නුවර ගිනි තියපු අය හොරු ආරක්ෂා කළ හැටි අරලියගහ මන්දිරයෙන් ඇමතුම් දුන් හැටි අනුර කුමාර දිසානායක පාර්ලිෙමින්තුවේ දී හෙළිකරයි

කතාබහ
Typography

ගරු කථානායකතුමනි, මේ විශ්වාස භංගය ඇතුළේ කවර කරුණු තිබුණත් මේක ඉතා පැහැදිලි ලෙස දේශපාලන විශ්වාස භංගයක්. ඒ මොකද මීට පෙරත් රනිල් වික‍්‍රම සිංහ අග‍්‍රාමාත්‍යවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් වුණා. ඒ විශ්වාසය භංගය පාර්ලිමේන්තුවේ ඉදිරිපත්නොවූ නිසා ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරීම් නිසා ඒ විශ්වාස භංගය ඉවත් වුණා. නව පාර්ලිමේන්තුවේදි ඒ විශ්වාස භංගය ඉතා පැහැදිලි ලෙස මෙම බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව එක් කරුණක් ලෙෂ සටහන් කොට තිබුණා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සෙ න්‍යාය පුස්තකයෙන් ඒ විශ්වාසභංගය අයින් වුණා නම් නැවත මැතිවරණයකින් පාර්ලිමේන්තුව පත් වුණාට පසුව ඒ කරුණ පිළිබඳව නැවත විශ්වාස භංගයක් පාර්ලිමේන්තුව ඉදිරිපත් වී තිබුණා. දැන් ඒ ගනුදෙනුවේ අවුරුද් තුනකට වඩා වැඩි කාලයක් පසු වී තමයි ඒ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ යළි මේ විශ්වාස භංගය ඉදිරිපත් වී තියෙන්නෙ. ඒ නිසා මේ විශ්වාස භංගය ඇතුළේ පැහැදිලි දේශාපලන අරමුණු තිබුණා.

අපි මේ විස්වාස භංගයට සහය දෙන්නෙ ඒ විශ්වාස භංගය පිළිබඳව අනවබෝධයෙන් නෙමෙයි. ඒ දේශපාලන අමුණු පිළිබඳව ඒ දේශපාලන සිදුවිය හැකි චනයක් පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයකින් තමයි අපි මේ විශ්වාස භංගයට සහය දෙන්නෙ. විටින් විට අපිට වෙන අය කතා කරමින් කරුණු දක්වමින් තියෙනවා මේ විශ්වාස භංගය හරහා රාජපක්ෂ කඳවුරට යම් උත්තේජනයක් ලැබෙනවා නේද ඒ උත්තේජනයට ජනතා විමුක්ති පෙරමුණ සහය දක්වන්නේ ඇයි කියන සාකච්ඡුාවක් තියෙනවා. අපි දන්නවා විස්වාස භංගය ජයග‍්‍රහණයෙන් කෙළවර වුණොත් රාජපක්ෂ කඳවුරට යම් දේශපාලනික උත්තේජනයක් ලැබෙන බව අපි දන්නවා. ඒක නොදැනගෙන අපි මේ විශ්වාස භංගයට සහය දෙනව නෙමෙයි.

 හැබැයි අපි දන්නවා රාජපක්ෂ කඳවුර උත්තේජනයක් ලබා ගැනීම තරම් වන පනත් ආරක්ෂා කරල දුන්නෙ රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා ඒ නිසා අද කාටවවත් දේශපානික වශයෙන් ඔවුන් ගනු ලබන උත්තේජනය අපෙන් ප‍්‍රශ්න කරන එක සාධාරණ නෑ.  මම මේ කියන්නේ 72 ජනවරමත් එක්ක සම්බන්ධ  සමහර කණ්ඩායම්වල තිබෙන මතය.

