විශ්වාශභංගයට ජනපති ගන්නා තින්දුව ජාතික ආණ්ඩුවට වෙන දේ ජවිපේ හා ටී එන් ඒ කරන්න යන දේ ගැන ටී.බී ඒකනායක කථා කරයි

කතාබහ
Typography

විස්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස තිරණයක් ගන්න උවමනා වේලාවක ඇයි ඔබ තුමා තනි තිරණයක් ගත්තේ?

විශ්වාසභංග යොජනාව කථානායකවරයාට භාරදීමේ දි ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පිරිකුත් මේ අත්සන් ලේඛණයේ තිබිය යුතය කියු නිසා අපි හතර දෙනෙක් මෙයට අත්සක් කළා රාජ්ය්‍ය ඇමතිවරු දෙදෙනෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රියවරයෙක් ද මෙයට අත්සන් කළා.

 

ඒ අත්සන් කලේ එක එක කලාපයන් නියොජනය වන ආකාරයට හා සුළු ජනතාවද නියෝජනය වන පරිදියි. නැගෙනහිර කාලාපය, දකුණු, මාධ්‍යම පළාත වෙනුවෙන් ද ආදි වශයෙන් තමයි අපි අත්සන් කළේ. මෙය කථානායකට භාර දිමේ දි ලොකු වටිනාකමක් තියනවා. ඒක පාර්ශවයක් නොවෙයි විවිධ පාර්ශවයන් මෙහි අත්සන් කර තිබිමයි අප අදහස් කළේ. මට මේ සඳහා ආරාධනයක්ද තිබුනා අත්සන් කරන්න කියලා මම තිරණය කර තිබුනේ ද අත්සන් කරන්න තමයි.

 

එජාප කියනවා මේ සම්බන්දයෙන් ජන්දය දෙන්න සිටින අයට අමාත්‍යංශ මැති ඇමති කම් තනතුර දරන්න අයිතියක් නෑ කියලා කතාවක් කියනවා.?

ඒක සිදුවන්නේ හතර වෙනිදාගෙන් පස්සේනේ. මේ අනුව බලමු මොකද් ද වෙන්නේ කියලා.

 

ශ‍්‍රිලංකා නිදහස් පක්ෂය මෙයට සහාය බල කරන්නේ නැ කියලා තිරණයෙ කළ හොත් ඔබ තුමාට සිදුවන්නේ කුමක්ද?

නෑ එහෙම වෙන්නේ නෑ.ජනාධිපතිමත් සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් කතා කරලා තියනවා. මේ අනුව ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනිමේ දි පක්ෂය වශයෙන් සහයෝගය දිය යුතයි. එයයි මුලික අරමුණ වෙන්න උවමනා.ජනතාව අද බලාගෙන ඉන්නේ එකනේ. ඒ නිසා  ඒ තින්දුව මත තමයි පක්ෂය ඉන්නේ වෙන තින්දුවක් නෑ.

 

මේ සම්බන්ධයෙන් යම් ආකාරයට විනය ක‍්‍රියාවක් ගතහොත් මොකන්ද වෙන්මනේ.එවිට ඔබ තුමා ඒකාබද්ධ විපක්ෂය සමග එක්වෙනවා ද?

නෑ අපි යමක් කරන්නේ හිතලා බල ඒ අනුවයි. වෙන වෙන පක්ෂවලට යන්නේ නෑ ස්තිර ලෙසම මේ සම්බන්ධයෙන් අපි පෙනි සිටිනවා. මෙය සිදුකරන්නේ 04 වෙනිදා දක්වාම අපි අපේ සම්මතයේ සිටිනවා. ක‍්‍රියා කරනවා.

 

දැන් විස්වාසභංගය ජයගත හොත් ඇමතිතුමනි, ඊලගට අගමැතිවරයා වශයෙන් පත්වෙන්නේ කවුරුන්ද?

නෑ තවම එය තින්දු කර නෑ පළමුවෙන්ම විස්වාස භංගය දිනලා සිටින්නට උවමනායි පසුවනේ එය තිරණය කරන්නේ.කලින් තිරනය  කළාම ඒකත් ප‍්‍රශ්නයක් බවට පත්වෙනවා.

