ඇවන්ට්ගාඞ් එකෙන් බිලියන 11ක්, හෙජින් ගිවිසුමෙන් බිලියන 76ක්. සිල් රෙද්දෙන් මිලියන 60ක් ගහපු හැටි ජාතික සමගිය කියන වචනයේ තේරුම බැසිල්ට, ගෝඨභයට බැරි දේ ආර්ථික ඝාතක ජයසුන්දර කළ හැටි සරත් ෆොන්සේකා පාර්ලිෙමින්තුවේ දී හෙළිකරයි

කතාබහ
Typography

ගරු කතා නායකතුමනි අද අපි මේ අවස්ථාවේ ගරු අගමැතිතුමාට විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාව ගැන විවාදයක් කරනවා. විශ්වාස භංග යෝජනාව අගමැතිතුමාට විරුද්ධව ගෙනාවේ එතුමා ගැන දේශයකින් නෙවෙයි කියල සමහර කථිකයෝ යෝජනා කළා. අපි දන්නවා ඒ යෝජනාවේ පිටුපස විශාල අර්ථයක් තියෙනවා. ඒ යෝජනාව හරහා අගමැතිතුමාගේ වැටීමත් සමඟ ආණ්ඩුව දුරුවල කරන්න ආණ්ඩුව පෙරළීමට හැකි වෙයි කියලා ඒ ගෙනාපු අය බලාපොරොත්තු වෙනවා.

 මන් දැක්කා ගරු වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීතුමා ප‍්‍රකාශ කරල තියෙනවා අද ප‍්‍රවෘත්ති පත‍්‍රවලත් තිබුණ. අද විශ්වාස භංගයෙන් අගමැතිතුමා එළවනවා.  ඊට පස්සෙ අපි ආණ්ඩුව පෙරළනවා කියලා. මේ ගොල්ලොන්ගේ න්‍යාය පත‍්‍රය ඒගොල්ලොන්ට මැතිවරණයක් එනකල් ඉවසගෙන ඉඳලා මැතිවරණයකට මුහුණ දීලා මහ මැතිවරණයක්, ජනාධිපතිවරණයක් ඒවට මුහුණ දීලා කරගන්න අවශ්‍ය වුණ දේ ඒව හරහා කරගන්න පුළුවන් වෙයි දෝ කියන අවිශ්වාසය නිසා මේ අවස්ථාවේ හදනවා වෙනත් මාර්ගවලින් ඉෂ්ට කර ගන්න.

 අද මේ රජයේ ,මේ පාර්ලිමේන්තුවේ ඉන්න ප‍්‍රවීණම දේශපාලනඥයෙක්. එතුමා උගත් බුද්ධිමත් පසුබිමක් තියෙනවා. එතුමාට පසුබිමක් තියෙනවා. එතුමා කොහෙන්වත් ආතක් පාතක් නැතුව ඇවිල්ලා දේශපාලනයට ඇවිල්ල හැදිච්ච පුද්ගලයෙක් නෙමෙයි. එතුමාගේ හැසිරීම, පුද්ගලික ජීවිත ගැන කතා කරන්නෙ නෑ. යම් අවස්ථාවල මඩ ගැසීම් සිද්ධ වෙනවා. නමුත් එතුමා පක්ෂ නායකයෙක් හැටියට කි‍්‍රයා කරන අවස්ථා ගැන අපේ සැලකීමයි. සෑම පුද්ගලයකුගේ යම් යම් දුර්වලතා තියෙන්න පුළුවන්.