අපෙන් ප‍්‍රශ්න කරල වැඩක් නැහැ රාජපක්ෂ කඳවුරු ලබාගන්නා උත්තේජනය නිසා මීට සහය නොදී ඉන්න එක නේද හොඳ කියන එක ගැන අපෙන් ප‍්‍රශ්න කරල වැඩක් නෑ. එම කඳවුර 2015 ජනවාරි 08 වන දා දේශපාලනික වශයෙන් යම් දුර්වලතාවක් වුණා නම් තීරණාත්මක ලෙස දේශපාලනයට පත් කිරීමේ අවස්ථාව මේ අග‍්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් අත් ඇරල තිබෙනවා. ඒ අත්හැරීම නිසා තමයි දේශපාලන වශයෙන් උත්තේජනයක් ලබා ගැනීමවත්  මේ කරුණ ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී තිබෙන්නෙ. ඒ නිසා ගරු කතා නායකතුමනි යළිත් රාජපක්ෂ කඳවුරේ හිස එස වීමත් එයට ලැබෙන උත්තේජනයත් කිසි සේත්ම මේ පාලනය නිසා පාලකය විසින් දුර්වල කළා කියල අපි කියන්නෙ නෑ. ඒ කාර්යභාරය ඔවුන්ගෙන අවසන් වී තිබෙනවා.  ඒනිසා රාජපක්ෂ කඳවුරට ගැන භීතිකාවක් තිබෙනවා නම් ඒ රාජපක්ෂ කඳවුරට එරෙහිව ප‍්‍රබල දේශපාලන කඳවුරක් ගොඩනගන්න පුළුන්න නම් ඒක රනිල් වික‍්‍රමසිංහ අතෙත් නෙමෙයි තිබෙන්නේ ඒක මෛත‍්‍රීපාල සිරිසේන අතෙත් නෙමෙයි තිබෙන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න  ඕනෙ. ඔවුන්ගෙ කාල පරිච්ෙඡ්දය අවසන්. ඒ නිසා අපි ඒ දේශපාලනය පිළිබඳ අවබෝධයකින්ම තමයි මේ විශ්වාසභංගයට සහය දෙන්නෙ.

විශ්වාස භංගයෙන් පසුව ජයග‍්‍රහණයක් සිදු වුණොත් එහි ප‍්‍රතිඵල මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයත් සමඟ කිසිදු සම්බන්ධයක් නොවෙන ප‍්‍රතිඵල  ඕනෙනම් එක්සත් ජාතික පක්ෂයේම අග‍්‍රාමාත්‍යවරයෙක් හරහා මේ තිබුණු විදිහටම ආණ්ඩුව ගෙන යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ අග‍්‍රාමාත්‍යවරයෙක් පත් කරගෙන එළියෙ ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ සහය ලබා ගනිමින්  ආණ්ඩුවක් ගෙන යන්න පුළුවන්. කවර ආණ්ඩුවක් හැදුනත් මේ රටේ ජනතාව මුහුණ දී තිබෙන ගැටලූවලට විසඳුම් නොලැබෙන බව අපි දන්නවා. ඒ නිසා මේ විශ්වාස භංගයෙන් ගොවි ජනතාව, ධීවර ජනතාව, රැුකියා විරහිත තරුණයන් අපේ රටේ ව්‍යාපාරික කණ්ඩායම් තමන්ගෙ ආර්ථිකය කරවටක් ගිලී තිබෙන බව අපි දන්නව. ඒ දැනගෙනම තමයි අපි මේකට සහය ලබා දෙන්නෙ. ඇයි ඒ. මෙහි මේ විශ්වාස භංගය පිළිබඳ විතරක් ගත්තොත් එහි කරුණු දෙකක් සටහන් වී තිබෙනවා. එකක් තමයි බැඳුම්කර කොමිසන් සභාව හරහා එළිදරව් වූ කරුණු, කෝප් සභාව හරහා එළිදරව් වූ කරුණු ඒවගේම පසුගිය කාලය පුරා බැඳුම්කරය පිළිබඳ විමර්ශණයේ දී සාකච්ඡුා වූ කරුණු හරහා මේ වංචාවට අග‍්‍රාමාත්‍යවරයාගේ තිබෙන සම්බන්ධයත් නිසා ඔහු කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැටී තිබෙනවා කියන යෝජනාව. ඒක සාධාරණ යෝජනාවක්. මේ බැඳුම්කරය කියන එක පසෙකින් තිබුවොත් මේ වංචාවට දූෂණයට එරෙහි වීමක් මේ විශ්වාස භංගය ඇතුළෙ තිබෙනවා.

