ජනවාරි 08 ඔබතුමාලා මේ සිදු කළ දේදුනු විප්ලවය ගැන අද මොකද හිතෙන්නෙ?

ඒ ගැන කිසිම අයහපත් හැඟීමක් නැහැ. සිද්ධ වුණේ රටට යහපත් වෙනස් වීමක්.

Read more ...
Write comment (0 Comments)

අදින් වසර විසි අටකට පමණ පෙර ඔහු සෝවියට් දේශයට යන්නෙ අධ්‍යාපනයට. එහි දී වෛද්‍ය විද්‍යාව හදාරන හෙතෙම ඒ රටේම සේවය ආරම්භ කළේය. ඒ, පළවෙනි වෛද්‍ය විද්‍යාලයේ ජාත්‍යන්තර උපදේශකයකු ලෙසයි. පසුව ලංකාවට පැමිණෙන ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකයකු ලෙස කටයුතු කළේය. අනතුරුව 2015 රට තුළ සිදු වූ වෙනසත් සමඟම ඔහු රුසියානු තානාපති ලෙස එරටට යැවෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුදැනුම යටතේය. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තහවුරු කිරීමට මෙන්ම ද්විපාර්ශික සම්බන්ධතා ගොඩනැගීමට වෛද්‍ය සමන් වීරසිංහ මහතා දැක්වූ අපරිමිත දායකත්වය වෙනුවෙන් රුසියානු ජනාධිපතිවරයා ඔහු වෙත ගෞරව සම්මාන ආඥාවක් පිරිනමනු ලැබීය. රුසියානු ආණ්ඩුව විසින් විදේශිකයකු වෙත පිරිනමන ඉහළම සම්මානය වන එයින් සම්මාන ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වෛද්‍ය සමන් වීරසිංහ වේ.

Dr 1■ 2015 ජනවාරි 08 වන දා සිදු වුණු සිදුවීම ඔබතුමා දකින්නෙ කොහොමද?

ප්‍රජාතන්ත්‍රවාදී විදියට රටේ බලය වෙනස් වුණා. එකම පක්ෂයේ නායකයන් දෙදෙනෙක් ඒ බලය ප්‍රජාතන්ත්‍රවාදීව බෙදිලා ගියා. ඒ කියන්නෙ මිනිසුන් විසින් ජනාධිපතිවරයා ලෙස වෙන පුද්ගලයෙක්ව තේරුවා.

තානාපතිවරයෙක් විදිහට ලෝකයේ විවිධ රටවල මෙවැනි දේ සිදු වූ අන්දම ඔබ දකිනවා. ඒවත් එක්ක ලංකාවෙ සිදු වුණු මේ සිදුවීම ඔබ දකින්නෙ කොහොමද?

මම දකින්නෙ ලංකාවෙ ඉන්නෙ ඉතාමත් හොඳින් ඉගෙන ගත් ප්‍රජාවක්. හොඳ ඉගෙනුමක් ඇති සමාජයක් තියෙන රටක්. එකම වෙඩිල්ලක්, එකම යුද්ධයකින් තොරව මේ වගේ ක්‍රමයක් වෙනස් කරන්න කිසිම ප්‍රශ්නයකින් තොරව පුළුවන් වුණා. ඉතින් ඒකෙන් අදහස් කරන්නෙ, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ලංකාවෙ තියෙන ඉඩකඩ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට රටේ බලය වෙනස් වුණා. එකම පක්ෂයේ නායකයන් දෙදෙනෙක් ඒ බලය ප්‍රජාතන්ත්‍රවාදීව බෙදිලා ගියා. ඒ කියන්නෙ මිනිසුන් විසින් ජනාධිපතිවරයා ලෙස වෙන පුද්ගලයෙක්ව තේරුවා.

ඔබතුමා කොහොමද මුලින්ම රුසියානු තානාපතිකම භාරගන්නෙ?

රුසියානු තානාපති විදියට මාව නම් කරන්නෙ ජනාධිපතිතුමා විසින්. එය මේ ආණ්ඩුවෙන් අනුමත වෙනවා. ඊට පස්සෙ ඒ පත්වීම ලැබෙනවා. ඉන්පස්සෙ 2015 සැප්තැම්බර් මාසයේ 15 වෙනිදා රුසියානු තානාපති විදියට වැඩ බාරගන්නවා.

ඔබතුමා තානාපති විදියට රුසියාවට ගිහින් අවුරුදු දෙකක් වෙනවා. ඔබ තානාපති විදියට යද්දි රුසියාවෙ අපේ ලංකාව පිළිබඳ තිබුණු තත්ත්වය මොන වගේද?