විශේෂයෙන්ම දේශපාලනයේ. කිසිම කෙනෙක් 100%ක්ම සම්පූර්ණ නෑ. නමුත් අද පවතින දේශපාලනයේ දී අපි හිතනවා එතුමාට හැකියාව තියෙනවා එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්න. ඒ අවස්ථාවේ යම් යම් අය නොයෙක් නොයෙක් දේවල බලාපොරොත්තු වුණා වෙන්න පුළුවන්. ඒව ගැන යම් යම් දේ සඳහන් කළා. නමුත් ඒ කිසිවක් අපට අවශ්‍ය නෑ. අපට මේ රජය ගෙන යන්න අවුරුදු දෙක මේ රජය ඉස්සරහට ගෙන යන්න එතුමාගේ නායකත්වය පිළිගන්නවා. ඒ නායකත්වයත් සමඟ අපි මේ ගමන යනවා. එතුමාට ආර්ථික විද්‍යාව ගැන දැනුමක් තියෙනවා. එතුමා ආර්ථිකය මෙහෙයවනවා. එතුමා පැය 24න් පැය 18ක් පමණ වැඩ කරනවා. ඉතා කැප වීමෙන් වැඩ කරනවා. ඔබතුමන්ලා කතාව අහගෙන ඉන්න තව තවත දේවල් ඉස්සරහට කියනවා. එතුමා මහන්සි වෙලා වැඩ කරනවා. එතුමා යුතුකම් ඉෂ්ට කරනවා. එතුමා ආර්ථිකය මෙහෙයවනවා. අතීතයේ අපි දැක්ක තව අගමැතිවරු හිටියා. තමුන්නාන්සේලාගේ පාල සමයේ ඒ අගමැතිවරුන් කිසි පිළිගැනීමක් දුන්නෙ නෑ. ඒ වගේ නෙමෙයි අද අගමැතිතුමා කියන්නේ ආණ්ඩුව මෙහෙයවනවා. පාර්ලිමේන්තුවට වග කියනවා. එතුමාට පිළිගැනීමක් තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුළෙත් පිළිගැනීමක් තියෙනවා. පාර්ලිමේන්තුවෙන් පිටත් පිළිගැනීමක් තියෙනවා. අතීතයේ කියන්න කනගාටුයි මමත් සමහර අවස්ථාවල අවුරුදු තුනහමාරක් ආරක්ෂක කවුන්සිලයේ හිටියා. එතකොට එතකොට අගමැතිතුමාත් අපේ හිතවතා අගමැතිතුමාත් ආරක්ෂක කවුන්සිලයේ ඉන්නවා. කවදාවත් වචනයක්වත් කතා කරන්න දෙන්නෙ නෑ. ඊට පස්සෙත් අපි දැක්ක තව අගමැතිකෙනෙක් ආවා. එතුමාට වැඩක් පළක් කරන්න පුළුවන් කාලයේ ධුරය දුන්නෙ නෑ. එතුමා ඉතා දුර්වල වෙලා, ඔත්පොළ වෙලා ඉන්න කොට තමයි අගමැති ධුරය දුන්නෙ. එවැනි පාලනයක් මේ රටේ තිබුණා. එවැනි පාලකයෙක් මේ රටේ හිටියා. නමුත් අද එහෙම තත්ත්වයක් නෑ. අද අපි හරියට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙනල්ලා ජනතා වරම එළියට අරන් යන අතරේ සියලූදෙනා වගකීම් බෙදා ගෙන ඒ වගකීම් ඉටු කරමින් මේ පාලනය ගෙනියනවා. ඒ නිසා අගමැතිතුමා එළවළා මේ රජය පෙරළන්න පුළුවන් කියලා යමෙක් හිතනවා නම් ඒව අපි හිතන්නෙ නෑ. ඒක සාර්ථක වෙයි කියලා ඒ ගැන අනවශ්‍ය බලාපොරොත්තු තියා ගත්තට තමුන්නාන්සේලාට අවසානයේ හිමිවන්නේ බලාපොරොත්තු කඩ වීම පමණයි.

