බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව විගණකාධිපති සිදු කළ ආන්දෝලනාත්මක මැදිහත් වීමත් සමඟ ආණ්ඩුවේ ප්‍රබලයන් සහ විගණකාධිපති අතර සම්බන්ධයේ ආතතිගත ස්වභාවයක් පෙන්නුම් කෙරිණ.  එතැන් පටන්  විගණකාධිපති මුල් කරගෙන කරළියේ ඇති වූ ඒ ආතතිගත සම්බන්ධය විවිධ විෂයන් ඔස්සේ ඉදිරිපත් වූ විගණන වාර්තා පාදක කරගනිමින් වරෙක  අගමැති - විගණකාධිපති ගැටුමක්තවත් වරෙක  මුදල් ඇමැති - විගණකාධිපති ගැටුමක් ආදී ලෙසින් ආණ්ඩුවේ ප්‍රබලයන් සහ විගණකාධිපති අතර නොනිමෙන ගැටුමක් විලසින් ඉදිරියට යන තත්ත්වයක් පෙනෙන්නට ඇත. ඒ තුළ වත්මන් විගණකාධිපති ගාමිණී විජේසිංහ වෙත මේ වන විට ගල් මෙන්ම මල්වල ද අඩුවක් නොමැතිව භුක්ති විඳින්නට ලැබෙමින් ඇති අතර ඒ පිළිබඳ ඔහු සමඟසත්හඬ’ කළ සාකච්ඡාවකි මේ.

Read more ...
Write comment (1 Comment)

මෙය සංහිඳියා සංකල්පය වෙනුවෙන් වූ ව්‍යවස්ථා වෙනසක් පිළිබඳ විශේෂ කතා බහකට ලක් වෙමින් තිබෙන කාල වකවානුවකි. ජනාධිපතිවරයා විසින් මේ වසරේ ජනවාරි 08 දින සිට ජනවාරි 14 දින දක්වා ජාතික ඒකාබද්ධතා සතියක් ද ප්‍රකාශයට පත්කොට තිබුණි. කෙසේ වෙතත් සංහිදියාව ඇති කිරීම වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ගැටලුරැසක් ඇතිව තිබේ. මේ පිළිබඳ අප සාමය ගොඩනැංවීමේ හා ප්‍රතිසන්ධාන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න මහතාගෙන් විමසුවෙමු.

Read more ...
Write comment (0 Comments)

සේනාධීර ගුණතිලක

මේ මොහොතේ හදිසියේ සමුළුවක් කැඳවීමේ හේතුව මොකක්ද?
අපි මෙම සමුළුවට සූදානම් වුණේ සෑහෙන කාලයක ඉඳලා. අපේ පළමු සමුළුව පැවැත් වුණේ 2011 අප්‍රේල් මාසයේ 08 වන දා. අපි එය සිදු කළේ සැලකිය යුතු අභියෝගයන් මැද. එක පැත්තකින් අප කරා ආ මර්දනය ලලිත් කුමාර් - කුගන් මුරුගානන්දන් සහෝදරවරු යාපනයෙ දී පැහැර ගත්තා. සමුළුව ආසන්නයේදීම කුමාර් ගුණරත්නම් සහෝදරයා සහ දිමුතු ආටිගල සහෝදරිය පැහැර ගනු ලැබුවා.

Read more ...
Write comment (0 Comments)

2015 ජනවාරි 08 වැනිදා යහපාලන ආණ්ඩුව ජන බලය ගන්න එක් හේතුවක් වුණේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා දුන්නු පොරොන්දුව. නමුත් එය තවමත් ඉබි ගමනේ. ඒකට හේතුව මොකක්ද?

