රනිල්ට එරෙහි විශ්වාශභංගයට මහින්ද අත්සන් නොකළ හේතුව විශ්වාශභංගය ගේන එකට විරුද්ධ විම ගැන විශ්වාශභංගයේදී ජවිපෙ කරන්න යන දේ ගැන ප‍්‍රසන්න රණතුංග කථා කරයි

කතාබහ
Typography

අය වැය ඡන්ද විමසීමක් තිබ්බත්, විශ්වාසභංග ගෙනාවත් මහින්ද මහත්තයා ඒවත් එක්ක නැහැ නේ. මේ විශ්වාසභංගයට ඇයි එතුමා අත්සන් නොකළේ?

විශ්වාසභංගයක් භාරදෙනකොට අත්සන් 50 ක් 60ක්  ඕන නැහැ.

 

අත්සන් 15ක් තිබුන නම් ඇති. මුලින්ම මේ විශ්වාසභංගය ගෙන්න යෝජනා කලේ අපි නෙමෙයි එක්සත් ජාතික පක්ෂය. රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක වගේ අය තමයි විශ්වාසභංග ගෙන්න යෝජනා කලේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් කිව්වා රනිල් එක්ක අපහු කැබිනට් එකේ වාඩි වෙන්නේ නැහැ කියලා. ඒ හැමෝම එකතුකරගෙන තමයි මේ විශ්වාසභංගය ගෙනාවේ. අපි යෝජනා කලේ එක්සත් ජාතික පක්ෂයට ඒගොල්ලන්ගේ කණ්ඩායම එකතු කරගන්න. ශ‍්‍රී.ල.නි.ප අය ඒගොල්ලන් එකතු කරගන්න. අපේ කණ්ඩායම අපි අත්සන් කරන්නම් කියලා අපි හැමෝම මේකට අත්සන් කළා. අපි තමයි ඉල්ලීමක් කලේ මහින්ද මහත්තයාගෙන් මේකට අත්සන් කරන්න එපා කියලා. මේ කොල කැල්ලක් අත්සන් කරලා කතානායකට දෙන ලියුමකට එතුමාගේ අත්සන  ඕන නැහැ.එතුමා විශ්වාසභංගය භාරදෙන්න ආවා. අපි තමයි කිව්වේ අත්සන් කරන්න එපා කියලා

 

ඔය කතාවමනේ ඔබතුමන්ලා පහුගිය කාලෙත් කිව්වේ ?

හැම එකේම අපි කියනවා. අපිට ඊට වඩා ලොකු අරමුණක් තියෙනවා. මේ යෝජනාව විවාදයට අරන් ශ‍්‍රී.ල.නි.ප. වගේම එ.ජා.ප බහුතරය අපිට ජයග‍්‍රහණය කරන්න පුළුවන් නම් මහින්ද මහත්තයා අනිවාර්යෙන් ඡුන්දේ දෙනවා. මේක පරදිනවා නම් මහින්ද මහත්තයව අපි ගාව ගන්නේ නැහැ. එතුමා යන්නේ ජයග‍්‍රහණය වැඩපිළිවෙලක මිසක් පරාජය වෙන දෙයකදී එතුමාව අපි පාවිච්චි කරන්නේ නැහැ.

 

ඇත්තම කියනවනම් ඔබ විශ්වාසභංගය ගෙනාවට කැමති නැහැ නේද ?

නැහැ, මට ගෙන්න  ඕන උනේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක්. විශ්වාසභංගය ගෙන්න  ඕන රනිල් වික‍්‍රමසිංහට විතරක් නෙමෙයි ආණ්ඩුවට එරෙහිව. රනිල් එලවලා එක්සත් ජාතික පක්ෂයේම කෙනෙක් අගමැති කරන්න අපිට ඕන නැහැ. අපිට  ඕන මහින්ද මහත්තයා අගමැති කරන්න. විශ්වාසභංගය දින්නොත් එක්කෝ එජාප කෙනෙක් අගමැති කරයි. නැත්නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් අගමැති කරයි. බෝතලේ වෙනස් කරනවා පරණ වයින්මයි.

 

ඒ කියන්නේ විශ්වාසභංගය දිනයි කියලා විශ්වාසයක් දැනටමත් නැහැ නේද ?

අපේ කණ්ඩායමේ කිහිප දෙනෙක් මේ සම්බන්ධව කටයුතු කරගෙන යනවා. ඒ අය අනික් පක්ෂ එක්ක සාකච්චා කරනවා. එජාප කණ්ඩායම කිව්වේ අත්සන් කරන්න  ඕන නැහැ ඡුන්ද විමසීමේදී ඡුන්දෙ දෙන්නම් කියලා. ඒ ගොල්ලන්ට ගණන් හිලව් ගැන ප‍්‍රශ්නයක් තියෙනවා. කරගන්න බැරි වුනොත් පක්ෂයෙන් කැපෙන නිසා ඔවුන් මේ වෙලාව නිහඩව ඉන්නවා. ඡුන්ද විමසීමේදී ඡුන්දය දෙයි. ජවිපෙ කොන්දේසි සහිතව සහය දෙනවා කියලා කියනවා. දෙමළ සන්ධානය තීරණයක් අරගෙන නැහැඔවුන් තීරණාත්මක සාධකයක් වෙනවා. ජවිපෙ මේකට සහය නොදුන්නොත් ඔය තියෙන ඡුන්ද ටිකත් ඒ ගොල්ලන්ට නැති වෙයි.අකමැත්තෙන් වුනත් ජවිපෙට ඡුන්දේ දෙන්න වෙනවා රනිල් එලවන්න.

 

හිටපු හොරු අල්ලපු නැති එකත් විශ්වාසභංගයට ඇතුලත් වෙන්න ඕන කියලා ජවිපෙ කියනවා.

