දිගන ගිනි තියන්න පෙට්ට‍්‍රල් දුන්න අය ගැන සමාජ ජාලාවලට වඩා ජාතිවාදය වපුරන මාධ්‍ය ආයතන ගැන මහසෝනට කළ හැකි දේ ගැන ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රි බිමල් රත්නායක කථා කරයි

කතාබහ
Typography

මහනුවර සිද්ධියේදී රජය ගත් ක්රිෙයාමාර්ග සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අදහස කුමක්ද?

පළමු කාරණය තමයි පසුගිය අවුරුදු පහක කාලයක් තුළ රට තුළ රාජපක්ෂ කණ්ඩායමත්,ඊට පසුවත් රට තුළ දැනුවත්ව අති විශාල ජාතිවාදයක් පතුරවලා තිබෙනවා.

 

විශාල වශයෙන් බොරු කරුණු මත පදනම් කරගෙන ජාතිවාදි ප්ර්ශ්නයක් ජනතාවට ඇතිකළේ සමහර වෙලාවට බොරු සිද්ධි මත පදනම්වෙලා.සමහරවෙලාවට ඉතා කුඩා සිදුවීම් විශාල කොට දැක්වීම වගේ කරුණු හරහා. ඒවගේම රට බෙදනවා, සිංහල ජාතිය වද වෙනවා , කොටි නැගිටිනවා ඔය වගේ අවුරුදු පහක් තිස්සේ දිගටම ජනතාව අතර හිස්ටීරියාවක්  රාජපක්ෂවාදීන් හා ඔවුනට අනුබද්ධ අන්ත ජාතීවාදීන් සිදුකළා.මේ ආණ්ඩුව කරපු පළවෙනි වැරැද්ද තමයි ඒ ජාතිවාදී මතය ජනතාව තුළ හොදින් තහවුරු වෙන්න ඒවායේ තිබෙන සත්යැ අසත්යාතතාවය රටේ ජනතාවට පැහැදිලි කිරීම සම්පූර්ණයෙන්ම අතහැරියා.එහෙම ඉදලා තමයි අම්පාරේ සිංහල තරුණයෙක් ගිහිල්ලා කොත්තුවක් කනකොට කොත්තුව යට වද පෙති බෙහෙත්.නැත්නම් මිනිහට වර්ණ අන්ධතාවය නෑනේ.ඉතින් ආණ්ඩුව ජාතිවාදය ව්යා ප්තවීම වැළැක්වීමට කටයුතු නොකිරීම තමයි ආණ්ඩුවේ පළවැනි වැරැද්ද.ජාතිවාදි තත්වය ඇතිවුණාට පස්සේ ජනාධිපතිවරයා අඩුගාණේ රටේ ජනතාව, ජාතිය අමතලා කිව්වේ නෑ මේවා නතර කරන්න,නීතිය ක්රිායාත්මක කරන නිළධාරීන්ට නීතිය හරියට ක්රිවයාත්මක කරන්න කියලා කිව්වේ නෑ.අගමැතිවරයා මඟ හැරියා ඊට පස්සේ පොලිසිය හෝ හමුදාව හරියාකාරව යොදාගත්තේ නෑ අලුතෙන් ඇතිවෙන සිද්ධි පාලනය කරන්න.ආණ්ඩුව පළාත් පාලන ජන්දයේ ජන්දය අඩුවුණා.ඉතින් ආණ්ඩුවේ නායකයෝ දෙන්නම හිතුවා ජාතිවාදය නතර කරන්න කියලා තිබෙන ජන්ද ටිකත් කඩාගන්න ඕනේ නෑ කියලා අපි හිතනවා පොලිසියේ නායකයන්ට නිසි මඟ පෙන්වීමක් කරේ නෑ කියලා.

 

ඔබතුමා කියන්නේ මේක රාජපක්ෂවාදීන් ගෙනගිය වැඩපිළිවෙලේ ඉදිරි පියවරක් කියලාද?

