අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි

කතාබහ
Typography

ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අකුරණ අල් කුර්ආන් අධ්‍යයන විවෘත විද්‍යාලයේ අධ්‍යක්ෂ,

කුර්ආන් චින්තාව කර්තෘ, උස්තාද් එම්. ඒ. එම්. මන්සූර් (නලීමි)

කුර්ආන් චින්තාව උස්තාද් මන්සූර් විසින්  කුර්ආන් ග‍්‍රන්ථයට ලියූ අටුවාවකි. ලාංකීය සංස්කෘතිය තුළ කුර්ආන් චින්තාව අභ්‍යාස කරන්නේ කෙසේද යන්න මෙහි විග‍්‍රහ කෙරෙයි.  මේ ඔහු සමඟ සත්හඬ කළ සංවාදයයි.

කුර්ආනයට අටුවාවක් ලිවීමට හේතුපාදක වුණේ මොකක්ද?

 අද වෙනකොට ලාංකීය සමාජයේ සිංහල භාෂාව තමන්ගෙ මාධ්‍ය භාෂාව කරගත්තු මුස්ලිම් ජනතාව විශාල පිිරිසක් ඉන්නව. විශේෂයෙන් ඒගොල්ලන්ට ආගම පිළිබඳ අවබෝධයක් නැහැ. ඒකට හේතුම තමයි ඔවුන්ගෙ ආගම දැනුම වර්ධනය කරගන්න  සිංහල භාෂාවෙන් ලියවුණු පොත් පත් නොමැති වීම. එම නිසා ඔවුන්ට කුර්ආනය පිළිබඳ අවබෝධයක් ලබා දීම තමයි මේ පොත ලිවීමේ  පළමු වෙනි අරමුණ. විශේෂයෙන් අප ජීවත් වන ජනවාර්ගික සමාජය තුළ අනෙකුත් සහෝදර ආගමිකයන්ට ඉස්ලාම් ධර්මය පිළිබඳ තියෙන්නෙ බොහෝ විට වැරදි ආකල්ප. මෑතක් වනතුරුම ලංකාවෙ තියෙන්නෙ අල්කුරානයට පරිවර්තන. නමුත් පරිවර්තනයක් හරහා අල්කුරානය

වටහාගන්න අපහසුයි. නමුත් මේක අටුවාවක්, ඒ කියන්නෙ විවරණයක්. පරිවර්තන හරහා ඉස්ලාම් ධර්මය පිළිබඳ වැරදි අවබෝධයකින් හිටපු අයට නිවැරදි අවබෝධයක් ලබාගන්න මෙය විශාල රුකුලක් වෙනවා. 

කුර්ආනය කියන්නෙ ඉස්ලාම් ආගමිකයන්ගෙ උත්තරීතර ග‍්‍රන්ථයක්. මේ සම්බන්ධයෙන් මීට පෙර අල්කුරානයට අටුවාවක් ලියවිලා නැද්ද?

අල්කුරානයට විශාල වශයෙන් අටුවාවන් ලියවිලා තියෙනව. නමුත් මේ අටුවාවන් බොහෝ දුරට ලියවිලා තියෙන්නෙ ලාංකීය නොවන විද්වතුන් විසින්. බොහෝ විට ඒව ලිව්වෙ පාකිස්ථාන් ජාතිකයෙකු, ඊජිප්තු හෝ තුර්කි ජාතිකයන් අතින්. එම නිසා ඒ රටේ වාතාවරණය හා පසුබිම මත තමයි ලියවෙන්නෙ. නමුත් මෙම පොතේ තියෙන විශේෂත්වය තමයි ලාංකිකයෙකු විසින් දේශීය ආභාෂයත් එක්ක සුළුජාතික කණ්ඩායම නියෝජනය කරමින් ලංකාවෙ පළමුවෙනි වතාවට මෙවැනි පොතක් ලිවීම.

ලංකාවෙ සංස්කෘතියට අනුව කුර්ආනයේ ඉගැන්වීම් මෙම ග‍්‍රන්ථය ආශ‍්‍රයෙන් කොයි ආකාරයෙන්ද ගළපාගත්තෙ?