දැනට මාස දාසයයි. කොහොමත් රුසියාව අපේ රටත් එක්ක හොඳ සම්බන්ධතාවක් තිබුණා. මේ අවුරුද්ද වෙද්දි ඒ සබඳතාවට අවුරුදු හැටක් පිරනවා. මම තානාපති විදිහට ගිහින් මේ මාස දාසය ඇතුළත මට මේ රජය විසින් දීලා තියෙන වගකීම් ටික ඉතාමත්ම හොඳින් ඉටුකළයි කියලා, මම හිතනවා. ඒකට හොඳම උදාහරණය තමයි ජනාධිපතිතුමාට මේ ලැබුණු රුසියානු සංචාරය.

Dr 2රුසියානු ශ්‍රී ලංකා මිත්‍රත්වයට අවුරුදු හැටක් පිරීම නිමිත්තෙන්, අපේ ජනාධිපතිවරයා රුසියානු සංචාරයක් කළා. මේ සංචාරයේ පවතින විශේෂතා ඔබ කොහොමද දකින්නෙ?

මම දකින විදිහට අපේ ජනාධිපතිතුමාට නිල සංචාරයක් ලැබුණා. ඉන් පස්සෙ රුසියානු ජනාධිපතිතුමා හමු වුණා. අගමැතිතුමා හමු වුණා. ඒ වගේම ඇමැතිවරු ගණනාවක් හමු වුණා. මුදල්, ආර්ථික සංවර්ධන, ආරක්ෂක යන වටිනාකමක් තියෙන අමාත්‍යාංශවල ඇමැතිවරු හමු වුණා. මේ ද්විපාර්ශ්වික සාකච්ඡා ඉතාමත්ම සාර්ථක වුණා. රුසියාව සහතික වුණා. අවශ්‍යම දේකට ලංකාවට උවමනා ආකාරයට උදවු කරනවයි කියලා. දේශපාලන වශයෙන් හෝ ආරක්ෂක වශයෙන් අවශ්‍ය නම් ඒ උදව් කරන්න ඒ අය සූදානම්. ඒ වගේම මේ රටේ යටිතල පහසුකම් වැඩි දියුණු කරන්නට ණය මුදල් අවශ්‍ය නම්, ඒ වෙනුවෙන් කටයුතු කරන්නත් ඔවුන් සූදානම්. අපේ ජනාධිපතිතුමා කිව්වා මේ ඉදිරි කාලය එකතු වෙලා අපි අලුත් දෙයක් ඇති කරමුයි කියලා. රුසියානු ජනාධිපතිවරයා එය අනුමත කළා.

ලංකාවේ ජනපති මාධ්‍ය අංශය කියන විදිහට අවුරුදු හතළිස් තුනකට පස්සෙ තමයි රුසියානු රාජ්‍ය නායකයෙක් මේ විදිහට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකුට ආරාධනාවක් කරල තියෙන්නෙ. මොකක්ද මේ කියන කතාව?

මේ නිල සංචාරයකට ලැබුණු ආරාධනය නිසා තමයි ඔක්කොම පටලැවිල්ල. මේක ජනාධිපති මාධ්‍ය කිව්වත් නැතත්, රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් සයිට් එකට ගියාම, ඒකෙ ලියලා තියෙනවා අපේ ජනාධිපතිවරයා අවෙ නිල සංචාරයකට කියලා.

මොකක්ද මේ නිල සංචාරයකයි, අනිත් සංචාරයකයි අතර තියෙන වෙනස?

එක එක සංචාර තියෙනවා. ක්‍රියාශ්‍රීලී වැඩකට ගිහින් හම්බෙන ඒවා තියෙනවා. ආරාධනයකට අනුව යන සංචාර තියෙනවා. එවැනි එක එක සංචාර රුසියාවේ තියෙනවා. ඒ අනුව මේ සංචාරය වැටෙන්නෙ නිල සංචාරයක් විදියට.

නිල සංචාරයකට ගියාම රටේ නායකයකුට ඒ රටේ දි ඇතිවෙන්නෙ මොන වගේ තත්ත්වයක්ද?

Dr 3නිල සංචාරයකදි අනිවාර්යයෙන්ම ඒ රට සංචාරයට ආව රාජ්‍ය නායකයගෙ වියහියදම් පවා දරන්න ඕනෙ. මොකද ඒ අය මේ සඳහා නිල වශයෙන් ආරාධනා කර තිබෙන නිසා.

