සමාජ මාධ්‍ය භාවිතා කරන අය රනිල්ට එරෙහි විශ්වාශභංගයට කරන්න යනදේ නීතිය හා සාමය පිළිබද ඇමති රංජිත් මද්දුමබණ්ඩාර කථාකරයි

කතාබහ
Typography

ඔබතුමාට මේ මේ ඇමතිධුරය ලැබුනේ මහනුවර සිද්ධියත් එක්ක.මේ වන විට මහනුවර තත්වය කොහොමද ඇමතිතුමා.

වර්තමාන තත්වය යහපත්.දැන් අර්බුධ සියයට 99 කම සමථයකට පත් කරලා තියෙන්නේ.විශේෂ සිදුවීම් මුකුත් වාර්තා නොවුනට අපි පරීක්ෂණ කරනවා.පරීක්ෂණ වාර්තා අපිට තවම ලැබිලා නැහැ.

ඒ වාර්තා ලැබුනාම අපි ප‍්‍රකාශය පත් කරනවා මේක කාගේ වැඩක්ද කියලා.අද ලොකු ප‍්‍රශ්නයක් සමාජ මාධ්‍ය තාවකාලිකව තහනම් කිරීම.සමාජ මාධ්‍ය සීයයට 99 පාවිච්චි කරන්නේ ව්‍යාපාරවලට , අධ්‍යාපන කටයුතුව වලට.ඒ වගේම තරුණ තරුණියන් මේක පාවිච්චි කරනවා.සීයයට 1 කට වඩා අඩු ප‍්‍රමාණයක් ජාතිවාදය වපුරන්න කටයුතු කරන්නේ.ඒ සීයයට 1 නිසා සියල්ලටම සමාජ මාධ්‍ය ජාලයේ කටයුතු කරන්න බැරි උනා.අපි කනගාටු වෙනවා.ආණ්ඩුවට මේක දාන්න උනේ පසුගිය කාලේ වෙච්ච දේවල් නිසා .ඒ ප‍්‍රශ්න නිසා ජ්‍යාත්‍යන්තර තුලත් අපි වැරදි අවබෝධයකට ලක් උනා.රටක් විදිහට රටේ ගරුත්වය , ප‍්‍රජාත‍්‍රන්තවාදය , ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ඒ වගේම හැම ජාතියකට එක ලෙස සලකන්න ඕන නිසා අපිට යම් යම් ක‍්‍රියාමාර්ග ගන්න උනා

 

සමාජ මාධ්‍ය අවහිරතා අවසන් කලට හදිසි නීතිය තවමත් පවත්වාගෙන යනවා.ඒ අයි?

අපිට ඇඳිරි පනවන්න සිද්ධ උනා.හදිසි නීතිය පනවන්න සිද්ධ උනා.අපි වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය අයින් කළා.මේ රට හදිසි නීතිය යටතේ පවත්වාගෙන යන්නත් අපි බලාපොරොත්තු වෙන් නැහැ.ආරක්ෂක අංශ නිර්දේශ අනුව ජනාධිපතිතුමා හා අගමැතිතුමා හා එක්ව මේ ගැන තීරණයක් ගන්නවා.

 

මහනුවර තත්වය සාමකාමී නම් ඇයි තවදුරටත් හදිසි නීතිය පවත්වාගෙන යන්නේ ඇමතිතුමා.කවදද හදිසි නීතිය අවසන් කරන්නේ.

තාම නැහැ.පරීක්ෂණ කටයුතු සඳහා හදිසි නීතිය අවශ්‍යද කියලා ආරක්ෂක අංශ වලින් අපි තොරතුරු විමසලා තියෙනවා.ඒ අනුව සමහර විට තව දවස් කීපයකට හදිසි නීතිය දීර්ඝ කරන්න වෙයි.දැනට අපි සැකකරුවෝ 220 පමණ අත්අඩංගුවට අරන් තියෙනවා.පරීක්ෂණ තාම කරනවා.මේකේ විශේෂත්වය සියයට 25 විතර පිට පළාත් වල අය.

 

මහනුවර සිද්ධියේදී විපක්ෂය ආණ්ඩුවට චෝදනා කරනවා.ආණ්ඩුව විපක්ෂය චෝදනා කරනවා.කවුද මේ පිටිපස්සේ ඇත්තටම ඉන්නේ කියලා ජනතාවට දැනගන්න පුලූවන්ද?