ඊළඟට අපි දැක්ක මේ විශ්වාස භංගයේ යම් යම් කරුණු කියල තියෙනවා. විශේෂයෙන් එල්ල කරල තියෙන කරුණු කිහිපයක් මගේ අවධානයට යොමු වුණා. ඒකෙ එකක් කියල තියෙනවා. අගමැතිතුමාගේ කල්කි‍්‍රයාව නිසා ආර්ථිකය කඩා වැටුණ කියලා. නමුත් මේ රටේ ආර්ථිකය කඩා වැටුනේ මේ කාලයේ නෙමෙයි. අපි රට භාර ගන්න කලින්. ඊට කලින් තිබුණ අවුරුදු 10 ඇතුළත ආර්ථිකය ක‍්‍රමක‍්‍රමයෙන් පල්ලෙහාට ගියා. යම් යම් ව්‍යාපෘති ගේනවා අපි දැක්කා. යම් යම් ස්ථානවල, ඒව රට විශාල වශයෙන් රට ලෝකයට ණය කරල කරපු ව්‍යාපෘති මිසක් මේ රටේ ජනතාවට ඔවුන්ගේ බඩට දැනුණු,

කුස්සියට දැනුණු සංවර්ධනයක් මේ රටේ සිද්ධ වුණේ නෑ. ඒ කාලේ අපට මතකයි ඒක පුද්ගල ආදායම ඩොලර් 2000යි. ආසියාවේ ආශ්චර්ය. ඒවගේ ලස්සන ලස්සන කතා කිව්වා. නමුත් ඒ කතා එකක්වත් රටේ ජනතාවට, ගමේ ජනතාවට, බහුතරයක් දුප්පත් ජනතාවට ඒ කාලය තුළ මේ රටේ මධ්‍යම පන්තියක් නැති වුණා. මේ රටේ 80%ක් පමණ හිටියේ දුප්පත් ජනතාව. ඒක පුද්ගල ආදායම ඩොලර් 2000ක් ගැන කතා කළාට ඇත්තටම මාසෙට 35,000ක් පඩි ගන්න ජනතාව තමයි රටේ 80%ක් ඒ කියන්නේ ඒක පුද්ගල ආදායම හැමදාම ඩොලර් 300ක් පමණ තමයි තිබුණේ. මේ රටේ මුදල්වලින් 90%ක් පමණ පරිහරණය කළේ කොළඹ අවට දේශපාලනඥයන්ට ගැතිකම් කරමින්, රාජපක්ෂ පාලනයට ගැතිකම් කරපු 10%ක් පමණ ජනතාව අතේ තමයි මේ රටේ සල්ලිවලින් බහුතරයක් දිව්වේ. එතකොට එවැනි රටක් භාර ගන්න කොට ලෝකයට ණය වෙලා තිබුණා. දළ දේශීය ආදායමෙන් 80%ක් ගියා ණය වාරිකය ගෙවන්න එවැනි රටක් භාර අරගෙන ආර්ථිකය ගොඩ නැගීමට අපි උපරිම උත්සාහයෙන් වැඩ කරනවා. කැපවීමෙන් වැඩ කරනවා ඒක දුෂ්කර කාර්යයක්. දවසින් දෙකෙන් ඒක වෙනස් කරන්න බෑ.

