අපේ අය එළවා දාන්න කවුරුහරි කථා කරනවානම් ඒක විහිලූවක් එස් ටී එෆ් ආරක්ෂාව යටතේ යන ගමන ගැන විශ්වාශභංගයෙන් පස්සේ කරන්න යන දේ ගැන මනෝ ගනේෂන් කථාකරයි

කතාබහ
Typography

හතර වෙනිදා පාර්ලිමේන්තු යනවාද ඇමතිතුමා?

ඔව් යන්න ඕනේ පාර්ලිමේන්තු යනවා මන්ත‍්‍රිවරයෙක්නේ යන්න ඕනි.

 

අගමැතිතුමා ආරක්ෂාකරන්න එකපැත්තකින් ලේකනයක් යනවා. අනික් එක ඉවත්කරන්න කියලා විශ්වාශභංගයක් යනවා. තීරනයක් අරගෙනද තියෙන්නේ ඔබතුමා හිට ගන්නේ මොන පැත්තේද කියලා?

අපි එක්සත් ජාතික පෙරමුනනේ. පෙරමුනේ නායකයාකවුද කියලා තීරනය කරන්න ඕනි. ඒ පක්ෂය.හතර වෙනිදා වෙනකල් බලාගෙන ඉන්නේ නැතිව හතර වෙනිදට පෙරම අපි අගමැතිතුමා හා අනෙක් පක්ෂ සමග සාකාච්චා කරන්න ඕනෑ.

 

දැනට පක්ෂය තීන්දුවක් අරන් තියේනවද ඇමතිතුමා විශ්වාශභංගය සම්බන්ධයෙන්.

නැහැ මේ යෝජනා ගේන්නේ ඒකාබද්ධ විපක්ෂයනේ. අපි විරුද්ධ වෙන්න තමයි ඉඩකඩ තියෙන්නේ. නමුත් ආණ්ඩුවතුලත් එක්සත් ජාතික පක්ෂය තුලත් එක්සත්ජාතික පක්ෂය අතරත් ප‍්‍රශ්න තියෙනවා. පක්ෂ නායකයින් එකතුවෙලා සාකච්චා කරන්න  ඕනි කිවේ ඒකයි.

 

මහමැතිවරනයේදි එකට ඉන්න අය පුංචි ජන්දේදි වෙන්ව ඡුන්දය ඉල්ලන නිසා පක්ෂයෙන් එළවන්න  ඕනි කියලා සමහරු කියනවා. මොකක්ද ඔබතුමාගේ අදහස?

කවුරුහරි එහෙම කියනවානම් ඒක ගැටලූවක්. ඇත්තම කියනවා නම් රට වටේ පුංචි ඡුන්ද වලදි විශේෂයෙන් මහනුවර නගර සභාව, නාවල පිටිය ප‍්‍රදේශිය සභාව, පන්විල ප‍්‍රදේදේශිය සභාව රත්නපුරය ගොඩකවෙල ප‍්‍රදේදේහිය සභාව කොළඹ මහනගර සභාව එක්සත් ජාතික පක්ෂයට බලය පිහිටුවන්න අපි  ඕනි. අපේ අය එළවා දාන්න කවුරුහරි කථා කරනවානම් ඒක විහිලූවක්.

 

අගමැතිතුමා සමග මේක දිගටම ගෙනියන්න පුලූවන් කියලා විශ්වාශයක් තියෙනවද?

අගමැතිතුමා සමග අපි ගමනක් යනවනේ අගමැතිතුමා තිරනය කරන්න  ඕනේ එක්සත් ජාකතික පක්ෂයනේ.

 

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතයක් ඇවිල්ලා තියෙනවා. ඔබතුමාගේ අදහස මොකක්ද?

නායකත්වය සම්බන්ධයෙන් කියලා අහලා තියෙනවා. එතුමා පැරණි අත්දැකිම් තියෙන නායකයෙක්.එතුමා අවුරුදු 25ක් නායකත්වයේ ඉන්නවා රටේ ලොකුම පක්ෂය එක්සත් ජාතික පක්ෂය තවත් අවුරුදු 25ක් ඉන්නවානම් අපි මොකද කරන්නේ.