පුටින් ජනාධිපතිතුමා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ මේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම ඔබ දකින්නෙ කොහොමද?

අපේ ජනාධිපතිතුමාට ඒ හමුවට වෙලාවක් දීලා තිබුණා. ඒ වෙලාවෙදි ජනාධිපති පුටින් මැතිතුමා හමු වුණා. මුලින් පැයකට වඩා වැඩි කාලයක සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවෙදි අපේ ජනාධිපතිතුමා, අපේ රටේ විදේශ කටයුතු ඇමැතිතුමා හිටියා. මම හිටියා. ඒ පැයෙන් පස්සෙ, එතැනින් නැඟිටලා ඇවිත් ඇමැතිවරු සමඟ කතා කළා. එතන පැය එක හමාරක භෝජන සංග්‍රහයක් තිබුණා. කොහොමත් පැය දෙක හමාරකට වඩා වැඩි කාලයක් අපේ ජනාධිපතිතුමා සහ පුටින් ජනාධිපතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාව පැවැත්වුණා.

මෙහේ සමහර සමාජ ජාලා වෙබ් අඩවිවල ජනාධිපතිවරු දෙදෙනා කතා කරපු ඕඩියෝ එක දාලා තිබුණෙ නෑ. තිබුණෙ වීඩියෝ එක විතරයි. නමුත් ඉන් පස්සෙ අපේ ජනාධිපතිතුමා සිංහලෙනුත් රුසියානු ජනාධිපතිතුමා රුසියානු භාෂාවෙනුත් කතා කරනවා දාලා තිබ්බා. මොකක්ද මේ ඇයි මෙහෙම වුණේ?

ඒකෙ කිසිම අවුලක් මම දකින්නෙ නැහැ. අපේ රටේ විතරයි ඔය වගේ ප්‍රශ්න තියෙන්නෙ. ජපන් ජනාධිපති ගියාම ජපන් භාෂාවෙන්. චීන ජනාධිපති ගියාම චීන භාෂාවෙන්. අපේ රටේ විතරයි තියෙන්නෙ ඉංග්‍රීසි බැරි නම් මොකවත්ම කරන්න බෑ කියන මතය. ඒක අමූලික බොරුවක් කියන එක අනෙක් රටවල් දිහා බැලුවම පේනවා. මෙතනදි වුණේ අපේ රටේ ජනාධිපතිතුමා තමන්ගෙ මවු භාෂාවෙන් කතා කළා. ජනාධිපති පුටින් තමන්ගෙ මවු භාෂාවෙන් කතා කළා. ඉංග්‍රීසි බසට යොමු වුණා. ඉංග්‍රීසි රුසියන් බසට පෙරලුණා. කිසිම අවුලකින් තොරව මේ කතාව වුණා. ඒ කතා කරපු දේවල් මාධ්‍යයට දෙන්නෙ නෑ. ඒක මමවත් මාධ්‍යයට දෙන්න කැමැති නෑ.

පුටින් ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට විශේෂ තෑග්ගක් පිරිනැමුවා?

Dr 5ඔව් අවසානයේ දී ඉංග්‍රීසි සමයෙ දි මෙහෙන් ගෙනියපු කඩුවක් (රුසියාව විසින් එංගලන්තයේ ප්‍රදර්ශනයකින් මිලදී ගන්නා ලද) ඒක අපේ ජනාධිපතිතුමාට තෑගි කළා. මේක ලංකාවෙන් අනවසරයෙන් ගෙනිච්ච දෙයක්. අපි මේක තෑගි කරනවා කියලාපුටින් ජනාධිපතිවරයා කිව්වා. එතනදි රුසියාව තමන්ගෙ සැබෑ මිතුදම ප්‍රදර්ශනය කළා විතරක් නෙමෙයි ඔබේ රට මුහුණ දෙන ඕනෑම සටනකදී අපි ඔබට සහයෝගය දෙනවා කියන දේ සංකේතවත් කළා.

මේ මාස දහසයෙදි ඔබ මොනවද කළේ?