ඊළඟට මහනුවර තත්ත්වය ගැන කතා කළා තමුන්නාන්සේලා දිගින් දිගටම. දිගන ඇති වුණ තත්ත්වය පාලනය කළේ නෑ කියලා විශ්වාස භංගයේ තියෙනවා. ඒ තත්ත්වයේ යම් යම් අඩුපාඩු තිබුණා අපි දැක්කා. ඒව මම මීට ඉහතත් යම් යම් අවස්ථාවල ප‍්‍රකාශ කළා. නමුත් මේකෙ සම්පූර්ණ වගකීම අගමැතිතුමා මත දැමීම ඉතාම අසාධාරණයි. ඊළඟට අපි දන්නවා මහනුවර දිගන ප‍්‍රදේශයේ ඇති වෙච්ච සිද්ධිවලට සමහරු දැන් අත් අඩංගුවේ ඉන්නවා. ඒ අත්අඩංගුවේ ඉන්න අය අතර ඉන්නවා. පොහොට්ටුවේ පළාත් පාලන මන්ත‍්‍රීවරු තුන් දෙනෙක්. තව තුන්දෙනෙක් අත්අඩංගුවට ගන්න හොයනවා. කාගෙත් බෙල්ල මිරිකලා කාට හරි මේව අහන් ඉන්න කොට කැක්කුමක් තියෙනවා නම් ඒව ගැන බොරුවට මර හඬ දීල වැඩක් නෑ. තමුන් නාන්සේලා යථාර්ථය තේරුම් ගන්න යථාර්ථයට මුහුණ දෙන්න. ඒ කට්ටිය ඒකෙ පිටුපස්සෙ හිටියා. ඒක පිටිපස්සෙ හිටගෙන ඒක මෙහෙයුවා. දැන් මෙතන ඇවිල්ලා අගමැතිතුමාට දොස් කියනවා. මේ කරපු වැඬේ පාලනය කළේ නෑ. පාලනය නොකළ මිනිස්සු අද ගෙදර යන්න  ඕනෙ කියලා. නමුත් හරියට වෙන්න  ඕනෙ ඒව මෙහෙයපු එවුන් අල්ලන්න වෙනවා. ඒ අයට දඩුවම් කරන්න වෙනවා. ඒගොල්ලෙ නීතිය හමුවට ගේන්න වෙනවා. ඒකයි වහාම සිදු විය යුත්තේ කියන එකයි අපිට කියන්න තියෙන්නෙ.

ඊළඟට ආයෙත් කියල තියෙන ඒ කාර්යයන් හරහා ජාතික සමගිය නැතිවුණා කියලා. ජාතික සමඟිය කියන වචනය මේ ආණ්ඩුව එන්න ඉස්සෙල්ලා මේ රටේ කථා කළේ නෑ. ජාතික සමගියක් ගැන කතා කළේ නෑ. සුළු ජාතීන් අවතක්සේරු කරල වැඩ කළා. සුළු ජාතීන්ට නිසි තැන දුන්නෙ නෑ. හැම ඡුන්දයක්ම ජයග‍්‍රහණ කරපු අවස්ථාවල හැම ඡුන්දයක්ම පරාජයට පත්වුණු අවස්ථාවල මහින්ද රාජපක්ෂ මන්ත‍්‍රීතුමා හැම වෙලේම ප‍්‍රකාශ කළේ මට හම්බ වුණා සිංහල  ඡුන්ද එක්සත් ජාතික පක්ෂයට හම්බ වෙනවා සුළු ජාතීන්ගේ ඡුන්ද කියල මතයක්. හැම අවස්ථාවකම ඡුන්ද ප‍්‍රතිඵල ආවම එතුමා මේවගේ අර්ථකථන දෙනන් උත්සාහ කළා. එතුමාගේ ඇෙඟ් පිහිටල තියෙනව ජාතිකවාදය ඒක නවත්වනන් බෑ. මම දැක්ක අද කැන්ටිමේ දී එතුමා සොය සොය ගිහිල්ල මුළුවල ඉන්න දුව දුව ගිහිල්ල මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට කතා කරනවා. දැන් පරක්කු වැඩියි. එතුමා පිළිබඳව ඒ සුළු ජාතීන්ගේ නියෝජිතයින් ඒ සුළු ජාතීන් ඉතාම අප‍්‍රසන්න හැඟීමක ඉන්නෙ. මම හිතන්නෙ නෑ. එතුමාගේ දේශපාලන ජීවිතය ඇතුළත එතුමාට ඒ වදර නිවැරැුදි කරන ගන්න පුළුවන් වෙයි කියලා.

