යු ඇන් පි ය මාකට් කරන්න අමාරුයි විම ගැන නායකත්ව මණ්ඩලයක් ගොඩනැගීම ගැන පක්ෂ නායකත්වය අලූතින් පත්විය යුතු ආකාරය ගැන තිස්ස අත්තනායක කථාකරයි

කතාබහ
Typography

ඔබ හැමදාමත් ඔබව හදුන්වාගන්නෙ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෙනෙක් විදිහට 2015 දී මොනදේ වුනත් ඔබ කිවුවේ මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් කියලා එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් ඔබ දැන් එක්සත් ජාතික පක්සය තියෙන තැන ගැන ඔබ තුමාට සතුටුද?

එක්සත් ජාතික පක්ෂයට අදපත්වෙලා තියෙන තත්වය ගැන නම් හරිම කණගාටුයි.

 

කවුරුහරි මගෙන් මේ ප‍්‍රශ්ණය ඇහුවොත් මම නැවත නැවත කියන්නේ මේ පත්වෙලා තියෙන ඉරණම එක්සත් ජාතික පක්ෂයට අත් වෙලා තියෙන අභාග්‍ය සම්පන්නම තත්වය කියලා. දැන් බලන්න ආණ්ඩුවක් තියාගෙන පලාත් පාලන මැතිවරණ වලින් ලබා ගත්ත පරාජය සහ පසු බෑම නැවත වතාවක් පක්ෂය ගොඩ ගන්න නොහැකි අන්දමට ඇද වැටීමක් හැටියට මම දකිනවා.

ඉතිං ඒකට ලොකු වෙනස් කමක් කරන්නට වෙයි ඒ නිසා ඇත්තටම පක්ෂය අවුරුදු 70 ක ඉතිහාසය තුල වැටිච්ච පහලම මට්ටම හැටියට තමයි මම මේක දකින්නේ.

 

නමුත් ඔබතුමත් එක්සත් ජාතික පක්සය නියෝජනය කරන කාලයේ පක්ෂය දිගින් දිගටම පරාජයට පත්වුණා ඔබතුමා දැන් කියන්නේ ආණ්ඩු බලය තියෙන නිසා පරාජයට පත්වුණ නිසා එක්සත් ජාතික පක්ෂය අභාග්‍සම්පන්න තැනක ඉන්නවා කියලාද?

මම කිව්වේ එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ අපි 94 න් පස්සෙ ගත්තොත් කිසි අවස්ථාවක හරි බලයක් ලබා ගන්න නොහැකිවුනා. ඒ නිසා තමයි දිගින් දිගටම ජනාධිපතිවරයෙක් යටතේ මැතිවරණයකට මුහුණ දෙන්න ගිහිල්ලා අපි නොයෙක් අපහසුතාවයන්ට හා පසුබෑම් වලට ලක්වුණු බව ඇත්ත .හැබැයි පක්ෂය රැුකගෙන හිටියා මේ වගේ විශ්වාසය විශාල වශයෙන් ගම් මට්ටමින් කඩාගෙන වැටුනෙ නැහැ .මම පක්ෂයේ මහ ලේකම් වරයා හැටියට 2006 සිට ක‍්‍රියා කරලා තියෙනවා.

ඒ කාලය තුල මොනතරම් ගැටලූ ප‍්‍රශ්ණ ආවත් අපේ පාක්ෂිකයා ගමේ බොහොම ආඩම්බරයෙන්  අපි යු ඇන් පී කාරයෝ කියන කතාව කිව්වා.

හැබැයි අද ඒක එහෙම නැහැ ඒකට ප‍්‍රධානතම හේතුව මොකක්ද කියලා අහැවුවොත් ඒකට තියෙනවා උත්තර ගොඩක් නමුත් ප‍්‍රශ්ණෙ තියෙන්නේ මේ බිඳ වැටීම නම් ලෙහෙසි පහසු බිඳ වැටීමක් නොවෙයි. ඒකට මුලිකම කාරණය තමයි ආණ්ඩුවක් තියාගෙන තමන්ගේ බලය තහවුරු කරගන්න නොහැකිවුණ තත්වයක් තමයි අපිට පෙනෙන්නට දකින්ට තියෙන්නේ.