මම පළමුවෙන්ම කළේ මේ රටේ රාජ්‍ය බලපත්‍ර තියෙන සහ ගමන් බලපත්‍ර තියෙන අනිකුත් බලපත්‍ර තියෙන අයට වීසා නොමැතිව රුසියාවට යන්න පුළුවන්කමක් ඇති කළා. ඒක නිසා මේ රටේ නිලධාරීන්ට මැති ඇමැතිවරුන්ට රුසියාවට යන්න ලේසියි. කම්පැනි දහ අටකට ධීවර කර්මාන්තයේ මත්ස්‍යයන් අපනයනය කරන එහේ රජයේ ෆෙඩරල් ලයිසන් එක අරගෙන දෙන්න. ඒ අනුව ඒ අය මෙහේ ආරම්භ කරලා තියෙනවා, මාළු යවන්න. අන්තිම මාස දහය දොළහ ඇතුළත ඩොලර් මිලියන එකහමාරක වගේ මත්ස්‍යයන් යවලා තියෙනවා. මේක ආරම්භයක් පමණයි. ඊළඟට අපි සංචාරක ව්‍යාපාරය සම්බන්ධව ඉතාමත් ලස්සන හමුවක්, සංචාරක ඇමැතිතුමා සමඟ ගිය අවුරුද්දේ කළා. ඒකට රුසියානු සංචාරක නියෝජිතයෝ ආවා. අපට පුළුවන් වෙලා තියෙනවා අද සංචාරක ප්‍රමාණය වැටෙන්නෙ නැතිව මේ තරමින් හරි පවත්වාගෙන යන්න. මීට අමතරව ජනාධිපති පුටින් මහතා සමඟ වෙච්ච කතාවෙ දි නැවත ගුවන් ගමන් ඇරඹීම ගැනත් කතා වුණා. ඊට අමතරව ලංකාවට දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අපේ රටවල් දෙක අතර ධීවර කර්මාන්තය ගැන ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඊට අමතරව තාක්ෂණය සම්බන්ධව, Dr 6අභ්‍යවකාශය සම්බන්ධව, සංස්කෘතික අංශය සම්බන්ධව, සංචාරක අංශය සම්බන්ධව ගිවිසුම් අත්සන් කළා. ඊට අමතරව අන්තර්ජාතික ප්‍රදර්ශනවලට හැමදාම පෙනී සිටියා. දැනට මාසෙකට කලින් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මැතිතුමා එහේ ගිහින් තේ කර්මාන්තය සම්බන්ධ යම් යම් වැඩපිළිවෙළක් පටන් ගත්තා. මේ වගේ ඉතා විශාල වැඩ කොටසක් මේ මාස දාසයේ දී සිදු කළා. මීට අමතරව එහෙන් මෙහෙන් දෙන ණය ගිවිසුම් දෙකක් සම්බන්ධව කතා කරගෙන යනවා. දැනට සාකච්ඡා මට්ටමේ පවතින ඒවා මේ අවුරුද්ද අන්තිම වන විට සම්පූර්ණයෙන්ම ඒ ගිවිසුම් අත්සන් කරාවි. මීට අමතරව තියෙන ලොකුම දේ මේ රාජ්‍ය සංචාරය. ඒක තමයි වටිනාම දේ. න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව නොමිලේ  ඉගෙන ගන්න පළමු වතාවට ලංකාවේ ළමයි දෙන්නෙකුට අවස්ථාව ලැබුණා.

ඔබ තානාපති වශයෙන් පත්වෙන්නෙ අවුරුදු හතරකට?

නෑ. මගේ ගිවිසුම අවුරුදු දෙකයි. මේ වසරේ අවසානයේ දී මං ලංකාවට එනවා.

ඔබ ආව ගමන ගැන සතුටුයිද?

ඔව්. මේ මාස දාසයට රුසියානු ලංකා තානාපති විදියට මට පැවරුණු වගකීම මං හරියට ඉටු කළයි කියලා හිතනවා. ඒ ගැන මං සතුටුයි. දෙරටේ ද්වි පාර්ශ්වික සම්බන්ධතා තිරසර අන්දමින් පවත්වාගෙන යන්නට මා විසින් කළ හැකි දේ කළාය කියන සතුට මට තියෙනවා.

සංවාදය - ශාන්ත බණ්ඩාර ජයවර්ධන
සටහන - තමාරා පතිරණ
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

Write comment (0 Comments)

(EPRLF නායක සහ TNA හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී )

දෙමළ ජාතික සන්ධානයේ වත්මන් තත්ත්වය ගැන ඔබ කරන විග්‍රහය කුමක්ද?

ගැටලු රැසක් මැද ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. සම්බන්දන්ට රජය සමඟ ගමනක් යාමට වුවමනා වී තිබෙනවා. එහෙත් රජය සිටින්නේ ඔහුගේ ඉල්ලීම්වලට එකහෙලා විරුද්ධ තැනකයි. උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කිරීමට දෙමළ ජාතික සන්ධානයට වුමනායි. ඔවුන් දෙමළ කතා කරන ජනතාවට යළි උතුරු නැගෙනහිර එකාබද්ධ කර වෙනම ඒකකයක් බවට පත් කර ගත යුතුය මතයේ සිටිනවා. එසේම (ITAK) පක්ෂය රජයට හිතවත් තැනක සිටිනවා.