ජාතික සාමයට හානි වෙන් ඉඩ දුන්නා කියලා ජාතිකවාදය ඇවිස්සුවා කියලා දැන් මේ රටේ කීර්තියට අපකීර්තියක් වුණා කියලා නැවත කියනවා. එතකොට ඒකටත් මට උත්තර දෙන්න තියෙන්නෙ. ඒව අතීතයේ සිද්ධ වුණා. ඒව වෙනස් කරන්න තමයි අපි උත්සාහ කරන්නෙ. ඒව හරියට කෙරුණෙ නැති නිසා අතීතයේ ඒව සාධාරණව නීත්‍යානුකූලව මානුෂීය අයිතිවාසිකම් රකිමින් යුද්ධය කරපු අපට පවා ලෝකයා හමුවේදී නොයෙක් නිග‍්‍රහවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒකාලයේ හිටපු පාලකයා ඔහුගේ ගෝල බාලයින් ජාතිවාදය අවුස්සපු නිසා මුළු ලෝකයම එකතුවෙලා හමුදාවටත් ඇඟිල්ල දික් කරන්න පටන් ගත්තා. අපි කරපු විශාල ජයග‍්‍රහන අපි කරපු ඒකර්තවය, ඒ සේවය පවා අවතක්සේරු කිරීම සිද්ධ වුණා රාජපක්ෂ සමයේ ඒ පාලන සමයේ තිබුණ ඒ දෝෂය නිසා ඒ අවමානය නිසා.