දෙවැනි කරුණ විදිහට ගත්තොත් නුවර ඇති වෙච්ච සිදුවීම්වල දී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ලබමින් සිටි කාලය තුළ මහනුවර දිස්ත‍්‍රික්කය තුළ ඇති වූ නොසන්සුන් කාරී තත්ත්වය සමනය කිරීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා හැටියට රනිල් වික‍්‍රමසිංහ මහතා අසමත් වීම. මේ කරුණු දෙක එකක් හොරකම දෙක ජාතිවාදය. මේ විශ්වාස භංගයේ පදනම වෙලා තිබෙන්නේ හොරකමට එරෙහිවීමත් මේ ජාතිවාදය එරෙහිවීමත් මේ කරුණු දෙක ඉතාමත් සාධනීය කරුණු දෙකක්.  හැබැයි අත්සන් කරල තිබෙන පිරිස දෙස බැලූවොත් හොරකමේ කප්පිත්තා. ඒකත් අපි දන්නවා. ජාතිවාදයේ කරවටක් ගිලූණු මජර දේශපාලනඥයා ඒකත් අපි දන්නවා. ඒ අය තමයි අත්සන් කරල තිබෙන්නේ. හැබැයි ඔවුන් විසින්ම මේ බැඳුම්කර හොරකමට එරෙහිව. හොරකමට එරෙහිව මේ විශ්වාසභංගයේ කරුණක් තිබෙනවා. ජාතිවාදයට එරෙහිව මේ විශ්වාස භංගයේ කරුණක් තිබෙනවා.  විශ්වාස භංගය වෙනම ගත්තොත් මෙහි තිබෙන කරුණුවලට අපි පක්ෂපාතියි. නුවර සිදුවීමට පමණක් නෙමෙයි අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව මේ විශ්වාස භංගයේ ඇතුළත් විය යුතු කරුණක් තිබෙනවා. මේ නුවර සිදුවීම් හරහා නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අමාත්‍යවරයා කටයුතු කිරීමට අසමත් වීම පමණක් නොවෙයි විශ්වාස භංගය ජාතිවාදය පැත්තෙන් ආ යුතු වන්නේ.  ජාතිවාදය පැත්තෙන් විශ්වාස භංගයට ආයුතු වන්නේ ජාතිවාදී මතයන් ප‍්‍රවණතාවයන් වර්ධනය වීමට ඉඩ කඩ හදා නිදැල්ලේ මේ අග‍්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් කටයුතු කළා. ගින්තොට දී අම්පාරෙදී, කුරුණෑගල දී ක‍්‍රමානුකූලව වර්ධනය වෙමින් ආ ජාතිවාදය නිදැල්ලේ වර්ධනය වීම සඳහා ඉඩ කඩ සකස් කරල දුන්නා. ඒ නිසා සියලූ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ජාතික සමගිය දිසාවට රටේ දේශපාලනය හසුරුවනවා වෙනුවට ජාතික සමගියේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට ජාතිවාදය නිදැල්ලේ වර්ධනය වීම සඳහා ඉඩකඩ සලස්වා දී තිබුණා. නුවර සිදුවීම පමණක් නෙමෙයි ඒ දක්වා ආ ජාතිවාදය වර්ධනය වීමට ඉඩ කඩ හදා දීම පිළිබඳ අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයේ කරුණු ඇතුළත් වී තිබුණා.

නුවර සිදුවීම සඳහා ප‍්‍රාදේශීය සභාවට සම්බන්ධ අත්අඩංගුවට ගන්නා ලද මන්ත‍්‍රීවරුන් පිළිබඳ අත්අඩංගවට ගත් පිරිස එක් අයෙක් තැන්නේ ගෙදර ගාමිණී රාජපක්ෂ මේ කවුද පොහොට්ටුවේ මන්ත‍්‍රී මොකක්ද චෝදනාව ඒ මොහොතේ ගැටුම්වලට සම්බන්ධ වීම, කුමාර මොහොට්ටිලාගේ සමන්ත පෙරේරා, මෙයත් පොහොට්ටුවේ, 2018 03 06 රාත‍්‍රී මැණික් හින්න මුස්ලිම් පල්ලියට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ගාමිණී රාජපක්ෂ හඳුනගෙන තිබෙනවා.