මෙහෙමයි රාජපක්ෂවාදීන් තමයි 2010 පස්සේ ඉතා පැහැදිලිව රාජපක්ෂවාදීන් සමඟ දේශපාලන කරපු ආරක්ෂක අංශ වල කට්ටිට සම්බන්ධ කරගෙන ඔබ බොදුබල සේනා සංවිධානය වැනි අන්තවාදී සංවිධාන  හැදුවේ.හදලා ඒවාට විශාල මුදල් දේශපාලන වරප්රාසාද, දේශපාලන ආරක්ෂාව දීලා 2009 කලින් ඔය මහා විශාල හලාල් ප්රරශ්නයක් හරි වද පෙති ප්රනශ්නයක් හරි තිබුණේ නෑනේ.එතකොට ඔය ඔක්කෝම මුස්ලිම් ජාතිවාදි ප්රසශ්න පටන්ගත්තේ අපි හොදටම දන්නවා මුස්ලිම් ජාතිවාදයකුත් තිබෙනවා. හැබැයි ඒකට විරුද්ධව සිංහල බෞද්ධ අන්තවාදී ලෙස පහරදීම පටන් ගත්තේ 2010 පස්සේ.ඒක රාජපක්ෂලා හදලා, නඩත්තු කරලා ආරක්ෂා කරපු දෙයක්.බොදුබල සේනා සංවිධානයේ කාර්යාලය විවෘත කරන්න ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන්නේ ඒ නිසා. රාජපක්ෂවාදීන් හදපු මතවාදයේ ගැම්ම තමයි තවත් මේ තිබෙන්නේ.හැබැයි ඒකට පසුගිය ජනාධිපතිවරණයේදී යම්කිසි පරාජයක් අත්වුණා.නමුත් ජනතාවගේ ඔළුවේ මේ ජාතිවාදය තිබෙනවා.ඒක රාජපක්ෂ මහත්තයලා දැනුත් නඩත්තු කරනවා. දැන් මම කියන්නේ අම්පාර සිද්ධිය  ඇති කළේ රාජපක්ෂ මහත්තයා කියලාවත්, දිගන ගිනි තිව්‍ වේ රාජපක්ෂ මහත්තයා කියලාවත් නොවෙයි.ඒ ගිනි තියන්න අවශ්යර පෙට්රෝදල කෑන් එක ගන්න ඕන කියන මානසිකත්වය වැඩිපුරම මේ රටේ හැදුවේ රාජපක්ෂ මහත්තයා හා රාජපක්ෂ මහත්තයා වටේ සිටින ජාතිවාදී කණ්ඩායම් කියලා වගකීමෙන් මම කියනවා.

 

මේ තත්වය තුළ ආණ්ඩුවේ ප්රදශ්න යටගොස් තිබෙනවා.ඔබතුමාලා මතු කරපු බැදුම්කර වංචාව පිළිබඳ සිද්ධිය.අද අර්ජුන මහේන්ද්රබ පිළිබඳ කථා බහක් නෑ.එත් එක්කම විශ්වාස භංගයක් කරලියේ ඇවිල්ලා තිබ්බා.මේ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?