ඒකෙ කියල තියෙනවා මහේන්ද්‍රන් විදේශිකයෙක්.අර්ජුන මහේන්ද්‍රන් විදේශිකයෙක් වුණාට නීතිමය බාධාවක් නැත්නම් මේ රටේ තනතුරක් දරන්න ඒක ගැන අගමැතිතුමාට ඇඟිල්ල දික් කරන එකේ සාධාරණත්වයක් මම දකින්නෙ නෑ. අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂ තමුන්නාන්සේලාගේ අනාගත ජනාධිපති අපේක්ෂකයා. එතුමත් විදේශිකයෙක්. ඇමෙරිකානු ජාතිකයෙක්. යුද්ධය පටන් ගන්න ඉස්සෙල්ල පැනල ගියා. ආරක්ෂක ලේකම් කියන්නෙ රටේ ඉතා වගකිව යුතු ස්ථානයක්. රටේ ආරක්ෂාවට වගකිව යුතු කිහිප දෙනෙක් ඉන්නවා. එයින් එක්කෙනෙක්. ඒවගේ තැනක් ඇමෙරිකානු පුරවැසියකුට දෙන්න පුළුවන් නම්. ඇමෙරිකානු පුරවැසියෙක් කියන්නෙ ඇමෙරිකානු ධජය ඉස්සරහට ගිහිල්ලා එයා දිව්රලා ප‍්‍රතිඥාවක් දෙනවා ඇමෙරිකාවේ ස්වෛරීය භාරවයට තර්ජනයක් වුණොත් එයා ඇමෙරිකාව බේරා ගැනීමට අවි අතට ගන්නවා කියලා. එවැනි පුද්ගලයකුට තමයි අනාගතයේ රටේ ජනාධිපති ධුරය භාර දෙන්න හදන්නෙ. ඒවගේ පුද්ගලයකු තමයි මේ රටේ ආරක්ෂක ලේකම් කළේ. එහෙම කරපු අය අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වෙලා හිටිය කියලා ඒක අල්ලගෙන විශ්වාස භංග යෝජනා ගෙන ඒම විහිළුවක් හැටියටයි මම දකින්නෙ. අර්ජුන මහේන්ද්‍රන්  ඉවත් කළාට පස්සෙ කියනවා එතුමාව ගත්තලූ අගමැතිතුමාගෙ උපදේශකයෙක් හැටියට. මේක මහලොකු වරදක් නෑ. අතීතයේ සිදු වෙච්ච දේවල් සමඟ සංසන්දන කළෝතින් පී. බී. ජයසුන්දර ආර්ථික ඝාතකය කියල ඒ කාලේ වෛරයකින් හිටියෙ. එයා තමයි මේ රටේ ඒ කාලේ ආර්ථිකය මෙහෙයුවේ.  රටේ පාලකය හිටියට මුදල් ඇමැතිවෙලා පී.බී. ජයසුන්දර තමයි ආර්ථිකය මෙහෙයුවේ. චීනයේ ඔලිම්පික් ක‍්‍රීඩාව තියෙන අවධියේ ඊට මාස හතරකට ඉස්සෙල්ලා චීනයෙන් අවි ආයුධ ඒම නැවැත්තුවා. අවි ආයුධගේන නැව් එන එක නැවතුණා. යුද්ධෙ තදින්ම යන කාලේ මට අවි ආයුධ තො හිඟයක් තිබුණා. චීනෙන් අපිට අවි ආයුධ දුන්නෙ ණයට. මම ගෝඨාභයට කිව්ව චීනයෙන් නැව් එන්නෙ නෑ. මම පකිස්තානයේ යුද හමුදාපතිට කතා කළා මට මිලියන ඩොලර් සීයක් විතර දෙන්න එහෙන් අවි ආයුධ ටිකක් දෙනව කියලා පොරොන්දු වුණා කියලා. ගෝඨාභය කිව්ව මම කොහොමද ඒක කරන්නෙ, අපි ණයටනෙ මේව ගන්නෙ මට සල්ලි නෑ කිව්වා. මම බැසිල් රාජපක්ෂටත් කිව්ව ඩොලර් මිලියන සීයක් විතර  ඕනෙ නැත්නම් යුද්ධෙ ගෙනියන්න බෑ කියල මෙතනින් එහාට කියල. එයත් එහෙමම කිව්ව. මම පී.බී. ජයසුන්දරට ගිහිල්ල කතා කළාම  එයා ඩොලර් මිලියන සීයක් වෙන් කරල මට දුරකථනයෙන් කථා කළා. ඒවගේ කාලයක් තිබුණෙ එතකොට ආර්ථිකය මෙහෙයුවේ එයා එයාට විරුද්ධව නඩුවක් ගිහිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය එයාව ඉවත් කළා. ඒ තීන්දුවට එරෙහිව යමින් මහින්ද රාජපක්ෂ පාලකයා එතුමාව නැවතත් ගෙනාව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හැටියට. ඒවගේ දේවල් කරන්න පුළුවන් වුණා නම් අගමැතිතුමා අර්ජුන් මහේන්ද්‍ර උපදේශකයෙක් හැටියට ගත්ත කියල එතුමාව ගෙදර අරින්න  ඕනෙ ද? මම හිතන්නෙ මේගොල්ලන්ට ප‍්‍රශ්නයක් තියෙනවා. මේ කාරණාව සාධාරණීය කරනය කරන්න බෑ. ඒ විශ්වාසය ගේන්න කරුණු කාරණා හෙව්වා අවශ්‍යතාව මුලදීම කිව්ව එක්කෙනෙක් කිව්ව අපි දිනුවත් දිනුම් කියලා පැරදුනත් දිනුම් කියලා ඒක නෙමෙයි සිද්ධ වුණේ ඒක නිසා අපේ සමගිය වැඩි වුණා. අපි තවත් ශක්තිමත් වුණා තමුන්නන්සේලාගේ අධිෂ්ටානය වැඩිවුණා. තමුන්නාන්සේලා දුර්වල වුණා තමුන්නාන්සේලාගේ අධිෂ්ඨානය කඩාගෙන වැටුණා දැන් වෙලා තියෙන්නේ අපි පැරදුනත් දිනුම් දිනුවත් දිනුම් ඉස්සෙල්ල මෙයා කිව්වෙ දිනුවත් පරාදයි පැදුරනත් පරාදයි කියලා. ඒක තමයි ඇත්ත තත්ත්වය.