2018.03.05 වන දින දිගන නගරයේ මුස්ලිම් පල්ලියට හා වෙළෙඳසල්වලට ගල් මුල්වලින් පහර දීම අලාභානි කිරීම සඳහා පහත සඳහා පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනය කරයි. ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මන්ත‍්‍රීවරයකු වන අරලිය හෝටලයේ සමන්ත. පල්ලෙ කැලේ පොලිස්වසමේ නත්තරම් පොත ප‍්‍රදේශයේ වෙළෙඳ සැලකට ගිනි තබා අලාභානී කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රාදේශීය සභාවට තරග කළ දීප්ති යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන කරයි.

දිගන නගරයේ පූජනීය ස්ථානවලට හා වෙළෙඳසල්වලට අලාභානි කිරීම පොලීසිය භාරයට ගෙන තිබෙන සීසීටීවී දර්ශනවලට අනුව ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රාදේශීය  සභා මන්ත‍්‍රී හිමිවරුන් දෙනමක් වන නමදෙනගල පන්සලේ පියරතන හාමුදුරුවෝ සහ ගොඩගුන්න පන්සලේ මන්ත‍්‍රී හාමුදුරුවො දෙනමත් අත්අඩංගුවට ගැනීම පිළිබඳව. ජාතිවාදය පිළිබඳ චෝදනාවක් මේ ආණ්ඩුවට තිබෙනවා. ජාතිවාදය ඇති කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් මේ අග‍්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා 2015 ජනවාරි 08 වෙනිදා ජනවරමට මුළුමනින්ම පිටු පා හිටගෙන තිබෙනවා.  ඒ නිසා මේ විශ්වාස භංගයට නුවර සිදුවීම සමනය කිරීම අසමත්වීම පමණක් නොවෙයි ජාතිවාදය නිදැල්ලේ වර්ධනය වීම සඳහා  සම්බන්ධ වීමත් ඇතුළත් වී තිබෙනවා. 2015 ජනවාරි 08 වෙනිදා මුළුමනින්ම අමතක කොට ඊට පිටුපා තමයි තමුන්නාන්සේලා මුළුමනින්ම පිටුපා කටයුතු කරමින් තිබුණේ. ඒ අතර ගොවිජනතාවගේ ප‍්‍රශ්නය ඔවුන් විශාල නියඟයකට මුහුණ පා තිබෙනවා. ඒ නියඟය නිසා කන්න තුන හතරක් පාළු වෙමින් තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයා වාහනයක් ගේනවා මිලියන හයසීයක් දීලා. ගොවි ජනතාව  ජීවිතය පවත්වාගෙන යාමේ ගැටලූවකට මුහුණ දී තිබෙනවා.  අග‍්‍රාමාත්‍යවරයා කෝටි ගාණක් දී වාහන ගේනවා. ආණ්ඩුව තීන්දුවක් ගත්තා ගොවිජනතාව මාස හතරක් රුපියල් 10,000 ගානෙ දෙනව කියලා. එක මාසයක් 8500ක් දුන්නා ඒකෙනුත් 1500ක් කපාගෙන ඉතුරු මාස තුනටම දුන්නෙ නෑ. ඒ වෙනුවට පොහොර සහනාධාරය කප්පාදු කළා. වී කුණු කොල්ලයට වී මෝලක්වත් නැති අයට කතරගම බස්නායක නිලමෙට, කුමාරගේට වී මෝලක්වත් නැති කෙනෙකුට වී ටික වික්කා.