මම හිතන්නේ දූෂණ වංචා පිළිබඳ සංවාදය රටේ  ජනතාවගෙන් අති බහුතර ජනතාවට අවශ්යත නෑ කියලා රටේ ජනතාව පහුගිය ජන්දයේදී පේනනලාදීලා තිබෙනවා.ඒක බැදුම්කරයේ පමණක් නොවෙයිනේ.දැන් බැදුම්කර‍යේ හොරකම් කරලා අහුවෙලා තියෙද්දි ඉන්න එක්සත් ජාතික පක්ෂයට ලක්ෂ 36 ක් ජනතාව ජන්දය දීලා තිබෙනවා.ඔක්කෝමලා මෝඩ අය නොවෙයිනේ.ඒවාගේම රාජපක්ෂලා භාණ්ඩාගාරය ඉහගෙන කෑවා බීවා කියලා දැනෙග තියෙද්දිත් ලක්ෂ 49 ක් ජන්දය දීලා තිබෙනවා.ඒ නිසා දූෂණ වංචාවලට විරුද්ධව සටන් කිරීම, හොරු ඇල්ලීම කියන එක අවශ්යද නෑ කියලා රටේ ජනතාවගෙන් සියයට 80 ක් විතර කියලා තිබෙනවා.සියයට 20 ක් විතර පිරිසක් තමයි හොරකමට විරුද්ධව ජන්දය දීලා තිබෙන්නේ.ඒක නිසා ඇත්තටම දූෂණ වංචා යටකරලා තිබෙන්නේ ජාතීවාදී ප්රරශ්න නොවෙයි.ඒක ජනතාව ජන්දයේදී කියලා දීලා තිබෙනවා ඒක ප්රේශ්නයක් නොවෙයි ඒ‍ගොල්ලන්ට හොරකම් කරන්න දෙන්න.එ්ිගොල්ලන්ට හම්බ කරගන්න දෙන්න අපි ඔය මොනවාහරි දෙයකින් අහුලලා කනවා කියලා.නමුත් ජාතිවාදි ප්ර ශ්න නිසා වෙන ප්රනශ්න යටගිහිල්ලා තිබෙනවා කියලා කියන එක ඇත්ත.නමුත් මෙන්න මෙහෙම වුණා නම් අපි හිතනවානම් ක්රිෙකට් තරඟාවලියක් නිසා රටේ ප්ර ශ්න යටගිහිල්ලා කියලා අපිට එතන විවේචනයක් තිබෙනවා.නමුත් මෙතන ගිහිල්ලා තිබෙන්නේ මොකක්ද?මෙ‍තන යට ගිහිල්ලා තිබෙන්නේ තිබිච්චාට වඩා අන්තිම දරුණු අලුත් ප්රොශ්නයක්.ලංකාව අපි සරළව හිතන්න හොද නෑ.මුස්ලිම් මිනිස්සුන්ට අසාධාරණ ලෙස ගහන හැම ගලකින්ම, අසාධාරණ ලෙස කරන හැම හිංසනයකින්ම මුස්ලිම් සමාජය අන්තගාමීත්වයට යනවා.දෙමළ සමාජයට 1977 න් පස්සේ ගහපු ගැහිල්ල තමයි මරාගෙන මැරෙන බෝම්බය කියන ප්රළතිඵලය වශයෙන් ආවේ.අන්තිම අසාධාරණ ලෙස අයුක්ති සහගත ලෙස දෙමළ ජනතාවගේ ජාතිවාදි කොටස්වලට පමණක් නොවෙයි.දෙමළ ජනතාවගේ ජාතිවාදයක් තිබුණා 77 ට කලිනුත්.හැබැයි ගැහුවේ ඒකට නොවෙයි.ගැහුවේ අහිංසක දෙමළ ජනතාවට.සාධාරණ දෙමළ මිනිස්සුන්ට.ඒක හමුවුණා මරාගෙන මැරෙන බෝම්බ විදියට.

අද දැන් මේ උඩ පැන පැන සාධාරණ සාමාන්යණ මුස්ලිම් මිනිස්සුන්ට තලන පොඩිකරන මේ අන්තවාදයට අනිවාර්යෙන්ම ලංකාව වන්දි ගෙවනවා.ඒ ගැන කිසිම සැකයක් අපිට නෑ.මම ඒකයි කිව්වේ ක්රි්කට් තරඟයක් නිසා බඩුමිල යට ගහගන්න යන ඒක හරි, නැත්නම් වෙන ප්රිශ්නයක් නිසා රටේ තිබිච්ච විශ්වාසභංගය යටගහන්න එක නොවෙයි.‍මේ ප්රතශ්නය මුළු රටකටම වන්දි ගෙවනවා.මතක තියාගන්න ඕනේ දේ තමයි අපි කවුරුත් 30 අවුරුදු යුද්ධයේදී ඔය යුද්ධය අවුලපු සිංහල,දෙමළ හරි මුස්ලිම් හරි කිසිම එකම එක මන්ත්රීදවරයෙකුගේ එකම එක දරුවෙක්වත් මේ 30 අවුරුදු යුද්ධයෙන් මැරිලා නෑ.මම ඒක හොදට හොයලා කියන්නේ.අවුරුදු 30 යුද්ධයෙන් කිසිම පාර්ලිමේන්තු මන්ත්රී වරයෙකුගේ කිසිම දරුවෙක් නැතිවුණේ නෑ.දරුවෝ නැතිවුණේ සාමාන්යද සිංහල හා දෙමළ මිනිස්සුන්ගේ. දැන්‍ මේ ජාතිවාදී ගැටුමෙන් කවුරුද නැතිවුණේ.සිංහ හා මුස්ලිම් දේශපාලන නායකයින්ගේද නෑ.සාමාන්යර සිංහල හා මුස්ලිම් ජනතාවගේ.ඒ නිසා අපි පිළිගන්න ඕනේ මේ රටේ සිංහල, දෙමළ හා මුස්ලිම් අපි සියළුදෙනාට සමාන අයිතියක් තිබෙනවා කියලා මේ රටේ ජිවත්වෙන්න.ඒක ඉක්මවලා කවුරුහරි කටයුතු කරනවා නම් ඒක නතර කරන්න ඕනේ.නැත්නම් අපිට විශාල වන්දියක් ගෙවන්න වෙනවා.