ඒකාලේ කටපියාගෙන ඉදල ඒකාලේ මුදල් අවභාවිත කරපු හැටි රටට හොරකම් කරපු හැටි කෝටි මිලියන ගණන් වංචා කරපු හැටි මං ගාව ලැයිස්තුවක් තියෙනවා. මට වෙලාව තිබුණොත් මම මේ ලැයිස්තුව ඉවර කරනවා. ඒව ගැන අමතක කරලා මේ බිලියන දහයක් අල්ලගෙන මෙච්චර උඩ පනින එක ගැනනම් මට පුදුමත් හිතෙනවා. ඇවන්ගාඞ් කේස් එකෙන් පමණක් ගෝඨාභය රාජපක්ෂ රටට අහිමි කළා බිලියන 11ක්. මෙතැන බිලියන 10යි. අවස්ථායික අලාභය කිව්වා. මෙතන අවස්ථායිල අලාභයක් තියෙනවනම් ගෝඨාභය රාජපක්ෂලා හොරකම් කළ බිලියන 11ලේ අවස්ථායික අලාභයක් තියෙනවා. ඒකත් ඉතා වේගයෙන් ඉහළට යන්න  ඕනෙ. රජයට නැතිවුණ සල්ලි. නැවත මතක් කරල දෙන්න එකක් දෙකක් කියනවා. තමුන්නාන්සෙලට මතක ඇති හෙජින් ගිවිසුම හිටපු පාලකයන් නිවාඞ්කබ්රාල් එක්ක එකතුවෙලා හෙජින් ගිවිසුමක් අත්සන් කළා.  බිලියන 76ක. බිලිය 76ක් ඒ කාලෙ මේ රටට නැති වුණා. ඒකාලෙ දෝෂාභියෝග ගෙනාවෙ නෑ පාලකයට විරුද්ධව.

ග‍්‍රීසියේ තිබුණ කඩන් වැටුණ ආර්ථිකයක්. ලෝකෙ කිසිම කෙනෙක් ගිහිල්ල ඒ ආර්ථිකයට සල්ලි දැම්මෙ නෑ. ඒ ආර්ථිකය කඩන් වැටිල තිබුණෙ. මහින්ද රාජපක්ෂල එකතුවෙලා ගිහිල්ල ඒකටත් දැම්ම බිලිය 7ක්. ඒකෙන් ශතයක්වත් රටට ආවෙ නෑ. මේ රටේ අහිංමක ජනතාව ඒ පාඩුව දරා ගත්තා. මේ රටේ ජනතාවට හරියට කනන් බැරි වුණේ. අපේ දරුවන්ට සියඹලයි බතුයි කන්න සිද්ධ වුණේ. සමහර තැන්වල කරවිල කාල ජීවත් වෙන්න සිද්ධ වුණේ. ඒකාලෙ තිබුණ ආර්ථික පරිහානිය නිසා තමයි. රජයේ සේවකයන්නට රුපියල් 2000ක් විතරයි දෙන්න කිව්ව පාලකය. අපි 10,000ක් දෙනව කිව්ව අපි ඒක ඉෂ්ට කළා.

ඊළඟට තමුන්නාන්සේලා දන්නවා ලලිත් වීරතුංග හිරේ ගියා. මිලියන හයසීයක සිල් රෙදි බෙදලා. ඒවට නියෝග දුන්න කෙනා එළියෙ ඉන්නවා. එයාගෙ ලේකම්තුමා හිරේ ඉන්නවා. මේ මිලියන හයසීයෙන් විශාල වංචාවක් වුණා. ඇත්ත සිල්ල රෙද්දක මුදලකට වඩා තුන් ගුණයක් වැඩියෙන් බිල් දාල තමයි බිලියන හයසීයක් පෙන්නල තියෙන්නෙ. සිල් රෙද්ද දීලත් ඒකෙනුත් හොරකම් කළා. බිලියන හයසීයෙන් බිලියන හාරසීයක් හොරකම් කළා ඉතුරු දෙසීයෙන් සිල් රෙදි බෙදුවා. මේව කළේ ජනතාවගෙ සල්ලිවලින් ඒකාලෙ මේවට විරුද්ධව කවුරුත් කතා කළේනෑ. ජීවිතේට තියෙන ආසාව නිසා. ඊළඟට ලිත් බෙදුවා. ලිත් බෙදන්න මිලියන 200ක් වියදම් කළා. මිලියන 90ක් තාත්තගෙයි අම්මගෙයි සොහොන හදන්න හොරකම් කළා. එයා  තමයි තමුන්නාන්සේලාගේ අනාගත ජනාධිපති අපේක්ෂකයා.