 

හිටපු මහ ලේකම්තුුමණි මේකට ඇගිල්ල දික්වෙනවා නායකතුමාටත් එදා පටන් අද දක්වාමත් නායකත්වයේ වෙනසක් පිළිබඳව විටින් විට කතා වුණා මේ අවස්ථාවේදී වත් නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු යැයි ඔබ විශ්වාස කරනවාද?

එක්සත් ජාතික පක්ෂයට පුර්ණ වෙනසක් ඇතිවිය යුතුයි. නැතිනම් ගමට ගෙනයන්න බැහැ. මම මේක දකිනවා අවුරුදු ගණනාවක් තුල මහජනයාගේ ඉල්ලීමක් තියෙනවා මේ වෙනස්කම ඇති කරන්න කියලා ඒ නිසා ඒ වෙනස ඇතිවිය යුතුමයි. නැතිනම් කොහොමද පක්ෂය ගමට ගෙනියන්නේ.

එක්සත් ජාතික පක්ෂය බොහෝ දෙනෙක්ගේ කතාවක් තමයි නැවත යු ඇන් පීය මාකට් කරන්න අමාරුයි කියලා ඒක හරියට ව්‍යාපාරයක් වගේනේ භාණ්ඩයක් විකුණනවා වගේ මුලින් පක්ෂයට විකුණන්න තියෙන්නේ නායකයාව ඒ නායකයා කෙරෙහි තියෙන විශ්වාසය ඒ වගේම බැදීම හැගීම මේ සියල්ල තියෙන්න එපාය වර්ථමානයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටිලා තියෙනවා මේ නිසා ඉතාමත් පැහැදිලි කාරණයක් තමයි අලූත් එක්සත් ජාතික පක්ෂයක් අලූත් වැඩ පිළිවෙලක් අලූත් පක්ෂයක් කියලා අලූත් නායකයෙක් කියලා යන්න ලැබෙන්නේ මේ වෙනස්කම ඇති කෙරුවොති විතරයි ඒ නිසා පැහැදිලි ලෙසම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් ඇති කරමින් රටට මුහුණ දුන්නොත් අඩු ගානේ ඉදිරි ජනාධිපතිවරණයට ශක්තිමත්ව මුහුණ දෙන්න හරි පුලූවන් එහෙම නැතිනම් ඒ ජනාධිපතිවරණයට මුහුණ දෙන එකත් මහ විශාල ගැටලූ සහගත තත්වයක් වෙයි

 

නායකත්වය සම්බන්ධයෙන් විවිධ අයගේ නම් යෝජනා වෙනවා එක් පැත්තකින් කරු ජයසුරිය මහත්මයාගේ නම කියවෙනවා සජිත් පේ‍්‍රමදාස මහත්තයාගේ නම කියැවෙනවා ඔබ තුමාට මේ ගැන මතයක් තියෙනවද?

නායකත්වය පිළිබදව මුලින්ම විය යුතු දේ තමයි වත්මන් නායකත්වය සම්බන්ධයෙන් පැන නැගිලා තියෙන මේ විරෝධතාවය නැතිනම් විශ්වාසභංගත්වය නිසා එය වෙනස් කිරිමට මුල් පියවර තැබීම දෙක තමයි පක්ෂෙට අලූත් නායකත්වයක් ගොඩ නැගීම මේකට සමහරු අදහස් කරණවා තනි නායකත්වයක් වෙනුවට නායකත්ව මණ්ඩලයක් ඇති කල යුතුයි කියලා සමහරු තව තව විවිධ යෝජනා අදහස් ඉදිරිපත් කරනවා නමුත් ප‍්‍රශ්ණේ තියෙන්නේ මෙතැන පක්ෂයේ ඉදිරි පෙල සාමාජිකයන්ගෙන් නායකත්වයක් ගොඩනැගෙන තුරු හෝ ඒ වගකීම භාර ගන්නා තුරු නායකත්ව මණ්ඩලයක් ගොඩනැගීම

වරදක් නොවෙයි නමුත් මේ යෝජනා කරන නායකත්ව මණ්ඩල වැඩපිලිවෙල නම් නියත උත්තරයක් නොවෙයි ඒ නිසා ඇත්තටම සජීත් පේ‍්‍රමදාස මැතිතුමා කරු ජයසුරිය මැතිතුමා මෙගොල්ලො පක්ෂයේ ජනතාව අතර පිළිගැනීමක්