 

සමාජ මාධ්යත තහනම් කිරීම සම්බන්ධයෙන් පක්ෂගයේ ස්ථාවරයා මොකක්ද?

සමාජ මාධ්‍ත්වලින් ජාතිවාදය වපුරවන්න විශාල වැඩ කොටසක් කරා.සමාජ මාධ්ය යට වඩා කරන්නේ රටේ ප්රතධාන මාධ්යජය.ජාතික පුවත්පත්, ජාතික චැනල් බරපතල ආකාරයෙන් ජාතිවාදය පතුරවනවා.එහෙමනම් සමාජමාධ්යායට වඩා ජාතිවාදය පැතිරීමට මූලිකවෙලා තිබෙන්නේ ඔවුන්.නමුත් ඇත්තටම සමාජ මාධ්ය් තහනම් කිරීම මේකට උත්තරයක් නොවෙයි.අනෙක් එක තමයි සමාජ මාධ්යජවල ජාතිවාදය වපුරන්නේ සුළු පිරිසක්.අති විශාල පිරිසක් ඉන්නවා ජාතිවාදය වපුරන්නේ නැති සමාජ මාධ්ය  භාවිතා කරන.ඒ නිසා අපි කියන්නේ ඕනම දෙයක් අව භාවිතා කරනවා නම් දැන් පිහියෙන් එළවළු කපන්නත් පුළුවන් තුවාල කරන්නත් පුළුවන්නේ.පිහිය තහනම් කරලා හරියන්නේ නෑනේ. පිහිය පාවිච්චි කරන මිනිහා තමයි ශික්ෂණය කරන්න ඕනේ.එක්කෝ නීති මගින් ශික්ෂණය කරන්න ඕනේ.නැත්නම් අවබෝධය දීලා ශික්ෂණය කරන්න ඕනේ.ඒ නිසා දැන් කරන් තිබෙන්නේ සමාජ මාධ්ය් අවභාවිතා කරන කට්ටියට විරුද්ධව නීත්යිනුකූලව කටයුතු කරන්න පුළුවන් නීති හදලා සමාජ මාධ්යව සම්පූර්ණයෙන් නිදහස් කරලා තියන්න ඕනේ.ආණ්ඩුව අපිට පේනවා තමන්ව පැතිරෙන්න හදපු මාධ්යි තුළින් දැන් තමන්ට විවේචන එල්ලවෙනකොට දැන් මේ ජාතිවාදි සිද්ධියට මුවා වෙලා කරන්න හදන්නේ.

 

‍ෆේස්බුක් තහනම තුළින් රජයේ අදායම වැඩිවෙලා කියලා රජය කියනවා.එතකොට මේ යන්නේ දීර්ඝ කාලීන සමාජමාධ්යය තහනමකටද?