සහල් මිල විශාල ලෙස ඉහළ දැම්මා. සහල් පාලනය කිරීම සඳහා තිබුණු වී ටික විකුණල දැම්ම පුද්ගලික මෝල් හිමියන් අතර ඒ නිසා තමුන්නාන්සේලාගේ අග‍්‍රාමාත්‍යවරයාට ජනාධිපතිවරයාට විශ්වාස භංග යක් ආයුතුව තිබෙනවා. මේ රටේ ගොවිජනතාවගෙන්. පොහොර සහනාධාරය කප්පාදු කරමින් ජනතාව විශාල ලෙස පීඩාවට පත් කරමින් වී තොග විකුණා දමමින් වී මෝලක් නැති කෙනෙකුට වී ටික විකුණා දමමින් ගොවි ජනතාව බෙදන්න ගෙනා හරක් තමන්ගේ හිත මිත‍්‍රාදීන්ට බෙදමින් මේ රටේ මහජනයාගේ ධනය තමුන්නාන්සේලා අනිසි විදුහට පාලනය කළා. ඒ සම්බන්ධයෙන් විශ්වාසය අහිමි වීමත්  අග‍්‍රාමාත්‍යවරයාට තිබෙනවා. එයත් මේ විශ්වාස භංගයට ඇතුළත් විය යුතුව තිබෙනවා. රටට අතශවශ්‍යයි රටක සාමකාමී තත්ත්වයක් නිර්මාණය වීමේදී නීතිය හා විධානයේ ආධිපත්‍යය. නමුත් සාමකාමී රාජ්‍යයක් බිහි කරනවා වෙනුවට ක‍්‍රමානුකූල පොලීසිය තමන්ට  ඕන විදිහට හසුරුවමින් අත්අඩංගුවට ගැනීම මඟහරවා ගනිමින් තමන්ට අවශ්‍ය අය අත්අඩංගුවට ගන්න අනෙක් අය නිදහස් කරන්න නීතියේ විධානයේ අධිපත්‍යය බිඳ වැටුණු අපරාධකාරී රාජ්‍යයක් ගොඩනගිමින් ආවා. පාතාලයේ වර්ධනයේ වැඩ පටන් ගත්තා. මැද කොළඹ මැතිවරණ ව්‍යාපාරයට පාතල කණ්ඩායම් සම්බන්ද කර ගත්තා. මනෝගනේෂන් මන්ත‍්‍රීවරයාට වැඩිපුර ආරක්ෂාවක් ඉල්ලා පාතල මෙහෙයවමින් ඔහු ඝාතනය කරන්න ඉන්නවා කියලා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් කියනවා. මනෝගනේෂන් අමාත්‍යවරයා එසේ කියනවා නම් තමුන්නාන්සේලා මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ආ යුතුව තිබෙනවා. මෙයට ජනාධිපතිවරයාත් මෙයට හරි හරියට වගකියන්න  ඕනෙ.  2015 ජනවාරි 08 වෙනිදා වංචාවනතර කිරීම හා වංචනිකයන්ට දඬුවම් දීම ප‍්‍රධාන සටන් පාඨයක් බවට පත් වී තිබුණා. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන උපක‍්‍රමය බවට පත් වී තිබුණේ මොකක්ද අග‍්‍රාමාත්‍යවරයා පාඩම් කර තිබෙන්නේ ජේආර්ගේ අත්දැකීම. ජේආර් ජයවර්ධන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයේ තිබ්බේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදලා. අනුර පිල, මෛත‍්‍රී පිල, විජේ පිල, අවුරුදු දාහතක් බෙදා තිබුණා. ඒ නිසා රනිල් වික‍්‍රමසිංහ මහතා අපේක්ෂා කළා ඔහුගේ දිගුකාලී බලය තහවුරු කිරීම සඳහා වැදගත්ම දේ තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීම කියලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිකම් බෙදන්න බෑ.  ඕනෑම  දේශපාලන පක්ෂයක් බෙදිය හැකි වන්නේ බල කේන්ද්‍ර දෙකක් හරහා එක බල කේන්ද්‍රයක් නිශ්චිත වශයෙන් තිබ්බා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවරයා හැටියට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක බල කේන්ද්‍රයක් තිබෙනවා. තනි බල කේන්ද්‍රයකින් පක්ෂයක් බෙදන්න බෑ. තනි බල කේන්ද්‍රයක් තිබෙන හැම විටම පක්ෂය එකට සමගි වෙනවා. එනිත් බල කේන්ද්‍රය හදන්න  ඕන රාජපක්ෂ පවුලෙන් ඒ නිසා රාජපක්ෂ පවුලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තව බල කේන්ද්‍රයක් හැදුවා. ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහත්තය හිතුවා තමන්ගෙ දිගුකාලීන පැවැත්ම සඳහා බෙදීම තමයි පැවැත්ම කියලා.  එක් පැත්තකින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගෙන බල කේන්ද්‍රයක් තියෙන අතර අනිත් පැත්තෙන් රාජපක්ෂ කේන්ද්‍ර කරගත්තු බල කේන්ද්‍රයක් හදන්න අග‍්‍රාමාත්‍යවරයා උදව් කළා. ඒ උදව්වේ ප‍්‍රතිඵලයක් මොකක් ද ජනවාරි මාසෙ 08 වන දා රාජපක්ෂ කඳවුර යම් ප‍්‍රමාණෙකට දේශපාලනය වශයෙන් පරාජයට පත් වී තිබුණා නම් එය මුළුමනින්ම දේශපාන වශයෙන් වෙනස් කිරීම සඳහා ජනවරමට පිටු පෑවා. පිටුපාල මොකක්ද කළේ ඉතාමත් පැහැදිලි ලෙස මේ වංචනිකයින් ආරක්ෂා කරන්න මැදිහත් වුණා. ඒ පිළිබඳ විශ්වාස භංගයක් අග‍්‍රාමාත්‍යවරයාට තිබෙනවා. විශේෂයෙන් මම අහන්න කැමැතියි දූෂණ මර්දනලේකම් කාර්යාලය ඇයි විසුරුවා හැරියේ. අපි එයට විශාල පැමිණිලි ප‍්‍රමාණයක් ගොනු කළා. අද එෆ්සීඅයිඞී එකේ යන විශාල පැමිණිලි ප‍්‍රමාණයක් එහි තිබුණා. ඔවුන් විශාල කැප කිරීමෙන් වැඩ කළා. හැබැයි අග‍්‍රාමාත්‍යවරයා ඒ කමිටුව විසුරුවා හැරියා. දූෂණ මර්දන කමිටුව විසුරුව හරින්න ප‍්‍රධාන සාධකය බවට පත්වූයේ ඒ කමිටුව හා පොලිසිය භාර අමාත්‍යවරයා අතර ඇති වූ ගැටුමක්. මේකයි ඇත්ත කතාව. අග‍්‍රාමාත්‍යවරයාට වැදගත් වුණේ ජනවාරි 08 ජනවරමට අනුව ¥ෂිතයන්ට දඬුවම් දීම නෙමෙයි සාගල රත්නායක පොලීසිය භාර අමාත්‍යාවරයාගේ පැත්ත ගැනීම. අදත් තමුන්නාන්සේලා මේ පාර්ලිමේන්තුවට කියල නෑ දූෂණ මර්දන ලේකම්කාර්යාල විසුරුවා හැරියේ ඇයි කියලා.   ඒක මේ පාර්ලිමේන්තුව දැනගන්න  ඕනෙ.