රණවිරුවො ගැන කතා කරනවා රණවිරුවෝ දඩයම් කරනවා කිව්වා. යුද්දෙ කරපු හමුදාපති ගෙනිහිල්ල හිරේ දැම්ම. ජෙනරල 10 දෙනෙක් ගෙදර යැව්වා. බි‍්‍රගේඩියර්ල 10 දෙනෙක් ගෙදර යැව්වා. යුද්දෙ කරපු හමුදා නිලධාරීන් 35 දෙනෙක් ගෙදර යැව්වා. දැන් මිනී මරල හතර පස්දෙනෙක් හැරේ දැම්මට රටේ නීතියට උඩින් යන්න කිසිම කෙනෙකුට බෑ. නීතිය කැඩුවනම් නීතිය කි‍්‍රයාත්මක වෙන්න  ඕනෙ. නීතියට ගරු කරන්න  ඕනෙ. යුද්ධෙට පාවිච්චි කරපු මිග් යානාවලින් පවා වංචා කළා. ඇත්තට ගෙවල තියෙනව ඩොලර් මිලියන 7ක් වංචා කරල තියෙනවා ඩොලර් මිලියන 14ක්.

ඊළඟට රත්නා ලංකා සමාගම ඒකෙ කට්ටිය දැම්ම දේශපාලන වැඩ කරන්න. රත්නා ලංකා සමාගමට වෙච්ච පාඩුව මිලියන 7යි. 2015ජනාධිපතිවරණයේ දී ඔවුන්ව මැතිවරණ රාජකාරිවලට යෙදෙව්වා මිලියන හතක පාඩුවක් සිද්ධ වුණා. ඊළඟට ඇවන්ට්ගාඞ් සිද්ධිය බිලියන 11ක්.

අයිටීඑන් එකෙන් දැන්වීම් ප‍්‍රචාරය කරගෙන මහින් රාජපක්ෂ ගිය ජනාධිපතිවරණයේ දී නොගෙවපු සල්ලි මිලියන 110යි. මේකෙ නඩුවට අවුරුදු 20ක හිර දඬුවමක් විඳින්න  ඕනෙ.

මහින්දානන්ද මන්ත‍්‍රීතුමා එතුමටත් නඩුවක් තියෙනව මිලියන 60ක වංචාවක්. විමල්වීරවංශ මන්ත‍්‍රීතුමා මධ්‍යම පන්තියේ ජනතාවට හදපු ගෙවල් ඥාතීන්ට හදල දුන්නෙ, මිත‍්‍රයන්ට බෙදල දුන්නෙ. රජයේ වාහන 42ක් පාවිච්චි කළේ කොහොමද එතුමාට ඒව අමතක වෙලා. වාහන එක්දාස් දෙසීයක් පාවිච්චි කළා. අදටත් ඒකෙන් වාහන 300ක් ආගිය අතක් නෑ. ඒව කරන කොට තමුන්නාන්සේලාට විස්වාස භංග යෝජනා ගේන්න හිතුනේ නෑ.

හමුදා මූලස්ථානය ගැන හමුද මූලස්ථානයේ ඉඩම විකුණල ගත්ත කොමිස් එක කොස්මන් එකවුන්ට් එකේ. සීඑස්එන් එකවුන්ට් එකේ. මුදල් දාල තියෙනවා.

මුදිත ජයකොඩි අලූත් හමුදා මූලස්ථානයේ ආකිටෙක් හැටියට එයාට ගෙවල තියෙනවා කෝටි 32ක්. 

Latest Posts

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...