පරීක්ෂණ කටයුතු සියල්ල සම්පුර්ණ වෙනකන් අපිට මුකුත් කියන්න බෑ.සියල්ල සම්පුර්ණ උනාට පස්සේ අවශ්‍ය සත්‍ය අපි හෙලිදරව් කරනවා.

 

මේකෙදි එල්ල වෙන බරපතල චෝදනාව තමයි පොලිසිය බලන් ඉද්දි මේ පහරදීම් සිදු වුනා කියන එක.

මුස්ලිම් ඇමතිවරුන්ටත් යම් හිත වේදනාවක් තියෙනවා.ඒ සම්බන්ධව අපි පරීක්ෂණයක් කරනවා.අපේම කැබිනට් ඇමති කෙනෙක් එහෙම කියන්නේ.බොහොම බරපතල චෝදනාවක්.ඒ සම්බන්දව අපිට බලන්න වෙනවා.ඒ අය ඒ අය වෙනුවෙන් කතාකරනවා.ඒක කිසිම ප‍්‍රශ්නයක් නැහැ.අපිත් ඒ අය වෙනුවෙන් කතාකරනවා.ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමාත් ඒ අය ගැන කතා කළා.කොහොම වුනත් නුවර සිද්ධියේදී අපි හානිය අවම කරගත්තා.මරණ 2යි සිද්ධ වුනේ.වඩා බලයක් යෙදෙව්වා නම් තත්වය මීට වඩා බරපතල වෙන්න තිබුනා.පොලිසිය සුදුසු ආකාරයට කටයුතු කරන්නේ.පොලිසිය කෙරෙහි අපි විශ්වාසය තහවුරු කරන්නත් ඕන.හරි දේ කරන පොලිස් නිලධාරියා ආරක්ෂා කරගන්නත් අපි කටයුතු කරන්න ඕන.

 

අමිත් වීරසිංහ ගේ බිරිඳ කියන්නේ පොලිසිය ඔහුව ගෙන්නලා මේ සඳහා පැටලූවා කියලා.

ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්.ඒකට නිදහස තියෙනවනේ පරීක්ෂණ කටයුතු කරගෙන යනවා.පරීක්ෂණ වලින් පස්සේ කියන්නම්.

 

මහනුවර සිද්ධියට කලින් කරළියේ තිබුනේ විශ්වාසභංගය. මොකක්ද විශ්වාසභංගය ගැන ඔබේ අදහස.

අපි විශ්වාසභංග ඉදිරිපත් කරලා නැහැ.යම් යම් අය කතාකළා.බලමු.අපි පක්ෂයක් විදිහට ශක්තිමත්ව එකට ඉන්න ඕන.පක්ෂයේ ප‍්‍රශ්න පිට කතාකරන්න ඕන නැහැ.පක්ෂයේ ඇතුලේ ඒවා කතාකරලා විසදගමු.ඒ සම්බන්ධව අපි වෙනම කතාකරමු.

 

කොහොම උනත් මේ සිද්ධිය නිසා යට ගියේ විශ්වාසභංගය නේ ඇමතිතුමා.

එක එක අයට එක එක අර්ථකථන දෙන්න පුළුවන්.විශ්වාසභංගයයි මහනුවර සිද්ධියයි කියන්නේ කාරනා දෙකක්.පක්ෂයේ වැඩ වෙනයි.ආණ්ඩුවේ වැඩ වෙනයි.

 

මේ ඇමති ධුරය ලැබෙනවා කියලා කතාබහක් තිබ්බේ ඔබට නෙමෙයි සරත් ෆොන්සේකා මැතිතුමාට.

ඒක ගැන මම දන්නේ නැහැ.අපි හොද මිත‍්‍රයෝ.එක පාසලක ඉගෙනගත්තේ.අපේ යාළුකම ඒ වගේම තියෙනවා.මම දෙන වගකීමක් අරන් කටයුතු කරනවා.

 

රටේ ප‍්‍රශ්නයක් ඇතිවෙන්නම ඕන නේද ඇමතිතුමා ඔබතුමන්ලාට තනතුරු ලැබෙන්න

ඒක මම නෙමෙයි හිතන්න ඕන.එක ගැන කල්පනා කලේ ජනාධිපතිතුමාද අගමැතිතුමාද මම දන්නේ නැහැ.දෙන වගකීමක් අරන් මම කටයුතු කරනවා.

Latest Posts

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...