අල්කුරානය අවුරුදු 23ක් වැනි කාලයක් තිස්සේ දිගටම පළ වුණා. මෙහි තියෙන්නෙ පොදු වූ කාරණා ටිකක්. සමහර වාක්‍ය පළ වෙලා තියෙන්නෙ එවකට තිබුණු පසුබිම මත. උදාහරණයකට ගත්තොත් සටන් බිමක දි නබිනායක තුමා සමඟ සටන් වැදුණු පිරිසත් එක්ක සම්බන්ධ  වුණු වචන තමයි එදා පළ වුණේ. එම නිසා සමහරු අල්කුරානය වැරදි විදියටත් තේරුම් අරගෙන තියෙනව. පොදුවේ ගත්තහම තනි පුද්ගලයෙක් වශයෙන්, පවුලක් වශයෙන්, සමාජයක් වශයෙන් තමන්ගේ ජීවිකාව ගොඩනගන්නෙ

කොහොමද කියන වැදගත් කරුණු කාරණා අල්කුරානයේ සඳහන්වෙලා තියෙනව. එහි සඳහන් වෙලා තියෙන්නෙ මුස්ලිම්වරුන්ටම නෙවෙයි සමස්ත ජනයාට.

අල්කුරානයෙ තියෙනව එක්තරා පරිච්ඡේදයක් සුරතුන් නිසා කියලා ‘නිසා’ කියන්නෙ අරාබියෙන් ස්ත‍්‍රිය යන අර්ථය. එහි පොදුවේ සාකච්ඡුා කරන්නෙ ස්වාමිපුරුෂයා හා බිරිඳ අතර පවත්නා සම්බන්ධය. දරුවන් සහ දෙමාපියන් අතර තියෙන සම්බන්ධය. අල්කුරානෙ පරිච්ෙඡ්දය පටන්ගන්නෙ ‘යා අයුයහන්නාස්’ කියල. ජනයාණෙනි කියන වචනයෙන් තමයි පටන්ගන්නෙ. එතන දි අල්කුරානය අපට කියන්නෙ ඔබ දෙවියන් සමඟ කොතරම් දුරට උසස් සම්බන්ධයක් පවත්වනවා සේම මානව සමාජය තුළ අනෙකා සමඟත් ඔබේ උසස් සම්බන්ධතාවක් තිබිය යුතුයි යන කාරණය.

ඔබ දෙවියන්ට බිය වන්න. ඔබගේ පැවැත්ම ආරම්භ වෙන්නෙ එක පියෙකුගෙන් හා එක මවකගෙන්.  අපි මොන ප‍්‍රතිපත්තිය ඇදහුවත් මොන විශ්වාසයන් තුළ අප ජීවත් වුණත් අපිට ලේ සම්බන්ධකමක් තියෙනව. එහි දී දෙවියන්ට ලබා දෙන ගරුත්වය මානව සමාජය තුළ ගොඩනැගිය යුතුයි කියන පණිවිඩය.

මේ කෘතිය ලියවෙන්නෙ යම් ඇගයීමක් මත. ඊජිප්තුව හා සෞදිය ආභාෂයෙන් කුරානය භාවිත  කිරීමෙන් වැරදි වැටහීමකට ලක් වුණාද මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න.?

සාමාන්‍යයෙන් සෞදිය ගත්තත් ඊජිප්තුව ගත්තත් අල්කුරානය දිහා තමන්ගෙ බැල්ම හෙළන විධි ක‍්‍රම දෙකක් තියෙනව. කොටසක් සාවධානව ඉතාමත් නිවැරදි ආකාරයට බලන පිරිසක් ඉන්නව. සමහරු ඉන්නව අල්කුරානය දෙස බලන්නෙ ඉතාමත් රළු විදියට. ඒකට හේතුව තමයි ඒ ඒ රටවල්වල තියෙන ඒකාධිපති පාලනය. අනෙක් හේතුව තමයි සෞදිය හැර අනිත් මුස්ලිම් රටවල් ගත්තම ඒ ඒ රටවල්වල පවතින දුප්පත්කම. 

මැලේසියාව ඉන්දුනීසියාව තුර්කිය යන රටවල් ගත්තම ඒ රටවල්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනව. අල්කුරානයට නිවැරදි චින්තාවක් ලබා දිමට තමයි මෙම කෘතිය එළිදක්වන්නට මුල් වුණේ කියල කියන්න පුළුවන්.

ලංකාවෙ ආගමික සංහිඳියාව ඇතිකරන්න මේ අල්කුරාන අටුවාව කරන බලපෑම මොන වගේද?

