පරාජය වුණේ ශ්‍රීලනිපය නොව මහින්ද රාජපක්ෂයි

කතාබහ
Typography

දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍ය

ශ්‍රීලනිපය ඒකාබද්ධ විපක්ෂය සමඟ කිසිම හවුලකට නොයන බවට ජනාධිපතිවරයා ප‍්‍රකාශයක් කර තිබුණා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ දෙනාටම එකට එකතුවෙන්න හැමදාමත් ආරාධනා කරලා තිබෙනවා. ජනාධිපතිවරයා බවට පත් වූ පසුව එතුමාගේ ආරාධනාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ දෙනාටම එක තැනකට එන්න කියන එක. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස මටත් ඒ වගේම එක්සත් ජනතා සන්ධානයේ ලේකම්තුමාටත් එතුමා ඒ විදිහට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා සෑම අවස්ථාවකදීම ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු විය යුතුයි කියන කාරණාව. ඒකට හේතුවක් තිබෙනවා. 2015 ජනවාරි මාසයේ 08 වනදා පක්ෂයේ ලේකම්වරයාත් ඡන්දය ඉල්ලූවා. පක්ෂයේ සභාපතිවරයාත් ඡන්දය ඉල්ලූවා. පක්ෂයේ සභාපතිතුමා පැරදුණා, පක්ෂයේ ලේකම්වරයා ජයග‍්‍රහණය කළා. ඉන්පසුව සතියක් ඇතුළත පක්ෂයේ හිටපු සභාපතිතුමා පක්ෂයේ සභාපතිකම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට භාර දුන්නා. ඉන්පසුව එතුමා අපේ විධායක සභාවට සුබපතලා තිබුණා. ඉන්පසුව පක්ෂයේ 64 වන සංවත්සරයට එතුමා හිටපු සභාපතිවරයා විදියට සහභාගි වුණා. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා හෝ පක්ෂය ජනවාරි 08 වනදා පරාජය වුණේ නැහැ. පරාද වුණේ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා පමණයි. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ අනුව පක්ෂය ජයග‍්‍රහණය කර තිබෙනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම පාක්ෂිකයෙක් බෙදෙන්න, වෙන්වෙන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.

පසුගිය දිනවල පාර්ශ්ව දෙකෙන්ම පක්ෂය අතර එකඟතාවක් අවශ්‍ය බවට කරුණු දක්වා තිබුණා නේද?

ඒ අයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වීමට හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වදින්න කිසිම තහනමක් නැහැ. මොකද ඒ අය අදටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා මන්ත‍්‍රී ධුර දරන අය. ඒ අයට ඉදිරියටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡුන්දය ඉල්ලන්න පුළුවන්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය දැක්වීම තමයි ඒ අයගේ වගකීම සහ යුතුකම වෙන්නේ.

ශ්‍රීලනිපය, ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය වෙන වෙනම තරග කළහොත් ඇති විය හැකි තත්ත්වය පිළිබඳව ඔබේ තක්සේරුව කුමක්ද?

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අති දැවැන්ත පක්ෂයක්. කිහිපදෙනෙක් හෝ පක්ෂයෙන් ඉවත් වුණොත් එය අපට පාඩුවක්. නමුත් අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඉදිරි සියලූ මැතිවරණවල දී ජයග‍්‍රණය උදෙසා කටයුතු කරනවා.

 

ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂයේ බහුතරය එකම පක්ෂයක පිරිසක්. එම දෙපිරිස ප‍්‍රතිමල්ලවයන් වුවහොත් එජාපය පහසුවෙන්ම දිනනවා නේද?

ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ නොකර සිටියොත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයාව දැනුවත් නොකර සිටියොත්. නමුත් අද ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට කිසිදු අසාධාරණයක් වෙලා නැහැ. පරාජය වුණ පුද්ගලයෙක් වන මහින්ද රාජපක්ෂ මහත්මයා සමඟ යම් කිසි කණ්ඩායමක් වෙනස් දේශපාලන මතවාදයක් දැරීමත්, ඒ මතය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයාට පිළිගන්න කියලා ආරාධනා කිරීමත් සමඟ අපට යම් අර්බුදයක් තිබෙනවා. දැනට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ දෙනාම එකාවන්ව සිටිනවා නම් අපට ජයග‍්‍රණය පිළිබඳව ගැටලූවක් නැහැ.

ආණ්ඩුව ගෙන යන ආකාරයටම සම්මුතිවාදී වැඩසටහනකින් ශ‍්‍රීලනිපයට සහ එජාපයට පළාත් පාලන ඡුන්දයට ඉදිරිපත් වෙන්න බැරි ඇයි?

අපි එකඟතා ගිවිසුමක ඇති කර ගන්නේ තනි පක්ෂයකට කරන්න බැරි දේවල් ටික ප‍්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා රටට ජනතා ජයග‍්‍රහණ ලබා දීම සඳහා. නමුත් පළාත් පාලන මැතිවරණය, හෝ පළාත් සභා මැතිවරණය සඳහා  එකට ඉන්නවා කියලා අපේ කිසිදු එකඟතාවක් නැහැ. එනිසා එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පක්ෂ සියල්ලම මැතිවරණවල දී වෙනම තරග කරනවා.

සෝභිත හිමි දෙවැනි ගුණානුස්මරණයේ දී මහාචාර්ය සරත් විජේසූරිය ආණ්ඩුවේ සමහර කටයුතු පිළිබඳව තදින් විවේචනය කළා. ජනාධිපතිවරයා එම විවේචන පිළිගත්තා. වැරදි හදාගන්න වැඩපිළිවෙළක් ආණ්ඩුවට තියෙනවද?

මේ වැරදි ටික අපට හදාගන්න පුළුවන්කම තියෙනවා. යහපාලන ආණ්ඩුවක් විදිහට අපි අතරත් යම්කිසි ප‍්‍රශ්නයක්, අඩුපාඩුවක් තිබෙනවා නම් ඒවා පැහැදිලිවම අපි නිවැරදි කරගත යුතු වෙනවා.

එහි දී ඔහු ආණ්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙක් දූෂිතයන් බව ප‍්‍රකාශ කළා. දූෂිතයන් සමඟ යහපාලන ගමන යන්නේ කොහොමද?

පෞද්ගලිකව එහෙම චෝදනා කරන්න අපට බැහැ. එවැනි කාරණා තිබෙනවා නම් පරීක්ෂණ පවත්වන්න ජනාධිපතිතුමා මැදිහත් වෙලා තියෙනවා.

ප‍්‍රදීපා වීරසේකරප‍්‍රදීපා වීරසේකර

ඡුායාරූපය - අජිත් සෙනෙවිරත්න

Latest Posts

කතාබහ

අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති 2018-01-17 - ලංකාවේ කිසිදු ස්ථානයක තමන් දැනුවත්ව දුරකථන ටැප්...
අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි 2017-12-22 - ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්...
මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා 2017-12-20 - උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න&...

විශේෂාංග

අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය 2018-01-15 - ශ්‍රී ලංකාව තරම් ජීවත් වීමට සුදුසු  පරිසරයක් ...
උඩප්පුවෙන් නැගෙන පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය උඩප්පුවෙන් නැගෙන  පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය 2018-01-15 - පාඩුකාරයෝ ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් ...
සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ 2018-01-11 - ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01