තියෙන අය මම කියන්නේ ඒ. බී. සී, ඞී, කියලා නම් කරනවට වඩා පක්ෂයේ මේ පුර්ණ වෙනසක් සිතමින් විශ්වාසය දිනාගන්න යම්කිසි ආකාරයකට නැවත අවතීර්ණ වීමක් සිදුවුනොත් තමයි හොඳ

 

කාලයක් අපි දැක්කා නායකත්ව මණ්ඩලයක් පිහිටුවා තියෙනවා එයත් සාර්ථක වුණේ නැහැ මෙවර යලිත් කියැවෙන කතාවක් තමයි අගමැති කම රනිල් වික‍්‍රමසිංහ මහත්මයාම තියාගෙන පක්ෂයේ නායකත්වය වෙන කෙනෙකුට දීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමාගේ මතය එහෙම වුනොත් මේ ප‍්‍රශ්ණය විසදේවීද?

මගේ මතය නම් පක්ෂ නායකත්වය අලූතින් පත්විය යුතුයි කියන එක මොකද අවුරුදු 24 ක් 1994 ඉඳලා මේ දක්වාම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ කිසිදු වෙනසක් සිද්ධවුනේ නැහැ ඒ වගේම ජනාධිපතිවරණ පහක් අපෙන් ගිලිහිලා තියෙනවා ඒ වගේම පක්ෂයට ලබා ගත් ජයග‍්‍රහණ ඉතාමත් අල්ප වෙලා තියෙනවා ඒ නිසා තමයි මහ ජනතාව කියන්නේ ජයග‍්‍රහණයක් අතේ තිබියදි පාක්ෂිකයන් අමතක කිරිම පාක්ෂිකයන්ට නොසැලකීම ජාතික වැඩපිලිවෙලක් නොපැවතීම මේ වගේ කාරණා නිසා අපි පසුබෑමකට ලක්වෙලා තියෙනවා මේ නිසා ගමේ මේක නගාසිටුවන්න යලි වතාවක් මේ වෙනස් කම ඇති වෙන්න  ඕන කියන එක ඒකට යෝජනා අදහස් ගොඩක් තියෙන්න පුලූවන් වර්ථමාන නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ සිටිමින් පක්ෂ නායකත්වය පමණක් වෙනස් කිරිම ප‍්‍රමාණවත් කියන එක සමහර අයගේ තර්කයක් සමහර අය මේ දෙකම වෙනස් විය යුතු යැයි කියනවා කොහොමවුනත් මම කියන්නේ පක්ෂයට අයිති පක්ෂ නායක තනතුර නේ අගමැති තනතුර තියෙන්නේ ආණ්ඩුවේ ඒ නිසා ඒක සාකච්ඡුා කරලා විසඳගන්න පුලූවන් වෙයි ඒ තැනට අඩියක් පස්සට තියලා කල්පනා කරලා බලලා වැඩ කරන එක තමයි පාක්ෂිකයන්ට හා පක්ෂයට ආදරේ නම් කලයුතුව තියෙන්නේ ඒසේ නොකර මේ දෙකම එක තැන තියාගත්න උත්සහ කිරිම හරහා මේ ගැටුම නවතින්නේ නැහැ මම යෝජනා කරන්නේ මුල් පියවර හැටියට පක්ස නායකත්වයට නව නායකයෙකු පත් කර ගනිමින් මේ ප‍්‍රතිසංවිධානය ආරම්භ කලොත් යම් ආකාරයට ජයග‍්‍රහණයක් ලබා ගන්න පුලූවන්කම ලැබෙයි.

 

මහ ලේකම් පුටුවටත් යම් යම් නම් කියැවෙන්න පටන් අරන් තියෙනවා පක්ෂය තුල මේ වනවිට මහ ලේකම් තනතුරෙත් වෙනසක් අවශ්‍යද?