මේ පොත එළිදැක්වීමෙ දි මුල් තැන දුන්නෙ මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් නෙවෙයි. අපේ සහෝදර විද්වත් බහුතර සිංහල බෞද්ධ භාෂාව හසුරුවන පිරිසට ආරාධනා කරල තමයි මේ පොත එළිදැක්වුණේ. මේක අපේ අනෙකුත් සහෝදරයන් අතරට යන එක තමයි එයට හේතුව වුණේ. මෙය  ව්‍යාප්ත කරන්න අපි ප‍්‍රාදේශීය මට්ටමෙන් හෝ දිස්ත‍්‍රික් මට්ටමෙන් හෝ මේ  සම්බන්ධයෙන් කථිකාවන් ගොඩනඟාගන්න බලාපොරොත්තු වෙනව. සහෝදර සිංහල බෞද්ධ ජනතාවත් එක්ක මුස්ලිම් ප‍්‍රජාවට ඉතාමත් ශක්තිමත් බැඳීමක් තියෙනව. ඉතින් මේ ශක්තිමත් බැඳීමත් එක්ක මේ හඳුන්වා දීම කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙය නූතනයට ගැළපෙන විදියට ඇන්ඩ්‍රොයිඞ් සහ අයි  ඕ එස් තාක්ෂණය හරහා සමාජයට ගෙනයන වැඩපිළිවෙළකුත් සකස්කරල තියෙනව. ඒ වගේම ‘සත්හඬ’ පුවත්පතේ ජනමාධ්‍යවේදියෙකු වන ඔබගෙන් ලැබෙන සහයට ද මේ අවස්ථාවේ ස්තූති පූරක වෙනව කියල කියන්නත් කැමැතියි.

කුරානය සහ ෂරියා නීතිය සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක් වෙලා තියෙනව. වැරදි වැටහීමක් මේ සම්බන්ධව සමාජයේ ගොඩනැගිල  තියෙනව. මේ ගැන ඔබ මොකද කියන්නෙ.?

ඉස්ලාම් ධර්මයේ මූලාශ‍්‍ර දෙකක් තියෙනව. එකක් තමයි ‘වහී’. ඒ කියන්නෙ දේව හෙළිදරව්ව.  මෙයට අන්තර්ගත වෙන එක තමයි අල්කුරානය සහ සුන්නා. දෙවෙනි කාරණය තමයි අල්කුරාන් සහ සුන්නා හරහා යොදාගත්තු ‘ඉදිතිහාත්’ (මිනිස් පර්යේෂණ)

විශේෂයෙන් සමහරු හිතනව ශතවර්ශ කිහිපයකට පෙර පහළ වුණු අල්කුරානයේ කරුණු කාරණා අදත් ඒ විදියටම පිළිගත යුතුයි කියල. නමුත් එය අද කාලයට ගැළපෙන අයුරින් අවබෝධ කරගත යුතු වෙනව. එය අපේ ජීවිතවලට ඔබින අයුරින් සකස් කරගන්න අපි දැනගතයුතු වෙනව.  ඊට උදාහරණයක් ගත්තොත් මෑත කාලයේ කතිකාවට බඳුන් වුණු දෙයක් තමයි විවාහ වෙන වයස් සීමාව සම්බන්ධව. එක්දහස් නවසිය පනස් ගණන්වල නීතියක් ගෙනාව මුස්ලිම් විවාහය අවුරුදු 12 දි සිදු විය යුතු බව. නමුත් අල්කුරානයේ නිශ්චිතවම සඳහන් වෙලා නැහැ ගැහැනු දරුවෙක් අවුරුදු 12 දි විවාහයට පත්විය යුතුයි කියල. ඒ වගේම නබිතුමන්ගෙ හදීස් එකට ගියත් ඒ වගේ තත්ත්වයක් නැහැ. හැබැයි එදා තිබුණු පරිසරය මත මොනවහරි හේතුවක් නිසා ඒ වයස් සීමාව තීරණය කළා. නමුත් අද වෙනකොට ඒ තත්ත්වය සමාජ රටාව, සමාජ පසුබිම හැමදෙයක්ම වෙනස් වෙලා තියෙනව. විශේෂයෙන් අධ්‍යාපනය ලබා ගන්නා වයස් සීමාව ඉහළ ගිහින් තියෙනව.

සමහරු හිතනව එදා තිබුණු වයස් සීමාව තුළම අදත් විවාහ විය යුතුයි කියල. එදා තිබුණු පසුබිම මත ලියැවුණු දේවල් හරහා කටයුතු කිරීම ඇත්ත වශයෙන්ම අනුචිත කි‍්‍රයාවක්. අල්කුරාන් සහ හදීස් හරහා අදට ගැළපෙන, ඔබින ආකාරයට තීරණ ගත යුතු වෙනවා. එදා තිබුණු දේ අදත් තියෙන්න  ඕනි කියල කෙනෙක් තර්ක කරනව නම් ඇත්තටම ඒක අනවබෝධය නිසා සිදුවන දෙයක්. ෂරියා සම්බන්ධ ප‍්‍රධාන ගැටලූවට මූලික හේතුව තමයි මේ අනවබෝධය.