 

එහෙම පත්කළ හොත් පත්කරන අගමැතිවරයා ශ‍්‍රි  ලංකා නිදහස් පක්ෂයේද අයෙක්ද නැතිනම් එජාප අයෙක්ද?

 නෑ අපි කොහොමත්ම එජාප අයෙක් පත් කරන්නේ නෑ.මෙය සිදුකරන්නේ නව වෙනසක් ඇතිකරන්නයි මෙහි මුලික අරමුණ වෙන්නේ. ජන්දයට තියෙන්නේ තව මාස 18යි. මේ නිසා මේ රටේ ජනතාව අපේක්ෂා කරන ක‍්‍රමවේද ගැන අප සිතිය යුතුයි. ඒ අනුව ඊලගට සුදුසු අනුප‍්‍රප්තිකයා තොරාගනු ලබනවා.

 

සමහරු කියනවා මේම සිද්දිය නිසා පහර වදන්නේ එජාපට නොව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයටම කියලා

නෑ ජනතා දේපල විකිණිම, බැදුම්කර වංචාව,රටට අහිතකර යෝජනා ගෙන ඒම ආදි සිදුකර තියනවා අපේ ශ‍්‍රිලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති දර්ශනවලට පටහැනි දේවල් මේ අනුව විශාල ප‍්‍රමාණයක් සිදුව තියනවා.අපි අදහස්කරන්නේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩ සටහනකට රට කේන්ද්ර ගත කරනයි අපේ වැඩ පිළිවල වන්නේ.අපේ දේශාපන කණ්ඩායම් ද සියලූම දෙනාම මේ මතයේ සිටිනවා. ඒ නිසා ඔබතුමා කියන කාරනාව ප්රනශ්ණයක් වෙන්නේ නෑ.

 

මේ ආකාරයට විශ්වාස භංගයකින් අගමැතිනවරයා ඉවත් කලාම ජාතික ආණ්ඩුවට සිදුවන්නේ කුමක්ද?

ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ ඒක තියෙන්නම උවමනා කියලා නෑනේ.ජාතික ආණ්ඩුව හැමදාමත් තියන කාරණාවක් නොවෙයිනේ.මෙය එක්කෝ අවෝසි කරන්න  ඕන. නැති නම් මෙය දීර්ඝ කන්න  ඕන. මේ ජයගැනිමම ඊලග ප‍්‍රශ්නය සදහා යහපත්වු තෝතැන්ක් කියලා අපට තිරණය කළ හැකියි.

 

මේ දීගය මේවිදියට ගෙනිච්චොච් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලලා ජයගත හැකි වන්නේ නැති නිසා තමයි පොහොට්ටුවක් එක්ක එකතුවන්නේ කියලා කෙනෙකුට තර්ක කරන්න හැකියි නේද?

නෑ එහෙම තමයි පසුගිය කාලයේ සිදුවු දේවල් දෙස බැලූවාම එජාප හා එජාප මැති ඇමතිවරුන්ගේ තින්දු තරණ දෙස බැලූවාම පෙනෙනවානේ මේක දිර්ඝ කරලා යන එක සමබන්ධව කතා කරද්ධි මෙහෙම ගියොත් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් නෑ කියලා. එහි හොදම උදාහරනය තමයි පසුගිය පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිපලය.ජනතාව දුන්නු උත්තරය අපේක්ෂකයෙක්ගන හෝ හොයන්නේ නැතිව ජනතාව දුන්නු තිරණය උත්තරය.මෙය යහපත් සංඥාවක්නේ අනාවැකියක්නේ. ඒ අනුව අපි කටයුත කරලා ඉදරිමැතිවරණවල දී ජනතා අපේක්ෂා කරන ආකාරයේ වැඩසටහනකට මුහුණ දී ප‍්‍රතිපලය ගත යුතුයි.එහෙම ගියොත් තමයි ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් තියෙන්නේ.