Read more ...
Write comment (0 Comments)

ව්‍යාපාරික ලෝකය අතැඹුලක් සේ දැන උගත් ඔහු දේශපාලනයට අවතීර්ණ වන්නේ අහඹුවක් ලෙසිනි. උගතමනාවේ සියල්ල සිරිවැස ඔහු උතුරටත් දකුණටත් සංහිඳියා පාලමක් වෙනුවෙන් වෙහෙසුණි. ජනතා සේවයට සන්නම් තැබූ ඔහු පළාත් සභාවට යන්නම්කියා පාර්ලිමේන්තුවට ද ගොඩ වුණි. එතැන් සිට වෙනස් මානයකින් ඔහුගේ කතාව පෙළ ගැසුණි. විසෙස් තැන් වෙසෙස් තැන් සහිත කතාවක විස්තර ඔහු අප හා දිග හැරිණි. රත් පැහැති කතාවකඅත්නොහැරි යථාවක් කියූ ඔහු දියවන්නාවේ දෙසිය විසිපහෙන් එකෙකි. එහෙයින් මේ,

Read more ...
Write comment (0 Comments)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චරිත හේරත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ දර්ශනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චරිත හේරත් විසින් රචිත නූතන කුමාරයා - දේශපාලනය සහ මතවාදය පිළිබඳ සටහන් කෘතිය ජනවාරි - 25 වන දා ජනගත කෙරෙයි. එහිදී ඔහු මතු කරන කාරණා සහ විශේෂයෙන් 2015 ජනපතිවරණයෙන් පසු මේ වන විට මෙරට දේශපාලනය සම්බන්ධව මතුවී තිබෙන කාරණා ගැන චරිත සත්හඬ සමඟ මෙසේ දේශපාලන සංවාදයකට එක් වූයේය.

Read more ...
Write comment (0 Comments)

යහපාලන ආණ්ඩුව බලය ලබා ගැනීමට පෙර ලබා දුන් ප්‍රධාන පොරොන්දුවක් තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම. නමුත් මේ වන විට ඒ ගැන ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම ලැබෙමින් තිබෙන්නේ ඍණාත්මක ප්‍රතිචාරයක්. අපි එතැනින් මේ කතා බහ ආරම්භ කරමු?

ඔව්, මේ වෙනකොට ජනමත විචාරණයකට යන්නට සිදු නොවන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ යුතු බවට කතා බහක් යනවා. ඒ ගැන බරපතළ ලෙස අවධානය යොමු කළ යුතුයි.

Read more ...
Write comment (0 Comments)

යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධව මේ වන විට පාර්ලිමේන්තුව තුළ ක්‍රියාවලියක් දියත්ව තිබෙනවා. ඒ අතර අපට අසන්නට ලැබෙනවා මැතිවරණ ක්‍රමයේ වෙනසක් සම්බන්ධ කතා බහක් ද සිදු වෙනවා. ඒ තුළ පවතින මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇති කළ යුතු බවට වන මතය මේ වන විට ප්‍රබල ලෙස ඉදිරිපත්ව තිබෙනවා. අපි එතැනින් මේ කතා බහ ආරම්භ කරමු?

ඇත්තටම කාලයක පටන් මේ සාකච්ඡාව සිදු වෙනවා. වරින් වර එය කරළියට ඇවිත් නැවත පසුපසට යනවා. දැන් එය නැවතත් කරළියට පැමිණ තිබෙනවා. ඒ තුළ බොහෝ දෙනෙක් මතු කරන අදහසක් මහ මැතිවරණයක නිදර්ශනයක් ඇසුරෙන් මං පැහැදිලි කරන්නම්.

Read more ...
Write comment (0 Comments)

මේ වන විටත් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් මානව අයිතිවාසිකම් පිළිබඳ අනුකමිටුවේ වාර්තාව ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. එහි විශේෂයෙන් ඇතුළත් කර  තිබෙනවා, ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා සහිත පුරවැසියන්ගේ හිමිකම් පිළිබඳ. ඒ ගැන කතා කිරීමට පෙර අපි කැමතියි ඔබෙන් දැනගන්න මේ දක්වා ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා සහිත පුරවැසියන්ගේ හිමිකම් සම්බන්ධව ඇති තත්ත්වය මොන වගේද යන්න?

ඇත්තටම මං කැමතියි මේ පසුබිම ගැන මුලින් සඳහන් කරන්න. ඒ තමයි ලංකාවේ පොදුවේ බැලුවොත් මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් ආබාධිත හෝ විශේෂ අවශ්‍යතාවන් සහිත පුරවැසියන් ප්‍රමාණයක් ඉන්නවා කියන්න පුළුවන්.

Read more ...
Write comment (0 Comments)