මම දන්නේ මෛත්රීීපාල සිරිසේන මහත්තයා මොන දත්තයක් පදනම් කරගෙන එහෙම කිව්වාද කියලා.අද ලෝකය ගත්තාහම ආදායම වැඩි කර ගන්න තීරණයේ ගෝඩාක් දේවල් පදනම් වෙලා තිබෙනවා.අපි ‍දකින දේ තමයි පැහැදිලිව සමාජ මාධ්යේ තහනම් කරන්න බෑ.තහනම් කිරීමෙන් රටට වෙන ආර්ථික වාසියකුත් නෑ.දැනටත් බලවත් ධනවත් උදවිය මහා පරිමාණ ජනමාධ්යට භාවිතා කරනවා.ජනාධිපතිවරයා, අගමැතිවරයා රජයේ නාලිකාත්, පුද්ගලික නාලිකාත් දෙකම පාවිච්චි කරනවා. මෙකෙන් පැහැදිලිව සිද්ධවෙන්නේ ධනවත් බලවත් අයට අදහස් ප්රෙකාශ කිරීමට සීමාවෙන එක විතරයි.අපි දකින්නේ සමාජ මාධ්යම තහනම් කරන්නේ නැතිව ඒකේ නීතී කඩන අයට විරුද්ධව නීති මගින් කටයුතු කරන්න ඒක තමයි අද ලෝකයේ ප්රාේයෝගික වෙලා තිබෙන දේ.ලොකේ ප්රසධාන රටවල් කරන්නෙත් ඒක.

 

මොකක්ද මේ මහ‍සෝන බලකාය. මේ මහසෝන බලකාය පිටදාලා සිද්ධවෙන්නේ මොකක්ද?

ඇත්තටම ගත්තොත් පහුගිය කාලයේ බොදුබල සේනා සංවිධානය රාජපක්ෂ කාලයේ ගොඩනගලා ඒක යම්කිසි බලපෑමක් සහිත විශාල ව්යානපාරිකයින් කඩා දමලා විශාල බලපෑම් සහිත තැනක් බවට පත්වුණාට පස්සේ ඊට සමාන්තරව ඒක දේශපාලන හා ආර්ථික ව්යා පාරයක්.ඒ ව්යාඊපාරයේ විවිධ වාසි ගන්න තව තව සංවිධාන හැදුණා.ඕවා විශාල මහජන සම්බන්ධතා සහිත එකතුවක් නොවෙයි.ඔය කියන මහසෝන් හරි පොඩිසෝන හරි ඕවා ඉතා පොඩි පිරිසක් ඉන්න ඒවාට සල්ලිදෙන පිරිස් පැත්තට හැරෙනවා.දැන් අපිට පේනවා සමහර ජන්ද කාලවලදි රඟපාපු පුද්ගලයෝ දැන් සම්පූර්ණයෙන්ම අනෙක් පැත්තට වැඩ කරනවා.අන්ත ජාතිවාදය හදන්න කටයුතු කරපු පුද්ගලයෝ දැන් මේ දවස්වල කථා කරනවා වෙනදේවල්. දැන් සල්ලි දෙන අන්තිමටම සල්ලිදෙන පැත්තට තමයි ඔය කොයි බලකායත් යන්නේ.

ජාතිවාදය පැතිරීම මේ රටේ නීතිමය වශයෙන් වැරදියි.නමුත් අපිනම් දකින පළවෙනි දේ තමයි ජාතිවාදය පතුරවන පුද්ගලයින්ට නීති මගින් කටයුතු කරන් අවශ්ය යයි.නමුත් මේක ඊට වඩා බරපතල ප්රුශ්නයක්.ඒ කියන්නේ මොකක්ද සොහොන් එක්කෙනාට පුළුවන් වුණේ ඇයි දිගන ගිනි තියන්න සිංහල තරුණ තරුණියන් එකතු කර ගන්න පුළුවන් වුණේ ඇයි.ඒක ගම්මාන සිය ගාණකට ව්යාතප්ත වුණේ ඇයි.ඒක ඔය ‍සොහොන් එක්කෙනාගේ හැකියාව නොවෙයිනේ.ඒ කියන්නේ මේකේ තියෙන්නේ ජාතිවාදය අවුරුදු පහක් හයක් ති‍ස්සේ එක දිගට වපුරලා වපුරලා සිංහල ජනතාව තුළ හිස්ටිරීයාවක් හදලා තිබෙන්නේ.ඔවුන් බයෙන් ඉන්නේ.සිංහල බෞද්ධ ජනතාව බයෙන් ඉන්නේ.රට බෙදෙන්න යන්නේ.සිංහල ජාතිය වද වෙන්න යන්නේ කියලා සිංහල මිනිස්සු පුදුමාකාර බයක ඉන්නේ.ඒ බය නිසා.ඒ බය දෙමළ ජනතාවට විරුද්ධව, මුස්ලිම් ජනතාවට විරුද්ධව අවුළුවන්න ඇත්තටම මොන සොහොනෙක්වත් ඕනේ නෑ.මොන මෝඩයෙක්ට වුණත් පුළුවන් බොරුවක් කියලා ගිනි තියන්න.නැත්නම් උදාහරණයක් බලන්න අම්පාරේ කොත්තුවක පිටි ගුලියක වද පෙති තියෙන්නේ කොහොමද?ඒකට ෆේස් බුක් සම්බන්ධයකුත් නෑ, ඔය සොහොන් සම්බන්ධයකුත් නෑනේ.එතකොට මේ සාමාන්යත ඇවිදින මිනිස්සුන්ගේ ඔළුව ගිනි අරන් තියෙන්නේ.ඒ ගින්නේ තිබෙනවා සිංහල ජාතිය වද වෙනවා කියන බය.