ඊළඟ කාරණාව දිල්රුක්ෂි ඩයස්. ඇය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය. ඇයව අයින් කළා. ඇය ලංකාවේ පළමු වතාවට ආරක්ෂක ලේකම්වරයාත්, හිටපු හමුදාපතිවරු තිදෙනාත්, නාවික හමුදාපතිවරු තිදෙනාත්, ඇවන්ට්ගාඞ් චූදිතයෝ හැටියට මහාධිකරණයේ නඩුවක් පැවරුවා. දැන් මොකක්ද ආණ්ඩුව කළ යුතුව තිබුණේ. ඇය ආරක්ෂා කොට ඇයට බලතල ලබා දෙමින් පරීක්ෂණ මෙහෙයවීමයි. හැබැයි ඒ වෙනුවට මොකක්ද වුණේ. එය ආරක්ෂා කර ගන්න අග‍්‍රාමාත්‍යවරයා මොකද කළේ. අපි ඒක විටින් විට ප‍්‍රශ්න කළා. ඒ යම් කවරක්වත් නෙමෙයි අග‍්‍රාමාත්‍යවරයා නියෝජනය කරන බලවත් හා ධනවත් පන්තියට දිල්රුක්ෂි ඩයස් නීතිය කි‍්‍රයාත්මක කරන්න පටන් ගත්තා. ඒ හින්ද තමුන්නාන්සේලා ඒක එතනින් නතර කළා.