අද අපි මේ කුරාන් සහ හදීස් හරහා අදට ඔබින වයස් සීමාව මොකක්ද කියන එක තීරණය කරන්න  ඕනි. හැබැයි සමහරු කියනව එදා දාපු වයස් සීමාව තමයි අදත් තියෙන්න  ඕනි කියලා. ඔබතුමා අහන ෂරියා සම්බන්ධ ගැටලූවටත් ප‍්‍රධාන හේතුව තමයි අර එදා අල්කුරානය අවබෝධ කර නොගැනීම. අවුරුදු දාහකට කලින් විද්වතෙක් වුණත් ජගතෙක් වුණත් එයා ලියන්නේ එයාගෙ පසුබිම. අද ඔහු ජීවත් වුණා නම් ඒක කණපිට තියෙන සමාජ රටාවක් දැන් තියෙන්නෙ. එදා තිබ්බ දේ අදත් තියෙන්න  ඕනි කියල කවුරු හරි තර්ක කරනවා නම් ඒක මෝඩකමක්. ෂරියා කියන එක හරි පැහැදිලි එකක්.  ඒක වහී කියන මූලාශ‍්‍රය හරහා එන දේ. අනිත් එක  ඉජිතිහාට් අපි කියන්නෙ. ඒ කියන්නෙ මිනිස් පර්යේෂණ. ෂරියා දෙකක් තියෙනව. එකක් කුරානය හදීස් හරහා එන එක මූලික දේ. එතන ඉඳන් මිනිස්සු හදාගත්තු නීති පද්ධති තවත් ෂරියා එකක්. ඒවා කලින් කලට වෙනස් වෙනවා. අනාගතයෙ දි තවත් වෙනස්වෙන්න ඉඩ තියෙනවා. සරල උදාහරණයක් නබිතුමා කිව්වා කෙනෙක් ආව ඔටුවෙක් අරගෙන පල්ලියට. ඒ ඔටුවා බඳින්නෙ නැතිව පල්ලිය ඇතුළට ආවා. නබිතුමා කිව්වා ඉස්සෙල්ල ඔටුව බැඳල දාන්න ඊට පස්සෙ දෙවියන්ට බාර කරන්න කියලා. ඔටුව ලිහල දෙවියන්ට බාර කරන්න එපා කියලා. අද නබිතුමා හිටිය නම් ඔටුවෙක් ගැන කියන්නෙ නැහැ. අද කියයි  කාර් එක ලොක් කරලා එන්න කියලා.

තේරුම් ගැනීමේ තියෙන අඩුපාඩුවක් ද මේ හැම අවුලකම තියෙන්නෙ.?

වැදගත්ම දේ තමයි නබිතුමාට නබිත‍්‍රය ලැබුණට පස්සෙ ඒ කියන්නෙ කි‍්‍ර.පූ 1000 - 900 අතර වගේ. මේකෙන් හිද්රි වෙනකම්ම ඒ කාලෙ හිටපු විද්වතුන් කුරාන් හා හදිස් හරහා මිනිස් පර්යේෂණවලින් ඒගොල්ලො ඒක ගොඩනඟාගත්ත. ඊට පස්සෙ කිව්වා ආයි එහෙම කරන්න බැහැ කියල. තියෙන දේ තමයි පිළිපදින්න  ඕනෙ කියල. ඒකාලෙ තිබුණා සංකල්ප හතරක්. මදහබ් කියල අපි ඒකට කියන්නෙ. ලංකාවෙ තියෙන්නෙ ශාෆි කියන සංකල්පය. ශතවර්ෂ 12කට 13කට කලින් තිබුණු චින්තන රටාවේ සමාජ පසුබිම, වාතාවරණය අද තියෙන්නෙ සම්පූර්ණයෙන් කණපිට. අදත් කවුරුහරි  ඒ හරහා තමයි මේ හැමදෙයක්ම බලන්නෙ කිව්ව නම් තමයි පසුගාමී ආකල්ප හා ෂරියා පිළිබඳ තියෙන වැරදි අවබෝධයක් සමාජගත වෙන්නෙ. මුස්ලිම් අය අතරත් ඒ පිළිබඳ වැරදි අවබෝධය නැති වීමට මේ කෘතිය ඉවහල් වෙනව.