එතකොට ආණ්ඩුවේ, දේශපාල පක්ෂවල, උගතුන්ගේ හා කලාකරුවන්ගේ, ජනමාධ්යේවල වගකීමක් තමයි මොකක්ද මේ වේලාවේ ඇතිවෙලා තිබෙන සෑබැ තත්වය මොකක්ද සිංහල ජනගහණය අඩුවෙලාද? මුස්ලිම් ජනගහණය වැඩි වෙලාද? උතුර නැගෙනහිර බෙදිලාද? මට කිව්වා එක රැස්වීමකදී එක්කෙනෙක් යාපනය යන බස්වලට ගල් ගහනවා කියලා.මට ගාල්ලේ රැස්වීමකදී කිව්වා එක්කෙනෙක් එංගලන්තයේදී ලංකාවේ බ්රිලගේඩියර් කෙනෙක්ගේ බෙල්ල කපලා ඩයස්පෝරාවෙන් කියලා. ඔන්න ඔහොම තමයි මිනිස්සු ඉන්නේ.ඉතින් එතකොට ඒවායේ තිබෙන සත්යඑ අසත්යනතාවය සමහර සත්යන සිදුවීම් තිබෙන්න පුළුවන්. මොකද අපි දන්නවානේ අපේ රටේ සිංහල ජාතිවාදය පමණක් නෙ‍වෙයිනේ, දෙමළ ජාතිවාදයකුත්, මුස්ලිම් ජාතිවාදයකුත් තිබෙනවා.ඉතින් එවායේ සත්යා අසත්ය්තාවය අපි කියන්න ඕනේ.ඒවායේ අවබෝධයක් අපි කියන්න ඕනේ.

 

අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආවොත් ජනතා විමුක්ති පෙරමුණේ මතය මොකක්ද?

අපි  කියලා තිබෙනවා.වර්තමාන ආණ්ඩුවට විශ්වාසභංග ‍යෝජනාවක් ගෙන ආවොත් ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය ලබාදෙනවා කියලා.අපි දකින්නේ අගමැතිවරයාට විතරක් නොවෙයි ජනාධිපතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන්න ඕනේ.මොකද මේ රටේ ජනවාරි අට තමයි මේ රටේ හොරකම නතර කරන්න ,රටේ යහපාලනය හදන්න ඒ ජනවරම ලැබුණේ මෛත්රීමපාල සි‍රිසේන මහත්තයාට.එයාගේ පිටිපස්සෙන් එල්ලිලා ගිහිල්ලා තමයි රනිල් වික්රීමසිංහ මහත්තයා අගමැතිකම ගත්තේ.එතකොට ජනවරම උල්ලංඝනය කරලා තිබෙන්නේ මේ දෙන්නම.ඒ නිසා අපි කියනවා මේ දෙන්නටම විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න ඒ දෙක වෙන වෙනම ගෙනාවත් එකට ගෙනාවත් ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය ලබාදෙනවා.

 ‍

Latest Posts

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...