මම කැමතියි දැන ගන්න වීරකැටියේ ව්‍යාපෘතියේ නඩුව පොඩි නඩුවක් හැටියට අර්ථක කථනය කර තිබෙන්නේ ඇයි. මම දන්නෙ නෑ පොඩි නඩු ලොකු නඩු කියලා විභාග කරන නීතියක් අපේ රටේ තියෙනවා කියලා. අපේ රටේ වරදනම් වරද  ඒ නිසා තමයි රුපියල් දෙසීයක් පගාව ගත්ත පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරන්නේ. සේවාවෙන් නෙරපා හරින්නේ. ඒත් මේ වීරකැටිය ව්‍යාපෘතියේ වියදම පිළිබඳව මොකක්ද මේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරල තියෙන වාර්තාව. නාවික හමුදාව හරහා වියදම් කරන ලද ලක්ෂ හයසිය දාහතක වියදමක් පිළිබඳව ඊට පස්සෙ තව ලක්ෂ හැට අටක වියදමක් පිළිබඳව තව ලක්ෂ අනූ දෙකක වියදමක් පිළිබඳව තව ලක්ෂ විසිහයක වියදමක් පිළිබඳව, විදුලි පහන් සවිකිරීමට ලක්ෂ පනස් තුනක වියදමක් පිළිබඳව අදාළ ව්‍යාපෘතියට හතරැුස් කළු ගල් පහළොස් දහසක්. ඒකට ලක්ෂ හතළිස් එකක්. ඔක්කොම ලක්ෂ දාහට වැඩියි.  මේ ගණුදෙනු පිළිබඳ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ කළා. අවසන් පරීක්ෂණයත් කරල එහි පිටපත් නීතිපති දෙපාර්තමේන්තුවට ඇරියා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආපු නියෝගය මා ගාව තියෙනවා.   උදාර කරුණාතිලක රජයේ අධි නීතිපතිවරයා වෙනුවට එවපු ලිපිය. ඒ අනුව පහත නම් සඳහන් පුද්ගලයින්  කුමන්ත‍්‍රණ කිරීමේ පදනම මත ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංවර්ධනය කිරීමේ සංස්ථාවට රුපියල් ලක්ෂ හාරසිය අසූපහක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාස කඩ කිරීමේ වරද සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග‍්‍රහයේ 113 ආ 102 - 388 වගන්ති අනුව  මේ අය අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා වාර්තා කළා. කවුද ඒ අය. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ලියනආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂන ද සිල්වා, ගමඇතිරාළලාගේ භද්‍රා උදුලාවතී, සුදම්මික කේවින්ද ආටිගල, සමන් කුමා අබ‍්‍රාහම්ගලප්පත්ති, මාරුක්ක දේවගේ සුනන්ද සාලිය, මදුරප්පෙරුම ආරච්චිලාගේ මල්ලිකා කුමාරි සේනාධීර, මේ අයව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන කියල නීතිපත දෙපාර්තමේන්තුව නියෝග කළා. මේ 2017 .01. 16. දැන් තමුන්නාන්සේලා අත්අඩංගුවට ගත්තද? මම දැන ගන්න කැමැතියි අග‍්‍රාමාත්‍යවරයාගෙන් තමුන්නාන්සේලාගේ ඔළුවෙ ඉන්නවද නීතියට යටත් නොවෙන අය, නීතියට උඩින්  ඉන්න අය. ඒ නිසා පරීක්ෂණ නිලධාරීන්, නීතිපති දෙපාර්තිමේන්තුව කිව්ව අය අත්අඩංගුවට ගන්නට මේ අග‍්‍රාමාත්‍යවරයා අසමත්වෙලා තියෙනවා. ඒ නිසා මේ අග‍්‍රාමාත්‍යවරයාගේ විශ්වාසය භංග වෙන්න   ඕනෙ.   තවත් මොකටද විශ්වාස කරන්නෙ. මේ විශ්වාස භංගය ගෙන ආ යුතු වන්නේ 2015 ජනවාරි 08 වනදා ජනවරම දෙන ලද හැට දෙලක්ෂයක ජනතාවයි. මේ ජනාධිපතිවරයාටත් මේ අග‍්‍රාමාත්‍යවරයාටත් විරුද්ධව.