ඒක අපිට අදාල නැහැ.නිදහසට කරුණු හොයනවා. ඒ ගොල්ලෝ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ කොන්ත‍්‍රාත් එකක් කරන්නේ. අපි ඒක පාර්ලිමේන්තුවේ පහුගිය කාලේ දැක්කා.මේකට ඡුන්දේ දුන්නොත් ගමේ ඉන්න ජවිපෙ පාක්ෂිකය අපිට එකතු වෙනවා. මම නම් හිතන්නේ තීරණාත්මක අවස්තාවක් අවොත් ජවිපෙ රනිල් වික‍්‍රමසිංහ මහත්තයව රැුකගන්න ඡුන්දය දෙයි. පරදිනවා වගේ නම් ඔන්න ඡුන්දය දෙයි.

 

ගාමිණි ලොකුගේ මන්ත‍්‍රීතුමා කියනවා දින්නත් ආණ්ඩු හදන්න  ඕන නැහැ කියලා. එතකොට මොකටද මේ විශ්වාසභංගය

ආණ්ඩුව දැනටමත් ප‍්‍රතික්ෂේප වෙලා ඉවරයි. ආණ්ඩුවේ දෙදරීමක් වෙලා ඉවරයි. මහින්ද මහත්තයා පැහැදිලිව කියනවා මේ හදන කොට ආණ්ඩු වල එතුමා තනතුරු භාරගන්නේ නැහැ කියලා. අපි කියලා තියෙනවා ඇමතිකම් ගන්නේ නැහැ කියලා.

 

ඇත්තම කතාව ඔබතුමන්ලාට සැකයි. විශ්වාසභංගය දිනයිද නැද්ද කියලා.

මිනිස්සු ඡුන්දෙදි ඔප්පු කළා ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ කියලා. මගේ පෞද්ගලික මතය ජනතාව එක්ක දේශපාලනය කරන්න පුළුවන්. මිනිස්සු ඡුන්දේ දෙන්නේ රට ගැන හිතලා. එත් විශ්වාසභංගයයකදී අපිට කටයුතු කරන්න වෙන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225ක් එක්ක. මේ අය සල්ලි වලට තනතුරු වලට වරප‍්‍රසාද වලට යට වෙනවා. පහුගිය කාලේ විශ්වාසභංගයක් ගේනවා, නායකත්වය වෙනස් කරනවා කියපු අය අද නිහඩයි.ඒ අය බොර දියේ මාළු බාගත්තා. වරදාන වරප‍්‍රසාද ලැබෙනකොට ඒ අය නිහඩ වෙනවා. රටේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන එක ලෙසයි.පාර්ලිමේන්තු 225ට වඩා.

 

ඒ කියන්නේ නායකත්වය වෙනස් කරන්න කියපු එජාප මැති ඇමතිවරු වත් විශ්වාසභංගයට ඡන්දේ දෙන එකක් නැද්ද?

මේකට විරුද්ධව ඡුන්දය දෙන අය ගැන ජනතාව බලාගනියි. ශ‍්‍රී ලංකා එකේ අය කොහොමද හැසිරෙන්නේ, කෑ ගහපු එජාපයේ අය කොහොමද හැසිරෙන්නේ, ජවිපෙ අය මොකද කරන්නේ කියලා ජනතාව බලාගෙන ඉන්නේ. ජනතාව බුද්ධිමත්. අවුරුදු එකහාමාරකින් ඡුන්ද පෝලිමක් එනවනේ.

 

ඔබතුමන්ලාගේ ඇත්තම අරමුණ ඒ අවුරුදු එකහාමාර තුල රට ඇතුලේ ප‍්‍රශ්න ඇති කරලා. රට අස්ථාවර කිරීම නේද?

අපිට රට අස්ථාවර කරන්න  ඕන නැහැ. 2015 ඉඳන් රට අස්ථාවරයි. මන්ත‍්‍රීවරුන්ට විශ්වාසභංගයට සහය නොදෙන්න කවුද සල්ලි වියදම් කරන්නේ? කැබිනට් ඇමතිවරුන්ට, ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන්ට විශ්වාසභංගයයේදී සහය දෙන්න එපා කියලා ජනාධිපතිතුමා කියලා. අපි මේ කරන්නේ ජනාධිපතිතුමා කරන්න  ඕන දෙයක්. එතුමා තමයි අගමැතිවරයාව ඉවත්කරන්න  ඕන හරිනම්. තවත් ඇයි අගමැතිතුමාව ආරක්ෂා කරන්නේ. අපි රට අස්ථාවර කරන්නේ නැහැ. ජාතික ආණ්ඩු ගැට ගැහුවට රටට සෙතක් උනේ නැහැ. ඩොලර් එක වැඩි වෙලා. ආයෝජන එන්නේ නැහැ. බදු වැඩි වෙලා. ඇස්බැස්ටෝර්ස් තහනම් කළා. දැන් අපහු පටන් අරන්.වකුගඩු රෝග හැදෙනවා කියපු පොහොර අද කොහොමද හොඳ වෙන්නේ.

 

ග්ලයිෆොසේට් ප‍්‍රශ්නයත් එක්ක රතන හාමුදුරුවෝ ඒකාබද්ධ විපක්ෂයට ආවොත් සම්බන්ධ කරගන්නවද?

ආණ්ඩු විරෝධී සියලූ කොටස් අපි ගන්නවා. එහෙමනම් උන්වහන්සේ තීරණයක් ගන්න  ඕන. මේ ආණ්ඩුව කරන ඒවා දිහා බලන් උන්වහන්සේ කොහොමද ආණ්ඩුවේ ඉන්නේ

Latest Posts

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...