 

විශ්වාශභංගය සම්බන්ධ ඔබතුමාගේ අදහස මොකක්ද මේක ජයග‍්‍රහනය කරන්න පුලූවන්ද එක්සත් ජාතික පෙරමුනට?

ඔව්. පරාජය කරන්න  ඕනෑ.

ඔබතුමා ජාතික ආන්ඩුව නියෝජනය කරන්නේ සමහරු විශ්වාශභංගයට අත්සන්කරලා තියෙනවා. ජාතික ආන්ඩුවේ ඉන්න ඇමතිවරු නම් වශයෙන් කියනවා නම් ටිබි ඒකනායක. සුසන්ත පුංචිනිලමේ වගේ අය. විශ්වාසභංගයෙන් පස්සේ ප‍්‍රශ්නයක් එන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට. කොටසක් ආන්ඩුව සමග ඉදිවි. තවත් කොටසක් පොදු විපක්ෂයට යයි. ශ‍්‍රීලංකා එකේ දෙදරිමක් ඇතිවේවි.

 

එක්සත් ජාතික පක්ෂය කියන්නේ ආන්ඩුවේ ඉදගෙන සහයෝගය දෙන අය ආන්ඩුවෙන් ඉවත්කරන්න ඕනෑ කියලා.

තර්කානුකුලව ඔවුන් හරි. අගමැති කියන්නේ දෙවැනියා.අගමැති ඉවත් කිරිම සම්බන්ධයෙන් අත්සන් කරන්න ඔවුන්ට සාධාචාරාත්මක අයිතියක් තියෙනවද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා.

 

යම් ලෙසකින් විශ්වාශභංගය ජයග‍්‍රහහනය කලොත් ඔබතුමාලගේ එක්සත් ප‍්‍රගතිශිලි පක්ෂය මොකද කරන්නේ

ඇමති මන්ඩලය වෙනස් වුනානම් ඒ තත්වය ඒ වෙනස අවබෝධකරගෙන අපි ගමනක් යනවා.

 

20වැනි සංසෝධනය සම්බන්ධව කියවෙනවා. විධායකය අහොසිකිරිම සම්බන්ධව එතකොට ඔබතුමාලගේ මතය කුමක්ද?

20 සංසෝධනය මගින් විධායක  ජනාධිපතික‍්‍රමය සම්පුර්ණයෙන්ම අහොසිකරන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ කියනවා.

මේ රටේ ජාතිවාදය අන්තවාදය අතුගාලා දාන්න බැරිවෙලා තියෙනවා. ඒක අවුස්සලා තියෙනවා. ජනාධ්පතිවරනයේදි එක කොට්ටාශයක් බවට පත්වෙනවා. ජාතික සමගියට විධායක බලය තවදුරටත් අවශ්යවයයි. ඒක ජාතික සමගියට තියෙන්න ඔනි කෙසේ වෙතත් බලතල අඩුකරන්න ඔනි. කියලා අපි කියනවා.

 

ඉදිරියේදි ඡන්ද පෝලිමක් එනවා. එතකොටත් එක්සත්ජාතික පෙරමුනෙන්ද ඉල්ලන්නේ.

ඔව් ප‍්‍රගතිශිලි සංධානනය විදිහට අපි එහෙම තමයි කරන්නේ.අපිටත් කොට්ටාශ තහවුරු කරගන්න  ඕනි.සංධානයක් කියන්නේ කසාදයක්වගේ දෙයක්. බලෙන් එකට ඉන්න බැහැ. අපිට බලෙන් ගිහිල්ලා නායකයට තුවක්කුව තියලා නාමයෝජනා දෙන්න කියලා  කියන්න බැහැ.ඒ අයටත් අපේ ඡුන්දය ඔනි.පොඩි අය පහල මට්ටමේ ඉන්න අය ඒක දන්නේ නැහැ.

 

ඔබතුමා ඡන්දකාලේ එස් ටී එෆ් ආරක්ෂා සහිතව ගමන්කලා දැන් ආරක්ෂාව අයින් කරලද?

නැහැ මට ගැටලූවක් නැහැ මට ආරක්ෂාව තියෙනවා.

Latest Posts

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...