරෙන් පාඨක ප‍්‍රතිචාරයක් ලැබිල තියෙනවා. ඒ පාඨකයා අහල තිබුන ප‍්‍රශ්නය තමයි; අපිට මේක මෙච්චර සංකීර්ණ කරගන්නේ නැතිව මේක සරල විදිහට විසදන්න පුඵවන් නේද, ඒ තමයි එතන එයාගෙ ලිංගික අනන්‍යතාවය ද්විලිංගිකයි. එතකොට එයා ලිංගික සතුටක් ලැබුවා, ඒ ලිංගික සතුට පදනම් වුණු නැතිනම් ඒ ලිංගික සතුටේ හේතුව ලෙස නැතිනම් එහි පදනම ලෙස හදුනාගත හැකි ලිංගික අනන්‍යතාවයක් තිබේ, එම ලිංගික අනන්‍යතාවය වන්නේ ද්විලිංගික අනන්‍යතාවයයි. ඉතින් එයාට එයාට ස්ත‍්‍රී පුරුෂ කියලා වෙන් වෙන අනන්‍යතාවක් නැති වුනත් ද්විලිංගික කියලා අනන්‍යතාවයක් තියෙනවා නේද? මේක තමයි පාඨකයා අහල තිබුනෙ.

Read more ...
Write comment (0 Comments)

පසුගිය සතියෙ අපි ලිපිය තුළ සාකච්ඡා කලේ හර්කියුලින් බාර්බින් කියලා 19 වන සියවසේ ප‍්‍රංශයේ ජීවත්වුණ චරිතයක් සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයට හේතුව තමයි, හර්කියුලින් බාර්බින් විසින් ලියා තිබුණ පුද්ගලික දින සටහන් වගේ දේවල් ටිකක් මිෂෙල් ෆූකෝ විසින් හොයා ගන්නවා එයාගෙ ලිංගිකත්වයේ ඉතිහාසය නම් පොත ලියන්න පර්යේෂණ කරන කාලයේදී.

Read more ...
Write comment (0 Comments)
Page 1 of 3