Read more ...
Write comment (0 Comments)

ජනවාරි 08 සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසු පිහිටවූ පාලන තන්ත්‍රයට සම්බන්ධ වී සිටින දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන් එම කාලය තුළ කළ කී දෑ පිළිබඳ විමසා බලන සංවාදාත්මක ලිපිපෙළක ආරම්භයයි මේ. අද අප සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ ජනවාරි 08 පෙරළිය වෙනුවෙන් පෙරටුගාමී කාර්යයක් සිදුකළ විදේශ ඇමැති මංගල සමරවීර මහතායි.

Read more ...
Write comment (0 Comments)

කරළියේ කතා බොහෝය. විවිධ මාතෘකා පදනම්ව විවිධ සංවාද විවාද නිතර අසන්නට දකින්නට ඇත. ඒ අතර එක් පසෙකින් 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම ගැනත් නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ඇති සූදානම ගැනත් වාද විවාද සංවාද අඩුවක් නැත. මේ සාකච්ඡාව වෙත අප තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක උචිත ද සොයිසා කැඳවන්නට නිමිත්ත වූයේ ද එයයි. මේ ඒ ගැනය.

Read more ...
Write comment (0 Comments)

විධායක අධ්‍යක්ෂ - දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධව මෙන්ම 2017 වසර මෙරට ද්‍රරිද්‍රතාවයෙන් මුදාගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා නම් කිරීම ද ප්‍රධාන මාතෘකාය. එහෙත් එදා වේල ප්‍රතිචාර දැක්වීම් විසින් ඒ අවස්ථාව රටට අහිමි කර ඇත. නමුත් ව්‍යවස්ථාව මෙන්ම දරිද්‍රතාව නැති කිරීම ගැනද වන සංවාදය අපට අත්හළ නොහැක. මේ සංවාදය ඒ පදනමෙන්ය.

Read more ...
Write comment (0 Comments)

මුලින්ම ඔබ කවුද කියලා කිව්වොත්?

මම චන්ද්‍රජිත් ආශු මාරසිංහ

ඔබේ බාල කාලය?

මම ඉපදුණේ ගම්පහ. මිනුවන්ගොඩ නැදගමුව කියන ගමේ. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ මිනුවන්ගොඩ නාලන්ද මධ්‍ය විද්‍යාලයෙන්. ඒක කන්නන්ගර පාසලක්. පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ ආනන්දයට ආවා. අ.පො.ස උසස් පෙළ සමත් වුණේ ආනන්දෙන්.

Read more ...
Write comment (1 Comment)

මේ වෙනකොට සයිටම් ආයතනය මුල් කරගත් සමාජ කතිකාව තුළ අපි දකිනවා පාර්ශ්ව කිහිපයක් ප්‍රමිතියගැන කතා කරනවා. පිරිසක් සයිටම් ආයතනයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන විට තවත් පිරිසක් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ප්‍රශ්න කරනවා. ඔවුන් එතැන දී පැහැදිලිව අහන ප්‍රශ්නයක් තමයි සයිටම් ආයතනයේ ප්‍රමිතිය ප්‍රශ්න කරන්න එන පාර්ශ්ව, ජාත්‍යන්තර වර්ගීකරණයන් තුළ මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල මුල් 2000 තුළවත් නොතිබීම ගැන මොකද කියන්නෙ කියලා. මේ තත්ත්වය ඔබ විග්‍රහ කරගන්නෙ කොහොමද?

Read more ...
Write comment (0 Comments)

මානව හිමිකම් සම්බන්ධව මෙරට ඇති සංවේදීත්වය අතිශය අමානුෂිකය. මිනිසුන් මිනිසුන්වීම නිසාම නෛසර්ගිකව හිමි විය යුතු අයිතීන් පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් දක්වා මෙරට ජනතාව විතැන් වූ පසුගිය සිවිල් යුද වාතාවරණය ඊට නිදර්ශන සපයයි. ඒ සමයේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වැන්නක් පිළිබඳ කතා කිරීම පවා ඒ සමයේ සිහිනයක්ම විය. එහෙත් මේ වන විට තත්ත්වය වෙනස්ව ඇත.

Read more ...
Write comment (0 Comments)