තමුන්නාන්සේලා දන්නවා ඉතා සුප‍්‍රසිද්ධ දුරකථන ඇමතුමක් පිළිබඳව. අපි දිගින් දිගටම මේ දුරකථන ඇමතුම ගැන ඇහුවා. මේ දුරකථන ඇමතුම ඉතා පැහැදිලි ලෙස දෙවුන්ද බස්නායක නිලමේ, දිසාන් ගුණසේකරගේ ව්‍යාපෘතිය ඉතා පැහැදිලිව පැමිණිල සහිතව තිබුණා. පුල්මුඬේ ඛනිජ තෙල් සංස්ථාවෙන් ලක්ෂ හාරසීයක මුදලක් හම්බන්තොට වෙරළ උද්‍යානයක් හදන්න දෙනවා. මේ පිළිබඳව පරීක්ෂණ කළා. අත්අඩංගුවට ගන්න නියමිතව තිබුණා. කට උත්තරයක් ගන්න දවසේ තමයි පොලිස් ඇමැති සාගල රත්නායක කතා කරන්නෙ පොලිස්පතිවරයාට. කතා කරල කියනවා නිලමේ බලා ගන්න ෆයිල් එක බේර ගන්න. පොලිස්පති කියනවා බය වෙන්න එපා මම බේර ගන්නම් කියලා. දැන් තමුන්නාන්සේලා මහ දවල් වංචනිකයන් බේර ගන්න මැදිහත් වුණා. නිලමෙත් එක්ක කළ කතා මාධ්‍යවල ගියා. ඉතින් ඒ පොලිස් ඇමැතිවරයා මේ අගමැති ආරක්ෂා කළේ නැද්ද? ඒ පොලිස් ඇමැතිවරයා වෙනුවෙන් මේ අගමැතිවරයා පෙනී හිටියේ නැද්ද? ඒ නිසා අපි වගකීමෙන් කියනවා වංචාව දූෂණය මර්දනය කිරීම සඳහා ඉන්න නිලධාරීන් තමන්ගේ රැුකියාව තමන්ගේ ජීවිතය තමන්ගේ පවුල අනතුරට දාලා මෙහෙයුම් කරද්දී දේශපාලකයෝ හැටියට තමුන්නාන්සේලා මොකද කළේ.

ඊළඟට මම දැන ගන්න කැමැතියි සිරිලිය ගිනුම පිළිබඳව. ඒ පිළිබඳව සමස්ත වාර්තාව තියෙනවා. මේ මුදල් වියදම් කරපු විදිහ ඒවට බලපෑම් කරපු ආකාරය. ඒව ආපු ආකාරය. මේ පරීක්ෂණ කොතැනින්ද කෙළවර වුණේ. ජනාධිපති ආර්යාවක් අධිකරණයට ගෙන යාමක් රටට හරි නැල්ලූ. ජනාධිපති ආර්යාවන්ට හොරකම් කරන එක රටට හොඳයි. හැබැයි හොරු අල්ලන එක ලංකාවෙ හිටපු පළමු කාන්තාව  නීතිය හමුවට කැඳවීම රටට අපකීර්තියක්. කැබිනට් මණ්ඩලය කතා කරලයි මේ තීන්දුව ගත්තෙ. අග‍්‍රාමාත්‍යවරය හිතුවා තමන්ගේ දේශපාලන උපායමාර්ගය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම කියලා. ශ‍්‍රිලනිපය බෙදන්න නම් කඳවුරු දෙකක් තියෙන්න  ඕන කියල කිව්වා. එකක් රාජපක්ෂ කේන්ද්‍ර කර ගත්තු කඳවුර අනික මෛත‍්‍රී කේන්ද්‍ර කරගත්තු කඳවුර. ඒ නිසා රාජපක්ෂලගේ දේශපාලනය නිදැල්ලේ වර්ධනය වෙන්න වංචනිකයන් ආරක්ෂා කරමින්, වංචනිකයන්ට දඬුවම් නොදෙමින් තමුන්නාන්සේලා කටයුතු කළා.

Latest Posts

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...