පක්ෂයේ පුර්ණ වෙනසක් ඇතිවිය යුතුයි කියලයි මම හිතන්නේ ඒකෙදි පක්ෂ නායකත්වයේ වෙනස්වීම හරහාම පක්ෂයේ මහ ලේකම් ධුරය පක්ෂයේ සෙසු තනතුරු වල වෙනස් කම් ඇති වීම අත්‍යවශ්‍යම කාරණයක් මෙතැනදී එක්සත් ජාතික පක්ෂයට තව චෝදනාවක් එල්ල වුණානේ් ඒ තමයි රාජකීය කල්ලියක් විසින් එක්සත් ජාතික පක්ෂය පාලනය කරනවයි කියන චෝදනාව ඒක ඉතාම නරකයි පක්ෂයේ පුර්ණ වෙනසක් ඇති කරනවා නම් පත්වන නව නායකයා තමන්ගේ පක්ෂය ගෙනියන්න පුලූවන් තමන්ගේ වැඩ පිලිවෙල ඉදිරියට ගෙනියන්න හැකි නිලධාරි මන්ඩලයක් කාර්්‍ය මණ්ඩලයක් පත් කර ගැනීම සුදුසුයි ඒ නිසා ඒ වෙනස් කම් සියල්ල ඇති වෙනවා නම් එක්සත් ජාතික පක්ෂයේ අලූත් බව නැතිනම් පක්ෂය නව එක්සත් ජාතික පක්ෂයක් කියලා රටට විකුණන්න තියෙන අවස්ථාව වැඩිවෙයි එහෙම නැතිව බාධා කරගෙන එල්ලිලා රැුදෙන්න ගියොත් අපිට තියෙන මාකට් කරන්න පුලූවන් අවස්ථාව අඩුවෙනවා

 

ඔබට යම් හෙයකින් ආරාධනාවක් ලැබුනොත් යලි මහ ලේකම් පුුටුවට හරි එක්සත් ජාතික පක්ෂයට හරි එන්න කියලා මොකක්ද ඔබේ තීරණය වෙලාවට ගන්න

මම එක්සත් ජාතික පක්ෂයේ මේ සිදුවන පරිවර්ථනයන් දිහා බලාගෙන ඉන්නේ මම කොහොමටවත් සතුටු නැහැ වර්ථමානයේ එක්සත් ජාතික පක්ෂයේ ක‍්‍රියාකාරිත්වය හා මේ වැඩපිලිවෙල ගැන ඒකට එක හේතුවක් තියෙනවා පක්ෂය මුලූන් ෂලකා බැලිය යුතු සොයා බැලිය යුතු කණ්ඩායම් ගැන අමතක කර වැඩ කිරිම තමයි පලාත් පාලන මැතිවරනයේදී කණ පැලෙන්නට උත්තරයක් ලැබුණේ මොකක්ද අපේ පක්ෂය 1994 ඉදලා දුක් විදින පිරිසක් ඉන්නවා ගමට නායකත්වය දෙන පිරිසක් ඉන්නවා මේ සියලූ දෙනා ආණ්ඩුවක් විදිහට පත්වුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂය මේ පිරිස අමතක කරලා දැම්මා ඔබට මතක ඇති පහුගිය අවුරුද්දේ ජනාධිපතිවරණයට අපි හදපු ජන්දපොල සංවිධායකවරුන් 12,000 ක් ඒ නිර්මාණය කල වැඩ පිලිවෙල නිසා තමයි ජනාධිපතිවරණය හිස එසැවුවේ ඒ ඡුන්ද පොල සංවිධායකවරු 12,000 අද කරපිංචා ගානට දාලා තියෙනවා ඒක හිරිම කණගාටුදායක තත්වයක් ඒ අය ගමේ වැඩ කරලා ඡුන්ද මධ්‍යස්ථානය දිනවලා ජනාධිපතිවරණයට මේ දැන් තියෙන තැනට ගෙනවට පස්සෙ ඔවුන්ට පයින් ගැසීම සාධාරණ නැහැනේ දෙවැනි කාරණය තමයි අපේ සංනිවේදන බලකාය කියලා කන්ඩායමක් වැඩ කලා ඔවුන් ප‍්‍රචාරක වැඩ තමයි කලේ ඔවුන් පහුගිය කාල සීමාව තුලම ඒ කියන්නේ ආණ්ඩුව එන්න ඉස්සර වෙලා රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව නැගෙන චෝදනාවන්ට උත්තර දෙමින් එවකට තිබුණු රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ප‍්‍රචාරක යාන්ත‍්‍රණයක් ක‍්‍රිියාත්මක කලා අද සංනිවේදන බලකාය එහෙම් පිටින්ම අමතක කරලා දාලා අපේ වෘත්තිය සමිති තරුණ සමිති ලක් වනිතා සමිති ගමේ ශාඛා සමිතිය පෝලින් බුත් එකේ හිටිය අපේ නියෝජිතයන් ඔවුන්ගේ දු දරුවන් මේ සියල්ලම අමතක කරලා දාලා අපිට බලන්න තිබුණා මේ කඩා වැටීම හරහා එක්සත් ජාතික පක්සයේ මේ පිරිහිම ආරම්භ වුනේ ඒ නිසා නැවත එක්සත් ජාතික පක්ෂය ගොඩ ගැනීමේ වගකීමක් නිසි ලෙස පැවැරෙනවා නම් පලමුවෙන්ම වෙන්න  ඕන අර පරණ ආකල්ප නැතිව ගොඩ නැගෙන්න පුලූවන් මේකේ ඉඩකඩ ප‍්‍රශ්තාව හැඩ වෙන එක එහෙම අවස්ථාවක් ඒවිද කියලා සැකයක් තියෙනවා ඒ නිසා ඇත්තටම ඉදිරි කාල සීමාව අපිට තීරණය කරන්න තියෙන්නේ ප‍්‍රතිසංවිධානය වැඩ පිළිවෙල සිදුවන ආකාරය සෑහීමකට පත්වෙන්න පුලූවන් නම් පමණක් මේවාට එකතුවෙලා වැඩ කිිරිම මට ප‍්‍රශ්ණයක් නැහැ හැබැයි මට තියෙන එකම ගැටලූව තාමත් එතෙන්ට යන්න ඉඩක් කඩක් සහ මාර්ගයක් විවෘත වෙලා නැති බවයි මට පේන්නේ