කුරානය කියන්නෙ නීති පොතක් කියලයි ශ‍්‍රී ලාංකිකයන් විශ්වාස කරන්නෙ. මේ නිසා සමහරු ඉස්ලාම් ආගම වැලඳගැනීමට පවා භීතියක් දක්වනව. මෙහි ඇති සත්‍ය අසත්‍යතාව සඳහන් කළොත්?

අල්කුරානයේ වාක්‍ය හයදහස් හයසිය ගණනක් තියෙනව. ඒකෙ නීති රීති ගැන සාකච්ඡුා කරල තියෙන්නෙ වාක්‍ය පන්සියයක් පමණයි. අල්කුරානය වැඩි නැඹුරුතාවක් දක්වල තියෙන්නෙ විශ්වාසය කියන කාරණාවට.  දෙවෙනි එක තමයි ‘ඉබාදත්’ නැමැදුම සම්බන්ධව.  තුන්වෙනි එක තමයි සදාචාරසම්පන්න ජීවිතය ගැන. මේ දේවල්වලට තමයි අල්කුරානය වැඩි ප‍්‍රමුඛස්ථානයක් ලබා දීල තියෙන්නෙ. ඉස්ලාම් ධර්මය අදහන මුස්ලිම්වරු මෙම කාරණාවලින් මුල්තැන ලබා දුන්නෙ නීතිරීතිවලට.  නීතියට ලබා දුන්නු වැදගත්කම අනෙකුත් කොටස්වලට ලබා දුන්නෙ නැහැ. මේ හේතුව නිසා තමයි මේ ආගම ගැන මෙවැනි බියක් සමාජගතවෙලා තියෙන්නෙ. ඒ වගේම අල්කුරානය තුළ සඳහන් වෙලා තියෙන්නෙ මානව සමාජය තුළ   මුස්ලිම්වරයෙක්ගෙ දයාව කරුණාව මෛත‍්‍රිය වැනි කාරණා මත හැසිරිය යුත්තෙ කොහොමද කියන ආකාරය සඳහන් වෙලා තියෙනව.

නබිතුමාට නබිත්වය ලැබුණට පස්සෙ අවුරුදු 13ක් වැනි කාලයක් මක්කාලෙ ජීවත් වුණා. අවුරුදු 10ක් මදීනාවෙ ජීවත් වුණා. මේ ජීවත් වුණු කාලය තුළ අල්කුරානෙ තියෙනව පරිච්ඡේද 114ක්. එයින් අසූ ගණනක් පහළ වුණේ මක්කාවෙ. එහි දී නීතිය ගැන කතා වුණේ නැහැ. නීතිය ගැන කතා වුණේ සලාතය හා ලකාතය කියන කරුණු හරහා. 

මේ පොත ලියන්න කොච්චර කාලයක් ගියාද?

අල්කුරානෙ සියලූ පරිච්ඡේද මෙහි සඳහන් වෙලා නැහැ. ආරම්භක පරිච්ඡේද දෙක තමයි මෙම පොතේ අඩංගුවෙලා තියෙන්නෙ. මේක පොතක් වශයෙන් එළියට එන්න අවුරුදු 4ක් යනවා. ඒත් අවුරුදු දෙකහමාරක පමණ කාලයක් මේ පොත ලියන්න ගත වුණා.

මේ කෘතිය ලිවීමේ දි ලැබුණු අත්දැකීම් මොනවද?

මුළු කුරානයම කියවීම හරහා තමයි මේ පොත ලියවෙන්නෙ. අල්කුරානයට ලියවුණු වැදගත් අටුවාවන් සියල්ල  බොහෝ දුරට කියවල තියෙනව. ඒවායින් අදට ගැළපෙන දේවල් තෝරාගෙන මෙහි සඳහන් කරල තියෙනව.  වර්තමානයේ අවට රට රටවල්වල ලියවුණු තක්සේරු කියවල ඒවායිනුත් අදට ගැළපෙන ආකාරයට මෙහි කරුණු අඩංගු වෙලා තියෙනව. ඒ වගේම මේක ලියවෙන්නෙ ලංකාවෙ සමාජ පරිසරය තුළ.  නමුත් මේ අල්කුරාන අටුවාව සියයට සියයක් නිවැරදියි කියල කියන්න බැහැ. යම් යම් අඩුපාඩු තියෙන්නත් පුළුවන්.

දයා නෙත්තසිංහ

ඡායාරූප -අජිත් සෙනවිරත්න 

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01