මේ ගෙන එන විස්වාස භංගය ජය ගන්නට නම් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයක් එකාබන්ධයත් විතරක් එක්වෙලා මදියි. වෙනත් පක්ෂ අයත් එජාප සම්බන්ධකර ගතු යුතුයි. නමුත් අපි දැන්කා එජාප විවේචනය කළ පිරිස් මැති ඇමැතිවරු පවා මෙය අත්සන් කර නෑ. ඒ අනුව කොහෙම ද විස්වාසභංගය ජය ගන්නේ.

එජාප අයත් ආවා මෙයට අත්සන් කරන්න අපි ඒ අයට අවස්ථාව දුන්නේ නෑ.එජාප ලොකු අර්බුදයක් මතුවෙන නිසා ඒ වාගේම ජවිපෙ මෙයට ජන්දය දෙනවාය කියලා ප‍්‍රකාශයට පත්කර තියනවා.එජාප පිරිසක් මෙයට සහයෝගය දෙන්වා. අපිට පෙනෙයි දෙමල සංධානය මෙයට ජන්දය නොදි මග හැර ඉදියි කියලා එතකොට මෙය ජයගත හැකියි.එවිට 113න  කියන ඉලක්කම් ප‍්‍රමාණය හරියි.

 

එජාප කීදෙනෙක් විතර සහයෝගය දෙයිද කියලා ඔබතුමාට කියන්න හැකිය ද?

එජාප 15 ක් වත් ජන්දය දෙනවා.

 

ඒ අය සමග සාකච්ජා පවත්වා තියනවා ඳ ?

සාකච්ජා පවත්වා තියනවා.

 

විස්වාසභංගය ජයග‍්‍රහණය කිරවීමේ තියන සම්භාවිතාව සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස බලාපොරොත්තුව කුමක්ද?

සැකයක් නෑ අනුවාර්යෙන්ම ජයගන්නවා.

 

ඉන් පසුව කොහොම ද දේශාපලන කටයුතු සිදුකෙරෙන්නේ?

ජනාධිපති තුමා මේ සම්බන්ධයෙන් තිරණයක් ගනිවි. අපේ පක්ෂයේ නායකයා වශයෙන්ද, එජනිස නායකයා වශයෙන්ද මේ අනුව ජනතා හිතවාදි තින්දුවක් ගනීවී.නව අගමැති වරයෙක් පත්කරලා නව ප‍්‍රතිපත්ති මාලාවක් එක්ක රට ඉදිරියට ගෙන යන ක‍්‍රමක් සකස් කළ යුතුයි.මේ වසර දෙක තුළ හෝ එසේ ක‍්‍රියා කළ යුතුයි මේ අනුව තමයි රටේ පක්ෂයේ අනාගතය තින්දු වන්නේ.මේ අනුව වෙනත් දිසාවකට මේ රට ගෙනියන්න හැකි වේවි.

 

එකාබන්ධ මන්ත‍්‍රි කණ්ඩායම කියන්නේ මහින්ද රාජපක්ෂ අගමැති කරවීමේ සටනක් සිදුකරන බවයි.එතකොට මහින්ද අගමැති කරවිමේ සටනට ඔබතුමාත් අවසානයේ දී එක්වෙනවා ද?

යම් දවසක... නෑ එහෙම සාකච්ජාවක් පටන් ගත්තේ නෑ .අපේ මුලික අරමුණ විස්වාස භංගයෝජනාව ජය ගැනිමයි මුලික අරමුණ වන්නේ.ඉන් පසුව සිදුකරන කිසිදු දෙයක් අප තවම නතිකා කරගෙන නෑ. අයිද මෙය සිදු කළේ නැත්තේ විවිධ මත ගැටුම් තියාගෙන මේ ගමන යන්නට බෑ.මුලිකවම සිදුකළ දේ ජය ගැනිමෙන් පසුවයි

 

2002 ජනාධිපති වරණය සම්බන්ධයෙන් ද තියන ලක ලැස්තිය සම්බන්ධයෙන්ද යම් සුදානමක්ද නැතිවු ඇති.?

නෑ. තවම නෑ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදු කරන ක‍්‍රමවේද සම්බන්ධයෙන් පසුව කතා කර තින්දු ගත හැකියි.එයට කල් තියනවා පළමුව මේ කාර්යය ජයගත යුතුයි.

Latest Posts

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...