 

ඔබතුමා මතු කරන කාරණය තමයි පලාත් පාලන ඡුන්ද විමසීම පලාත් පාලන ඡුන්ද විමසීමේදී මේ වැඩි බලයක් ලබා ගන්න පොහොට්ටුවට හැකියාවක් ලැබුණා නැද්ද ඔබේ අදහසක් ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වෙලා වැඩ කරන්න

මම ඇත්තටම දේශපාලන වශයෙන් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මගේ සහයෝගය පල කලේ කාරණා දෙක තුනක් නිසා එකක් තමයි එක්සත් ජාතික පක්සයේ අභ්‍යන්තරව ඇතිවෙච්ච ගැටුම්කාරි තත්වය හරහා ඇතිවෙච්ච පීඩනකාරි තත්වය ඒක පක්ෂ අභ්‍යන්තරයේ හොදින් දන්නා අය දන්නවා මොකද එදා ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් සජිත් එකතු කිරිමේ ක‍්‍රියාමාර්ගය හරහා එයට එරෙහිවු පිරිසක් මට පක්සය ඇතුලේ අරන් ගිය ප‍්‍රහාරාත්මක හා ගැටුම්කාරි තත්වය නිසා මට පක්ෂයේ කටයුතු එපා වෙන තැනට වැටුණා දෙවැනි කාරණය තමයි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා පිළිබදව ඇතිවුණ මත ගැටුම මගේ අදහස යෝජනාව තිබුණේ රනිල් වික‍්‍රමසිංහ මහතා හෝ ඔහු නොමැති නම් එක්සත් ජාතික පක්සය නම් කරන අපේක්ෂකයකු ආ යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකුව පොදු අපේක්ෂකයා ලෙස ගෙන ආ යුතුයි කියන අදහස මගේ තිබුණා ඒ කාලේ කරු ජයසුරිය මහතාගේ නමත් ඉහලින් යෝජනා වුණා සජිත් පේ‍්‍රමදාස මහතා හිටියා මේ වගේ කන්ඩායම් හිටියා නමුත් මේකට අවස්ථාවක් නොලැබීම නිසා තමයි මේ සියල්ල උඩු යටි මාරුවෙන්න පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන මගේ තිබෙන අදහස් ප‍්‍රකාශ කරන්න පුලූවන් මගේ තිබෙන අදහස නම් ඔහුගේ හොද පැත්තකුත් තිබෙනවා ඔහු සමග මම ඉතාමත් කෙටි කාලයක් වැඩ කරලා තියෙනවා ඒ වගේම ඔහු රටට යමක් කරලා තියෙනවා ඒ වගේම යුද්ධය අවසන් කිරිම සදහා යම්කිසි තීරණාත්මක මෙහෙයුමකට නායකත්වය දුන්නා එය අගය කරන්න  ඕන ඒ කොහොම වුනත් ඒකාබද්ධ විපක්සය සමග ක‍්‍රියාකරනවාද නැතිද කියලා මට තීරණය කරන්න වෙලාව එයි මොකද මම පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ ක‍්‍රියාකාරි දේශපාලනයෙන් ඈත් වුණා එක පැත්තකින් අධිකරණමය ක‍්‍රියාමාර්ගයකට මම සම්බන්ධ වෙලා ඉන්නවා දෙවනුව රටේ යන ත්වය ගැන ටිකක් ෂලාකා බලමින් මගේ තීරණයට එන්න  ඕන කොහොම වුනත් මම අවසාන වශයෙන් කියන්න  ඕන ඔබ අහපු ප‍්‍රශ්ණයේදී ඉදිරි ජනාධිපතිවරණයේදී රට ගැන හිතන ඒ වගේම රටට ආදරය කරන පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙෂ ආවොත් යම් ආකාරයක දේශපාලන භේදයකින් තොරව ඔහු වෙනුවෙන් හිට ගන්න වෙනවා මොකද මේ අර්බුධ මැද අසාර්ථක ක‍්‍රියා මාර්ග මැද තවදුරටත් හැල හැප්පිලි වලට යටවෙන්න මම කැමති නැහැ ඒක අපි ඉදිරියේදී බලමු මම කියන්නේ එක්සත් ජාතික පක්ෂය සුදානම් වෙනවානම් පලමු වාරය එක්සත් ජාතික පක්ෂය ගැන හිතන්න පුලූවන් ඒකට එක්සත් ජාතික පක්සය සුදානම් වෙනවාද කියන ගැටලූ කාරි තත්වය මත තමයි මමත් ඉන්නේ

 

ඔබතුමාගේ ස්වයං චරිතාපදානය තුල රාජ යෝගයක් ගැන කියවෙනවා නමුත් ඔබ ක‍්‍රියාකාරි දේශපාලනය තුලත් නැහැ කවද්ද ඔබ ක‍්‍රියාකාරි දේශපාලනයට එන්නේ කොතනින්ද නැවත පටන් ගන්නේ

ඉතාමත් ඉක්මනින් මම බලන් ඉන්නවා ඒ තීරණය ගන්න මට එන සුදුසුම අවස්ථාව දිහා ඉතිං මම පහුගිය ජනාධිපතිවරණය සහ ඒ ආසන්න කාල සීමාවේදී දේශපාලන ක්ෂේත‍්‍රයේ ඇතිවුණ සමහර කතා බහ සාකච්ඡුා සහ තීරණ ගැන පැහැදිලි කරණයක් හා ඒ සම්බන්ධයෙන් කරුණු ඇතුලත් පොතක් ලියලා තියෙනවා මම ඒක ලියුවේ වැලිකඩ බන්ධනාගාරය ඇතුලේ මා රදවලා තිබුණ දවස්  පහක හයක කාලය ඇතුලත මම බන්ධනාගාරය ඇතුලේ ඉදන් පොතක් හැටියට ලියුවා ඒක එලි දක්වන්න වෙලාවක් බල බලා ඉන්නේ කොහොම වුනත් ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කලහම මම ජනාධිපතිවරණයේ තීන්දු තීරණත් එක්කම එලියට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ එක්කම මේ පොත එලි දක්වන්න බලාපොරොත්තු වෙනවා මේ පොතේ සමහර කාරණා මහ ජනතාව මොනවත්ම දන්නෙ නැහැ මේක එලියට යන එක හොදයි මොකද යතාර්ථය කුමක්ද කියලා මහ ජනතාවට අවබෝධ කරගන්න පුලූවන් ඉතිං ඒකට වෙලාව තියෙනවා අපි බලමු

Latest Posts

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...